හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට


හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට

(31.10.2024 – 12:28 +0530 – hirunews.lk/sinhala)

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ පිහිටි සිය බිරිඳගේ නිවසේ තිබූ අංක තහඩු නොමැති මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්.

ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේ දී යි.

පොලිස් භාරයට ගෙන තිබුණේ සුදු පැහැති ‘ලෙක්සස්’ මාදිලියේ ජීප් රථයක් ෴

+++++++

+

+

+


රන්ජන්ගේ රෙදිපිළි ප්‍රසිද්ධියේ ම ගළවයි |පක්ෂෙන් ගැළවුණු ප්‍රබලයා සියල්ල හෙළි කරයි|රහස් ගනුදෙනු එළියට (30.10.2024)

+

+

+


ඊබ්‍රහිම් – සහරාන් – අනුර හා කාදිනල් (30.10.2024)

+


මූලධර්මවාදීන්ගේ නැගෙනහිර බල බිඳින හාමුදුරුවෝ (30.10.2024)

+


‘හරක් කටා’ගේ සහ ‘ආමි චූටි’ගේ ගෝලයින් දෙදෙනෙක් (2) මාට්ටු

(31.10.2024 – 08:25 +0530 – sinhala.adaderana.lk)

මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන ‘නඳුන් චින්තක වික්‍රමරත්න’ නොහොත් ‘හරක් කටා’ගේ සහ ඔහු සමග සමීප සම්බන්ධනා පවත්වන ලබන ‘ආමි චූටි’ නමැති පුද්ගලයාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගොලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සතුව තිබී රුපියල් මිලියන 210 කට අධික වටිනාකමකින් යුත් ‘හෙරොයින් සහ අයිස්’ මත්ද්‍රව්‍ය තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමග එක්ව පිළියන්දල ප්‍රදේශයේදී සිදුකළ වැටලීමක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 41 හැවිරිදි ‘ඕමල්පගේ ධම්මික සමන් කුමාර’ සහ 53 හැවිරිදි ‘කංකානම් ආරච්චිගේ සුජීව’ නැමැති පුද්ගලයින් දෙදෙනා (2) යි.

සැකකරුවන් සතුව හෙරොයින් කිලෝග්‍රෑම් 6 ග්‍රෑම් 910 මිලිග්‍රෑම් 500 සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 17 ක් තිබූ බව සඳහන් වේ.

එහිදී ඔවුන් සතුව තිබූ යතුරුපැදියක් හා ලොරි රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴

+++++++

සෙවනගලින් හමුවූ රු මිලියන 1,000 ක හෙරොයින්

(31.10.2024 – 12:40 +0530 – sinhala.adaderana.lk)

හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත සෙවනගල ප්‍රදේශයේ තිබී හෙරොයින් කිලෝ 40 ක් සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ මෙහෙයුමකින් එම මත්ද්‍රව්‍ය සොයාගෙන තිබුණි.

එහි වටිනාකම රුපියල් බිලියනයක් බව සඳහන් ය.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙයි ෴

+++++++

+


ඉන්ධන මිල සංශෝධනය වෙයි

(31.10.2024 – 19:46 +0530 – hirunews.lk/sinhala)

‍මාසිකව සිදුවන මිල සංශෝධනය අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුව තිබෙනවා.

ඒ අනුව, රුපියල් 319 ක්ව පැවති, ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 06 කින් පහළ දමා තිබෙන අතර, එහි නව මිල රුපියල් 313 ක්.

ඔක්ටේන් 95 පෙට්‍රල් මිල රුපියල් 6 කින් පහළ ගොස් ඇති අතර නව මිල රුපියල් 371 ක්.

මේ අතර, රුපියල් 311 ක්ව පැවති, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල එලෙසින්ම පවතිනවා.

රුපියල් 283 ක්ව පැවති, සුදු ඩීසල් ලීටරයක මිල ද වෙනසක් සිදුව නැහැ.

එමෙන්ම රුපියල් 183 ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිලද එලෙසින්ම පවතිනවා.

+

+


ගිංතොට දී දුම්රියක් පීලි පනී; මුහුදුබඩ මාර්ගයේ ධාවනයට බාධා

(31.10.2024 – 19:03 +0530 – hirunews.lk/sinhala)

මරදාන සිට ගාල්ල බලා අද (31) පස්වරු 03:40 ට ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය ගිංතොට දුම්රිය ස්ථානයේදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

එහිදි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම දුම්රිය ස්ථානය පසුකර ධාවනය මුහුදුබඩ මාර්ගයේ දුම්රිය‍ සියල්ල ඒ හේතුවෙන් ධාවනය ප්‍රමාද වන බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *