ජනතාවගේ පිළිකුළ ජනාධිපතිවරයාට දන්වන්න මහජන පෙත්සමක් අත්සන් කරනවා – උදය ගම්මන්පිල
ජනතාවගේ පිළිකුළ ජනාධිපතිවරයාට දන්වන්න මහජන පෙත්සමක් අත්සන් කරනවා – උදය ගම්මන්පිල
(30.10.2024 – 13:06 +0530 – hirunews.lk/sinhala)
නීතිය අයුතු ලෙස භාවිතා කළ මාලිමාව පලමු මාසය තුළම ජනතාවගේ පිළිකුළ ජනාධිපති අනුර කුමාර දිසානායකට දන්වන්න මහජන පෙත්සමත් අත්සන් කිරිමට කටයුතු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අද (30) පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.
වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය විජිත හේරත් ඊයේ (29) ප්‍රකාශ කර සිටියා සිය ආණ්ඩුව කිසිම රටකින් ණය ගෙන හෝ සල්ලි අච්චු ගසා නොමැති බව පැවසුව ද එය පට්ටපල් බොරුවක් උදය ගම්මන්පිල මෙහිදී කියා සිටියා.
https://www.worldbank.org/ වෙබ් අඩවියෙන් මේ සම්බන්ධයෙන් සෙයා බැලුවහොත් එය නිරික්ෂණය කර හැකි බව ඔහු මෙහීදී කියා සිටියා.
ජනාධිපති අනුර කුමාර දිසානායක එක මාසෙට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමෙන් රුපියල් කෝටි 95,000 ක් ණයට අරන් ඇති බව උදය ගම්මන්පිල මෙහිදී කියා සිටියා.
මේ ණය කිරීමත් සමඟ වේගය එක් පුද්ගලයෙක් රුපියල් 43,006 ක් ණය කර ඇති බව ඔහු කියා සිටියා. මෙය ගිනස් වාර්තාවක් වනු ඇති බව තමාට විශ්වාසක් ඇති බව උදය ගම්මන්පිල මෙහිදී කියා සිටියා.
ඉදිරි වසර පහ (5) පුරාවටම ණය ලබා ගතහොත් ලංකාවේ ණය තොගය මේ ආණ්ඩුව එන විට තිබු ණය තොගයට වඩා තුන් (3) ගුණයකින් වැඩි වන බව ඔහු කියා සිටියා.
මුදල් අච්චු සම්න්ධයෙන් මහබැංකු නිකුත් කල වාර්තාව සුපරික්ෂාකාරීව බැලුවහොත් එයින් ගම්‍ය වන්නේ විදේශ විනිමය මිලදී ගැනීමට මුදල් අච්චු ගැසු බව ඔහු මෙහිදී පවසා සිටියා.
මේ ආණ්ඩුව යම් කාලයක් යනතෙක්, අච්චු ගැසු නෝට්ටු තොගය අවසන් වන තුරුම, හිටපු ජනාධිපති රනිල්ගේ අත්සන් සහිතව මුදල් නෝට්ටු දක්නට ලැබෙන බව උදය ගම්මන්පිල කියා සිටියා.
එමෙන්ම මේ ආකාරයේ ණය ලබා ගැනීම් සිදු වුවොහත් ඉක්මනින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සන සහිත මුදල් නෝට්ටු දැක ගැනීමට හැකිවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වැඩිදුරටත් කියා සිටියා.
++++++++
+
E-8 වීසා ගිවිසුම නීත්‍යානුකූල නෑ – විදේශ සේවා කාර්යාංශය
(29.10.2024 – 22:20 +0530 – sinhala.adaderana.lk)
E-8 යන වීසා ගිවිසුම හිටපු අමාත්‍යවරයා නීත්‍යානුකූල නොවන ලෙස අත්සන් කළ ගිවිසුමක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
ඒ අනුව ලංකාවේ කිසිඳු පෞද්ගලික ඒජන්සියකට ශ්‍රමිකයින් මෙම වීසා ක්‍රමය යටතේ කොරියාවට යැවීමට හෝ මුදල් එකතු කිරීමට අවසර දී නොමැති බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ කෝශල වික්‍රමසිංහ මහතා,
“E-8 යන වීසා ක්‍රමවේදය පිළිබඳව මේ වන විට සමාජයේ කතිකාවතක් ඇතිවෙලා තිබෙනවා. උදාහරණයක් විදිහට මාස 5 ක කාලයක් සඳහා පමණයි මේ වීසා ලැබෙන්නේ. මේ තත්ත්වය හේතුවෙන් ගැටලු ගොඩක් ඇතිවෙන්න පුළුවන් නිසා කිසිදු රජයක් මේ සම්බන්ධයෙන් ගිවිසුම්වලට එළඹිලා නෑ. ඒ වගේම තමයි ලංකාවේ කිසිදු පෞද්ගලික ඒජන්සියකට ශ්‍රමිකයින් මේ වීසා ක්‍රමය යටතේ කොරියාවට යවන්න හෝ මුදල් එකතු කරන්න අවසර දීලා නෑ.”
“මෙරට හිටපු අමාත්‍යවරයෙක් තම පුද්ගලික අභිමාතාර්ථ අනුව ඒ රටට ගිහින් වන්දෝ (Wando) කියන පලාතේ ආණ්ඩුකාරවරයාත් සමග ගිවිසුමක් ගහනවා. මේකට එවකට කැබිනට් අනුමැතිය හෝ වෙනත් කිසිඳු අනුමැතියක් අරන් නෑ. අනුමැතියක් නොමැතිව මේ වගේ පුද්ගලික මැදිහත්වීමක් කළාට පස්සේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කිසිඳු වගකීමක් ගන්න බෑ. ඇත්තටම වෙලා තියෙන්නේ නීත්‍යානුකූල නොවන ගිවිසුමකට එළඹිලා. දකුණු කොරියානු රජයට මේ ගැන ආරංචිවෙලා අපි සමග සාකච්ඡා කළා මේ ක්‍රමයට ශ්‍රමිකයින් ගෙන්න ගන්න එපා කියලා.”
“කොරියානු රජයේ යම් ප්‍රමිතියක් තියෙනවා E-9 වීසා යටතේ. මේ වසර අවසාන වෙනකොට 7,000ට අධික ප්‍රමාණයක යවන්න පුළුවන් කියලා හිතෙනවා. ඒ කණ්ඩායම යන්නේ වසර 4යි මාස 10ක කාලයකට. ඒක නිසා නීත්‍යානුකූල ක්‍රමවේදයට ලැබුණු රැකියා, විශාල ආදායමක් ලබාගත හැකි රැකියා නැති කරගන්න අපි කිසිසේත්ම සූදානම් නෑ. අපි රැකියා ලාභීන්ගෙන් ඉල්ලා සිටින්නේ E-8 යන වීසා ක්‍රමවේදය යටතේ දකුණු කොරියාවට යන්න මුදල් දෙන්න එපා.”
කිසිම හේතුවකට නීතියේ ආදිපත්‍යය යටපත් කර තමන්ට රිසි නීති සම්මත කර ජනසම්මතවාදය යටපත් කිරීම සදහා මාලිමාවට 2/3 ක් ලබා නොදිය යුතුය. ත්‍රස්ත විරෝධී පතන අවලංගු නොකර තවදුරටත් පවත්වාගන යන බව කියන මාලිමා ප්‍රකාශය ඉතා භයානක බව ජනතාව තේරැම් ගත යුතුය.
(29.10.2024 – facebook.com/naganandakodituwakkuofficialpage)
+
සීමාවක් නොමැති ‘සයිබර් අපරාධ’ ගැන කරුණු රැසක්
(30.10.2024 – 16:12 +0530 – sinhala.adaderana.lk)
සයිබර් අපරාධ සම්බන්ධයෙන් දිනකට පැමිණිලි 200 ත් 250 ත් අතර ප්‍රමාණයක් ලැබෙන බව ‘ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය’ පවසයි.
‘අද දෙරණ BIG FOCUS’ වැඩසටහනට එක්වෙමින් එම සංසදයේ තොරුතුරු ආරක්ෂණ ඉංජිනේරු තිනුරි තිසේරා මෙනවිය පැවසුවේ, 2023 ට සාපෙක්ෂව 2024 වන විට සයිබර් අපරාධවල වර්ධනයක් පෙන්නුම් කරන බවය.
මේ අතර ‘අද දෙරණ BIG FOCUS’ වැඩසටහනට එක්වෙමින් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොළ මහතා පවසා සිටියේ, සයිබර් අවකාශයේ සිදුවන වංචාවලට සීමාවක් නොමැති බවය.
ඔබගේ වට්ස්ඇප් (WhatsApp) ගිණුම අපරාධකරුවන් ගේ ග්‍රහණයට ගන්න ආකාරය පිළිබඳ චරුක දමුණුපොළ මහතා මෙහිදී පැහැදිලි කිරීමක් කළේය :
“වට්ස්ඇප් හරහා එන පණිවුඩ ගෙවී ගිය පැය 24 තුළ වට්ස්ඇප් හැක් කිරීම් විශාල වශයෙන් වාර්තා වෙනවා. ඇත්තටම කිව්වොත් ඒ තත්ත්වය ටිකක් දරුණු වුණා. හේතුව ඔබට මුල් අවස්ථාවේ ඔබ දන්න Contact ලිස්ට් එකේ ඉන්න කෙනෙක් ගෙන් තමයි පණිවූඩයක් ලැබෙන්නේ. ඒ පණිවුඩය ලැබෙන්නේ ඔහුට මුදල් අවශ්‍යතාවක් තියෙනවා හදිසි අවස්ථාවක ඉන්නේ රු. 50,000 ක් හෝ රු. 100,000 ක් වැනි මුදලක් අවශ්‍යයි. හැකි ඉක්මනින් සම්බන්ධ කරගැනීමට අපහසුයි. මෙන්න මේ ගිණුමට දාන්න පුළුවන්ද? මම පැය කිහිපයකින් ඔයාට මේක දෙන්නම් කියලා. මම දන්න කෙනෙක්ගෙන් මේ පණිවුඩය එන්නේ… සමහරවිට අපි දෙපාරක් හිතන්නේ නැතුව ඔහුට ඒ මුදල දමනවා.”
“අනෙක් කාරණය තමයි සල්ලි ඉල්ලීමට එහා ගිහිල්ලා ඔහු සමහරවිට ඉල්ලනවා වැරදීමකින් ඔබට ‘කෝඩ්’ එකක් ඇවිල්ල තියෙනවා කියලා. එහෙම කින්නේ Contact ලිස්ට් එකේ ඉන්න කෙනෙක්. ඊට පස්සේ ඒ ‘කෝඩ්’ එක ඔබ ලබාදෙනවා. හැබැයි ඔබ මේ නොදැනුවත්ව ලබාදෙන්නේ ඔබගේ වට්ස්ඇප් verification කරන ‘verification කෝඩ්’ එක. ඔබ නොදැනුවත් මේ කෝඩ් එක වෙනත් පාර්ශ්වයකට ලබාදෙන්නේ. ඒ අවස්ථාවේ ඔබ දන්නේ නැහැ Contact ලිස්ට් එකේ ඉන්න කෙනාගේ වට්ස්ඇප් ගිණුම ‘හැක්’වෙලා තියෙන්නේ කියලා. ඒක පාචිච්චි කරන්නේ වෙනත් පාර්ශ්වයක් විසින් කියන එක ඔබ නොදැනුවත්ව ‘කෝඩ්’ දෙනවා. ඒක දුන්න සැනින් ඔබගේ වට්ස්ඇප් ගිණුමත් ‘හැක්’වෙනවා. අපි සරලව ගත්තොත් මේ අවස්ථාව, ඔබගේ නම්බර් එකට වෙනත් පුද්ගලයෙකු ඔහුගේ පරිගණකයේ වට්ස්ඇප් ගිණුමක් ආරම්භ කිරීම වැනි දෙයක්. ඒකෙදී ප්‍රශ්නේ තියෙන්නේ ඒ වට්ස්ඇප් ගිණුම නැවත ‘රිකවරි’ කරගන්න සමහර විට පැය 72 ක් වගේ කාලයක් ඉල්ලනවා වට්ස්ඇප් ආයතනයෙන්. මේක තමයි මේකේ බරපතළ කාරණය.”
“අපි මූලිකව හඳුනාගෙන තිබෙන සිදුවීම දිහා බලපුවාම ඔය එක අවස්ථාවක්. තව අවස්ථාවක් තියෙනවා ඔබට යම් කිසි දුරකථන ඇමතුමක් දීලා කියනවා මේ ‘කොන්ෆරන්ස් කෝල්’ එකට ඔබව එකතු කරගන්න යන්නේ සාකච්ඡාවක් සඳහා. ඒ සම්බන්ධයෙන් ‘කෝඩ්’ එකක් එයි. එතකොට අපිටත් ටිකක් කුතුහලයක් තියෙනවා මොකද්ද මේ කියලා. නොදැනුවත්ම ‘කෝඩ්’ එක දෙනවා. එතකොට ඒ දෙන්නේ ‘වට්ස්ඇප් කෝඩ්’ එක.”
“ඊට එහා ගිහින් තව සිදුවීමක් තියෙනවා. මොකක් හරි ආගමික කථාබහක්, එහෙම නැතිනම් ‘ඔන්ලයින් ආගම සිහිකිරීමක්’ වගේ එකකට ‘සූම්’ ඔස්සේ සම්බන්ධ කරගන්න… ඒකට ‘කෝඩ්’ එකක් එයි ‘සූම්’ එකෙන් … හැබැයි ඔබ ඇත්තටම ‘සූම්’ එක කියලා හිතුවාට, ඔබගේ ‘වට්ස්ඇප් නම්බර්’ එක අර අපරාධකරුවෝ රෙජිස්ටර් කරගන්න යන අවස්ථාවේ ඒ ‘වට්ස්ඇප් කෝඩ්’ එක තමයි ඔබට එන්නේ. හැබැයි ඔබ හිතන්නේ මේ ‘සූම් කෝල්’ එකේ නැත්නම් ‘කොන්ෆරන්ස් කෝල් එකේ ‘කෝඩ්’ එක තමයි ලබාදෙන්නේ කියලා. ඒ අවස්ථාවේදී වෙන්නේ ඔබගේ ‘වට්ස්ඇප් ගිණුම’ ‘හැක්’වීමට ලක්වෙන එක.”
එමෙන්ම ඔබගේ වට්ස්ඇප් ගිණුම අපරාධකරුවන්ගේ ග්‍රහණයට නතු නොවී තිබීමට නම් සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳව ද මෙහිදී පැහැදිලි කෙරුණි.
තිනුරි තිසේරා මෙනවිය :
“ගොඩක්වෙලාවට Social engineering attack එකක්… ඔය හැක්වෙනවා කියන එක වෙන්නේ අර OTP එක බෙදාගැනීම මගින්. අද වෙනකොට ගොඩක් දෙනා ඔය Two-factor authentication එහෙම නැතිනම් අපි ‘ඇප්’ එකට ප්රවේශවීමේදී ලබාදෙන මුරපදය, එහෙම නැත්නම් අපේ ‘ෆේස් අයි.ඩී.’ එක හරි අපේ ‘ඇඟිලි සලකුණ’ හරි යොදා ගනිමින් ‘ඇප්’එකට ප්රවේශවීම ගොඩක් වෙලාවට Enable කරලා නැහැ. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට මේක හැක්වීමට ලක්වෙන්නේ. මීට අදාළව ‘වට්ස්ඇප් ආයතනය’… ඒ කියන්නේ ‘මෙටා ආයතනය’ විසින් වට්ස්ඇප් එකටම හඳුන්වලා දීපු ආරක්ෂක ක්‍රම තිබෙනවා. ඒ ක්‍රම භාවිත කරන්න.”
අවසාන වශයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරුතුරු ආරක්ෂණ ඉංජිනේරු තිනුරි තිසේරා මෙනවිය පවසා සිටියේ, සයිබර් අපරාධ මේ වනවිට වැඩිවී ඇති බවත් ඒවා ඉදිරියේ දී තව තවත් වර්ධනය විය හැකි බවත් ය.
මේ සම්බන්ධයෙන් තාක්ෂණ සහායක් අවශ්‍ය නම් 101 දුරකථන අංකය ඇමතීමෙන් හෝ report@cert.gov.lk විද්‍යුත් ලිපිනයට පණිවුඩයක් යොමු කිරීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.
+
දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනයක් අරඹති..
(30.10.2024 – 17:30 +0530 – lankacnews.com)
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අද (30) පස්වරුවේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත.
ඒ අනුව දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ රාජකාරීවලින් ඉවත් වෙන බව සංගමයේ ප්‍රධාන ලේකම් සංජය ජයසුන්දර මහතා පවසයි.
තම ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් රජය සමග පැවැති සාකච්ඡාව අසාර්ථක වීම මත මෙම තීරණය ගෙන ඇත.
මෙම සාකච්චාව පැවැත්වී ඇත්තේ ප්‍රවාහන අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරීන් සමගයි ෴
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය අද (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන්
(30.10.2024 – 22:09 +0530 – hirunews.lk/sinhala)
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (30) පස්වරුවේ සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ රාජකාරිවලින් ඉවත්ව වැඩ වර්ජනයක නිරත වූ දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (30) මධ්‍යම රාත්‍රියෙන් එම වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කරනවා.
දුම්රිය සේවයට බඳවා ගැනීම, උසස්වීම් ක්‍රියා පටිපාටිය විධිමත් කිරීම සහ වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අද (30) පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍ය විජිත හේරත් සමග සාකච්ඡාවක නිරත වුණා.
එම සාකච්ඡාවලින් ඔවුන්ට සාධනීය ප්‍රතිචාර හිමි නොවූ බවත්, ඒ හේතුවෙන් අද (30) සවස රැස් වූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ විධායක සභාව තීරණය කළේ, පස්වරු 04:30 සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ රාජකාරිවලින් ඉවත්වීමටයි.
ඒ අනුව, බොහෝ දුම්රිය ස්ථානවල ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියේ ගමන් කළ හැකි බවට දැක්වෙන පුවරුද ප්‍රදර්ශනය කිරීමට ස්ථානාධිපතිවරුන් කටයුතු කරනු ලැබුවා ෴
ගාල්ල කරාපිටිය මහ රෝහලේ 150 වැනි වකුගඩු බද්ධ කිරීමේ සැත්කම : වකුගඩුවක් දන් දී මල්ලීගේ ජීවිතය බේරාගත් අක්කා
(31.10.2024 – 11:27 +0530 – sinhala.adaderana.lk)
ගාල්ල කරාපිටිය මහ රෝහලේ 150 වැනි වකුගඩු බද්ධ කිරීමේ සැත්කම එම රෝහලේ වකුගඩු හා අවයව බද්ධ කිරීමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා විසින් 29 වනදා සිදුකරනු ලැබීය.
2012 වර්ෂයේ නොවැම්බර් මස 19 වැනි දින ගාල්ල, කරාපිටිය මහ රෝහලේ ප්‍රථම වරට වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් ආරම්භ කරනු ලැබුවේ වකුගඩු හා අවයව බද්ධ කිරීමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා කරාපිටිය මහ රෝහලට පැමිණීමත් සමඟය.
150 වැනි වරටත් සිදුකළ මෙම වකුගඩු බද්ධ කිරීමේ සැත්කම සඳහා තම පවුලේ වැඩිමහල් සහෝදරියා විසින් තම සහෝදරයාට වකුගඩුව පරිත්‍යාග කොට තිබිණි.
අක්කාගේ වකුගඩුවක් මල්ලීට බද්ධ කරනු ලැබූ අතර මෙම අක්කා සහ මල්ලි කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. සහෝදරිය 53 වන වියේ පසුවන අතර සහෝදරයා 52 වන වියේ පසුවෙයි.
වකුගඩු බද්ධ කිරීමේ සැත්කම සඳහා පැය හයක (6) පමණ කාලයක් ගතවී ඇත. ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකය තුළ වකුගඩු බද්ධ කිරීමට අමතරව රිය අනතුරු හා විවිධ අනතුරුවලට ලක්වන අයගේ අත් – පා බද්ධ කිර්ම, නහර බද්ධ කිර්ම, අංශභාග රෝගීන්ගේ රුධිරනාල ශුද්ධ කිර්ම ඇතුළු සේවාවන් රැසක් සිදුකෙරේ.
මේ වනවිට විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා විසින් නහර බද්ධ කිරීමේ සැත්කම් දහසකට (1000) අධික සංඛ්‍යාවක් සිදුකොට ඇත.
දැනට මෙම ඒකකය තුළ රෝගීන් වෙනුවෙන් සායන 06 ක් පැවැත්වේ. 150 වැනි වකුගඩු බද්ධ කිරීමේ සැත්කම සඳහා මෙම අක්කා සහ මල්ලී වෛද්‍ය පරීක්ෂණ පවත්වා ඒ සඳහා යොමුකොට ඇත්තේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉරේෂා හෙට්ටිආරච්චි හා රජග වීරක්කොඩි වෛද්‍යවරුන් විසිනි.
නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ජානක රණවීර, ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරිවරුන් වන වෛද්‍ය රොහාන් ජයවර්ධන, ප්‍රසංග රුවන් පතිරණ, වෛද්‍ය නිලධාරී නන්දිත අනුරංග යන වෛද්‍යවරු සහ ගංගා එරන්දි වෛද්‍යවරියගේ සහයෝගයෙන් සැත්කම සිදුකර තිබේ.
+
ප්‍රසිද්ධ මත්පැන් සමාගම් දෙකක (2) නම් භාවිත කර රටටම කළ වංචාව
(30.10.2024 – 20:13 +0530 – sinhala.adaderana.lk)
රජයට අයවිය යුතු විශාල බද්දක් අහිමිකරමින් ප්‍රසිද්ධ මත්පැන් සමාගම් දෙකක (2) වෙළෙඳනාම යොදාගෙන නීතිවිරෝධී අයුරින් අරක්කු නිෂ්පානය කර ඇසුරුම් කරන බවට ‘අද දෙරණ උකුස්සා’ට තොරතුරක් ලැබුණි.
දඹදෙණිය, මුතුගල ප්‍රදේශයේ නිවසක එම නීතිවිරෝධී ක්‍රියාව සිදුවන බවට ලද එම තොරතුරකට අනුව කුලියාපිටිය සුරාබදු ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සමග අප ඒ පිළිබඳ සොයාබැලීය.
එහීදී දැකගත හැකිවුණේ අදාළ මත්පැන් සමාගම් දෙකෙහි (2) පෙට්ටි, ලේබල් හා මූඩි විශාල ප්‍රමාණයක් එම ස්ථානයේ ඇති බවය.
එමෙන්ම බලපත්‍රලාභී මත්පැන් ශාලා සඳහා ලබාදෙන විශේෂිත වූ බිල්පත් මෙන්ම මත්පැන්වල සැර පරීක්ෂා කරන උපකරණ හා සම්මත මිණුම් උපකරණ ආදිය ද එහි තිබෙන අයුරු දැකගත හැකි විය.
අනතුරුව කුලියාපිටිය සුරාබදු නිලධාරීන් එක්ව එම නිවස වටලනු ලැබීය.
එහිදී දිවයිනේ සුරාබදු පරීක්ෂකවරුන් 14 දෙනෙකුට අයත් ව්‍යාජ මුද්‍රා කිහිපයක්, නීතිවිරෝධීව සකස් කළ බදු ස්ටිකර් රෝල් තොගයක් සහ මත්පැන් බෝතල් සීල් කිරීමට භාවිත කරන යන්ත්‍රයක් ද මෙහිදී විමර්ශන නිලධාරීන් සොයාගත්තේය.
අනතුරුව සුරාබදු නිලධාරීන් එම නිවසේ හිමිකරුව ද අත්අඩංගුවට ගෙන තිබුණි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴