බ්‍රිතාන්‍යයේ චැනල්-4 වීඩියෝවේ මුහුණ සඟවාගෙන රට පාවාදුන් එකාට ආණ්ඩුවේ ඉහල තනතුරක්.. – ගම්මන්පිල දෙවන වාර්තාවත් එළිදක්වයි..

බ්‍රිතාන්‍යයේ චැනල්-4 වීඩියෝවේ මුහුණ සඟවාගෙන රට පාවාදුන් එකාට ආණ්ඩුවේ ඉහල තනතුරක්.. – ගම්මන්පිල දෙවන වාර්තාවත් එළිදක්වයි..


බ්‍රිතාන්‍යයේ චැනල්-4 වීඩියෝවේ මුහුණ සඟවාගෙන රට පාවාදුන් එකාට ආණ්ඩුවේ ඉහල තනතුරක්.. – ගම්මන්පිල දෙවන වාර්තාවත් එළිදක්වයි..

(28.10.2024 – 11:20 +0530 – lankacnews.com)

‘පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය’ සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරන ලද ‘ඉමාම් කමිටු වාර්තාව’ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අද (28) හෙළිදරව් කළේය.

ඒ ‘පිවිතුරු හෙළ උරුමයේ’ පක්ෂ මූලස්ථානය පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

බ්‍රිතාන්‍යයේ ‘චැනල්-4 නාලිකාව’ විසින් ‘පාස්කු ප්‍රහාරය’ පිළිබඳව එල්ල කරන ලද චෝදනා පිළිබඳව පරීක්ෂා කිරීමට හිටපු විනිසුරු අයි.එස්. ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කර තිබිණ.

එම වාර්තාවෙන් හෙලිවන කරුණු අනුව හා චැනල්-4 නාලිකාවේ වීඩියෝවේ ශරීර භාෂාව අනුව මුහුණු වසාගෙන කටහඬ වෙනස් කරමින් කරුණු හෙළිදරව් කරන ලද එකල විශ්‍රාමික රාජ්‍ය නිලධාරියකු බව කිවූ පුද්ගලයාට අද නව රජයේ ඉහළ තනතුරක් දී ඇතැයි සමාජය තුල ප්‍රබල සාකච්ඡාවක් මතුව තිබෙන බවද ඔහු කියා සිටියේය.

අදාළ පුද්ගලයා චැනල්-4 නාලිකාව හමුවේ බුද්ධි අංශ දරුණු ලෙස පාවාදීමකට ලක්කර ඇති බවද ඔහු පැවසුවේය.

ඒ අනුව එම පුද්ගලයා කවුදැයි හඳුනා ගැනීමට විශේෂ විමර්ෂණ කමිටුවක් පත් කරන ලෙස ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා සදහන් කලේය.

වත්මන් ආණ්ඩුව මෙම වාර්තාව එළිදැක්වූවේ නැත්තේ ‘ජාතික ජන බලවේගය’ට සහාය දුන් අදාළ විශ්‍රාමික නිලධාරියා සම්බන්ධයෙන් හෙළිදරවු වන නිසා බවත්, ඔහුට ආණ්ඩුවේ තනතුරක් ලබාදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වනු ඇති නිසා බවත් හෙතෙම තවදුරටත් එහිදී කියා සිටියේය.

+++++++

ගම්මන්පිල ගෙන් ඇමති විජිත ට තවත් අභියෝගයක්

(28.10.2024 – 11:16 +0530 – sinhala.adaderana.lk)

‘පාස්කු ප්‍රහාරය’ සම්බන්ධයෙන් කරුණු සෙවීමට පත්කර තිබූ පරීක්ෂණ කමිටුවක ප්‍රධානත්වය දැරූ විශ්‍රාමික විනිසුරුතුමියට නගන චෝදනා සාක්ෂි සහිතව ඔප්පුකරන ලෙස ‘පිවිතුරු හෙළ උරුමයේ නායක’ උදය ගම්මන්පිල මහතා කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා ට අභියෝග කළේය.

ඔහු එම අභියෝගය කළේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ පරීක්ෂණ කමිටුවේ වාර්තාව නිකුත් කිරීම සඳහා ඔහුගේ පක්ෂ මූලස්ථානයේ අද (28) පැවති මාධ්‍ය හමුවේදීය.

2023 සැප්තැම්බර් 05 වනදා එක්සත් රාජධානියේ චැනල් 4 නාලිකාවේ Dispatches නම් වැඩසටහනේ විකාශය කළ Sri Lanka Easter Bombings නම් වැඩසටහනේ කරුණු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එම කමිටුව පත්කරණු ලැබීය.

මේ අතර ‘පාස්කු ප්‍රහාරය’ සම්බන්ධයෙන් කරුණු සෙවීම සඳහා පත්කළ ‘අල්විස් කමිටුව’ට කිසිවෙක් විරුද්ධ නොවූ බව ගම්මන්පිල මහතා පැවසීය.

“මෙම පත්කළ කමිටුවට කාදිනල් තුමන් හෝ මාලිමාවේ නායකයන් හෝ වෙනත් පාර්ශ්වයක් විසින් කිසිම විරෝධයක් මතුකළේ නෑ. මේ කමිටුවේ සාමාජිකයින්ගේ හැකියාව හෝ අපක්ෂපාතීත්වය කිසිම කෙනෙක් කිසිම තැනක අභියෝගයට ලක්කරලා නෑ.

පසුගිය 21 වනදා අපි ජනගත කරපු ‘අල්විස් කමිටු වාර්තාවේ’ අන්තර්ගතය ගැන අපි නගපු චෝදනා ගැන වචනයක්වත් කතා නොකරන ආණ්ඩුව – විශේෂයෙන්ම ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් ඇමතිතුමා කමිටුවේ සභාපති ධුරය දැරූ අල්විස් විශ්‍රාමික විනිසුරු තුමියට විෂමාචාර චෝදනා තිබෙනවාය කියලා චෝදනාවක් නැගුවා.

ඕනෑම කෙනෙක්ට ඕනෑම කෙනෙක් ගැන චෝදනා නගන්න පුළුවන්. දැන් අපි දන්නවා විජිත හේරත් ඇමතිතුමාට ‘බීමත්ව රිය පැදෙව්වයි’ කියලා චෝදනා තියෙනවා. ‘නාරාහේන්පිට දැවැන්ත ගොඩනැගිල්ලක් ඉදිකළේ කොහොමද’ කියලා චෝදනාවක් තියෙනවා. කාටද බැරි චෝදනා නගන්න. ඒක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. හැබැයි චෝදනාවක් නගනවා නම් ඒක සාක්ෂි සහිතව ඔප්පු වෙන්න ඕනේ.

ඒ නිසා මම ගිය සතියේ මෙතන අභියෝග කළා විජිත හේරත් ඇමතිතුමාට පුළුවන් නම් අල්විස් විනිසුරුතුමිය විෂමාචාරයකට වැරදිකරු වුණාය කියන සාක්ෂි මීළඟ රාජ්‍ය මාධ්‍ය හමුවේදී ජනගත කරන්න කියලා. දැන් හෙටයි (29) විජිත හේරත් මැතිතුමාගේ මාධ්‍ය හමුව තියෙන්නේ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා අපේ රටේ ස්වාධීන ජනමාධ්‍යවේදීන් ‘කෝ ඇමතිතුමනි කෝ සාක්ෂි’ කියලා විජිත හේරත් ඇමතිතුමාගෙන් ප්‍රශ්න කරාවි කියලා. කමිටුව සොයාගත් කරුණුවලට පිළිතුරු සැපයීම පැත්තකින් තියලා කමිටු සාමාජිකයින්ට මඩ ගැසීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සහ පුරුද්ද නිසා මේ කමිටුවේ සාමාජිකයින් ගැන කියන්න තීරණය කළා.”

+

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතා කරුණු හෙළි කරන විශේෂ මාධ්‍ය හමුව (28.10.2024)

+

+

To Read / Download :

  1. A N J De Alwis Report on Easter Sunday attack
  2. S I Imam Report on Easter Sunday attack
  3. S I Imam Report Annexures

https://udayagammanpila.com/


පාස්පෝට් ටෝකන් ගන්න යළි දිගු පෝළිම්

(28.10.2024 – 13:44 +0530 – hirunews.lk/sinhala)

විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා නව සමාගමකට ලබා දුන් ටෙන්ඩරය හේතුවෙන් අමතරව ඩොලර් මිලියනයක මුදලක් අදාළ සමාගමට ගෙවීමට රජයට සිදුව ඇති බව ජන අරගල සන්ධානය පවසනවා.

එහි විධායක කමිටු සාමාජික පුබුදු ජයගොඩ ඊයේ (27) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අවධාරණය කළේ, මේ සම්බන්ධයෙන් වත්මන් රජය තම ස්ථාවරය පැහැදිලි කළ යුතු බවයි.

මේ අතර, විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සදහා මේ වන විට බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ජනතාව යළිත් දිගු පෝලිම් වල රැදී සිටිනවා.

එම ජනතාව චෝදනා කරන්නේ විදෙස් බලපත්‍ර ලබා ගැනීම සදහා තමන්ට යළිත් ටෝකන් පෝලිම්වල රැදී සිටීමට සිදුව ඇති බවයි.

පසුගිය කාලය පුරාවට මෙරට විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සම්බන්ධයෙන් අර්බුදයක් පැවති අතර නව රජය බලයට පත්වීමත් සමග එම අර්බුදය අවසන් බවට විශයභාර අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ජනතාව චෝදනා කරන්නේ තවමත් අර්බුදයට නිසි විසදුම් ලබා දීමට වත්මන් රජයට නොහැකි වී ඇති බවයි ෴


එස්.ටි.එෆ්. කොස්තාපල් එස්.ටි.එෆ්. එකෙන්ම අල්ලයි

(28.10.2024 – lankadeepa.lk)

‘රාජ්‍ය බුද්ධි තොරතුරු’ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ට හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ලබාදුන් බව කියන ‘කිලිනොච්චිය විශේෂ කාර්ය බළකා කදවුරේ පොලිස් කොස්තාපල්වරයෙක්’ ජංගම දුරකතන 6 ක් සහ සිම්පත් 7 ක් සමග ‘පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්ඩායමක්’ විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘රාජ්‍ය බුද්ධි අංශය’ට අනුයුක්තව ‘කිලිනොච්චි විශේෂ කාර්ය බළකා කදවුරේ’ රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයෙකි.

රාජ්‍ය බුද්ධි තොරතුරු අවසරයකින් තොරව විශේෂ කාර්ය බළකාය කොස්තාපල්වරයකු විසින් බාහිර පාර්ශවවලට ලබාදෙන බවට කිලිනොච්චිය විශේෂ කාර්ය බළකාය කදවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක කුමාර මහතාට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි ෴


රනිල් මොකටද මට වාර්තා දෙන්නේ, ගෑස් සිලින්ඩරයේ කෙනෙකුට දෙන්න පුළුවන්නේ| ගම්මන්පිල තවත් බෝම්බයක් අතහරී (28.10.2024)

+


ආරුගම්බේ ප්‍රහාරය සැලසුම් කළ තවත් පිරිසක් ගැන තොරතුරු

(28.10.2024 – 19:51 +0530 – hirunews.lk/sinhala)

ආරුගම්බේ ප්‍රදේශයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් පිරිසක් පිළිබදව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

දැනට රදවාගෙන ප්‍රශ්ණ කරනු ලබන සැකකරුවන් ලබාදුන් ප්‍රකාශවලින් එම තොරතුරු හෙළි වූ බවයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අද (28) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේනට දැනුම් දුන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකපිට පුද්ගලයින් 03 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඉන් අනතුරුව තවත් අයෙකු පොලිස් භාරයට ගෙන ඇති බවද අද (28) අධිකරණයේදී හෙළිවුණා.

ඒ අනුව, සෙසු සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමටද අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, ඔවුන්ද අදාළ සැළසුමට කුමන ආකාරයෙන් හෝ දායක වී ඇත්නම් ඔවුන්ට එරෙහිව සුදුසු පියවර ගන්නා ලෙස නියෝග කරමින් ෴


වරායේ සීනි – කඩල කන්ටේනර් ටෙන්ඩරයට යළිත් පාතාලය අතදායි

(29.10.2024 – aruna.lk)

කොළඹ වරායේදී රේගු භාරයට ගෙන ටෙන්ඩර් මගින් මෙම සතියේ විකිණීමට සූදානම් වන සීනි කන්ටේනර් හයක් හා කඩල කන්ටේනර් කීපයක් වරායේ ටෙන්ඩර්වලට අරක්ගත් පාතාල කල්ලි විසින් යළිත් ගැනීමට සූදානම් වන බව වරාය ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම කන්ටේනර් තම කණ්ඩායම මිලදීගත් පසුව එතැනදීම ‘සෙකන්ඩ් සේල්’ ක්‍රමයට ව්‍යාපාරිකයන්ට විකුණා කෝටි ගණනක ලාභ බෙදා ගැනීමට පාතාලයට සම්බන්ධ කණ්ඩායම සූදානම් වන බව බුද්ධි අංශ වෙත තොරතරු ලැබී ඇත. මෙවරද පෙර අවස්ථාවල මෙන් වරායේ සිටින දූෂිත නිලධාරින්ගේ සහය ඇතිව කන්ටේනර් අඩු මිලට ගෙන වැඩි මිලට විකිණීමට සූදානම් වන බව හෙළි වී තිබේ ෴


ඇත්ත කිව්වා හින්දා ‘වෙන්ඩෝල් ගොඩකන්ද’ මාව රස්සාවෙන් එලියට දැම්මා (29.10.2024)

+


පාස්පෝට් පෝලිමට ගිය සුදාට DIG මාරපන ගොන්පාට් දමයි. පුලුවන් දෙයක් පුළුවන් කෙනෙකුට කියලා කරනවා (29.10.2024)

++++++

29.10.2024

+


හරීන්ගේ පියාට තොරතුරු දී ඇත්තේ ඊබ්‍රහිම් – දෙවන ප්‍රහාරය වැළකූ ලොරි රථයේ රියැදුරා කරන නවතම අනාවරණය (29.10.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Gommanpila is clutching on straws to try to stay himself afloat. This waste of space is nothing but another leach living on other people’s emotions and gut reactions. His only objective is to try to stem the flood of public opinion and votes for NPP, and to divert the the people’s resolve to liberate themselves from the clutches of central bank robbers and criminal minded rogues that had been reigning in the parliament. If there is any traitor against the present nation’s to resolve to develop this country to be a prosperous nations, then it is this Gommanpila character. People should not listen to his black propaganda, remain calm and vote NPP into power with a greater than 2/3 majority. This is a crucial time for change for the good of the country. Let NPP lead by good example as they do, kick out Gommanpilas and their elk to “Uthurukuru Divayina”.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *