වනඅලින්ට දැම්ම අනවසර විදුලියට පුංචි දරුවෙක් බිලිවෙයි
(28.10.2024 – 07:24 +0530 – sinhala.adaderana.lk)
විල්ගමුව – පේරකනත්ත ප්‍රදේශයේදී විදුලිසැර වැදී කුඩා දරුවෙකු මිය ගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 07 ක් වැයසැති නාමිනිගම, පේරකනත්ත ප්‍රදේශයේ පදිංචි පිරිමි ළමයෙකි.
මියගිය දරුවාගේ දෙමාපියන් විසින් නිවස හා ගෙවත්ත වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අනවසර විදුලි වැටක් සකස් කර ඇති අතර දෛනිකව සවස 06:00 ට විදුලිය සපයා පසුදින උදෑසන 06:00 ට එය විසන්ධි කිරීමට කටයුතු කර ඇත.
නමුත් සිද්ධිය වූ දින විදුලිය විසන්ධි කිරීමට නිවැසියන්ට අමතක වී ඇති අතර මරණයට පත් වූ දරුවා නිවස පිටුපස පිහිටි දිවුල් ගසේ දිවුල් ඇහිඳීම සඳහා ගොස් සිටියදී මෙලෙස විදුලිසැර වැදී ඇති බව සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
විල්ගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි ෴
විදුලිසැර වද්දවා සද්ධන්තයා මරා දමලා
(27.10.2024 – lankadeepa.lk)
මන්නාරම පරම්පකණ්ඩාල් ප්‍රදේශයේදී සද්දන්ත වන අලියකු විදුලිසැර වද්දවා මරා දැමු පුද්ගලයකු අද (27) දින සැකපිට අත්අඩංගුවට ගත් බව මන්නාරම් පොලිසිය පවසයි.
ප්‍රදේශවාසීන් විසින් ග්‍රාම සේවක නිලධාරීවරයාට දැනුම් දීමෙන් අනතුරුව මේ පිළිබඳව පොලිසියට සහ වනජීවී නිලධාරී කාර්යාලයට දැනුම් දී තිබේ.
මියගිය වනඅලියා ආසන්නයේ කුඹුරක්ද ඇති අතර කුඹුර ආසන්න කැලෑවකදී වන අලියා මිය ගොස් සිටි ඇති හෙයින් එම ස්ථානයට පැමිණි වනජීවී නිලධාරින් කරන ලද පරීක්ෂණයකදී හෙළි වී ඇත්තේ අදාළ වන අලියාට විදුලිසැර වද්දවීමෙන් මිය ගොස් ඇති බවටය.
අනතුරුව පොලීසිය සහ වනජීවි නිලධාරීන් විසින් අවට කරන ලද සෝදිසි කිරීමකදී ආසන්නයේ පිහිටි පුද්ගලයකුගේ නිවසේ වන අලියාට අඳින ලද විදුලි රැහැන් සඟවා තිබීම හේතුවෙන් එම පුද්ගලයා අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.
මිය ගිය වනඅලියා අවුරුදු 15 පමණ වයසැති බව කියයි ෴
බ්‍රික්ස් සංවිධානයට කළ ඉල්ලීම ප්‍රතික්ෂේපිතයි
(27.10.2024 – lankadeepa.lk)
බ්‍රික්ස් සංවිධානයට පූර්ණ සාමාජිකයකු ලෙස සම්බන්ධවීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ අයැදුම් පත්‍රය එම සංවිධානය පිළිගෙන නැතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අප පුවත්පතට ප්‍රකාශ කළේය.
එම සංවිධානයේ සාමාජිකයන් සංඛ්‍යාව නවයක් ලෙස පවත්වාගෙන යාමට ගෙන ඇති තීරණය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා අයැදුම් පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට බ්‍රික්ස් සංවිධානය කටයුතු කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යවරයා පැවැසුවේය.
කෙසේ නමුත් හවුල්කාරිත්ව සාමාජික රටක් ලෙස එක්වීමට බ්‍රික්ස් සංවිධානය ශ්‍රී ලංකාවට අවසර ලබාදී ඇතැයිද විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
සාමාජික රටවලට මූල්‍ය සහාය සපයන බ්‍රික්ස් නව සංවර්ධන බැංකුවට සම්බන්ධ වීමටද ශ්‍රී ලංකාවට අවසර ලැබී ඇතැයිද විදේශ කටයුතු අමාත්‍යවරයා පැවැසුවේය. ඒ අනුව නව සංවර්ධන බැංකුවට සම්බන්ධවීමට අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩලය කඩිනමින් අනුමැතිය ලබාදෙනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
ලොව ප්‍රමුඛ නැගී එන වෙළඳපල ආර්ථිකයන් සහිත රටවල්වලින් බ්‍රික්ස් සංවිධානය සෑදී තිබේ. බ්‍රික්ස් සංවිධානයේ සාමාජික රටවල් වන්නේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වේ. ලබන වසරේදී බ්‍රික්ස් සංවිධානයේ සභාපතිත්වය බ්‍රසීලය බාර ගැනීමට නියමිතය.
(සන්ඩේ ටයිම්ස්)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴