යාල්දේවී – රජරට රැජින 28.10.2024 සිට ගමනේ
(26.10.2024 – lankadeepa.lk)
මාස 10 කට පසු යාල්දේවී හා රජරට රැජින 28.10.2024 දින සිට ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යලි ආරම්භ කරමින් යාල්දේවී දුම්රිය කොළඹ කොටුව හා කන්කසන්තුරේ අතර ද රජරට රැජින දුම්රිය කොටුව හා අනුරාධපුරය අතර ද ධාවනය කෙරෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉදිපොලගේ මහතා පැවසීය.
28.10.2024 දින පෙරවරු 05:45 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වන යාල්දේවී දුම්රිය පස්වරු 01:23 ට කන්කසන්තුරේ දුම්රිය ස්ථානයට ළඟා වන බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 01:45 ට පිටත් වන රජරට රැජින දුම්රිය පස්වරු 06:15 ට අනුරාධපුර දුම්රිය ස්ථානයට ළගා වන බව ද පාලක මැදිරිය පවසයි.
නැවත 29.10.2024 පෙරවරු 10:30 ට පිටත් වන යාල්දේවී දුම්රිය පස්වරු 06:30 ට කොටුව දුම්රිය ස්ථානයට ළඟා වන අතර පෙරවරු 05:30 ට පිටත් වන රජරට රැජින දුම්රිය පෙරවරු 10:18 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිතය.
මේ අතර 28.10.2024 දින සිට කොළඹ කොටුව හා ත්‍රීකුණාමලය අතරද දුම්රියක් ධාවනය කෙරෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉදිපොලගේ මහතා පැවසීය ෴
උපන්දින සාදයක් වටලා කාන්තාවක් ඇතුලු 21 දෙනෙකු මත්ද්‍රව්‍යත් සමග අත්අඩංගුවට
(27.10.2024 – 18:06 +0530 – hirunews.lk/sinhala)
පානදුර – රස්කින්දූව ප්‍රදේශයේදී ජනතාවට පීඩාකාරීවන අන්දමින් උපන්දින සාදයක් පවද්වාගෙන ගිය නවාතැන්පලක් වටලා කාන්තාවක් ඇතුලු 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් අවුරදු 20 ත් 30 ත් අතර වයස්වල පසුවන්නන් බවයි පොලිසිය සදහන් කළේ.
පොලිසිය කියා සිටියේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මත්ද්‍රව්‍යද තිබූ බවයි.
ප්‍රදේශවාසීන්ට පීඩාකාරීවන අන්දමින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් මෙම උපන්දින සාදය පවත්වා තිබෙනවා ෴
ආරුගම්බේ බෝම්බ ඇති බවට සංචාරකයින් බියගැන්වූ පුද්ගලයෙකු අත්අඩංගුවට
(27.10.2024 – 17:16 +0530 – hirunews.lk/sinhala)
ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරයකට පැමිණි සිටි පිරිසක් හට එම ප්‍රදේශයේ ස්ථාන කිහිපයක බෝම්බ ඇති බවට පවසා ව්‍යාජ බියගැන්වීමක් සිදු කළ පුද්ගලයෙකු පොතුවිල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මහනුවර සිට ආරුගම්බේ ප්‍රදේශයට සංචාරයක් සදහා ඊයේ (26) පැමිණ සිටි පිරිසකගෙන් පොලිසියට ලද පැමිණිල්ලකට අනුවයි.
එහිදී එම පුද්ගලයා ඔවුන්ට ප්‍රකාශ කර ඇත්තේ ආරුගම්බේ ප්‍රදේශයේ ස්ථාන 03 ක බෝම්බ ඇති බවත්, එම ප්‍රදේශවලට නොයන ලෙසටයි.
කෙසේ වෙතත්, ඔහු සිදුකළ එම බියගැන්වීම පිළිබද සංචාරකයින් පොලිසියට පැමිණිලි කර ඇති අතර ඉන් අනතුරුවයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය සදහන් කළේ ෴
ඩඩ්ලිගේ සහල් මෝලට පාරිභෝගික අධිකාරියෙන් පනී
(27.10.2024 – 12:14 +0530 – hirunews.lk/sinhala)
ප්‍රසිද්ධ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනගේ පොළොන්නරුව, ඇතුමල්පිටිය අරලිය සහල් නිෂ්පාදනාගාරයට අද (27) පාර්භෝගික සේවා අධිකාරියේ නිලධාරින්ගේ පරික්ෂාවට ලක්ව තිබෙනවා.
එම නිෂ්පාදනාගාරයේ කලමණාකාරවරයා ඇතුළු නිලධාරින් පිරිසක් එහිදී පාර්භෝගික සේවා අධිකාරියේ නිලධාරින් සමඟ සාකච්ඡා කර තිබෙනවා.
එහි කලමණාකාරිත්වය කියා සිටියේ දෛනිකව සිදු කරන සහල් නිෂ්පාදනය කිසිදු ලෙසකින් අඩු නොකරන බවයි. එමෙන්ම සිය නිෂ්පාදනාගරෙයේ සේවකයින් සිටින ප්‍රමාණය අනුව මෙන්ම ඔවුන්ට ලබා දෙන වැටුප අනුව අදාළ දෛනික කටයුතු සිදු කරන බවයි.
දෛනිකව සිය නිෂ්පාදනාගාරයේ කිරි සම්බා කිලෝ ලක්ෂ 2 ක්ද, නාඩු සහල් කිලෝ ලක්ෂ 1 ක්ද සකස් කරන බව කලමණාකාරිත්වය කියා සිටියා.
කිරි සම්බා ප්‍රමාණය මේ කාලයේදී නිෂ්පාදනය ඉහළ ගොස් ඇත්තේ ගොවීන් විසින් කිරි සම්බා වගා කල ප්‍රමාණය වැඩී වීමෙන් බව අරලිය සහල් නිෂ්පාදනාගාරයේ කලමණාකාරිත්වය මෙහිදී කියා සිටියා.
කෙසේ වෙතත් මාස 2 කට ප්‍රමාණවත් සහල් නිෂ්පාදනාගාරයේ ඇති බව අරලිය සහල් නිෂ්පාදනාගාරයේ කලමණාකාරිත්වය වැඩිදුරටත් කියා සිටියා.
+++++++
+
දකුණු කොරියාවෙන් දෙන රැකියා දස දහසක් (10,000) මෙරටට අහිමිවීමේ අවදානමක්
(27.10.2024 – 11:02 +0530 – hirunews.lk/sinhala)
දකුණු කොරියාව විසින් ලබාදෙන රැකියා දස දහසක් (10,000) මෙරටට අහිමිවීමේ අවදානමක් මතුව තිබෙනවා.
විදේශීය ඍතුමය සේවකයින් හදුන්වා දීම පිළිබද වූ අවබෝධතා ගිවිසුම ප්‍රකාරව කෘෂි කාර්මික සහ ධීවර ක්ෂේත්රයන් සදහා මෙම රැකියා ලබාදෙනු ලබනවා.
කෙසේ වෙතත්, අදාළ ගිවිසුම සම්බන්ධයෙන් නව රජය සැලකිලිමත් නොවීම හමුවේ එම රැකියා දස දහසේ (10,000) කෝටාව වෙනත් රටකට ලබා දීමට, දකුණු කොරියානු රජයේ අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් මෙරටට ලැබුණු එම රැකියා කෝටාව කාම්බෝජයට හිමි වනු ඇති බවද වාර්තා වනවා ෴
ඊශ්‍රායලයේ සිටින ශ්‍රි ලාංකිකයන්ට පණිවිඩයක්
(27.10.2024 – 10:07 +0530 – hirunews.lk/sinhala)
ඊශ්‍රායලයේ සිටින ශ්‍රි ලාංකිකයන්, එල්ල වියහැකි ඩ්‍රෝණ හා මිසයිල ප්‍රහාර පිළිබදව අවධානයෙන් සිටිය යුතු බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දෙනවා.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මේ බව අවධාරණය කළේ, ඊශ්‍රායලය විසින් ඉරානය වෙත එල්ල කරන ලද ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්.
එසේම, නිවාඩුව සදහා දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයට ඇතුල්වීම වෙනුවෙන් නිකුත් කර ඇති වීසා බලපත්‍රවල කාලය ඉකුත් වීමට දින 02 කට හෝ 03 කට පෙර යළි ඊශ්‍රායලයට පැමිණෙන ලෙසද තානාපතිවරයා දැනුම් දෙනවා.
එසේ වුවහොත් යම් හෙයකින් තම ගුවන් යානය අවලංගු වුවද වීසා කාලය අවලංගු වීමට පෙර ඊළග දිනයේදී හෝ ඊශ්‍රායලයට පැමිණීමට හැකි බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පෙන්වා දුන්නේ.
මෙම තත්වයත් සමග මැදපෙරදිග කලාපයේ ගුවන් යානා ගණනාවක් ඊශ්‍රායලය වෙත තම ගමන්වාර අවලංගුකර ඇතැයිද ඔහු කියා සිටියා.
එසේම ශ්‍රි ලංකාව බලා යාමට අපේක්ෂා කරන පිරිසටද තම වීසා බලපත්‍රය ලබා නොගෙන රටින් පිට නොවිය යුතුයි.
පසුගිය සති කිහිපය තුළ ඊශ්‍රායලයේ පැවති දීර්ඝ නිවාඩුව හේතුවෙන් වීසා නිකුත් කිරීමේ ප්‍රමාදය ඊට හේතුව බවද ශ්‍රි ලංකාවේ ඊශ්‍රායල තානාපතිවරයා පෙන්වා දුන්නා ෴
මුදලකට කාන්තාවක් ඝාතනය කිරීමට සිටි අයෙක් අත්අඩංගුවට
(27.10.2024 – 13:52 +0530 – sinhala.adaderana.lk)
කාන්තාවක් ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකරුවෙකු පොලිස්, මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගාල්ල හබරාදූව මීපේ ප්‍රදේශයේ පදිංචි හෙරොයින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු වන අදාළ සැකකරුට පසුගියදා අහංගම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු එම ප්‍රදේශයේම කාන්තාවකගේ නමක් පවසා ඇයව වෙඩිතබා ඝාතනය කරන ලෙස කොන්ත්‍රාත්තුවක් ලබාදී තිබුණි.
ඒ සඳහා රුපියල් කෝටියක මුදලක් ලබාදෙන බවට පොරොන්දු වී ඇති ව්‍යාපාරිකයා මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ටී-56 වර්ගයේ ගිනි අවිවලට භාවිත කරන ජීව උණ්ඩ 6 ක් ද සැකකරුට ලබාදී ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකින් පසු හබරාදුව මීපෙ හන්දිය ප්‍රදේශයේදී 26 හැවිරිදි සැකකරුවෙකු ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී කෝටියක කොන්ත්‍රාත් මුදලින් අත්තිකාරමක් ලෙස ලබාදුන් රුපියල් 10,000 මුදලක් සොයා ගෙන ඇති අතර අදාළ ව්‍යාපාරිකයා තමාට හෙරොයින් මත්කුඩු ද ලබාදුන් බවට සැකකරු අනාවරණය කර ඇති බව පොලීසිය පැවසීය.
සැකකරු සිදුකළ ප්‍රකාශ අනුව එම ව්‍යාපාරිකයා සතුව තවත් ගිනිඅවි කිහිපයක් ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කෙරයි.
සැකකරුට ගිනිඅවි ලද ආකාරය මෙන්ම එම ගිනිඅවි වෙනත් පුද්ගලයන් වෙත ලබා දී අපරාධ සිදුකර ඇත්ද යන්න විමර්ශන සිදු කරන බවද පොලීසිය ප්‍රකාශ කළේය.
එමෙන්ම අදාළ සැකකරුට එම ඝාතනය සිදු කිරීමේ කොන්ත්‍රාත්තුව ලබාදුන් ව්‍යාපාරිකයෙකු සොයා විමර්ශන ආරම්භ කර තිබේ.
සැකකරු අද ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
+
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ගැන පුබුදු ජාගොඩ කළ හෙළි දරව්ව
(27.10.2024 – lankadeepa.lk)
ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ නෛතික බලය එපික් ලංකා සමාගමට ලැබෙන අයුරින් එම සමාගම සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව ගිවිසුමක් අත්සන් කර තිබෙනවාදැයි සෙවීම සඳහා වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස මාධ්‍ය හමුවකදී ‘ජන අරගල සන්ධානය’ රජයෙන් ඉල්ලීමක් කළේය.
මෙරට ඇතිවූ විදේශ ගමන් බලපත්‍ර හිඟයට විසඳුමක් ලෙස ගෙන්වූ විද්‍යුත් චිපය රහිත ගමන් බලපත්‍ර 750,000 ප්‍රමාණය නිකුත් කිරීමේදී එක් ගමන් බලපත්‍රයක් සඳහා ඇමෙරිකානු ඩොලර් 1.45 ක මුදලක් ‘එපික් ලංකා සමාගම’ට ගෙවීමට සිදුව ඇති බවත් මෙම ගෙවීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 10 ක පමණක් මුදලක් නාස්ති වන බවත් ඔහු ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවට විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට කැඳවූ ටෙන්ඩරයේදී එක් විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අවම මිල සඳහන් කළ ‘තේල්ස් සමාගම’ට සහ එම සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතයා වූ ‘ජස්ට් ඉන් ටයිම් ටෙක්නොලොජීස් සමාගම’ට ටෙන්ඩරය හිමි වුවත් ටෙන්ඩරය කැඳවීමේ ප්‍රශ්නයක් තිබෙන බව පවසමින් ‘එපික් ලංකා සමාගම’ අධිකරණය යෑම හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර හිඟයක් මෙරට ඇතිවූ බව එහිදී අදහස් දක්වමින් පුබුදු ජයගොඩ මහතා ප්‍රකාශ කළේය ෴
පාලිකාවන් රවටා පෙර පාසල් දරුවන්ගේ පංචායුධ කැඩූ යුවළ අත්අඩංගුවට
(24.10.2024 – 12:49 +0530 – sinhala.adaderana.lk)
පෙර පාසල් දරුවන්ගේ ගෙල බැඳි පංචායුධ සොරාගත් යුවළක් මහියංගනය පොලිසීය අත්අඩංගුවට ගෙන තිබේ.
කුඩා දියණියක් ද කැටුව මහිංගනය ප්‍රදේශයේ පෙර පාසල් සඳහා පැමිණෙන අඹුසැමි යුවළක් සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් පෙර පාසැල් දරුවන්ට ඇඳුමක් සහ පාවහන් යුගළයක් ලබාදීමට අවැසි බව පවසා එහි පාලිකාවන්ට දැනුම් දී තිබුණි.
එලෙස පැමිණි ඔවුන් පෙර පාසල් පාලිකාවන් මුලාකරමින් දරුවන් රැසකගේ ගෙල බැඳ තිබූ පංචායුධ සොරාගෙන ඇත්තේ, දරුවන්ට ඇඳුම් ලබාදීමට මිනුම් ලබාගන්නා බව පවසමිනි.
ඒ ආකාරයෙන් මහියංගනය සහ රීදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවල පිහිටි පෙර පාසල්වල දරුවන්ගේ පංචායුධ කොල්ලකා ඇති බව පොලීසිය පවසයි.
මේ පිළිබඳ පොලීසියට ලැබුණු පැමිණිලිවලට අනුව දියතලාව ප්‍රදේශයේ පදිංචි සැකකරු සහ කඳාන ප්‍රදේශයේ පදිංචි සැකකාරිය කොල්ලකන ලද පංචායුධ සමග අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් තාවකාලිකව පදිංචිව ඇත්තේ, මහියංගනය ප්‍රදේශයේ කුලී නිවසකය.
පොලීසිය පවසන්නේ, මීට අමතරව මෙම යුවළ රෝගී පුද්ගලයින්ට සැත්කම් කිරීමට අවැසි බව පවසා මුදල් එක්රැස් කිරීමේ ජාවාරමක ද යෙදී ඇති බවය.
අත්අඩංගුවට ගත් සැකකාර යුවළ සහ දියණිය මහියංගනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
+
එන්න එන්නම වැඩි වෙන පිළිකාව වළක්වා ගන්නේ කෙසේද? (27.10.2024)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴