ආරුගම්බේ සිද්ධියෙන් රටපුරා ප්‍රදේශ රැසක ආරක්ෂාව තර කරයි
(23.10.2024 – 20:51 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටක් නිවේදනය කරන්නේ මැදපෙරදිග සහ නැගෙනහිර යුරෝපයේ පවතින යුදමය වාතාවරණය සැලකිල්ලට ගෙන විදේශිය සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි.
ආරක්ෂක අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් හා සම්බන්ධීකරණය මත ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධි අංශද මෙම විශේෂ වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමට නියමිතව තිබෙනවා.
මෙහි මූලික පියවරක් වශයෙන් ඕනෑම සංචාරකයෙකුට ආරක්ෂාව සම්බන්ධ ගැටලු පිළිබඳව 1997 දරණ ශ්‍රී ලංකා පොලිසියේ කෙටි දුරකථන අංකයට දැනුම්දීමට හැකි බවත් ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරනවා.
එමෙන්ම මෙරට තවත් සංචාරක ආකර්ෂණ ස්ථාන සහ සංචාරකයින් සුලබව සැරිසරන නගර රැසක ද ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබුණා.
වැලිගම, බණ්ඩාරවෙල, ඇල්ල ඇතුළු නගර රැසක මෙසේ ආරක්ෂාව තරකර තිබෙනවා.
+++++++++
+++++++++
+
(24.10.2024 – 06:39 +0530 – hirunews.lk/sinhala)
ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි සඳහන් වන්නේ ෴
+
ඊළඟ විපක්ෂ නායක දිලිත් |සජිත්ගේ පුටුව දිලිත්ට ලැබෙන හැටි දිලිත්ම කියයි |දිලිත්ගේ කතාවෙන් සජිත් ඉවරයි (23.10.2024)
+
ජොන්ස්ටන් 30 වැනිදා දක්වා රිමාන්ඩ්
(23.10.2024 – 17:09 +0530 – hirunews.lk/sinhala)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (23) නියෝග කර තිබෙනවා.
BMW වර්ගයේ මෝටර් රථයක් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක සැකකටයුතු ලෙස නවතා තැබීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (23) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
+
+
ජලනල යැයි පෙන්වා රට යැවූ මහා තඹ ජාවරම – ‘හිරු CIA’ තොරතුරෙන් සොයාගත් රු. කෝටි 05 ක තඹ (23.10.2024)
+
නේවාසිකාගාරයෙන් බිමට වැටුණු සරසවි සිසුවාගේ තොරතුරු රැසක් එළියට
(23.10.2024 – 13:53 +0530 – hirunews.lk/sinhala)
කැළණිය විශ්වවිද්‍යාල භූමියේ පිහිටි සී.ඩබ්ලිබ්.ඩබ්ලිව් කන්නන්ගර නේවාසිකාගාරයේ සිව්වන මහලෙන් ඇද වැටී අද (23) අළුයම එම විශ්ව විද්‍යාල සිසුවෙකු ජීවිතක්ෂයට පත් වුණා.
ඔහුව කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි ජිවිතක්ෂයට පත් වී තිබෙන්නේ.
එලෙස ජීවිතක්ෂට පත්ව ඇත්තේ කැළණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ ගණකාධිකරණ අංශයේ සිව්වන (4) වසරේ ඉගෙනුම ලබන 24 හැවිරිදි ප්‍රින්ස් රාජු බණ්ඩාර නම් සිසුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
අදාළ සරසවි සිසුවා ඇතුළු පිරිසක් අද (23) අළුයම කැළණිය විශ්වවිද්‍යාලයේ සී.ඩබ්ලිබ්.ඩබ්ලිව් කන්නන්ගර නේවාසිකාගරයේ මත්පැන් පානය කරමින් සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ජීවිතක්ෂයට පත් වූ අදාළ සිසුවා මුත්‍රා කිරීම සඳහා නේවාසිකාගාරයේ සිව්වන (4) මහලේ ජනේලයක් මතට නැග ඇති බවද පොලිසිය පැවසුවා.
බීමතින් සිටි ඔහු ඉන් පහළට ඇද වැටී ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
කෙසේ වෙතත් මෙය සියදිවි නසාගැනීමක්ද යන්න සම්බන්ධයෙන්ද වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවයි පොලිසිය අප කළ විමසීමකදී වැඩිදුරටත් සඳහන් කළේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් ‘හිරු ප්රවෘත්ති’ කැළණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය නිලන්තිද සිල්වාගෙන්ද විමසීමක් සිදු කළ අතර, එහිදී ඇය සදහන් කළේ සිසුවාගේ මරණය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන බවයි ෴
පොලිස් වෙඩි පිටියෙන් ආ උණ්ඩය තරුණයෙකුට වැදෙයි ?
(23.10.2024 – 21:06 +0530 – sinhala.adaderana.lk)
හොරණ කුඹුක ප්‍රදේශයේ වෙල්යායක ගොවිතැනෙහි නිරතවෙමින් සිටියදී හිටිහැටියේ දෑත්වලට තුවාල සිදුවූ තරුණයෙකු අකුණු සැර වැදුණු බව සිතා රෝහල්ගත කළ ද ඔහු වෙඩි ප්‍රහාරයකට ලක්වී ඇතැයි රෝහලේදී අනාවරණ වී තිබේ.
පොලීසිය සැක පළ කරන්නේ වෙල්යායට නුදුරින් වූ පොලිස් විශේෂ කාර්ය බළකා පුහුණු පාසලේ වෙඩි පුහුණුවක් අතරතුර එල්ලවූ උණ්ඩයක් මෙලෙස තරුණයාගේ අතෙහි වැදී ඇති බවය.
හොරණ කුඹුක ප්‍රදේශයේ වෙල්යායක පියෙකු සිය පුතුන් දෙදෙනා (2) සමග ගොවිතැන් කටයුතුවල නිරත වෙමින් සිට තිබුණේ ඊයේ (22) පස්වරුවේදීය.
එම අවස්ථාවේදී හිටිහැටියේ, එක් පුතෙකුගේ වම් අතටත් දකුණු අතේ බාහුව ප්‍රදේශයටත් තුවාල සිදුවී රුධිරය වහනය වීමට පටන් ගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෙඩි වැදුන තරුණයාගේ පියා :
“අපි තුන්දෙනා වෙලේ වැඩකරගෙන හිටියා. ගෙරවිල්ලකුත් තිබුණා. මෙයා කෑගැහුවා අතට මොකක්දෝ වැදුණා කියලා. ඒ පාර බැලුවාම හිල්වෙලා. තුන්දෙනත් එක්කම ගෙදර ආවා”
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මව :
“අත පසාරු වෙලා කියලා කිව්වා. රෝහලට ගියා. යද්දිත් කිව්වා රිදෙන්නෙ නැහැ අත හිරිවැටිලා වගේ කියලා”
අනතුරුව නිවැසියන් විසින් ඔහුව හොරණ මූලික රෝහල වෙත රැගෙන ගොස් තිබුණේ අකුණු සැර වැදී ඇතැයි සැකකරමිනි.
නමුත්, රෝහලේදී ඔහුව එක්ස්රේ පරීක්ෂණයකට භාජනය කිරීමෙන් පසු අනාවරණ වී ඇත්තේ වම් අතේ පිටි අල්ලේ ටී.56 උණ්ඩයක මූණිස්සමක් සිරවී ඇති බවය.
අනතුරුව ශල්‍යකර්මයකට භාජනය කර එම මූණිස්සම ඉවත් කිරීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබුණි.
මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ කුඹුක උතුර ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ චින්තක වතුංරංග හේරත් නමැති 36 හැවිරිදි අයෙකි.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ චින්තක :
“එකපාරටම අකුණක් ගැහුවා වගේ වුණා. ඔපරේෂන් කළාම කිව්වා උණ්ඩයක් කියලා.”
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති පොලීසිය සැක පළ කරන්නේ, වෙල්යායට කිලෝමීටර එකහමාරක් (1½) දුරකින් පිහිටා ඇති හොරණ කුඹුක පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රභූ ආරක්ෂක පුහුණු පාසලේ එම අවස්ථාවේ පැවති වෙඩි පුහුණුවක් අතරතුර එල්ලවූ වෙඩිල්ලක් තරුණයාගේ අතෙහි වැදී ඇති බවටය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, සහකාර පොලිස් අධිකාරී සම්පත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවය ෴
තරුණයින් දෙදෙනෙකු (2) ගේ ක්‍රියාවෙන් වැලකුනු දුම්රිය අනතුර
(23.10.2024 – facebook.com/accident1stofficial/)
කළුතර නාගස් හන්දියේ සිට වස්කඩුව දෙසට දිවෙන දුම්රිය මාර්ගයේ අගල් 8 ක පමන කොටසක් පලුදුවී ඇති අවස්ථාවක ඒ බව දුටු තරුණයන් දෙදෙනෙකු (2) විසින් කළුතර උතුර දුම්රිය ස්ථානය දැනුවත් කිරීමක් සිදුකොට තිබුනා. වහා ක්‍රියාත්මක වූ දුම්රිය දෙපාර්තමේන්තුවේ නඩත්තු අංශය විසින් දුම්රිය ගමන් ප්‍රමාද කොට එකම කොටස ඉවත්කර නැවත දුම්රිය ගමනාගමනයට හැකිවන ලෙස මාර්ගය යතාතත්වයට පත් කෙරුනා.
අනතුර දුටු විගස ඒ බව දැනුවත් කිරීම මගින් වෙන්නට තිබූ විශාල හානියක් නතරකර ගැනිම වෙනුවෙන් එම තරුණයන් දෙදෙනාට (2) අපගේ ගෞරවය මෙසේ පුදකරමු.
+
මහමැතිවරණයෙන් පසු JVP කරන්න යන දේ එළියට – උදය ගම්මන්පිල (24.10.2024)
++++++++++
උදය ගම්මන්පිල මහතා 24.10.2024 දින ජනාධිපති ලේකම් කාර්යාලයට යැවූ ලිපිය
(24.10.2024 – facebook.com/UdayaGammanpilaFanPage)
ඒ එන් ජේ ද අල්විස් කමිටුවේ සාක්ෂි සටහන් ලබා ගැනීම :
2024 ඔක්තොම්බර් මස 24 වන දින
තොරතුරු නිලධාරි
ජනාධිපති ලේකම් කාර්යාලය
ගාලු මුවදොර
කොළඹ 01
හිතවත් තොරතුරු නිලධාරිතුමනි,
ඒ එන් ජේ ද අල්විස් කමිටුවේ සාක්ෂි සටහන් ලබා ගැනීම
විශ්‍රාමික විනිසුරු ඒ එන් ජේ ද අල්විස් මියගේ ප්‍රධානත්වයෙන් පැවැති ජනාධිපති විමර්ශන කමිටුව ඉදිරියේ සාක්ෂි ලබා දීමේ දී පාස්කු ප්‍රහාරය අනතුරු පිළිබඳ අඟවා බුද්ධි අංශ එවූ ලිපිය කිසි පියවරක් නොගෙන තමන් භාරයේ දින 12 ක් තබා ගත් බවත් එය තමන් අතින් සිදු වූ වැරැද්දක් බවත් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා පිලිගෙන ඇති බව විශ්වාසනීය මූලාශ්‍රයකින් මට දැන ගැනීමට ලැබිණි. එබැවින් තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන අනුව රවී සෙනෙවිරත්න මහතා විසින් විශ්‍රාමික විනිසුරු ඒ එන් ජේ ද අල්විස් මියගේ ප්‍රධානත්වයෙන් පැවැති ජනාධිපති විමර්ශන කමිටුව ඉදිරියේ ලබා දුන් සියලුම සාක්ෂි සටහන් මට හැකි ඉක්මනින් ලබා දීමට කටයුතු කරන්නේ නම් කෘතඥ වෙමි.
මේ පිළිබඳ යම් ගාස්තුවක් ගෙවීමට ඇත්නම් එකී ගාස්තුව කොපමණදැයි 0112 877 628 අංකය අමතා මා හට දැනුම් දිමට කාරුණික වන්න.
මෙයට
ඔබේ සේවයට කැප වූ
උදය ගම්මන්පිල
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴