උදය ගම්මන්පිල ජනපතිට අවසන් සිහිකැඳවීම කරයි
(20.10.2024 – lankadeepa.lk)
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නොකළ වාර්තා දෙක (2) හෙට (21) උදෑසන දහය (10:00) වන විට ප්‍රසිද්ධ නොකළහොත් අනිවාර්යයෙන්ම තමා ඒවා ප්‍රසිද්ධ කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.
පිටකෝට්ටේ පිහිටි ‘පිවිතුරු හෙළ උරුම පක්ෂ මුලස්ථානයේ’ අද (20) පැවති මාධ්‍ය හමුව අමතමින් ඒ බව කී ගම්මන්පිල මහතා එහිදී මෙසේද කීය.
පාස්කු ප්‍රහාරය පිළිබඳජනාධිපතිවරයා විසින්ප්‍රසිද්ධ කිරීමට පැකිළෙන වාර්තා දෙක (2) ප්‍රසිද්ධ කිරීමට මා ඔහුට ලබා දී තිබූ කාලය හෙට (21) උදෑසන දහයෙන් (10:00) අවසන් වෙනවා.
ජනාධිපතිවරයා මේ වාර්තා ප්‍රසිද්ධ කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුට ලබා දී තිබෙන වගකීම ඉටු කිරීමට හැකියි; ඒ මගින් ඔහුට එරෙහිව ඉදිරිපත්විය හැකි දෝෂාභියෝගයේ අවදානම මගහැර ගැනීමට පුළුවන්.
නමුත් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වන වගන්තිය උල්ලංඝනය කරමින් හෙට (21) උදෑසන දහය (10:00) වන විට එම වාර්තා ලබාදීම පැහැර හැරියොත් මා ඒ වාර්තා ඉදිරිපත් කරනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හෝ රාජ්‍ය රහස් පනත යටතේ මාව අත්අඩංගුවට ගෙන මාව වසර 14 ක් සිරගත කිරිමට තිබෙන අවදානම ගැන අප ගැඹුරින් අධ්‍යයනය කරනවා. ජනතාවට ඇත්ත දැනගැනීමේ අයිතිය වෙනුවෙන් අපේ අවදානම ගන්න සූදානම්.
පාකිස්තානයේ ඉමිරාන්ඛාන් සිරගත වී සිටිමින් ‘ඒ අයි තාක්ෂණය’ ඔස්සේ කටයුතු කල ආකාරයට අපත් සිරගෙදර සිටියත් නවීන තාක්ෂණය භාවිතා කර මෙම වාර්තා එළි දැක්වීමට විධිවිධාන සලස්වා තිබෙනවා යැයි ඒ මහතා කීය ෴
+++++
+
+
+
+
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු හෙළි කරන විශේෂ මාධ්‍ය හමුව (21.10.2024)
+
ගින්නකින් හලාවත පවුලක් මියගිය ඛේදවාචකයේ තවත් තොරතුරු රැසක් හෙළිවෙයි
(20.10.2024 – 20:25 +0530 – hirunews.lk/sinhala)
හලාවත සිංහපුර ප්‍රදේශයේ දී මව, පියා සහ දියණිය ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.
අද (20) අලුයම හලාවත සිංහපුර ප්‍රදේශයේ දෙමහල් නිවසක ගින්නක් හටගෙන ඇති බවට පොලිසියට තොරතුරක් ලැබී තිබුණා.
ඒ අනුව හලාවත ගිනි නිවන ඒකකයේ නිලධාරීන් විසින් ගින්න මැඩ පැවැත්වීමටයි කටයුතු කර තිබුණේ.
පසුව අදාල නිවස පරීක්ෂා කිරීමේදී නිවසේ පහත මාලයේ නිදන කාමරයක තිබී ගෙල සිදී මියගිය මවගේ මළ සිරුරක් සොයා ගනු ලැබුවා.
එමෙන්ම පසුව නිවසේ සාලයේ තිබී පියාගේ මළ සිරුර සහ දැරියකගේ සිරුර ද ගිනිගැනීමට ලක් වූ සුන්බුන් අතර තිබී සොයා ගත්තා.
මෙලෙස මියගොස් තිබුණේ (51) හැවිරිදි පියා, (44) හැවිරිදි මව සහ (15) හැවිරිදි දියණියක්.
මිය ගිය පියා එම ප්‍රදේශයේ ඉඩම් අලෙවි කරන පුද්ගලයෙක් වන අතර, මව හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු සංවර්ධන නිලධාරීවරියක්.
අනතුරුව විමර්ශන කණ්ඩායම් රැසක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, රජයේ රස පරීක්ෂකවරයා විසින් අදාළ ස්ථානය අද (20) පෙරවරුවේ පරික්ෂාවටද ලක් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මේ වන විට අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පොලිසිය සදහන් කළේ, අද (20) අලුයම් කාලයේ නිවැසියන් අතර කිසියම් ආරවුලක් හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වූ බවයි.
එමෙන්ම, මියගිය ව්‍යාපාරිකයා මත්පැන් පානය කර ඇති බවටද තොරතුරු අනාවරණව වී තිබෙනවා.
මීට අමතරව ඔවුන්ගේ නිවසේ තිබූ රු. ලක්ෂ 25 ක රන් භාණ්ඩ ද පසුගිය කාල සීමාවේ අතුරුදන් වී ඇති බවටයි විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ ෴
++++++++
+
+
ඩෝප් වැඩිවෙලා මෙතන ම දාලා ගියා සර්.. | චමුදිත සමඟ ආන්දෝලනාත්මක සාකච්ඡා සිදුකළ මාධ්‍යවේදියා මාට්ටු (20.10.2024)
+
අනුරගේ පරණ FB පොස්ට් අතුරුදන් – සමාජ මාධ්‍ය කැලඹෙයි – චන්නගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (21.10.2024)
+
ශානි, රවී හිරකරන්න ගම්මන්පිල මේ ගහන්නේ තනිකරම රනිල් ගේ ගේමක් ද? දන්නැති දේ කතා කරන්න එපා චමුදිත. (22.10.2024)
+
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴
@ Gommanpila. He is a dead loss. Not addressing the key issues. 1. He is not publishing the report, but indulging in hearsay. So first publish the report so that the public could review his claims in full context. Failing that he is simply lifting some statements out of context to sling mud at Seneviratne, to discredit his current role. 2. He is not addressing the key issue, which is that certain politicians have been conspiring with the terrorists to cause these explosions in order to swing public opinion for gaining power. As usual Gommanpila is barking up the wrong tree. This press release is not going to make any change.