ලබන බදාදා (08) සිට විශේෂ නිවාඩුව අවලංගුයි : සියලුම රජයේ ආයතන සාමාන්‍ය පරිදි සේවයට
ලබන බදාදා (08) සිට විශේෂ නිවාඩුව අවලංගුයි : සියලුම රජයේ ආයතන සාමාන්‍ය පරිදි සේවයට
(06.04.2026 – hirunews.lk)
රජයේ කාර්යාල, පාසල්, විශ්වවිද්‍යාල සහ අධිකරණ සේවා සඳහා මීට පෙර ලබා දී තිබූ විශේෂ බදාදා නිවාඩුව ලබන බදාදා (08) සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට තීරණය කර ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරනවා.
ඒ අනුව, ලබන සතියේ සිට සෑම බදාදා දිනකම රජයේ සියලුම අංශවල කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යා යුතු බවයි එම නිවේදනයේ සඳහන් ෴
අලුත් අවුරුදු උත්සව සමයේ අන්තර්ජාල වංචා රැල්ලක් : රැවටෙන්න එපා! පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්
(06.04.2026 – hirunews.lk)
සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සව සමය එළඹෙත්ම අන්තර්ජාලය හරහා සිදු කෙරෙන විවිධ මූල්‍ය වංචාවන් සහ දත්ත සොරකම් කිරීම් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස පොලිස් මූලස්ථානය මහජනතාවට විශේෂ දැනුම්දීමක් කර තිබෙනවා.
උත්සව සමයේ භාණ්ඩ මිලදී ගැනීම් සහ ගෙවීම් කටයුතු සඳහා ජනතාව වැඩි වශයෙන් අන්තර්ජාලය භාවිතා කරන අතර, පවතින ආර්ථික අපහසුතා මත ක්ෂණික මූල්‍ය ලාභ අපේක්ෂාවෙන් විවිධ වෙබ් අඩවි වෙත යොමු වීම මෙම වංචාකරුවන්ට පහසුවක් වී ඇති බව නිරීක්ෂණය වී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
පසුගිය වසරවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිලි විශ්ලේෂණය කිරීමේදී බොහෝ පිරිසක් මෙවැනි උපක්‍රමවලට හසු වී ඇති බව අනාවරණය වී ඇතැයි ද පොලිස් මූලස්ථානය පවසනවා.
වංචාකරුවන් විසින් ජනතාව මුලා කිරීම සඳහා විවිධ ක්‍රමවේද රැසක් භාවිතා කරනු ලබයි. ඒ අතර, ව්‍යාජ අවුරුදු දීමනා (Offers) සහ තෑගි (Giveaways), ව්‍යාජ බැංකු වෙබ් අඩවි සහ යෙදුම් (Apps), ව්‍යාජ QR කේත ස්කෑන් කර මුදල් ලබාගැනීමේ ක්‍රම, ඊමේල් සහ කෙටි පණිවිඩ (Email & SMS Phishing), දුරකථන අංක ව්‍යාජ ලෙස පෙන්වන Caller ID Spoofing ක්‍රමය ආදි දැක්විය හැකි බවයි පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ.
විශේෂයෙන්ම ජනතාව තුළ විශ්වාසයක් ඇති කිරීම සඳහා ජනාධිපතිවරයා, අගමැතිවරිය ඇතුළු ඉහළ රජයේ නිලධාරීන්ගේ සහ සමාජයේ කීර්තිමත් පුද්ගලයින්ගේ රූප රාමු පවා මෙම වංචනික ප්‍රවර්ධන දැන්වීම් සඳහා යොදා ගන්නා බව හඳුනාගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
මෙලෙස ලබාගන්නා පුද්ගලික දත්ත භාවිතා කරමින් පුද්ගල අනන්‍යතාවය සොරකම් කිරීම හා බැංකු ගිණුම්වල ඇති මුදල් කොල්ලකෑමේ බරපතල අවදානමක් පවතින බවයි පොලිසිය අවධාරණය කරන්නේ.
අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීමේදී හෝ ලැබෙන පණිවිඩවල අඩංගු ලින්ක් (Links) පරීක්ෂා කිරීමේදී නිසි අවබෝධයකින් සහ විමසිලිමත්ව කටයුතු කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ෴
සලේගේ රීට් පෙත්සමේ සම්පූර්ණ විස්තරය මෙන්න
(06.04.2026 – 20:39 +0530 – sinhala.adaderana.lk)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනුකර තිබේ.

එහි වග උත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න ඇතුළු පිරිසකි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා පසුගිය පෙබරවාරි 25 වැනිදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මේවන විට දින 90 ක රැඳවුම් නියෝග මත ඔහු එම දෙපාර්තමේන්තුව භාරයේ සිටියි.
එම අත්අඩංගුවට ගැනීම සහ රඳවාගෙන ප්‍රශ්න කිරීම අභියෝගයට ලක්කරමින් සුරේෂ් සලේ මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් රිට් පෙත්සමක් ගොනුකර තිබේ.
නීතිඥ අමිල කුමාර මහතා මාර්ගයෙන් ගොනු කර ඇති මෙම පෙත්සම තුළින් පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා කියා සිටින්නේ, 2016 වසරේ සිට 2018 වසර දක්වා කාලසීමාව තුළ තමන් මැලේසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ බවය.
අනතුරුව 2019 වසරේ ජනවාරි මස 07 වනදා සිට එම වසරේ නොවැම්බර් මස 29 වනදා දක්වා කාල සීමාව තුළ තමන් ඉන්දියාවේ ආරක්ෂක පුහුණු වැඩසටහනකට සහභාගී වී සිටි බව සඳහන් කරන පෙත්සම්කරු පාස්කු ප්‍රහාරය එල්ල වූ සමයේ තමා ශ්‍රී ලංකාවේ නොසිටි බවත් පෙන්වාදී තිබේ.
ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීතියට පටහැනි බවයි පෙත්සම්කරු පැවසීය.
පාස්කු ප්‍රහාරය එල්ල වීමෙන් පසුව දේශීය වශයෙන් විජිත් මලල්ගොඩ කමිටුව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා කොමිසම, මහාධිකරණ විනිසුරු ජයකී ද අල්විස් කමිටුව සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් ද විමර්ශන සිදුකළ අතර විදේශීය පරීක්ෂණ ආයතන කිහිපයක් විසින්ද විමර්ශන සිදු කළ බව පෙත්සම්කරු පෙන්වා දෙයි.
ඔහු සඳහන් කරන්නේ ඒ සෑම පරීක්ෂණ වාර්තාවක් මගින්ම පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ ආධාර සහරාන් හෂිම් ඇතුළු තව්හිද් ජමාත් සංවිධානයේ මෙහෙයවීමෙන් සිදුකළ බවට කරුණු අනාවරණය කර තිබූ බවය.
ඒ කිසිදු වාර්තාවක තමන් මෙම ප්‍රහාරයට ආධාර අනුබල දුන් බවට හෝ සහාය ලබාදුන් බවට තොරතුරු අනාවරණය කර නොතිබූ බවද සලේ මහතා අවධාරණය කරයි.
ඒ අනුව එම කිසිදු පරීක්ෂණ වාර්තාවක් මගින් තමන්ට එරෙහිව නිර්දේශ නිකුත් කර නොතිබූ බවයි ඔහු පෙන්වා දෙයි.
එසේම පෙත්සම්කරු පවසන්නේ ඉකුත් පෙබරවාරි 25 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් තමාව අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටියත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එවන් අත්අඩංගුවක් හෝ රඳවාගැනීමක් සඳහා කිසිදු සාධාරණ සාක්ෂියක් නොමැති බවය.
ඒ අනුව තමා සහ සෙසු සාක්ෂිකරුවන් මෙම විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශ අධිකරණය හමුවට කැඳවා විමර්ශනය කරන ලෙසත් පෙත්සම්කරු සිය පෙත්සම මගින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.
ඔහු වැඩිදුරටත් සිය පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ මෙම සිද්ධියට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති බී වාර්තාවේ තමන්ව තුන්වන සැකකරු ලෙස නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා මෙලෙස සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනුකර තිබේ ෴
හෙට (07) හෝමාගම සහ අවට ප්‍රදේශ කිහිපයකට පැය 12 ක ජල කප්පාදුවක්
(06.04.2026 – hirunews.lk)
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (07) දින හෝමාගම සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.
ඒ අනුව, හෙට (07) පෙරවරු 08:00 සිට පස්වරු 08:00 දක්වා, හෝමාගම නගරය, වෑකන්ද, පින්කෙත පාර, වලව්ව පාර, ගැමුණු මාවත, අතුරුගිරිය පාර, ගලවිල වත්ත, නියඳගල, මාගම්මන, මහකටුවාන, දෙනිය, දියගම විශ්ව විද්‍යාලය යන ප්‍රදේශවලට ජල සැපයුම කප්පාදු කෙරෙනු ඇති ෴
“ලාල් වැව් රක්ෂිත කඩන්න ගියා, හෝටල්කාරයෝ දුන්න බඩූ… එක ගෙයක් කැඩුවාද? ඌ ගෙයක් හදා ගත්තා…” – චාමර සම්පත් (06.04.2026)
+
ලැට් ෂුදා දණින් වැටී සමාව ඉල්ලයි ? අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි ! (06.04.2026)
+
යූටියුබ් තිරිසනාගෙන් හිරුණිකාට කෝල් එකක්… ඔස්ට්‍රේලියාවේදී කෙළවෙයි කියලා බය වුණා ද ? (06.04.2026)
+
ලෙනින්ව ඔලුවෙන් හිටවූ, ලාල්කාන්තලාගේ ඊනියා සමාජ ප්‍රාග්ධනය (06.04.2026)
+
මුං ලජ්ජා නැතුව තවත් අනුන්ගේ වත්කම් හොයනවා… තොපේ වත්කම් කොහෙන් ආපු ඒවා ද ? (06.04.2026)
+
කෝටි ගාණක ගෙයක් හදන්ඩ ලාල්කාන්තට සල්ලි කොහෙන්ද ? නොකා නොබී පස්සෙන් ගිය එවුන් නන්නත්තාරයි (06.04.2026)
+
SJB ඇතුළෙන් අනුරට සහයෝගයක්? පාස්කු විමර්ශන ගැන අබීතගෙන් හෙළිදරව්වක් (06.04.2026)
+
රෝහණ විජේවීරගෙන් ඇරඹි ජවිපෙ නායකයන්ගේ දෙබිඩි ප්‍රතිපත්තියේ සුරතාන්තය (06.04.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴