දුම්රියක ගැටීමෙන් වන අලි දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට

දුම්රියක ගැටීමෙන් වන අලි දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට


දුම්රියක ගැටීමෙන් වන අලි දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට

(18.10.2024 – 07:00 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – මඩකලපුව දුම්රිය මාර්ගයේ, මින්නේරිය – රොටවැව මංසන්ධිය ආසන්නයේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක වන අලි රංචුවක් ගැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

අද (18) අලුයම සිදු වූ මෙම අනතුරින් අලින් දෙදෙනෙකු (2) මිය ගොස් තවත් අලියෙක් තුවාල ලබා ඇති බවයි වනජීවි දෙපාර්තමේන්තුව සදහන් කළේ.

අනතුරත් සමඟ දුම්රිය පීලි පැන ඇති අතර, එහිදී ටැංකි දෙකක් (2) පෙරලී තිබෙනවා.

එමෙන්ම, ඉන්ධන කාන්දුවක් ද සිදු ව ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.

+

+++++++

ඉන්ධන දුම්රියේ අලි ගැටීමේ සිද්ධිය |අලි සම්පත රැක ගන්න මැදිහත් වෙන්න |මේකට විද්‍යාත්මක විසඳුමක් දෙන්න (18.10.2024)

+


ජනතා ගැටළු කෙලින්ම දැනුම් දෙන්න ජනාධිපති කාර්යාලයෙන් දුරකථන අංක තුනක් (3)

(17.10.2024 – 13:50 +0530 – hirunews.lk/sinhala)

නොවිසඳුනු ජනතා ගැටළු ඍජුව දැනුම් දීම සදහා ජනාධිපති කාර්යාලය දුරකථන අංක 03 ක් හදුන්වා දී තිබෙනවා.

ඒ අනුව, 011 235 4550, 011 235 4354, 011 435 4354 යන දුරකථන අංක ඔස්සේ සිය ගැටලු‍ දැනුම් දිය හැකියි.

මෙම දුරකථන අංක තුන (3) පැය 24 පුරාම ක්‍රියාත්මක බවයි ජනාධිපති කාර්යාලය සදහන් කළේ ෴


උතුරු මැද මහ ඇළ උමං ව්‍යාපෘතියේ මහා ඉන්ධන ජාවාරම වටලයි

(16.10.2024 – 23:28 +0530 – hirunews.lk/sinhala)

උතුරු මැද මහ ඇළ උමං ව්‍යාපෘතියට අයත් රථවාහනවලින් ඉන්ධන සොරකම් කර අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් මෙහෙයවූ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සොරාගන්නා ලද ඩීසල් තොගයක් ද සමග අත්අඩංගුවට ගැනීමටයි දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් අද (16) සමත් වුණේ.

ලද තොරතුරකට අනුව අද (16) පස්වරුවේ සිදුකළ වැටලීමකදීයි සැකකරු අත්අඩංගුවට ගත්තේ.

වාරිමාර්ග අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන උතුරු මැද මහ ඇළ උමං ව්‍යාපෘතියට අයත් රථවාහනවලින් සොරා ගන්නා ලද ඉන්ධන ලීටර් 1225 ක් ද මහමීගස්සෑගම පිහිටි නිවසක ගබඩා කර තිබියදී සොයා ගැනීමට පොලිස්වි ශේෂ කාර්ය බලකා නිලධාරීන් සමත් වුණා.

අත්අඩංගුවට ගත් සැකකරු ගලෙන්බිඳුනුවැව මීගස්සෑගම පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙක්.

අත්අඩංගුවට ගත් ඉන්ධන තොගය හා සැකකරු ඉදිරි නීතිමය පියවරයන් සඳහා මොරගොඩ පොලිස් ස්ථානය වෙත භාරදීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කටයුතු කළා.

අත්අඩංගුවට පත් සැකකරු හෙට (17) කැකිරාව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


අනුර කුමාරගේ නායකත්ව ගතිගුණ සජිත් ළඟ නැහැ. සජබේ මහ ලේකම් එළියට ගිහින් ජාතික ලැයිස්තු පුටුව මට දෙන්න (17.10.2024)

+


මොනවා කළත් දැන් මාව නවත්තන්න බෑ | සියලු රහස් සමගින් ගම්මන්පිල මාධ්‍ය හමුවේ (18.10.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *