ජනපතිට දින හතක් (7) කල් දෙයි.. පාස්කු වාර්තාව ප්‍රසිද්ධ නොකලොත් ගම්මන්පිල ප්‍රසිද්ධ කරනු ඇත..
ජනපතිට දින හතක් (7) කල් දෙයි.. පාස්කු වාර්තාව ප්‍රසිද්ධ නොකලොත් ගම්මන්පිල ප්‍රසිද්ධ කරනු ඇත..
(14.10.2024 – 14:10 +0530 – lankacnews.com)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන දැනට ප්‍රසිද්ධ නොකල ‘එස්.අයි. ඉමාම් වාර්තාව’ සහ ‘ඒ.එන්.ජේ. ද අල්විස් වාර්තාව’ ප්‍රසිද්ධියට පත්කිරීමට තමන් ආණ්ඩුවට දින 7 ක කාලයක් ලබාදෙ බව ‘පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා’ පවසයි.
එසේ නොමැති නම් තමන් විසින් එම වාර්තා ප්‍රසිද්ධියට පත්කරන බවත් එම වාර්තා ප්‍රසිද්ධ කල පසු ‘අනුර පානයෙන් මත්ව සිටින’ ජනතාවකට සිහි එළවා ගත හැකි වෙනු ඇතයි තමන් විශ්වාස කරන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
අද දින (14) ‘පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ’ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙම අදහස් දැක්වීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙසේද පැවසීය :
පසුගිය සඳුදා (07) මාධ්‍ය හමුවේ දී ජනාධිපතිතුමා හිස් අතින් කටුවාපිටිය පල්ලියට ගිය එක වැරදියි, පල්ලිය හැමදාම ඉල්ලන්න පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කමිටු දෙකේ (2) වාර්තා දෙක (2) අරගෙන යන්න තිබුණා කියා මම ප්‍රකාශ කලා. තවදුරටත් පමා නොකර මේ වාර්තා දෙක (2) ප්‍රසිද්ධ කරන්න කියලා මම ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා. මේ පිළිබඳ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිත් හේරත් ඇමතිතුමාගෙන් මාධ්‍යවේදින් ප්‍රශ්න කළා. එවිට ඇමතිතුමා කිව්වේ පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තා නැතිවුණේ කොහොමද ඒවායේ පිටු ගැලවුණේ කොහොමද කියලා අපි සොයා බලනවා කියලා.
ගරු ඇමතිතුමනි, කිසිම වාර්තාවක් නැති වෙලාත් නෑ. පිටු අඩු වෙලාත් නෑ. ‘ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් තිබුණු ජනාධිපති කොමිසමේ වාර්තාවේ’ ජාතික ආරක්ෂාවට සංවේදි කොටසක් ප්‍රසිද්ධ නොකිරීමට කොමිසම නිර්දේශ කරලා තිබුණු නිසා ඒ කොටස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබුණේ නෑ. නමුත් ඒ කොටසේ තමයි මහ මොලකරු ගැන තිබෙන්නේ. ඒ නිසා ඒකත් ප්‍රසිද්ධ කළ යුතුයි කියලා එදා විපක්ෂයේ සිටිය මාලිමාව වගේම කතෝලික පල්ලියට සම්බන්ධ සමහරු ඉල්ලා සිටි නිසා ඒ සංවේදි කොටසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් පරිදි මහජන ආරක්ෂක ඇමතිතුමා ‘කතෝලික රදගුරු සභාවේ සභාපති හැරල්ඩ් ඇන්තනි රදගුරුතුමාට’ බාර දුන්නා. ඒ කොටස් වලින් මහ මොලකරු සොයා ගන්න නම් බැරි වෙලා තිබෙනවා. ඒ වාර්තාවේ ප්‍රසිද්ධ නොකළ කොටස ගැන නම් විජිත හේරත් ඇමතිතුමා කතා කරන්නේ ඒක දැන් ජනාධිපති ලේකම්ගෙන් ඉල්ලා ගන්නත් පුළුවන්. නැතිනම් හැරල්ඩ් ඇන්තනි රදගුරුතුමාගෙන් ඉල්ලා ගන්නත් පුළුවන්.
අපි වගේම කතෝලික පල්ලියත් ආණ්ඩුවට ප්‍රසිද්ධ කරන්න කියලා ඉල්ලන්නේ දැනටමත් ප්‍රසිද්ධ කරපු ‘ජනක් ද සිල්වා වාර්තාව’ නොවේ. දැනට ප්‍රසිද්ධ නොකරපු ‘එස්.අයි. ඉමාම් වාර්තාව’ යි, ‘ඒ.එන්.ජේ. ද අල්විස් වාර්තාවයි’ ප්‍රසිද්ධ කරන්න කියලයි අපි කියන්නේ. ‘විශ්‍රාමික විනිසුරු එස්.අයි. ඉමාම්’ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව 2024 ජූනි 25 දාත්, ‘විශ්‍රාමික විනිසුරු ඒ.එන්.ජේ. ද අල්විස්’ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව 2024 සැප්තැම්බර් 14 ත් හිටපු ජනාධිපතිතුමාට බාර දුන්නා. මෙන්න මේ වාර්තා දෙක (2) ප්‍රසිද්ධ කරන්න. ‘කතෝලික පල්ලියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ඇන්තනී පියතුමන්’ පුන පුනා කියන්නේ මේ වාර්තා දෙක (2) ප්‍රසිද්ධ කරන්න කියලයි. ඒ වාර්තා ප්‍රසිද්ධ කරන්න බැරි වෙලා තිබෙන්නේ ඔබතුමා කියන ආකාරයට පිටු වගයක් අඩුවීම නිසා නම් අඩු පිටු ටික මට කියන්න. ඒ පිටු ටික මම දෙන්නම්. මොකද ඔබතුමාලාට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වගේම නීතිපති දෙපාර්තමේන්තුවෙන් සොයා ගන්න බැරි වුණු වාර්තා දෙක (2) අපට ලැබිලා තිබෙනවා. අපි ඒක ප්‍රසිද්ධ නොකරන්නේ ජනාධිපතිතුමා පත් කළ කමිටුවක වාර්තාවක් තුන්වන (3) පාර්ශවයක් විසින් ප්‍රසිද්ධ කිරීම සදාචාරාත්මක නැති නිසා.
මෙවැනි සංවේදී කරණයක් පිළිබදව අපිට තවත් බලා ඉන්න බෑ. ආණ්ඩුව හරියටම දින හතක් (7) ඇතුලත මේ වාර්තාව ප්‍රසිද්ධ කලේ නැති නම් මම ඒ වාර්තාව ප්‍රසිද්ධ කරනවා කියන අනතුරු ඇඟවීම අපි කරනවා. මේ වාර්තාව ප්‍රසිද්ධ කල පසු ‘අනුර පානයෙන් මත් වෙලා’ ඉන්න ජනතාවකට සිහි එළවා ගන්න හැකි වේවි කියලා අපි හිතනවා.
වාර්තා මගේ ලඟයි කියලා රෑට මගේ කාර්යාලය කඩන්න සැලැසුම් කරන්න එපා. මොකද අපි ඒ සමස්ථ වාර්තා දෙකම (2) ස්කෑන් කරලා එහි පිටපත් රහසිගතව අන්තර්ජාලයේ තැන්පත් කරලයි තියෙන්නේ.
‘සර්වජන බලය’ කොළඹ දිසා අපේක්ෂකවරුන් වන ශිරන්ත ජයලත්, සේකන මංගල යන මහත්වරුන්ද මෙම මාධ්‍ය හමුවට සහභාගී විය ෴
+
ත්‍රී රෝද රථ රියදුරුට පහර දී ප්‍රපාතයට තල්ලු කරලා මළ සිරුර පුංචි ලෝකාන්තයෙන් ගොඩ ගනී
(14.10.2024 – 17:44 +0530 – hirunews.lk/sinhala)
ත්‍රීරෝද රථ රියදුරෙකුට පහර දී ඝාතනය කොට මඩොල්සිම පුංචි ලෝකාන්තය ප්‍රපාතයට දමා ඇතැයි වාර්තා වනවා.
මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ හාලිඇල, රොසට්වත්තේ විවේකානන්දන් සුජීවන් (23) නැමති අවිවාහක තරුණයක්.
ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අයෙකු අත් අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
ත්‍රීරෝද රථ රියදුරා මඩොල්සිම පුංචි ලෝකාන්තය අසල ට රැගෙන ගොස් පහරදීමෙන් පසුව සිරුර පුංචිලෝකාන්තයේ ප්‍රපාතයට තල්ලුකර තිබෙන බවයි පැවසෙන්නේ.
ඊට සැකපිට පුද්ගලයකු අද (14) අත්අඩංගුවට ගත් බවයි හාලිඇල පොලිසිය පවසන්නේ.
එම සැකකරු මඩොල්සිම, බටාවත්ත ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රබොස් දයාලන් (34) නැමති එක්දරු පියෙකු බව වාර්තා වනවා.
හාලිඇල රොසට්වත්තේ පදිංචි ඝාතනයට ලක්වූ තරුණයා මඩොල්සිම බටාවත්තේ පදිංචි සැකකරු ගේ ත්‍රීරෝද රථය රුපියල් 350,000 ක මුදලක් ගෙවා මිලට ගෙන තිබෙනවා.
ඒ රුපියල් 13,000 බැගින් වාරික 36 කින් ලිසිං වාරික ගෙවීමේ පදනමට බව පොලිසිය පවසනවා.
මේ අතර සැකකරු හාලිඇල, ක්වින්ස්ටවුන්වත්තේ කාන්තාවක සමඟ විවාහ වී ඇති බවත් මොවුන්ට එක් කුඩා දරුවෙකු සිටින බව පැවසෙනවා.
එමෙන්ම සැකකරු ගේ බිරිද දරුවෙකු ප්‍රසූත කිරිමට බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටින බවයි පොලිසිය පැවසුවේ.
මැණික් ගල් කිහිපයක් සහ රන්භාණ්ඩ කිහිපයක් විකිණීමට යාමට ඇති බව පවසා ත්‍රීරෝද රථ රියදුරු කැටුව ගොස් තිබෙනවා.
ඒ අනූව ඉකුත් 30 වන දින රාත්‍රි මඩොල්සිම නගරයට ගෙන්වා ගෙන ඇති බවත්, මඩොල්සිම නගරයේ ඉන්ධන පිරවුම් හල අසල දී සැකකරු සහ ඔහුගේ මිතුරා මෙම ත්‍රීරෝද රථය ට ගොඩ වී තිබෙන බවයි පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ.
අනතුරුව සැකකරු පුංචි ලෝකාන්තය ට යන මාර්ගයේ කැලෑව සහිත ස්ථානයකදී ත්‍රීරෝද රථ රියදුරුට පහර දී ඝාතනය කර තිබෙන්නේ ෴
ත්‍රිරෝද රියදුරු පුංචි ලෝකාන්තයට දැමීමේ සිද්ධියට තවත් අයෙක් අල්ලයි
(15.10.2024 – lankadeepa.lk)
හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකුට මඩොල්සිම දී පහරදී ඝාතනය කර සිරුර මඩොල්සිම පුංචිලෝකාන්තයේ අඩි දහස් ගණනක ප්‍රපාතයකට විසිකර දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට වාහන බ්‍රෝකර්වරයෙක් අද (15) අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය පවසයි .
මඩොල්සිම බටාවත්තේ පදිංචි 27 හැවිරිදි සිව්දරු පියෙකු මෙසේ අත්අඩංගුවට ගනු ලැබිනයි පොලිසිය කීය .
හාලිඇල රොසට්වත්තේ පදිංචිව සිටි විවේකානන්දන් සුජීවන් (23) නැමති අවිවාහක තරුණයකු මෙසේ ඝාතනයට ලක්වූ බවත්, මඩොල්සිම පුංචිලෝකාන්තයේ අඩි දහස් ගණනක ප්‍රපාතයකට ඇද දැමූ මොහුගේ සිරුර අද (15) දහවල් වන විටත් සොයා ගැනීමට නොහැකි විනැයි පොලිසිය පැවසීය .
මෙම තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර එහි ප්‍රධාන සැකකරු බව කියන මඩොල්සිම බටාවත්තේ පදිංචි හාලිඇල ක්වින්ස්ටවුන්වත්තේ කාන්තාවක සමග විවාහ වී සිටින 34 හැවිරිදි චන්ද්‍රබොස් දයාලන් නමැති එක්දරු පියෙකු හාලිඇල පොලිසිය අත්අඩංගුවට ගනු ලැබිණි ෴
අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් චීන ජාතිකයන් සම්බන්ධයෙන් චීන රජයෙන් ප්‍රකාශයක්
(14.10.2024 – 18:37 +0530 – hirunews.lk/sinhala)
අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් චීන ජාතිකයන් ඇතුළු විදේශීය සැකකරුවන් රැසක් ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට පසුගිය දා පළ වූ වාර්තා පිළිබඳව චීනය දැඩි අවධානයෙන් පසුවෙන බවට තොරතුරු වාර්තා වෙනවා.
චීන රජය පවසන්නේ මෙම සිදුවීමෙන් චීනයේ ප්‍රතිරූපයට බරපතල හානියක් වන අතර අප දෙරට අතර සාම්ප්‍රදායික මිත්‍රත්වයටද යම් බලපෑමක් සිදුවන බවයි.
එම නීතිවිරෝධී ක්‍රියාකාරකම්වල නිරත වූ චීන ජාතිකයින් පිරිසට අවශ්‍යය නීතිමය පියවර ගැනීමට චීන තානාපති කාර්යාලය ශ්‍රී ලංකා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට පූර්ණ සහාය ලබා දීමට සූදානම් බවයි චීන රජය පවසන්නේ.
විදුලි සංදේශ යටිතල පහසුකම්, භූගෝලීය පිහිටීම සහ චීනය සමඟ ඇති මිත්‍ර සබඳතාවල ශ්‍රී ලංකාවට ඇති වාසි මෙන්ම අන්තර්ජාල වංචා පිළිබඳ මහජනතාවගේ අඩු අවබෝධය හේතුවෙන් ඇතැම් විද්‍යුත් වංචා අපරාධ කල්ලි ශ්‍රී ලංකාවට පැමිණ චීන පුරවැසියන් ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම වංචා ක්‍රියාකාරකම්වල නිරත වෙමින් සිටින බවයි චීන රජය පවසන්නේ.
චීනය මෑත වසරවලදී එවැනි වංචාවන්ට එරෙහිව සටන් කිරීම සඳහා මියන්මාරය, කාම්බෝජය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු බොහෝ රටවල් සමඟ ඵලදායී සහයෝගීතාවයක් ගෙන ඇති බවත් සඳහන්.
ටෙලිකොම් සහ මාර්ගගත වංචා 1990 ගණන්වල චීනයේ ආරම්භ වී ඇති අතර ඉන් පසුව එය ඉතා විශාල ලෙස පැතිරී ගොස් පුරවැසියන් විශාල සංඛ්‍යාවකට බලපෑම් කර තිබෙනවා.
2021 දී චීනයේ විසඳන ලද නඩු සංඛ්‍යාව මීට වසර පහකට පෙර මෙන් පස් ගුණයක් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
2021 ජූනි මාසයේ සිට අඛණ්ඩව මාස 17 ක් පුරාවට චීනයේ එවැනි සිද්ධීන් වසරින් වසර අඩු වී ඇතත් මෙවැනි සිද්ධි මේ කාලසීමාව තුළ බහුලව වාර්තාවෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
කෙසේ වෙතත් මෙම අපරාධය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ නීතිය ක්‍රියාත්මක කිරීමේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින්, මෙම ගැටලුව ඒකාබද්ධව විසඳීම සඳහා කඩිනම් හා ඵලදායී ක්‍රියාමාර්ග ගැනීමටත් චීනය සූදානම් බවයි චීන රජය වැඩිදුරටත් පවසා සිටින්නේ ෴
‘සුදා අයියේ අපි ඉවරයි’. දමිතා සියල්ල හෙළි කරයි (14.10.2024)
+
අපේ රටේ දේශපාලනයේ පෙරළියක් – චන්නගෙන් අනාවැකියක් සුබ ලකුණු තමයි මේ පේන්නේ (14.10.2024)
+
Siyatha TV Turning Point – 14.10.2024
+
Vehicle Hydroplane – වැස්ස දවස්වල හිමින් යන්න !!!
(14.10.2024 – facebook.com/accident1stofficial/)
මේ වැස්ස කාලෙ හින්දා හැමෝගෙම ආරක්ෂාවට දෙයක් කියන්න හිතුනා.
වැස්සකදි බහුලවම සිද්ධ වෙන දෙයක් තමයි brake skid වෙන (ලිස්සන) එක. මේක ගොඩක් අය අත්විඳල ඇති. මේකට ලොකු වැස්සක් ඕනෙ නෑ. යන්තම් පාර තෙමුනත් ඇති. මේකේදි වෙන්නෙ අපි brake කලාම වාහනේ tires නැවතුනත් වාහනේ නවතින්නෙ නැතුව ඇදිල යන එක.
ABS සහ Traction control මගින් පොඩි සහයක් ලැබෙනවා අනතුරක් වලක්වගන්න. නමුත් ABS තිබ්බ කියල වාහනේ SKID වෙන එක නවතින්නෙ නෑ. ඔයාට කොහේට හරි හරවලා යන්තම් බේරෙන්න පුළුවන් වෙයි මොකද ABS නිසා වාහනේ අපිට ඕන පැත්තට හරවල ගමන් කරවන්න පුළුවන්.
අනිත් භයානකම දේ තමයි. ඕගොල්ලො සමහර විට අහල ඇති වාහනයක් පාවෙනවා කියන එක. මේකට කියන්නෙ Vehicle Hydroplane වෙනවා කියල.
ඕගොල්ලො දන්නවනේ රෝද වල කට්ට (Tire Treads) තියෙන්නෙ පාරෙ තියෙන වතුර අරගෙන Tire එකේ දෙපැත්තෙන් ඉවත් කරන්න කියල.
මේ කට්ට (Treds) ගෙවුනම, අපි යන වේගයත්, පාරේ තියෙන ජල ස්ථරයේ ඝනකමත් වැඩි වෙනකොට මේ වතුර ඉවත් කිරීමේ හැකියාව සීමා වෙනවා.
එක තැනකදී Tire එක මේ සීමා ඉක්මවා ගියාම වාහනේ ආපු වේගයෙන් ජල ස්ථරය මත පාවෙන්න ගන්නවා. මේක තමයි අපි Hydroplaning කියන්නෙ. මේක බය හිතෙන අත්දැකීමක්. ඔයා Brake කලත්, Accelerate කලත් පාවෙන වාහනේට මුකුත් කරගන්න බැරි වෙයි.
මේ කියපු Vehicle Hydroplaning සහ Brake Skid වලින් වැලකෙන්න උපායයන් ටිකක් කියල දෙන්නම්.
- වැස්සක ගමන් කරද්දි වාහනේ වේගය 45 kph වලට අඩුවෙන් තියාගන්න.
- ඔයාගෙ Tires වල කට්ට නියමිත ගැඹුරින් තියෙනවද (ගෙවිලද) කියල පරීක්ෂා කරගන්න.
- හදිසි Brake කිරීම් සහ හදිසි හැරවීම් (Sudden & aggressive steering & braking) වලින් හැකි තරම් වලකින්න.
- ඉදිරිපස වාහනයත් සමග සෑහෙන ඉඩක් තබාගෙන, ඉදිරිය plan කරගෙන, කල්පනාවෙන් පදවන්න.
මේ මා උඩ කියපු අවස්ථා තමන් අත්දකිනකන් භයානක කම තේරෙන්නේ නෑ.
විශේෂයෙන් Vehicle Hydroplaning භයානක කම නම් තමන්ට වෙනකම් කොච්චර කිව්වත් තේරෙන එකක් නෑ. මේ අපි දාලා තිබෙන video එක බලන්න.
ඒක නිසා මේ වැස්ස කාලෙ තමන්ගේත් අන් අයගේත් ජිවිත / දේපල ආරක්ෂාව ඉදිරියෙන්ම තියාගෙන හිමින්, කල්පනාවෙන් ගමන් කරන්න.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴