අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා බැංකු ගිණුම්වලින් ඩොලර් බිලියන ගණනින් මුදල් වංචා කළ තවත් චීන්නු 129 ක් මහනුවරින් අල්ලයි
(12.10.2024 – 21:54 +0530 – hirunews.lk/sinhala)
අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා බැංකු ගිණුම්වලින් ඩොලර් බිලියන ගණනින් මුදල් වංචා කළ චීන ජාතිකයින් 129 දෙනෙකු මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සහ මහනුවර පොලිසිය කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් එම ජාවාරම සිදු කර තිබුණේ කුණ්ඩසාලේ ප්‍රදේශයේ සුපිරි හෝටලයක් තුළ රැඳී සිටිමින්.
අදාළ චීන ජාතිකයින් පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ පිහිටි මෙම තරු පහේ හෝටලයේදී.
වැටලීම සිදු කරන අවස්ථාවේ තවත් චීන ජාතිකයින් පිරිසක් මහවැලි ගඟ ඔස්සේ පළා ගොස් ඇති අතර සෙසු චීන ජාතිකයින් 129 දෙනා පොලිසිය අත්අඩංගුවට ගත්තා.
අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් අතර චීන තරුණියන් 17 දෙනෙකුද සිට තිබෙනවා.
මෙම තරු පහේ හෝටලයේ කාමර 43 ක් අදාළ චීන ජාතිකයින් විසින් මාස 6 ක කාලයක් සඳහා කුලී පදනම මත ලබා ගෙන තිබෙනවා.
ඔවුන් මෙරට රැඳී සිටිමින් ලොව පුරා විශාල තැන්පතු ඇති බැංකු ගිණුම් පිළිබඳ විමර්ශනය කොට අන්තර්ජාලය හරහා එම ගිණුම් වලින් රුපියල් බිලියන ගණන් වංචනිකව ලබා ගැනීමයි සිදු කර ඇත්තේ.
මෙම චීන ජාතිකයින් ඉකුත් සැප්තැම්බර් මස 30 දින සිට මෙම හෝටලයේ රැඳී සිට ඇති අතර ඔවුහු හෝටල් පාලනාධිකාරියට සඳහන් කොට ඇත්තේ තවත් චීන ජාතිකයින් 75 දෙනෙකු ඉදිරි දින කිහිපය තුළ නවාතැන් ගැනීම සඳහා පැමිණෙන බවයි.
මෙම චීන ජාතිකයන් සන්තකයේ තිබී laptop පරිගණක 120 ක් desktop පරිගණක 14 ක් නවීන ජංගම දුරකථන 300 කට අධික සංඛ්‍යාවක් අන්තර්ජාල සැපයුම් රවුටර 50 කට අධික සංඛ්‍යාවක් මෙන්ම මෙම දුරකථන හා පරිගණක සම්බන්ධ කර හැකි නවීන තාක්ෂණික උපකරණ තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකාර චීන ජාතිකයින් මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
++++++++
++++++++
+
මහ වැස්සෙන් විසිපන්දහසකට පීඩා; කැළණි,කළු ගංඟා සහ අත්තනගලු ඔය තවමත් අවදානම්
(12.10.2024 – 20:14 +0530 – hirunews.lk/sinhala)
දිවයිනට බලපා තිබෙන වැසි සහිත කාළගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පහත්බිම් ගණනාවක් තවමත් ජලයෙන් යට වී පවතිනවා.
අධික වර්ෂාව හේතුවෙන් කොළඹ, කළුතර, ගම්පහ, රත්නපුර, කෑගල්ල, ගාල්ල. කුරුණෑගල, මහනුවර, කිලිනොච්චිය, පොළොන්නරුව හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට බලපෑම් එල්ල වී ඇති අතර, ඇතැම් ප්‍රදේශවලට තවදුරටත් වැසි ඇදහැලෙමින් පවතිනවා.
අද (12) පෙරවරු 08:30 න් අවසන් වූ ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අවිස්සාවේල්ල එල්ස්ටන් වතුයායෙන් වාර්තා වූ අතර, එම අගය දැක්වුණේ මිලිමීටර් 175.5 ක් ලෙසයි.
අධික වර්ෂාව සමග කැලණි ගඟේ ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින අතර, එහි බලපෑමෙන් මල්වාන, දොම්පේ, කඩුවෙල ඇතුළු ප්‍රදේශ රැසක පහත්බිම් සහ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා.
එසේම, ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වූ අතර එම ප්‍රදේශවල ජන ජීවිතයට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.
අධික වර්ෂාවත් සමග කොළොන්නාව ප්‍රදේශයද ජලයෙන් යටව පවතින අතර, ඒ හේතුවෙන් ජන ජීවිතයට දැඩි බාධා එල්ල වී තිබෙනවා.
අධික වර්ෂාවත් සමග අත්තනගලු සහ උරුවල් ඔය ආශ්රිත පහත්බිම් රැසක් ජලයෙන් යට වී ඇති අතර, ගම්පහ නගරයද ජලයෙන් තැනින් තැන යටවී තිබුණා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් අත්තනගලු ඔය හා උරුවල්ඔය නිම්න ආශ්රිත ප්‍රදේශ සඳහා හෙට (13) අලුයම 01:00 දක්වා විශේෂ අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද නිකුත් කළා.
දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල යන ප්‍රදේශ සඳහා මහා ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවටයි අනතුරු අඟවා ඇත්තේ.
මේ අතර පවතින අයහපත් කාලගුණයත් සමග කළු, කැලණි, ගිං සහ අත්තනගලු යන ගංගා ආශ්රිත පහත් බිම්වල පදිංචි ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
මේ අතර කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල නායයෑමේ අවධානම් සහිත ප්‍රදේශ වලට හෙට (13) පස්වරු 04:00 දක්වා තවදුරටත් නායයාමේ අනතුරු ඇගවීම් නිකුත් කිරීමටයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (12) පස්වරුවේ පියවර ගත්තේ.
ජලයෙන් යට වීම හේතුවෙන් වසා දමා තිබුණු දක්ෂිණ අධිවේගි මාර්ගයේ වැලිපැන්න හුවමාරුව අද (12) පෙරවරුවේ යලි විවෘත කළ අතර අධිවේගී මාර්ගයේ කඩවත දෙසින් පැමිණෙන වාහන කඩුවෙලින් පිටවීම සම්පූර්ණයෙන් නතර කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ කඩුවෙලින් කඩවත දෙසට පිවිසිය හැක්කේ බර වාහනවලට පමණක් බවයි.
එසේම, වර්ෂාපතනයත් සමග දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය ලුණුවිල දක්වා සීමා කර තිබෙනවා.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඇති විය හැකි හදිසි ආපදා තත්ත්වයකදී පීඩාවට පත් වන ජනතාවට සහන සැලසීමට භටපිරිස් සූදානම් කරන ලෙස යුධ හමුදාපති ලුතිනල් ජෙනරල් විකුම් ලියනගේ සියලුම ආරක්ෂක සේනා ආඥාපතිවරුන් වෙත දැනුම් දී තිබෙනවා.
ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමට අවශ්‍ය ප්‍රතිපාදන මේ වන විට නිකුත් කර ඇති බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ද ප්‍රකාශ කළා.
මේ අතර පවතින වැසි තත්ත්වය ඉදිරි දිනවලදීත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ අජිත් විජේමාන්න කියා සිටියා ෴
+
බැඳුම්කර ගනුදෙනුව, පාස්කු ප්‍රහාරය ඇතුළු නඩු 7කට අදාළ පරීක්ෂණ කඩිනම් කරන ලෙස උපදෙස්
(00.10.2024 – itnnews.lk)
මහ බැංකු බැඳුම්කර සිද්ධිය , පාස්කු ප්‍රහාරය ඇතුළු පසුගිය කාලයේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව, පාස්කු ඉරිදා ප්‍රහාරය, බැඳුම්කර නිකුතුව, ලලිත් – කූගන් අතුරුදන්වීම ඇතුළු සිද්ධි 7ක් ගැන මෙලෙස විමර්ශන කඩිනම් කරන ලෙස උපදෙස් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශය නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළා.
අද (12) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ.
දැනට පවතින විමර්ශන කඩිනම් කිරීමටත් ප්‍රගතිය ප්‍රමාණවත් නොවන නිසා එම ප්‍රගතිය කඩිනමින් ඉදිරිපත් කරන ලෙසටත් මහජන ආරක්ෂක අමාත්‍යංශය මගින් උපදෙස් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා ෴
+++++++
+
හිටපු ඇමති හයක (6) වත්කම් පරීක්ෂණ අරඹයි.. දෙදෙනෙකුට (2) තහනම් නියෝග..
(12.10.2024 – 22:02 +0530 – lankacnews.com)
පසුගිය ආණ්ඩුවල හිටපු මැති ඇමැතින් ගණනාවක් සිය වත්කම් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ආරම්භ කර ඇත.
අනුප පැස්කුවල් හා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව මේ වන විටත් අධිකරණ නියෝග ලබාගෙන ඇත.
මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, මර්වින් සිල්වා සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයිද වාර්තා වෙයි.
ඊට අදාල පරීක්ෂණ සම්බන්ධ ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමට ද නියමිතය ෴
වැරැද්දක් නොකළා නම් ඇයි රෑ 9 ට ඇවිත් සමාව ගත්තෙ? |පාසල් ළමයින්ට කන්‍යා සොයුරියක් කළ නොමනා වැඩක් එළියට (12.10.2024)
+
ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
(12.10.2024 – lankadeepa.lk)
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ, නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද (12) දින අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
කාන්තා හා ළමා කාර්යංශයට ලද පැමිණිල්ලක් අනුව අනුරාධපුර පොලිසියේ නිලධාරින් පිරිසක් විසින් මෙම පාලිකාව අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පාලිකාව විසින් නේවාසිකාගාරයේ නේවාසිකව සිටින වයස අවුරැදු 10 ත් 15 ත් අතර වියේ පසුවන ශ්‍රව්‍යාබාධිත දරු දැරියන් හත් දෙනකුට (7) පමණ කොටුවලින් පහර දුන් බවට මාපියන් ගෙන් ලද පැමිණිලිලි මත අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මුලස්ථාන පොලිස් පරික්ෂක ආර්.එම්. ජයවීර මහතා පැවසිය.
පහර කෑමට ලකවු දරැ දැරියන් අධිකරණ වෛද්‍ය වරයෙකුට ඉදිරිපත් කරන බවද පොලිසිය පැවසිය ෴
හේෂා – දමිතා හඬපට එළියට : තැන්ක්යූ රත්තරන් මල්ලි…පඬුරක් එහෙම ගැටගහලා එන්න | හඬපට එළියට – සළුපිළි අහකට | හේෂා – ලක්අම්මා (12.10.2024)
(12.10.2024 – 20:18 +0530 – sinhala.adaderana.lk)
සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා නොලැබුණු රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා නාමයෝජනා දෙන බවට පොරොන්දු වූ දුරකථන සංවාදය මේ වන විට සමාජ මාධ්‍ය සංසරණය වෙයි.
දමිතා අබේරත්න – හෙලෝ හේෂා…
හේෂා විතානගේ – ඔයාගේ නම ලොක්කට යැව්වා. මට ලිස්ට් එක හදලා එවන්න කිව්වා… මම හදපු ලිස්ට් එක දැන් ඔයාට එවන්නම්.
දමිතා අබේරත්න – හා එතකොට රත්නපුර ආසනයට ද ඉල්ලන්නේ.
හේෂා විතානගේ – ඒවා මොකුත් නැහැ මම ඉරක් ගැහුවා ඔයාගේ එක තියෙන තැනට මම ඉරක් ගැහුවා. ඔයා ඒක කරගන්න ඕන ඔතනින් ලොක්කත් එක්ක.
දමිතා අබේරත්න – ආ… එතකොට ඔයා නෙවෙයි ද ඒක ඩිසයිඩ් කරන්නේ මල්ලි.
හේෂා විතානගේ – නෑ… ලීඩර් තමයි ෆයිනල් ඩිසිෂන් එක ගන්නේ. ආසනයක් දෙනවා කියන එක තීරණය කරන්නෙත් ලීඩර්. නමුත් මගෙන් අහනවා. මෙයාට මේක දෙන්නද කියලා මගෙන් අහනවා.
අදාළ හඬපටය පහත වීඩියෝවෙන් දැක්වෙයි :
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴