සර්වජන බලයේ ජාතික ලැයිස්තුව

සර්වජන බලයේ ජාතික ලැයිස්තුව


සර්වජන බලයේ ජාතික ලැයිස්තුව

(11.10.2024 – 17:27 +0530 – sinhala.adaderana.lk)

සර්වජන බලය ජාතික ලැයිස්තුව අද (11) භාර දී තිබේ.

එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සහ වෘත්තිකයින් විශ්ව විද්‍යාල ආචාර්වරුන් විද්වතුන් රැසකින් සමන්විතය.

  1. හේමකුමාර නානායක්කාර
  2. ගීගනගේ වීරසිංහ
  3. රංජන් කුමාර සෙනෙවිරත්න
  4. ගාමිණි වලේබොඩ
  5. රොහාන් හර්ෂ ප්‍රනාන්දු
  6. නාලක පෙරේරා
  7. කනපති පිල්ලේ
  8. රොෂාන් මහේස් ජේම්ස් ගුණතිලක
  9. පුංචි නිලමේ මීගස්වත්තේ
  10. සමීර ප්‍රසංග සෝමරත්න
  11. ටියුඩර් වීරසිංහ
  12. නන්දසිරි වීරසිංහ
  13. ජගත් කොඩිතුවක්කු
  14. වරුණ චන්ද්‍රකීර්ති හෙට්ටිආරච්චි
  15. රුවන් බණ්ඩාර රුක්මන් තිලකරත්න
  16. තනුජා ධම්මික රත්මලේ
  17. රනුක සම්පත් මාරසිංහ
  18. ශෙහාන් අඹේපිටිය
  19. සූරිය බංඩාර දිසානායක
  20. මොහොමඩ් හසන්
  21. තිලිණ පීරිස්
  22. බූපති යයස් ශ්‍රී බණ්ඩාර
  23. නිලේන්ද්‍ර දේශප්‍රිය
  24. ප්‍රියන්ත ප්‍රදීප් කුමාර මාපලගම
  25. දනිඳු කෞෂික විතානවසම්
  26. ප්‍රසන්න විජිතරංජන අමරතුංග
  27. ජනේන්ද්‍ර සම්පත් රණසිංහ
  28. බුද්ධික ඒකනායක
  29. රුවනි දමයන්ති තිසේරා

හොර සමාජ මාධ්‍ය සබැඳියකින් රුපියල් ලක්ෂ 30 ක් වංචා කළැයි අත්අඩංගුවට

(11.10.2024 – dinamina.lk)

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් නමින් සමාජ මාධ්‍ය සබැඳියක් නිර්මාණය කර ඒ ඔස්සේ විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු විශාල පිරිසක් රවටා ඉතා කෙටි කලක දී රුපියල් ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළ බව කියන පුද්ගලයෙකු මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් නමින් නිර්මාණය කළ ව්‍යාජ සබැඳිය සමාජ මාධ්‍යයට මුදාහැර ඒ ඔස්සේ විවිධ තරඟ පවත්වා ජයග්‍රහකයින්ට මුලින් සුළු මුදල් ත්‍යාග ලබා දී ඇත.

ඒ ඔස්සේ විශ්වාසය ගොඩනඟා ගැනීමෙන් අනතුරුව අදාළ ව්‍යාපාරික ආයතනය මගින් පවත්වනු ලබන ඉහළ වට්ටම් සහිත වෙළඳ භාණ්ඩ අළෙවි වැඩසටහන්වල භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ඇතැයි පවසමින් ඔවුන් ගෙන් ගිණුම් නවයකට (9) මුදල් ගෙන්වා ගෙන ඇතැයි පොලිසිය පවසයි.

සැකකරු එකවර මුදල් ගෙන්වා නොගෙන රුපියල් ලක්ෂ එකහමාර දෙක (1½ – 2) වැනි ශේෂයක් දක්වා මුදල් ගෙන්වා ගැනීමෙන් පසු දුරකතන අංක අවහිර කරන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

තණමල්විල ප්‍රදේශයේ බැංකුවක විවෘත කරන ලද බැංකු ගිණුම් දෙකක් (2) ඔස්සේ සිදුකළ විමර්ශනයකින් පසු සැකකරු එම ප්‍රදේශයේම නිවසක සැඟව සිටිය දී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

සැකකරු අපොස සාමාන්‍ය පෙළ විභාගය පවා අසමත් වූ අයෙකු බවත් මොහු විසින් රැවටීමට ලක් කළ පුද්ගලයින් අතරින් වැඩි දෙනෙක් විශ්වවිද්‍යාල සිසුන් බවත් හෙළිව තිබේ. මෙම මහා මුදල් ජාවාරම මෙහෙය වූ බවට සැක කරන තවත් කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන සිදු කරයි.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක වීරසිංහ, උප පොලිස් පරීක්ෂක ධම්මික, පොලිස් සැරයන් (32874) ජයවර්ධන සහ (69707) හේමසිරි යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති ෴


රජයට රුපියල් කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි

(11.10.2024 – lankadeepa.lk)

රුපියල් කෝටි පහමාරක (5,50,00,000) බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජීප් රථය රාජසන්තක කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (11) රේගුවට නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අධිකරණයට ඉදිරිපත් කළ GZ 9630 දරන ජීප් රථය මෙසේ රාජසන්තක කිරීමට නියෝග කළේය.

අදාළ රථය බදුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු සතුව තිබියදී අත්අඩංගුවට ගත් බව කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

රුපියල් කෝටි ගණනක බදු රජයට අහිමි කරමින් 2015 වසරෙන් පසුව රේගුවට හොර රහසේ ආනයනය කළ මෝටර් රථ දෙසීයක් (200) යළි රජයට භාර දෙන ලෙසට කළ අධිකරණ නියෝගය අනුව රථය අත්අඩංගුවට ගත් බවත්, අදාල ජාවාරමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බවත් අල්ලස් කොමිසම කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අදාළ රථය රේගුවට බාරදී රාජ්‍ය සන්තක කරන ලෙසට නියෝග කළේය.

සෙසු රථ සම්බන්ධයෙන් විමර්ශන ප්‍රගතිය ජනවාරි 17 වැනි දින ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය ෴


ආසනික් විෂ රට ටින්මාලු හරවා යවයි

(11.10.2024 – lankadeepa.lk)

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක (2,15,000) පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත ටින්මාලු තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඔරුගොඩවත්ත රේගු ගබඩා සංකීර්ණයෙන් මෙම විෂ සහිත ටින්මාලු තොගය හමුවී තිබේ.

මේ පිළිබඳව නිරීක්ෂණය කිරීමට පරිසර, වනජීවී, වනසම්පත්, ජලසම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් බී. ආර්. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අද දින (11) එම ගබඩා සංකීර්ණයට පැමිණියේය.

අදාළ ටින්මාලු තොගය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ලේකම්වරයා පවසා සිටියේ එම විෂ සහිත ටින්මාලු තොගය ශ්‍රී ලංකාවේදී විනාශ කිරීමට ඉඩ නොතබා එය නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කරන බවයි ෴


මාලිමාවට තුනෙන්-දෙක කෙසේ හෝ වලක්වනවා – සරත් වීරසේකර කියන කතා (11.10.2024)

+


නාමයෝජනා අත්සන් කරලා ගෙදර එනකොට, සජිත් ප්‍රේමදාස, අජිත් මාන්නප්පෙරුමගේ ආසන සංවිධායක දූරය ඉවත්කරලා | නහුතෙට මළ පැන්න අජිත් සජබට සමු දෙයි | සජිත් දුබල නායකයෙක්ලු ! (12.10.2024)

අහෝ පුතාණෝ !

+


අවුරුදු 19 කට පස්සේ අරලියගහ මන්දිර රාජධානියේ බංකර බැකෝ දමා කුඩු පට්ටම් කරයි (12.10.2024)

+

+


රාජාංගනේ හිමිට අධිකරණ කිහිපයකම නඩු වැටෙයි – පූජ්‍ය බලංගොඩ කස්සප හිමි (12.10.2024)

+


සැකකටයුතු වාහන කිහිපයක් අත්අඩංගුවට

(12.10.2024 – 15:38 +0530 – hirunews.lk/sinhala)

ගලපිටමඩ කඩිගමුව ප්‍රදේශයේදී සැකකටයුතු කැබ් රථයක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ එය මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂකවරයා වෙත ලබා දී තිබූ රථයක් බවයි.

රථයේ රියදුරු ලෙස කටයුතු කල පුද්ගලයා සතුව තිබී සැකකටයුතු ජාතික හැඳුනුම්පතක්ද පොලිසිය විසින් සොයාගෙන ඇති අතර එය පසුගිය වසරේදී මනුෂ්‍ය ඝාතනයක් සඳහා වෙඩික්කරුවෙකු රැගෙන ආ බව පැවසෙන යතුරුපැදි කරුවෙකුට අයත් වූවක්.

මේ අතර බෙලිඅත්ත පුවක්දන්ඩාව ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ව්‍යාජ අංක සහිත පෙජරෝ වර්ගයේ ජීප් රථයක්ද සොයාගෙන තිබෙනවා.

එය තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උපසභාපති අමිල අබේසේකර විසින් සැඟවූ එකක් බවටයි වාර්තා වන්නේ.

එසේම චයිනා හාබර් ඉංජිනේරු සමාගමට අයත් ලෑන්ඩ් කෘසර් වර්ගයේ ජීප් රථයක් බෙලිඅත්ත කොස්ලන්ද ප්‍රදේශයේ තිබී තංගල්ල පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් වාහන සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වනවා ෴

+

ගලපිටමඩ, කඩිගමුව ප්‍රදේශයේදී ඊයේ (11) රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් ක්ෂණික මාර්ග බාධකයක් යොදා කළ වාහන පරීක්ෂා කිරීමේ දී කැබ් රථයක් පරීක්ෂා කර තිබෙනවා.

එය පැදවූ පුද්ගලයාට රියදුරු බලපත්‍රයක් නොමැතිවීම හේතුවෙන් ඔහුව පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇති අතර එම වාහනයේ ලිපි ලේඛන පරීක්ෂා කිරීමේදී එහි වර්තමාන හිමිකාරීත්වය ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියට බවටයි අනාවරණය වී ඇත්තේ.

පසුව කළ වැඩිදුර පරීක්ෂාවේදී එම රථයේ රියැදුරා පොලිසියට පවසා ඇත්තේ සමගි ජන බලවේගයේ දැදිගම ආසන සංවිධායක වසන්ත සේනානායකගේ වරකාපොළ පිහිටි කාර්යාලයේ කටයුතු සඳහා මෙම කැබ් රථය භාවිත කරන බවයි.

කෙසේ වෙතත්, සැකකරු සතුව තිබී සැකකට යුතු හැඳුනුම්පතක්ද හමුවි ඇති අතර එය පසුගිය වසරේ ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක් සිදු කරන ලද වෙඩික්කරු රැගෙන ආ යතුරුපැදිකරුවෙකුට අයත් බවටයි හඳුනාගෙන තිබෙන්නේ.

ඒ අනුව සැකකාර රියැදුරු රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගත කෙරුණා ෴

+

මහ මග දමා ගිය තවත් සැප රථ තුනක් (3) පොලිස් භාරයට

(12.10.2024 – 20:39 +0530 – hirunews.lk/sinhala)

පසුගිය සමයේ මැති ඇමතිවරුන් ඇතුළු රජයේ ඉහලපෙළේ නිලධාරීන් භාවිත කළ සුඛෝපබෝගී රථ වාහන 03 ක් බෙලිඅත්ත සහ ගලපිටමඩ යන ප්‍රදේශවලදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඒ සමඟ සැකකරුවෙක් ද අත්අඩංගුවට ගෙන රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගත කෙරුණා.

ජනාධිපතිවරණයෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල සහ වෙනත් ස්ථාන රැසක අතහැර දමා ගිය සුඛෝපබෝගී නිල රථ භාවිත කළ පුද්ගලයින් ගැන දැඩි සංවාදයක් හටගත්තා.

විශේෂයෙන් එම ඇතැම් වාහන මැති ඇමතිවරුන්ගේ බිරින්දෑවරු සහ දරුවන් පාවිච්චි කරන බවට ද චෝදනා එල්ල වී තිබුණා.

ඒ අතරතුර එම නිල රථ වාහන භාවිත කළ පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් ද මාධ්‍යට මුදා හැරුණා.

එවන් පසුබිමක තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති අමිල අබේසේකර විසින් බෙලිඅත්ත පුවක්දන්ඩාව වීරසිංහ පාරේ නිවසක සඟවා තිබු ව්‍යාජ අංකයක් යොදන ලද රිදී පැහැති මිට්සුබිෂී වර්ගයේ පැජරෝ ජීප්රථයක් තංගල්ල පොලිස් කොට්ඨාශ අපරාද අංශය විසින් සිය භාරයට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා බෙලිඅත්ත පොලිසියට භාර දී තිබෙනවා.

මේ අතර බෙලිඅත්ත පොලිසියට ලද තොරතුරක් මත බෙලිඅත්ත ගැටමාන්න කොස්ගස්ලන්ද ප්‍රදේශයේ නිවසක නතර කර තීබු කලු‍ පැහැති ලෑන්ඩ් කෲසර් ප්‍රාඩෝ වර්ගයේ ජීප්රථයක් ද පොලිස් භාරයට ගෙන ගෙන තිබෙනවා.

මෙම රථය චයිනා හාබර් ඉංජිනේරු සමාගමට අයත් එකක් බවට හෙලිව ඇති අතර සැකපිට පොලිස් භාරයට ගනු ලැබූ මෙම රථ දෙක සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන්නේ බෙලිඅත්ත පොලිසියයි.

මේ අතර රජය විසින් විවිධ කාර්යන් සඳහා නිකුත් කර ඇති වාහන යම් ස්ථානයක වංචා සහගත ලෙස හෝ නීතිවිරෝධීව සගවා තිබේ නම් 1997 විශේෂ දුරකතන අංකයට දැනුම් දෙන ලෙසයි පොලිසිය තවදුරටත් දැනුම් දෙන්නේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *