මහරගම දෙමහල් නිවසක ඉහළ මහලට ගිනි තැබීමකින් එකම පවුලේ මවක් සහ දියණියක් ජීවිතක්ෂයට – තවත් දෙදෙනෙක් (2) රෝහලේ

මහරගම දෙමහල් නිවසක ඉහළ මහලට ගිනි තැබීමකින් එකම පවුලේ මවක් සහ දියණියක් ජීවිතක්ෂයට – තවත් දෙදෙනෙක් (2) රෝහලේ


මහරගම දෙමහල් නිවසක ඉහළ මහලට ගිනි තැබීමකින් එකම පවුලේ මවක් සහ දියණියක් ජීවිතක්ෂයට – තවත් දෙදෙනෙක් (2) රෝහලේ

(19.04.2026 – hirunews.lk)

කිසියම් පිරිසක් මහරගම දෙමහල් නිවසක ඉහළ මහලට ගිනි තැබීමෙන් එකම පවුලේ මවක් සහ දියණියක් මියගොස් තවත් පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු (2) බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි මහරගම පොලීසිය පවසනවා.

මෙම අපරාධයෙන් මිය ගොස් ඇත්තේ මහරගම පමුණුව පාර, එක්සත් සුබ සාධක මාවතේ, කුලී පදනම මත පදිංචිව සිටි අවුරුදු 55 ක් වූ මවක් සහ ඇගේ 16 හැවිරිදි දියණියයි.

එම අපරාධයෙන් බරපතල පිළිස්සුම් තුවාල ලබා තිබූ එම දැරියගේ පියා සහ නිවසේ හිමිකරු වන 76 හැවිරිදි පුද්ගලයෙකු රෝහල් ගත කර තිබෙනවා.

ඊයේ (18) එම නිවස ගිනිගැනීමට ලක්වී ඇති අතර අසල්වැසියන් විසින් ගින්න නිවා දමා පිළිස්සුම් තුවාල ලබා සිටි පිරිමි පුද්ගලයන් දෙදෙනා (2) රෝහල් ගත කර ඇති අතර නිවස තවදුරටත් පරීක්ෂා කිරීමේදී නිවසේ කාමරයක් තුළ මියගිය කාන්තාවන් දෙදෙනාගේ (2) මළ සිරුරු හමුවී ඇති බවයි වාර්තා වෙන්නේ.

අපරාධය සිදුවූ ස්ථානයේ පෙට්‍රල් ගද වාහනය වී ඇති අතර විමර්ශනයේදී මෙය නිවසට ගිනි තබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇති බවට අනාවරණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඝාතනය සිදුකිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙම සිදුවීම පිළිබඳව මහරගම පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි ෴


මිදිගම නිවසකට මහ රෑ වෙඩි වරුසාවක් | කාර් එකටත් ගිනි තියලා | අකුරැස්ස පොලිසිය ආරක්ෂාව තර කරයි (18.04.2026)

+


රු. තිස්දහසක (30,000) අල්ලසක් ගත්තැයි මුලතිව් රෝහලේ ගණකාධිවරයා ඇතුළු දෙදෙනෙක් (2) අත්අඩංගුවට

(19.04.2026 – hirunews.lk)

මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ ඇඳ ඇතිරිලි සේදීම සහ පවිත්‍ර කිරීමේ ටෙන්ඩරයට අදාල චෙක්පතක් නිදහස් කිරීම සඳහා රුපියල් 30,000 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බව කියන එම රෝහලේ ගණකාධිවරයා සහ කළමනාකරණ සහකාරවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුලතිව් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඊයේ (18) පෙරවරුවේ මෙම වැටලීම සිදුකර තිබූ බවයි අල්ලස් කොමිසම සඳහන් කරන්නේ.

පැමිණිලිකරු විසින් රෝහලේ පිරිසිදු කිරීමේ කටයුතු සඳහා ලබාගෙන ඇති ටෙන්ඩරයට අදාලව, මාර්තු මාසය වෙනුවෙන් ගෙවිය යුතු ගාස්තුව ඇතුළත් චෙක්පත නිදහස් කර දීම සඳහා සැකකරුවන් මෙම මුදල ඉල්ලා ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බවයි අල්ලස් කොමිසම පවසන්නේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මුලතීව් දිස්ත්‍රික් රෝහලේ සේවය කරන ගණකාධිවරයෙක් සහ කළමනාකරණ සහකාරවරයෙක්.

රෝහලේ ගිණුම් අංශයේදී අදාළ මුදල ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම සැකකරුවන් ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා ෴


බස් රථයේදී ආහාර දී කාන්තාවන් තිදෙනෙක් (3) සිහිමුර්ජා කර රු. ලක්ෂ 17 ක් කොල්ලකෑ පුද්ගලයා දැලේ

(19.04.2026 – hirunews.lk)

අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක ගමන් කරමින් සිටි කාන්තාවන් තිදෙනෙකුට (3) මත්ද්‍රව්‍ය මිශ්‍ර ආහාර ලබා දී, ඔවුන් සතු රුපියල් දහහත් ලක්ෂ හයදහස් හාරසියයක (1,706,400/=) මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑ පුද්ගලයෙක් අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.

ඉකුත් අප්‍රේල් 02 වැනිදා රාත්‍රියේ සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදු කළ අනුරාධපුර පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (17) පණ්ඩුලගම ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා සාලියවැව ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙක්.

පොලිසිය පවසන පරිදි, අදාළ කාන්තාවන් තිදෙනා (3) බස් රථයේ ගමන් කරමින් සිටියදී එහි සිටි නාඳුනන පුද්ගලයෙකු ඔවුන් සමඟ මිතුරු වී කෙටි ආහාර සහ බීම වර්ගයක් ලබා දී ඇති බවට කරුණු හෙළි වුණා.

එම ආහාර අනුභව කිරීමෙන් පසු කාන්තාවන් තිදෙනා (3) සිහිසුන් වී ඇති අතර, එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් සැකකරු ඔවුන් සතු වටිනා දේපළ කොල්ලකා පලා ගොස් තිබෙනවා.

පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීමේදී හමුවන නාඳුනන පුද්ගලයන් සමඟ අනවශ්‍ය හිතවත්කම් ඇති කර නොගන්නා ලෙසත්, ඔවුන් ලබා දෙන ආහාර හෝ පාන වර්ග ලබාගැනීමේදී ඉතා බුද්ධිමත්ව සහ සැලකිලිමත්ව කටයුතු කරන ලෙසත් විශේෂයෙන්ම පොලිස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවගෙන් ඉල්ලා තිබෙනවා ෴


පවුලේ අවුරුදු උත්සවයකට සහභාගී වූ සිඟිත්තිය ජල තටාකයකට වැටී මරුට

(19.04.2026 – 12:26 +0530 – sinhala.adaderana.lk)

පවුල් කිහිපයක පිරිසක් විසින් එක්ව පැවැත්වූ අවුරුදු උත්සවයකට සහභාගී වූ කුඩා දැරියක් ඊයේ (18) සවස පිළියන්දල දම්පේ ප්‍රදේශයේ හෝටලයක නාන තටාකයකට වැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පැලැන්වත්ත, පන්නිපිටිය පාර ප්‍රදේශයේ මිහිඳුපුර පදිංචිව සිටි නමෝදි පෙරේරා නැමැති 06 හැවිරිදි දැරියකි.

දැරියගේ මව විදේශගතව සිටින අතර දැරිය සිය පියාගේ සහෝදරියගේ සෙවනේ හැඳී වැඩෙන බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පවුලේ පිරිස සහ සමීප පවුල්වල ඥාතීන් 40ක පමණ පිරිසක් එක්ව ඊයේ (18) උදෑසන පිළියන්දල දම්පේ ප්‍රදේශයේ හෝටලයකට පැමිණ අවුරුදු උත්සවයක් පවත්වා ඇති අතර සවස් කාලයේදී ජල තටාකය ආසන්නයේ රැඳී සිට ජල ක්‍රීඩාවේ යෙදීමට සූදානම්ව සිට ඇතැයිද පොලීසිය සඳහන් කළේය.

එම අවස්ථාවේ කුඩා දරුවන් සමග පුද්ගලයන් 10 දෙනෙකු ජල තටාකය ආසන්නයේ රැඳි සිට ඇති අතර වැඩිහිටි පුද්ගලයින් සඳහා ජල තටාකයේ වෙන්ව තිබෙන ප්‍රදේශයේ රැඳි සිටි දැරියගේ ඥාතිවරයෙකු විසින් ජල තටාකයට වැටී සිටි දැරිය දැක වහාම ගොඩට ගෙන මූලික ප්‍රථමාධාර ලබා දී ක්ෂණිකව පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

එහිදී වහා ක්‍රියාත්මක වූ වෛද්‍යවරුන් දැරියට අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නද ඒ වන විටත් ඇය මියගොස් සිට ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

පොලීසියේ දැනුම්දීම මත සිද්ධිය වූ ස්ථානයට ඊයේ (18) රාත්‍රියේ පිළියන්දල කැස්බෑව හදිසි මරණ පරීක්ෂ අජිත් විජේසිංහ මහතා ස්ථානීය පරීක්ෂණය මෙන්ම පිළියන්ද දිසා රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ දැරියගේ සිරුරද පරීක්ෂා කර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසට පොලීසියට නියෝග කළේය.

+++

+


පට්ට හොරකමක් කරලා අතේ පත්තු වෙලා රෙද්දේ … දැන් කියනවා අපි නම් හොරකම් කරේ නෑ කියලා (19.04.2026)

+


බලශක්ති ඇමති සහ අමාත්‍යාංශ ලේකම්ගේ ඉල්ලා අස්වීම ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්

(19.04.2026 – 13:28 +0530 – sinhala.adaderana.lk)

ගල් අඟුරු සම්බන්ධව සිදුකෙරන විමර්ශන හේතුවෙන් ඉල්ලා අස්වූ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ එම අමාත්‍යාංශයේ ලේකම්ව සිටි උදයංග හේමපාල මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ ඇමති ධුරයෙන් අමාත්‍යවරයෙකු ඉල්ලා අස්වීම සැලකෙනුයේ කිසියම් කරුණක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා වගකීම භාර ගැනීමක් වන බවය.

කෙසේ නමුත් ජනාධිපති කොමිසමක වැඩ කටයුතු සඳහා අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම කිසිසේත් බල නොපාන බවත් එය ව්‍යාජ හේතුවක් බවත් ඒකාබද්ධ විපක්ෂය අදාළ ලිපිය මගින් සඳහන් කර තිබේ.

මෙම ගල්අඟුරු සම්බන්ධව කොන්ත්‍රාත්තුව ලබා දෙන විට අදාළ සමාගම ලියාපදිංචි කර නොතිබූ බවත් එවන් සමාගමකට කොන්ත්‍රාත්තුව භාර දීමේ තීරණයේ සාමුහික වගකීම බාරගත යුතු බවත් අදාළ ලිපිය මගින් දන්වා තිබේ.

ඒකාබද්ධ විපක්ෂය විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් :

2026.04.19 by poornima

+


මිහින්තලා විහාරයේ උණුසුම් තත්ත්වයක් – සිය ගණනින් සිවිල් සංවිධාන මිහින්තලා පුද බිමට රොක්වෙයි (19.04.2026)

+++

ලකේගල හාමුදුරුවෝ ඉන්නකම් ජනාධිපතිටවත් – මිහින්තලේ හිමිව පන්නන්න බෑ ඒක හීනයක් (19.04.2026)

+


අවුරුද්දට ලැබුණු චාන්ස් හමාරයි – දැන් ආයෙත් QR – අද ඔත්තේ අංකවලට විතරයි තෙල් දෙන්නේ (19.04.2026)

+


පාරේ දේසපාලනය කරලම වයසට ගිය ලාල්කාන්ත… මේ කතාව රටේ දරුවන්ට කියා දෙන්නම ඕනෙ (19.04.2026)

+


ලේකම් බිල්ලට ආන්ඩුවෙ කැම්පේන් (19.04.2026)

+

ලාල් කාන්තගෙ එන්තර වාසියට වරුණගෙ පිලිතුර (19.04.2026)

+


පුණ්‍යකුමාර ගැන අනුරගේ ලජ්ජා නැති කතාව… ඒ අස්සෙ බිමලයා බොරතෙල් නාගනී (18.04.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *