ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 120 ක කෝබෝල්ට් නිධියට ඉන්දියාව අත දමයි.. ලක් රජය නිහඬයි..
ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 120 ක කෝබෝල්ට් නිධියට ඉන්දියාව අත දමයි.. ලක් රජය නිහඬයි..
(17.04.2026 – lankacnews.com)
ඉන්දියන් සාගරය කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවට හිමිවීමට තිබූ ඩොලර් බිලියන 120 කට වඩා අධික වටිනාකමකින් යුත් සාගර සම්පත් අයිතිය සම්බන්ධයෙන් මේ වන විට අර්බුදයක් නිර්මාණය වී තිබේ. හම්බන්තොට වෙරළ තීරයේ සිට දකුණු දෙසින් පිහිටි ‘ඇෆනාසේ නිකිටින්’ (Afanasy Nikitin) නම් මුහුදු පතුලේ පිහිටි කන්ද ආශ්‍රිතව පවතින අති විශාල සම්පත් අයිතිය ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමක් මේ හේතුවෙන් මතුව ඇත.
එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතියට අනුව, කිසිවෙකුටත් හිමිකම් නොමැති කලාපයක සාගර සම්පත් අයිතිය විද්‍යාත්මක පදනමක් මත ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් 2009 මැයි 08 වන දින නිව්යෝර්ක් නුවරදී විශේෂ කෙටුම්පතක් ඉදිරිපත් කරන ලදී.
එමගින් නාවික සැතපුම් 800 ක් පමණ දුරින් පිහිටි බෙංගාල බොක්ක ආශ්‍රිත සාගර කලාපයේ සම්පත් අයිතිය ශ්‍රී ලංකාව ඉල්ලා තිබුණි.
මෙම ප්‍රදේශයේ සාගර පත්ලේ මීටර් 3000 ක් පමණ ගැඹුරින් පිහිටි ‘ඇෆනාසේ නිකිටින්’ කන්ද මත කෝබෝල්ට් නැමති වටිනා රසායනික මූලද්‍රව්‍යය අඩංගු බව සොයාගෙන ඇත.
නවීන ලෝකයේ බැටරි නිෂ්පාදනයට, ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක සහ විද්‍යුත් වාහන නිෂ්පාදනයට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක් වන මෙහි වටිනාකම ඩොලර් බිලියන 120 ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. උසස් තාක්ෂණය භාවිත කළහොත් මෙහි වටිනාකම ඩොලර් ට්‍රිලියනයක් දක්වා ඉහළ යා හැකි බවද පැවසේ.
මෙම ඉල්ලීම සම්බන්ධයෙන් 2018 වසරේදී පත් කළ විශේෂ කමිටුව වසර හයක් තිස්සේ විමර්ශනය කළ අතර, 2022 වසර අවසානයේදී ඒ සඳහා ශ්‍රී ලංකාවට අනුමැතිය ලැබීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත්, 2022 වසරේදී ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයක සිටි සමයේ ඩොලර් බිලියන 4 ක ණයක් ලබා දෙමින් සහය වූ ඉන්දියාව, එම වසරේම නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ මෙම සාගර අයිතියට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත සිය විරෝධය ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකාවට අතිමහත් ආර්ථික වාසි සැලසිය හැකි මෙම සම්පත සම්බන්ධයෙන් ඉන්දියාව විරෝධය දක්වා තිබියදීත්, ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය, ඛනිජ සහ සම්පත් අමාත්‍යාංශය හෝ මුදල් අමාත්‍යාංශය මේ දක්වා කිසිදු සැලකිය යුතු මැදිහත්වීමක් හෝ උනන්දුවක් දක්වා නොමැති බවට විවේචන එල්ල වෙමින් පවතී ෴
පව් යකෝ, උඹලට අර කොස් දෙල් පොල් හාල් දීපු මෝඩ ජෙප්පො (16.04.2026)
+
ජේවීපීකාරයො දැන් මහින්ද මහත්තයා කියන්නෙ නැද්ද ? (16.04.2026)
+
ජේවීපීකාරයින්ට මිනිස්සු කුණුහරුපෙන් බණින්නේ ඇයි ? (16.04.2026)
+
අගුරු කෑව මදිවට වතුරත් බීල බොන්න තියන වතුර ටිකටත් කෙලින හැටි (16.04.2026)
+
අනුරගේ ආණ්ඩුවේ නිල නොවන ජනාධිපති ධම්මික පෙරේරාද? (16.04.2026)
+
දික්ඕවිට වරායට ගෙනා යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 150 ක් : වටිනාකම රුපියල් බිලියන 4 ක්
(17.04.2026 – hirunews.lk)
දික්ඕවිට ධීවර වරායට රැගෙන ආ යාත්‍රාවේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 150 කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසනවා.
ඒ අනුව, එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 4 ක් පමණ බවටයි සඳහන් වෙන්නේ.
යාත්‍රාවේ තිබී උර 6 ක බහා තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් 150 ක් නාවික හමුදාව විසින් සොයා ගනු ලැබුවා.
දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගත් මෙම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් 4 දෙනා දික්ඕවිට වරාය වෙත අද (17) උදෑසන රැගෙන පැමිණියා.
නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි මෙම දේශීය බහුදින ධීවර යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
+++
+
අත්අඩංගුවට ගත් හිටපු පා.ම. චන්දන කත්‍රිආරච්චි රඳවාගෙන ප්‍රශ්න කෙරෙන ලකුණු
(17.04.2026 – hirunews.lk)
නීතිවිරෝධී ගිනි අවි ළඟ තබා ගැනීමේ චෝදනාව මත කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (16) අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි සම්බන්ධයෙන් රැඳවුම් නියෝග යටතේ ඉදිරි විමර්ශන සිදුකිරීමට බලාපොරොත්තු වන බව පොලිසිය සඳහන් කළා.
කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත පොලිසිය පිළියන්දල මාම්පේ පිහිටි ඔහුගේ නිවස ඊයේ උදෑසන පරීක්ෂාවට ලක්කළ අතර, එහිදී ටී 56 වර්ගයේ මැගසීන් දෙකක්, එම වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කරන ජීව උණ්ඩ 221ක්, එයිටි ෆෝ එස් වර්ගයේ ජීව උණ්ඩ 31ක් සොයා ගැණුනා.
ඊට අමතරව රිවෝල්වර සඳහා භාවිත කරන ටූ පොයින්ට් ටූ වර්ගයේ ජීව උණ්ඩ 103ක් සහ ජීව අත්බෝම්බයක් ද එහිදී සොයා ගත්තා.
ඊට අමතරව මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල 2ක්, බෝර 12 ගිනි අවියක් සහ බෝර 16 වර්ගයේ ගිනි අවියක් ද හමුවී ඇති අතර, එම ගිනි අවි චන්දන කත්‍රිආරච්චිගේ සහ දැනට විදෙස් ගතව සිටින ඔහුගේ බිරිඳට අයත් නීත්‍යානුකූල ගිනි අවි බවටයි හෙළි වුණේ.
පොලිස් භාරයට ගත් ජීව අත්බෝම්බය පොලිස් විශේෂ කාර්ය බලාකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් ඊයේ (16) පස්වරුවේ නිෂ්ක්‍රීය කරනු ලැබුවා ෴
දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
(17.04.2026 – 08:56 +0530 – sinhala.adaderana.lk)
නිකවැරටිය කොබෙයිගනේ ප්‍රදේශයේදී දැදුරු ඔයේ දියනෑමට ගිය පිරිසක් අතරින් අතුරුදන් වූ තවත් සිව්දෙනෙකුගේ (4) මළ සිරුරු සොයාගෙන තිබේ.
ඒ අනුව මේ දක්වා දැදුරු ඔයේ ගිලී මිය ගිය ගණන 6 ක් දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම තවත් පුද්ගලයින් දෙදෙනෙකු (2) රෝහල් ගත කර ඇති බවත් අතුරුදන් වූ තවත් දෙදෙනෙකු (2) සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.
කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටි 7 දෙනෙකුගෙන් යුත් පිරිසක් කොබෙයිගනේ සිය ඥාති නිවසකට ගොස් ඇති අතර පසුව එම නිවසේ තවත් පිරිසක් සමග 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දිය නෑම සඳහා දැදුරු ඔය වෙත ගොස් තිබුණි.
එහිදී මෙම අනතුරු සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය ෴
කොබෙයිගනේ ප්‍රදේශයේදී දැදුරු ඔයේ ගිලී අතුරුදන් වූ අනෙක් දෙදෙනාගේ (2) සිරුරුත් සොයා ගැනේ. මියගිය සංඛ්‍යාව 8 දක්වා ඉහළට – පොලිසිය ෴
+++
+++
+
ලංගමට ගෙන්නු සුපිරි සැප බස් 21 වැනිදා ඉඳන් සේවයට එන්න කලින් පෙරහුරුවට මාකුඹුරට ඇවිත් (17.04.2026)
+
1 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
(17.04.2026 – 09:39 +0530 – sinhala.adaderana.lk)
2026 වර්ෂයේ 1 ශ්‍රේණිය දෙවන (2) සහ තුන්වන (3) වාරවලට අදාළ ක්‍රියාකාරකම් ඇතුළත් පොත් බෙදා හැරීම මේ වන විට ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා පැවසුවේ ඒ අනුව අදාළ බෙදා හැරීම් එළැඹෙන 30 වැනිදා වන විට සියලුම පාසල් වෙත බෙදා හැර අවසන් කිරීමට නියමිත බවය.
1 ශ්‍රේණිය විෂයමාලා දැනුවත් කිරීම සහ ගුරු පුහුණුව, පළාත් ප්‍රාථමික විශය අධ්‍යක්ෂවරුන් ගුරු උපදේශකවරුන්, පුහුණුකරුවන් සහ ගුරුවරුන් සඳහා මේ වන විට ලබා දී ඇති අතර අවශ්‍ය අමතර පුහුණු කිරීම් එළැඹෙන මැයි 16 දින වන විට අවසන් කිරීමට පළාත් අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් දී ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කළේය.
තවද 1 ශ්‍රේණිය, 1 වන වාරය විෂය කොටස් ආවරණය කිරීමට නොහැකි වූ පාසල් පවතී නම් එළඹෙන 2 වන පාසල් වාරයේදී එම විෂය කොටස් සම්පූර්ණ කර ගැනීමට විදුහල්පතිවරුන් විසින් කටයුතු කරනු ඇති බවත් නාලක කලුවැව මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ ෴
HSBC සමූහ ප්‍රධාන විධායක නිලධාරිවරයා ප්‍රකාශ කළ පරිදි, ඩීසල් බැරලයක් ඇ.ඩො. 286 කට මිලදී ගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති පිළිගනී
(17.04.2026 – hirunews.lk)
HSBC හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජ් එල්හෙඩරි ප්‍රකාශ කළ පරිදි, ඩීසල් බැරලයක් ඇමරිකානු ඩොලර් 286 බැගින් මිලදී ගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පිළිගෙන තිබෙනවා.
පවතින තත්ත්වය මත ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සාමාන්‍ය මට්ටමක පැවතියද, ශ්‍රී ලංකාවේ ගැනුම්කරුවෙකු බොරතෙල් බැරලයක් සඳහා අමෙරිකානු ඩොලර් 286 ක අතිවිශාල මුදලක් ගෙවා ඇති බව හොංකොං හි පැවැති ආයෝජන සමුළුවකදී HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පවසා සිටියා.
අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති අංශය’ HSBC සමූහයෙන් කළ විමසීමක දී, ලන්ඩන් මූලස්ථානයේ මාධ්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සමූහ කළමණාකරු අප වෙත තහවුරු කළේ, HSBC ප්‍රධාන විධායක නිලධාරි ජෝර්ජ් එල්හෙඩරි විසින් අදාළ ප්‍රකාශය සිදු කර ඇති බවයි.
මේ අතර, තෙල් බැරලයක් සඳහා තමන්ට අසන්නට ලැබුණු ඉහළම මිල වූ ඩොලර් 286 ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ බව ඔහු එහි දී වැඩිදුරටත් පැවසූ බව HSBC සමූහයෙන් කළ විමසීමක දී, ලන්ඩන් මූලස්ථානයේ මාධ්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සමූහ කළමණාකරු අප වෙත තහවුරු කළා.
+++
කඩාකප්පල්කාරී අරමුණින් වැරැදි ප්‍රචාරයක් කරලා? (17.04.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴