“කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි; මෙහි වගකීම ජනාධිපතිවරයා භාරගත යුතුයි” – නාමල් රාජපක්ෂ

“කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි; මෙහි වගකීම ජනාධිපතිවරයා භාරගත යුතුයි” – නාමල් රාජපක්ෂ


“කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි; මෙහි වගකීම ජනාධිපතිවරයා භාරගත යුතුයි” – නාමල් රාජපක්ෂ

(17.04.2026 – hirunews.lk)

හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම පිළිගත්තද, එය ඉතා ප්‍රමාද වී ගත් තීරණයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

සිය X-ගිණුමෙහි සටහනක් තබමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මෙම ඉල්ලා අස්වීම හරහා පමණක් ජනතාවට සිදු වූ දැවැන්ත මූල්‍ය අලාභයට වන්දි ගෙවිය නොහැකි බවයි.

අතීත දූෂණ චෝදනා එල්ල වී තිබියදීත් කුමාර ජයකොඩි වැනි පුද්ගලයෙකු බලශක්ති අමාත්‍යාංශය වැනි තීරණාත්මක ආයතනයකට පත් කිරීමේ වගකීම ජනාධිපති අනුර කුමාර දිසානායක සෘජුවම භාරගත යුතු බව නාමල් රාජපක්ෂ අවධාරණය කරනවා.

අමාත්‍යවරයාට එරෙහිව පරීක්ෂණ ආරම්භ වූ පසුව පවා ජනාධිපතිවරයා ඔහු ආරක්ෂා කිරීමට කටයුතු කළ බවට ද ඔහු චෝදනාවන් එල්ල කර සිටිනවා.

හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවේදී ජාතික ජන බලවේගයේ සියලුම මන්ත්‍රීවරුන් ඔහුට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බවත්, එමගින් ඔවුන් දූෂණ චෝදනා නොසලකා හැරීමට කටයුතු කළ බවත් නාමල් රාජපක්ෂ එම සටහනෙහි දක්වා තිබෙනවා.

මෙම ගල් අඟුරු වංචාව හේතුවෙන් ජාතියට රුපියල් මිලියන ගණනක අලාභයක් සිදුව ඇති බවත්, අවසානයේ එම පාඩුව පාරිභෝගිකයා මත පැටවී ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙන අතර, ඉල්ලා අස්වීමකින් පමණක් මෙම අපකීර්තිමත් සිදුවීමට වන්දි ගෙවිය හැකිද යන්න ගැටලු සහගත බව පවසන ඔහු, වසරකට වැඩි කාලයක් මෙම දූෂණ වංචාව වසන් කරමින් අමාත්‍යවරයා ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වගකිව යුතු බව යළිත් අවධාරණය කරනවා ෴


මත්ද්‍රව්‍ය සමග හසුවූ ‘දෙනුවන් පුතා’ බහුදින යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට

(17.04.2026 – hirunews.lk)

මත්ද්‍රව්‍ය තොගයක් සමග අද (17) දික්ඕවිට වරායට රැගෙන ආ ‘දෙනුවන් පුතා’ බහුදින යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ දෙවුන්දරදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින්.

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන බහුදින යාත්‍රාවක් නාවික හමුදාවේ පරීක්ෂාවට ලක්කෙරුණා.

ඒ අනුව ‘දෙනුවන් පුතා’ නමැති එම බහුදින ධීවර යාත්‍රාව නාවික හමුදාව, සිය භාරයට ගනු ලැබුවේ සැකකරුවන් 4 දෙනෙකු ද සමගයි.

නාවික හමුදා භාරයට ගෙන දික්ඕවිට වරායට රැගෙන ආ බහුදින යාත්‍රාවේ උර 6 ක අසුරා තිබූ මත්ද්‍රව්‍ය, හෙරොයින් මත්ද්‍රව්‍ය බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය තහවුරු කරගෙන තිබෙනවා.

හෙරොයින් කිලෝග්‍රෑම් 161 කට අධික මත්ද්‍රව්‍ය තොගය සොයා ගත්තේ, පැකට් 150 ක සූක්ෂමව අසුරා තිබියදීයි.

ඊට අමතරව යාත්‍රාවේ තිබී චන්ද්‍රිකා තාක්ෂණයෙන් භාවිත කෙරෙන දුරකථනයක් ද සොයා ගැනීමට නාවික හමුදාව සමත් වුණා.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ දළ වටිනාකම රුපියල් කෝටි 400 කට අධික බව, විමර්ශන නිලධාරීන් සඳහන් කළා.

මෙම යාත්‍රාව පසුගිය මාර්තු මස 31 වැනිදා නිල්වැල්ල ප්‍රදේශයෙන් මුහුදු ගොස් තිබෙන අතර අදාළ මත්ද්‍රව්‍ය තොගය ඉරාන යාත්‍රාවකින් ලැබී තිබෙන බවත් එම යාත්‍රාවෙන්ම ඉන්ධන ලීටර් 1400 ක් ද ලබා දී තිබෙන බවත් අනාවරණය වී තිබෙනවා.

යාත්‍රාවේ සිටියදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දෙවුන්දර සහ ගන්දර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද විමර්ශන නිලධාරීන් සඳහන් කළා.

මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන්වීමට කටයුතු කර තිබෙන්නේ ‘පොල්අතුමෝදර සරත්’ නමැති ජාවාරම්කරු බවයි.

මත්ද්‍රව්‍ය තොගය ගෙන්වීම සඳහා දැනට විදෙස්ගතව සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කුඩු සළිඳු’ ද ආධාර අනුබල දී ඇති බවද හෙළි වුණා.

නාවික හමුදා භාරයට ගැණුනු සැකකරුවන් 4 දෙනාගෙන් එක් (1) අයෙකු ‘පොල්අතුමෝදර සරත්’ නමැත්තගේ ඥාතියෙකු බවද අනාවරණය වී තිබෙනවා.

නාවික හමුදා භාරයට ගැණුනු යාත්‍රාවේ ස්කීපර්වරයාට මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ඒ සඳහා රුපියල් ලක්ෂ 20 ක මුදලක් ලබාදී ඇති බවත් මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන්වීම සඳහා රු. කෝටි 05 ක මුදලක් සැකකරුවන්ට ලබාදීමට පොරොන්දු වී ඇති බවත් වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා ෴


‘කරන්දෙණියේ සුද්දා’ගේ සොහොයුරා ‘රාජු’ මෙරටට රැගෙන එයි

(17.04.2026 – hirunews.lk)

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ‘කරන්දෙණියේ සුද්දා’ගේ සහෝදරයා වන ‘රාජු’ නමැත්තා මෙරටට ගෙන එනු ලැබූ බව අප ගුවන්තොටුපොල වාර්තාකරු පවසනවා.

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කරන්දෙණියේ සුද්දා’ගේ සොහොයුරා වන ‘සනත් ද සිල්වා’ හෙවත් ‘රාජු’ නමැත්තා පිළිබඳව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පසුගිය සමයේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

ඒ, ‘කරන්දෙණිය සුද්දා’ මෙරටදී සිදුකළ සියලුම මනුෂ්‍ය ඝාතන මෙන්ම එම අපරාධ සැලසුම් කිරීම සහ අවි ආයුධ ප්‍රවාහනය සිදුකර ඇත්තේ ඔහු විසින් බවට තොරතුරු අනාවරණ වීමත් සමගයි.

කලක් ඩුබායි හි සැඟව සිටි ඔහු ග්‍රීසිය බලා පලායෑමේ අරමුණින් ඉන්දියාවට පැමිණ තිබූ පසුබිමක ජාත්‍යන්තර පොලිසියේ ද සහය ඇතිව ඉන්දීය ආරක්ෂක අංශ විසින් එරටදී අත්අඩංගුවට ගනු ලැබුවා.

+++

+


“තමුන්ගේ ප්‍රමාණය තමුන් දන්නෑ; කුසගින්නෙනුයි, කාපු ගමනුයි බහින්න එපා…” (17.04.2026)

+


‘පොඩි පැටී’ ඝාතනය කිරීමට තැත්කළ සැකකරුවෙකු කොස්ගොඩදී අත්අඩංගුවට

(18.04.2026 – 06:59 +0530 – sinhala.adaderana.lk)

සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ‘ලොකු පැටී’ නමැත්තාගේ සහෝදරයෙකු වූ වූ ‘පොඩි පැටී’ව වෙඩිතබා ඝාතනය කිරීමට තැත්කළ සැකකරුවෙකු අහුංගල්ල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඉකුත් 16 වනදා අහුංගල්ල, ලෝකන්වත්ත කනත්ත අසලදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි ‘පොඩි පැටී’ට ටී-56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ දරා තිබුණි.

ඒ සම්බන්ධයෙන් අහුංගල්ල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අහුංගල්ල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරු ඊයේ (17) රාත්‍රියේ කොස්ගොඩ, හෑගල්ල ප්‍රදේශයේ ලැඟුම්හලක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සැකකරු සන්තකයේ තිබී ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 13 මිලිග්‍රෑම් 760 ක්ද සොයාගැනීමට හැකිව ඇත.

සැකකරු අවුරුදු 45 ක් වන පිටිගොඩ, කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.

අහුංගල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි ෴


බලහත්කාරයෙන් කාන්තාවකගේ හිසකෙස් කැපූ කතක් ඇතුළු 5ක් අත්අඩංගුවට

(17.04.2026 – 22:02 +0530 – sinhala.adaderana.lk)

රාගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුළදී කාන්තාවකගේ හිසකෙස් කපා අඩන්තේට්ටම් කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය ඇතුළු 5 ක් රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝ දර්ශන පදනම් කරගනිමින් ක්‍රියාත්මක වූ රාගම පොලිසිය, වින්දිත කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඇයව වෛද්‍ය පරීක්ෂණ සඳහා රාගම ශික්ෂණ රෝහල වෙත යොමු කර ඇත.

විමර්ශන කටයුතු සිදුකර ප්‍රධාන සැකකාරිය වන අවුරුදු 27 ක් වන රාගම ප්‍රදේශයේ පදිංචිකාරියක් සහ වයස අවුරුදු 20, 21, 22 සහ 23 වයසේ පසුවන රාජාංගනය, කඩවත, රාගම, ත්‍රිකුණාමලය චීනවරාය ප්‍රදේශයේ පුද්ගලයින් සිව්දෙනෙකු (4) මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (18) වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, ඉදිරි විමර්ශන කටයුතු රාගම පොලිසිය විසින් සිදුකරයි ෴


ශ්‍රීලංකන් CEO තේරීමේ විනිවිදභාවය ගැන බරපතල සැකයක්! (18.04.2026)

+


“හඩ පටය හින්දයි අයින් වුණේ, ජනාධිපතිව බේරා ගන්නයි මේ හදන්නේ” මුජිබුර්ගෙන් ඇස් උඩ යන කතාවක් (18.04.2026)

+


ලාල්කාන්ත හිමිනමක් එක්ක වටින ඉඩමකින් රු. කෝටි 60 ක් ගසා කාලා ?? අනුරාධ තෙන්නකෝන්ගෙන් රටම කැලඹෙන අනාවරණයක් (18.04.2026)

+


නාමල්ට මොනවා හරි කිව්වාම, බයියො රෙදි උස්සාගෙන එන්නෙ… (18.04.2026)

+


තෙල් බැරල් එකේ ඇත්ත කතාව (17.04.2026)

+

බිමල් බලශක්ති ඇමති කල යුත්තේ ඇයි? (18.04.2026)

+

ඉරානෙ බැරල් එකකට ඩොලර් දෙකක් ගනිද්දි ඩොලර් පනහක් ගන්න මාලිමා ආන්ඩුව (18.04.2026)

+


නිකන් කකා සිටි පල් හොරු රැලකට රටක් බාර දුන්නහම වෙන වැඩ මෙන්න (18.04.2026)

+


ලාල්කාන්තට එන්න කියාපිය.. අනුර කුමාරට එන්න කියාපිය .. කුපිතවෙච්ච ජනතාව ලාල්කාන්තගේ නිවස වටලයි (18.04.2026)

+


අනුර බිමල් ගැටුම දරුණු වෙයි | පාර්ලිමේන්තු බලයත් බිමල්ට | මානව හිමිකම් කොමිසමෙන් ශානිට කනේ පාරක් (18.04.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *