ලාල්කාන්ත ‘හිරු TV’ගෙන් රු. කෝටි සීයක් ඉල්ලයි.. බලපත‍්‍රය අහෝසි කරන්න දන්වන බවත් කියයි…
ලාල්කාන්ත ‘හිරු TV’ගෙන් රු. කෝටි සීයක් ඉල්ලයි.. බලපත‍්‍රය අහෝසි කරන්න දන්වන බවත් කියයි…
(18.04.2026 – lankacnews.com)
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කැබිනට් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත විසින් ‘හිරු ටීවී’ (Hiru TV) නාලිකාවට සහ ‘ඒසියා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන්’ ආයතනයට එරෙහිව රුපියල් බිලියනයක (රුපියල් මිලියන 1000 ක) වන්දි ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබේ.
තම සේවාදායකයා විසින් ඉදිරිපත් කරන ලද වත්කම් හා බැරකම් ප්‍රකාශය වැරදි ලෙස අර්ථකථනය කරමින් ‘හිරු නාලිකාව’ මගින් අසත්‍ය සහ ද්වේශසහගත පුවතක් ප්‍රචාරය කළ බව අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ බුද්ධික විජේසූරිය මෙම එන්තරවාසිය මගින් පෙන්වා දෙයි.
එන්තරවාසියට අනුව, 2026 අප්‍රේල් 16 වන දින ‘හිරු පුවත් විකාශය’ මගින් අමාත්‍ය ලාල්කාන්ත සතුව රුපියල් කෝටි 46 කට අධික වත්කම් ඇති බවට පුවතක් පළ කර ඇත. එහිදී ඇමතිගේ දියණිය සතු, රුපියල් 143,000 කට ආසන්න වටිනාකමකින් යුතු කොටස්, රුපියල් තිස් අටකෝටි තිස් නව ලක්ෂයකට (රු. 383,906,705.40) අධික සුරකුම්පත් ලෙස හිතාමතාම සාවද්‍ය ලෙස ප්‍රචාරය කර ඇති බවට චෝදනා එල්ල වේ.
මෙම ප්‍රවෘත්තිය පළ කිරීමට ප්‍රථම ඇමතිගෙන් කිසිදු විමසීමක් හෝ පැහැදිලි කිරීමක් ලබා ගැනීමට මාධ්‍ය ආයතනය උත්සාහ කර නොමැති බව එහි සඳහන් වේ. “ඇමති ලාල්ට කෝටි 46 ක එහා වත්කම්” වැනි සිරස්තල සහ අමාත්‍යවරයාගේ රුව යොදාගනිමින් ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ද මෙම අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම මගින් ඔහුගේ දේශපාලන හා වෘත්තීය කීර්ති නාමයට දැඩි කැළලක් සිදු වී ඇති බව නීතිඥවරයා අවධාරණය කරයි.
රජය විසින් ලබා දී ඇති පොදු දේපළක් වන සංඛ්‍යාත, පටු පෞද්ගලික දේශපාලන අරමුණු වෙනුවෙන් අදාළ නාලිකාව අවභාවිත කරන බව පෙනී යන බැවින්, ඔවුන්ගේ විකාශන බලපත්‍රය අවලංගු කිරීමට අදාළ බලධාරීන් වෙත කරුණු දැක්වීමට ද අපේක්ෂා කරන බව එන්තරවාසිය මගින් දන්වා ඇත.
අදාළ වන්දි මුදල දින හතක් (7) ඇතුළත ගෙවීමට පියවර නොගතහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඇමති ලාල්කාන්ත වෙනුවෙන් නීතිඥ බුද්ධික විජේසූරිය වැඩිදුරටත් දන්වා සිටියි ෴
+++
ඇමති ලාල් කාන්තගේ වත්කම් රු. ලක්ෂ 800 ඉක්මවයි : රු. ලක්ෂ 4600 ක් නොවෙයි
(18.04.2026 – hirunews.lk)
අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්තගේ වත්කම් – බැරකම් ප්‍රකාශය සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති’ විසින් සිදුකළ වාර්තාකරණය නිවැරදි නොවන බව දන්වමින් අමාත්‍යවරයාගේ නීතිඥවරයා අප වෙත එන්තරවාසියක් එවා තිබෙනවා.
එම එන්තරවාසිය මගින් දන්වා ඇත්තේ එදින අප වාර්තා කළ අමාත්‍යවරයාගේ සුරැකුම්පත්වල වටිනාකම සහ වත්කම්වල මුළු දළ වටිනාකම නිවැරදි නොවන බවටයි.
කෙසේ වෙතත් යම් කරුණක් නිවැරදි කිරීමේ අයිතිය යටතේ ‘හිරු ප්‍රවෘත්ති’ එම වටිනාකම් පිළිබඳ යළි ගණනය කර සිදුකරන නිවැරදි කිරීමයි මේ.
අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත විසින් 2024 සහ 2025 වර්ෂයට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත භාරදී තිබූ තමන්ගේ සහ පවුලේ වත්කම් සහ බැරකම් පිළිබඳ ප්‍රකාශය පසුගිය 16 වැනිදා ‘හිරු ප්‍රවෘත්ති’ ඔස්සේ වාර්තා කළා.
එම වත්කම් හා බැරකම් ප්‍රකාශය අනුව නිශ්චල දේපළ ලෙස තෑගි ඔප්පුවලින් හිමිවූ රුපියල් ලක්ෂ 60 ක වටිනාකමකින් යුත් වර්ග අඩි 2,500 ක නේවාසික ගොඩනැගිල්ලක් සහ පර්චස් 10 ක ඉඩමක්, රුපියල් ලක්ෂ 25 ක වටිනාකමකින් යුත් ස්ථීර ගොඩනැගිල්ලක් සහ පර්චස් 20 ක ඉඩමක්, රුපියල් ලක්ෂ 560 ක වටිනාකමකින් යුත් වර්ග අඩි 4,500 ක නේවාසික ගොඩනැගිල්ලක් සහ පර්චස් 14 ක ඉඩමක් ඉදිරිපත් කර තිබුණා.
ඊට අමතරව පසු උරුමයෙන් හිමිවූ රුපියල් ලක්ෂ 25 ක වටිනාකමකින් යුත් රූඩ් 2 යි පර්චස් 7.26 ක වර්ග අඩි 1,500 ක නේවාසික ගොඩනැගිල්ලක් සහ වාණිජ ගොඩනැගිල්ලක් ද සිය නිශ්චල දේපළ ලෙස ද ඔහු ප්‍රකාශ කර තිබුණා.
එමෙන්ම චංචල දේපළ ලෙස දක්වා තිබුණේ රුපියල් ලක්ෂ 16 ක වටිනාකමින් යුත් පවුම් 8 ක රන් ආභරණ සහ රුපියල් ලක්ෂ 30 ක විටිනාකමකින් යුත් රත්රන් ග්‍රෑම් 120 ක් සහ රුපියල් ලක්ෂ 45 ක වටිනාකමකින් යුත් මෝටර් රථයක්.
එමෙන්ම අමාත්‍යවරයා වැටුප් මගින් වාර්ෂිකව උපයන ආදායම ලෙස රුපියල් හත් ලක්ෂ තිස් අටදහස් නවසිය දහ අටයි ශත දහසයක් (7,38,918.16), දේපළ බදු දීමෙන් ලබන ආදායම ලෙස රුපියල් ලක්ෂ හතරක් (4,00,000) සහ විශ්‍රාම වැටුප් ලෙස රුපියල් හත් ලක්ෂ හැත්තෑ එක් දහස් හාරසීයක (7,71,400) මුදලක් ලබන බව ද අප වාර්තා කළා.
මීට අමතරව වත්කම් – බැරකම් ප්‍රකාශය අනුව ස්ථාවර තැන්පතු මගින් වාර්ෂිකව උපයන ලද ආදායම ලෙස රුපියල් විසි හත් ලක්ෂ පනස් පන්දහස් අටසිය පනස් එකයි ශත අනූ හතක් (27,55,851.97) සහ වර්තමාන රැකියාව ලෙස දක්වමින් වාර්ෂිකව රුපියල් දහ අට ලක්ෂයක් (18,00,000) දක්වා ඇතැයි එදින අප වාර්තා කර තිබුණා.
මෙම වත්කම් සහ බැරකම් වාර්තාකරණයේදී කිසිදු දෝෂයක් සඳහන් නොවන බව අල්ලස් කොමිසමට ඉදිරිපත් කර තිබූ වත්කම් – බැරකම් ප්‍රකාශයේ කරුණු අනුව පෙනී යනවා.
නමුත් අමාත්‍යවරයාගේ නීතිඥවරයා විසින් අප වෙත එවන ලද එන්තරවාසිය මගින් දන්වා ඇත්තේ එදින අප වාර්තා කළ අමාත්‍යවරයාගේ ‘සුරැකුම්පත්වල වටිනාකම’ සහ ‘වත්කම්වල මුළු දළ වටිනාකම’ නිවැරදි නොවන බවටයි.
එදින අමාත්‍යවරයා සතු ‘සුරැකුම්පත්වල මුළු වටිනාකම’ රුපියල් තිස් අට කෝටි තිස් නව ලක්ෂ හයදහස් හත්සිය පහයි ශත හතලිහක් (38,39,06,750.40) ලෙස සඳහන්ව තිබුණේ ගණනය කිරීමේදී සිදුවූ දෝෂයකින් බව ‘හිරු ප්‍රවෘත්ති’ පෙන්වා දෙනවා.
.
ඒ අනුව අදාළ වත්කම් – බැරකම් ප්‍රකාශය අනුව එම සුරැකුම්පත්වල මුළු වටිනාකම රුපියල් එක්ලක්ෂ හතළිස් තුන් දහස් හාරසිය හැත්තෑපහයි ශත අටක් (1,43,475.08) ලෙස නිවැරදි විය යුතු වනවා.
මීට අමතරව අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර ඇති ‘වත්කම්වල මුලු දළ වටිනාකම’ රුපියල් හතලිස් හය කෝටිය (46,00,00,000) ඉක්මවන බවට එදින වාර්තා කළේ ගණනය කිරීමේ දෝෂයකින් බව ‘හිරු ප්‍රවෘත්ති’ පෙන්වා දෙනවා.
.
ඒ අනුව අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති වත්කම්වල මුළු දළ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් කෝටි අට (8,00,00,000) ඉක්මවනවා.
මේ අනුව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත වෙත සිදුවූ අපහසුතාව සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති’ කනගාටුව පළ කර සිටින අතර, අද අප මෙම ප්‍රවෘත්තිය පළ කරනු ලබන්නේ මාධ්‍ය සතු නිවැරදි කිරීමේ අයිතිය යටතේයි ෴
කුණ්ඩසාලේට දින 15 ක් තිස්සේ බීමට ජලය නෑ : මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර
(18.04.2026 – hirunews.lk)
විදුලි බලය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගෙන ඇති බැවින් මේ වන විට වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම දහයෙන් එකකටත් වඩා අඩු වී ඇති බවත් මේ තත්ත්වය මත කුණ්ඩසාලේ ප්‍රදේශයට දින පහළොවක් (15) තිස්සේ බීමට ජලය නොමැති තත්ත්වයක් උද්ගත වී ඇති බවත් මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර සරත් ඒකනායක ප්‍රකාශ කරනවා.
මීට ප්‍රධානතම හේතුව ආණ්ඩුවේ දුර්වල ජල කළමනාකරණය බවත් මේ වන විට කුණ්ඩසාලයේ ප්‍රදේශයට මුදල් ගෙවා වතුර බවුසර් ගෙන්වා ගැනීමේ තත්ත්වයක් මතුවී ඇති බවද හිටපු ආණ්ඩුකාරවරයා විසින් පෙන්වා දෙනු ලබනවා.
වික්ටෝරියා ජලාශය ඉතිහාසයේ මීට පෙර මෙවැනි අඩු ජල මට්ටමකට පත්වී නොමැති බවත් ජලය තිබූ අවස්ථාවේදී එය නිසි පරිදි කළමනාකරණය කරගත්තා නම් මෙවැනි ගැටලුවක් ඇති නොවන බවද සරත් ඒකනායක සඳහන් කරනවා.
ජලය බීමට ලබා ගැනීමට තිබෙන ප්‍රමුඛතාවය, ජලය කෘෂිකර්මාන්තයට ලබා දීමට තිබෙන ප්‍රමුඛතාවය ගැන වැඩි අවධානයක් යොමු නොකොට විදුලි බලය නිෂ්පාදනය කිරීම සඳහාම ජලය යොදා ගැනීමට ආණ්ඩුව උත්සාහ කරිරීම නිසා මෙම තත්ත්වය මතුවී ඇති බවත් තවදුරටත් වියළි කාලගුණය පැවතුණහොත් මේ තත්ත්වය තවත් නරක අතට හැරීමට ඉඩ තිබෙන බවත් හිටපු ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කරනවා.
ලංකා ආයෝජන මණ්ඩලය ඇතුළු කර්මාන්තපුරය පල්ලේකැලේ පිහිටා ඇති අතර එම ඇතැම් කර්මාන්තශාලා ද මෙම ජල ප්‍රශ්නය හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බවත් එම කර්මාන්ත ශාලාවල සේවකයින්ටද මෙම ජල ප්‍රශ්නය දැඩිව බලපා තිබෙන බවත් මේ තත්ත්වයන් පිළිබඳව ආණ්ඩුවේ අවධානය කඩිනමින් යොමු විය යුතු බවද හිටපු ආණ්ඩුකාර සරත් ඒකනායක වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴
උඹලා රට රවට්ටන විහිළු සප්ලයි කරන්න එපා හලෝ – බිමල්ට තාම කන්ටේනර් පන්නපු කේස් එක තියෙනවා (18.04.2026)
+
ගල් අඟුරු වංචාවට ජනාධිපතිත් කෙලින්ම හවුල් – ඩී.වී. චානක මුළු කැබිනට් එකෙන්ම ගේම ඉල්ලයි (18.04.2026)
+
උනුත් හොරු මුනුත් හොරු ඔක්කෝම හොරු – ඇමති ගෙදර ගියේ මිනිස්සුන්ගෙන් ආපු පීඩනේ නිසා (18.04.2026)
+
විපක්ෂයේ අපේ බලපෑම නිසා ඊයේ (17) බලශක්ති ඇමතිට – ගෙදර යන්න වුණා මේක අපි ලබපු ජයග්‍රහණයක් (18.04.2026)
+
යකෝ මේ ආණ්ඩුවේ විලි නෑ – මහා හොරු රැලක් – ජෙප්පන්ට එක නීතියක් අනික් අයට තව නීතියක් (18.04.2026)
+
ලාල්කාන්තගේ මන්ත්‍රී ධූරය අහෝසියි ?? දොලවත්තගෙන් රටම කැලඹෙන ප්‍රකාශයක් (18.04.2026)
+
ඇමති නෙවෙයි මුළු ආණ්ඩුවම ඉල්ලා අස්වෙන්න ඕනේ – මේ සෙට් එක කිව්වා බාල ගල් අඟුරු ගෙනාවේ නෑ කියලා (18.04.2026)
+
රටම රවටා විනාස වූණු ජේවීපී ගැන්සිය (18.04.2026)
+
දැන් වැඩක් නෑ, මුලු ආණ්ඩුවම කුජීතයි (18.04.2026)
+
වරුණ කියන තරම් හොරකම් කලේ නෑ – cpc ලොක්කගෙ උත්තරේ (18.04.2026)
+
ජනාධිපති කොමිසමෙන් ගල් අඟුරු වංචාව වහන්න හදනවද? ලාල්ගේ වත්කම් ප්‍රකාශයේ ඇත්ත (18.04.2026)
+
ගල් අඟුරු වංචාවේ මහ මොලකරු අනුර දිසානායකද? (18.04.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴