රන්ජන් රාමනායකගේ පක්ෂේ බරපැන ‘අලිරාජා’ගෙන්?

රන්ජන් රාමනායකගේ පක්ෂේ බරපැන ‘අලිරාජා’ගෙන්?


රන්ජන් රාමනායකගේ පක්ෂේ බරපැන ‘අලිරාජා’ගෙන්?

(11.10.2024 – sinhala.asianmirror.lk)

රංජන් රාමනායක සිංහල ජනතාවට රැවටීමට දෙමළ ඩයස්පෝරාව මිලට ගත් ද්‍රෝහීයෙකු බවට ප්‍රකට සමාජ ක්‍රියාකාරීකයෙකු වන ඕෂල හේරත් චෝදනා කරයි.

2018 මෙන් ම සිදු කිරීමට උත්සාහ කළ පාවාදීමට වඩා භයානක පාවාදීමක් කිරීමට රංජන් රාමානායක සැරසෙන බව ද ඔහු පෙන්වා දෙයි.

ඔහු පෙන්වා දෙන්නේ රංජන් රාමනායක නායකත්වය දරමින් මහා මැතිවරණයට ඉදිරිපත් වන ‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ’ (United Democratic Voice) යනු ‘එක්සත් කොංග්‍රස් පක්ෂය’ නම් ‘ඔටුවා’ ලකුණ යටතේ ක්‍රියාත්මක වූ ‘දෙමළ ඩයස්පෝරාව’ මිලට ගත් දෙමළ දේශපාලන පක්ෂයක් බවයි.

මෙම ගනුදෙනු පිටුපස සිටින්නේ ‘ලයිකා සමාගමේ හිමිකරු වන සුභාෂ්කරන් අලිරාජා’ බවත් මෙම කුමන්ත්‍රණයේ අරමුණ වර්තමාන ආණ්ඩුව මෙහෙය වීමේ ‘රීමෝට් කොන්ට්‍රෝලය’ ‘දෙමළ ඩයස්පෝරාව’ සතු කර ගැනීම බවත් ඕෂල හේරත් අවධාරණය කරයි.

‘සුභාෂ්කරන් අලිරාජා’ගේ දූෂිත ගනුදෙනු පිළිබඳ ලිපිගොනුවක් ජනාධිපති අනුර දිසානායක වෙත යොමු කර ඇති බවත් ‘ඩයනා ගමගේ 2’ වීමේ ඉරණම රංජන් රාමනායකට හිමිකර දෙන බවටත් ඔහු අනතුරු අඟවයි.

ඕෂල හේරත් අනාවරණය කළේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

= රැවටෙන්න එපා! =

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ (United Democratic Voice) කියලා අද Ranjan Ramanayake වගෙම TM Dilshan අද හැදුවයි කියපු අලුත් පක්ෂයේ නිලධාරි මණ්ඩලය තමයි පළවෙනි පින්තුරේ තියෙන ලිපියේ තියෙන්නේ. මේකේ ව්‍යවස්ථාව ගත්තොත් එකත් තියෙන්නේ තනිකර දෙමළ බසින්. මොකද මේ පක්ෂ අලුත් නමකින් ආවට මේකේ පරණ නම ‘එක්සත් කොංග්‍රස් පක්ෂය’. දැන් ‘මයික් ඒක’ වෙන්නේ කලින් තිබ්බ ‘ඔටුවා’ ලකුණ. මේ පක්ෂ මිලදී ගන්නේ ‘දමිළ ඩයස්පෝරා සල්ලි වලින් දුවන කුප්‍රකට ලයිකා ව්‍යපාරයේ’ මැදිහත් වීමෙන්.

මේ පක්ෂය අරගෙන දකුණේ සිංහ ජනතාව රවටන්න යොදා ගන්න නළුවෝ තමයි රාජන් රාමනායක සහ ටීම් දිල්ෂාන් කියන දේශද්‍රෝහී දෙන්නා. මොකද රංජන් ඇතුළු මේ පක්ෂයෙන් දේශපාලනය කරන්නේ සල්ලි වලට විකුණුනු, ජාතිය විකුණන් කළා දේශපාලන කටයුතු කරන, කල්ලතෝනි ටිකක්.

මේ lyca කුප්‍රකට ව්‍යපාරිකයින්ගේ දුෂිත වැඩ ගැන ලිපි ගොනුවක් තමයි මම වත්මන් ජනාධිපති අනුර කුමාරට යැව්වේ. මේ ‘lyca පක්ෂය’ කරන්නේ දෙමළ ඩයස්පොරවේ උවමනාවට සිංහල නළුවෝ ටිකක් දාලා සිංහල ජන්ද අරන් වත්මන් NPP ආණ්ඩුවේ රිමෝට් ඒක වෙන්නයි. ඒ කුමන්ත්‍රණය කරන ප්‍රධාන නළුවා රන්ජන් රාමනායක. මේ රන්ජන් මුදලට රට ජාතිය පාවලා දෙන්න හදන දෙවන අවස්ථාව.

මම ජාතිවාදියෙක් නොවේ. ද්‍රවිඩ ශ්‍රී ලාංකිකයන්ගේ දේශපාලන අයිතිය වෙනුවෙන් පෙනීසිටින සිංහල ශ්‍රී ලාංකිකයෙක්. එත් මේ ‘ලයිකා පක්ෂ’ හරහා රන්ජන් ඇතුළු කණ්ඩයම කරන්නේ දේශපාලනය නොවේ , මේ කරන්නේ දේශද්‍රෝහී, ජාතිවාදී රට ජාතිය පාවාදෙන කුමන්ත්‍රණයක්. මේ ගැන විශේෂ මාධ්‍ය හමුවක් හරහා රටම දැනුවත් කරන්න ඉදිරියේදී කරයුතු කරනවා.

Ranjan Ramanayake ලැජ්ජා වෙන්න ඕනේ. 2018 ඔයා කරන්න ගිය පාවාදීමට වඩා අසික්කිත පාවාදීමක් මේ කරන්නේ. ඔයා යන්තම් ඒක ප්‍රශ්නෙකින් එලියට අවා විතරයි. දැන් මේ දේශද්‍රෝහී කුමන්ත්‍රණයේ කොටස් කරුවෙක් වෙනවා. ඉදිරියේ සියලු සාක්කි සමග අපි කතා කරමු. මෙය ඔයා නොදැන කරන දෙයක් නොවන බව දන්නවා. ‘උනුත් එකයි මුනුත් එකයි’ කියපු ඔයා ඔක්කොටම වඩා අසුචි වැඩ කිරීම ගැනත්, මෙලෙස ඔබට අමන්ත්‍රණය කිරීමට සිදු වීම ගැනත් කනගාටු වෙනවා. නීතියේ සිදුරු හෙව්වට, ඒ සිදුරු වලින් මේ වගේ තුච්ච වැඩ කරන්න ඔයාට අවස්ථාවක් දෙන්නේ නැහැ. ‘ඩයනා 2’ වෙන්නේ ඔයා !

+++++++++

+


රටින් ගේන තෙල්වල බැර ලෝහ තියෙන්න පුළුවන්

(11.10.2024 – sinhala.asianmirror.lk)

පොල්තෙල් ලෙස ලේබල් කර රසායනිකව පිරිපහදු කළ තෙල් දේශීය වෙළෙඳ පොළට මුදා හැරීම පිළිබඳ පවතින කණස්සල්ල හේතුවෙන් රසායනිකව පිරිපහදු කළ තෙල් ස්වාභාවික පොල්තෙල්වලින් වෙන්කර හඳුනා ගැනීම සඳහා විනිවිද පෙනෙන යාන්ත්‍රණයක් ස්ථාපනය කරන ලෙස රජයට ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ.

සමස්ත ලංකා සාම්ප්‍රදායික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතියට පටහැනිව, පිරිපහදු කිරීම, විරංජනය කිරීම සහ ඩියෝඩරයිසින් මගින් ලබාගත් සැකසූ තෙල් මෙට්‍රික් ටොන් 80,000ක් වෙළෙඳපොළට පැමිණ පොල්තෙල් ලෙස අලෙවි කරන බව වාර්තා වන බවයි.

“මෙම තෙල් වර්ග සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ඇලුමිනියම් ඔක්සයිඩ් වැනි රසායනික ද්‍රව්‍යවලින් පිරිපහදු කර තිබෙන ඒවා, ඒවගේ පිළිකා කාරක සහ සෞඛ්‍යයට අහිතකර බැර ලෝහවල අපද්‍රව්‍ය අඩංගු විය හැකියි” යනුවෙන් සමස්ත ලංකා සාම්ප්‍රදායික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ආහාරයට ගතහැකි තෙල්වල ඇති නිදහස් මේද අම්ල, අයඩින් සහ ඇෆ්ලැටොක්සින් මට්ටම තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් අහඹු පරීක්ෂණ පවත්වන අතර, මෙම නිෂ්පාදනවල බැර ලෝහ හඳුනාගැනීම සඳහා කිසිදු පරීක්ෂණයක් සිදු නොකරන බව ද සිල්වා අවධාරණය කළේය.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන වර්ගීකරණයට අනුව ස්වාභාවිකව නිපදවන පොල්තෙල් රසායනිකව පිරිපහදු කළ පොල්තෙල්වලින් වෙන්කර හඳුනාගැනීම සඳහා පැහැදිලි කාණ්ඩ පවතින බව ද සිල්වා සඳහන් කළේය.

කෙසේවෙතත්, ආනයනකරුවන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ මාර්ගෝපදේශ මගහරිමින් සිටින බවටත් බලධාරීන් ඒ සම්බන්ධයෙන් කටයුතු කර නොමැති බවටත් ඔහු කණස්සල්ල පළ කළේය.

පාරිභෝගිකයන්ට තමන් පරිභෝජනය කරන පොල්තෙල් මොනවාදැයි දැන ගැනීමට අයිතියක් ඇති බව ඔහු අවධාරණය කළේය.

පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නීති ක්‍රියාත්මක වන නමුත් ඒවා ක්‍රියාත්මක කිරීමට බලධාරීන් තවමත් උනන්දු වී නොමැති බව ද සිල්වා අවධාරණය කළේය.

පාරිභෝගික කටයුතු අධිකාරියට, පොල් සංවර්ධන අධිකාරියට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙම ගැටලුව විසඳීමට නීත්‍යනුකූල බලය ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

ආනයනික පොල්තෙල් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට තරම් හේතුවක් නොමැති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පසුගියදා කළ ප්‍රකාශයක්ද ඔහු විවේචනය කළේය.

“මෙම ආනයනික තෙල්වල බැර ලෝහ අපද්‍රව්‍ය නිශ්චය කිරීම සඳහා නිශ්චිත පරීක්ෂණ සිදුකර නොමැති විට ඔවුන් එවැනි සහතිකයක් ලබා දෙන්නේ කෙසේද? ඇතැම් රාජ්‍ය නිලධාරීන් දූෂිත ආනයනකරුවන්ගේ මහජන සම්බන්ධතා නියෝජිතයන් ලෙස ක්‍රියා කරන බවක් පෙනෙනවා” යැයි ඔහු පැවසීය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය රටේ පොල්තෙල් හිඟයක් සම්බන්ධයෙන් කරන ප්‍රකාශ ද ඔහු ප්‍රතික්ෂේප කළේය.

සමස්ත ලංකා සාම්ප්‍රදායික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයට අනුව, දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් 2,500 කට අධික සංඛ්‍යාවක් සිටින අතර සංගමයේ සාමාජිකයන් 235ක් සිටී.

මෙම සාමාජිකයන්ට මසකට පොල්තෙල් මෙට්‍රික් ටොන් 25,000 ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති අතර එය දේශීය ඉල්ලුම වන මෙට්‍රික් ටොන් 12,500 මෙන් දෙගුණයකි ෴


රු. කෝටි ගණනක පොහොර වංචාවක් ගැන තොරතුරු එළියට

(11.10.2024 – ada.lk)

ගොවි ජනතාවට අඩු මුදලට ලබාදීම සඳහා වසර හයකට (6) පෙර ආනයනය කළ පොහොර තොගයක් හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළැයි කියන මෙරට පොහොර සමාගම් 05 ක හා තැරැව්කාර ආයතන 08 ක සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රහස් පොලිසියට ඊයේ (10) නියම කළේය.

අදාළ පොහොර සමාගම් 05 යේ හා තැරැව්කාර ආයතන 08 යේ සැකකරුවන්ගේ බැංකු ගිණුම් විස්තර දැක්වෙන වාර්තා කැඳවීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් අත්අඩංගුවට ගත් පසු වහාම අධිකරණයට ඉදිරිපත් කිරීමටද රහස් පොලිසියට නියම කළේය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරුන් ලෙස කටයුතු කළ සුමේධ පෙරේරා හා රුවන් චන්ද්‍ර යන මහත්වරු කළ පැමිණිල්ලකට අනුව රහස් පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය මෙම විමර්ශන ආරම්භ කර ඇත.

සිද්ධියට අදාළව කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක අනුරගමගේ මහතා 2018 වසරේදී රජය ක්‍රියාත්මක කළ පොහොර සහනාධාර වැඩපිළිවෙල යටතේ රුපියල් 1100/- ක සහන මිලකට ගොවීන්ට ලබාදීම සඳහා පෙහොර සමාගම් විසින් රුපියල් 2500/- ක මිලකට විදේශ රටවලින් පොහොර ආනයනය කර ඇතැයි පැවසීය.

රුපියල් 2500/- ක මිලට විදේශ රටවලින් ආනයනය කළ පොහොර තොග පෙහොර සමාගම් 05 ක් විසින් පුද්ගලික අංශයේ කර්මාන්තකරුවන්ට රුපියල් 3500/- බැගින් අලෙවිකර ඇතැයිද එලෙස පුද්ගලික කර්මාන්තකරුවන්ට වැඩි මිලට පොහොර විකුණා ඇති ඔවුන් එම පොහොර තොග ගොවි ජනතාවට රුපියල් 1100/- ක සහන මිලට ලබා දුන් බව රජයට අඟවා තමන්ට පාඩුවු රුපියල් 1400/- ක මුදල යළි රජයෙන් ලබාගෙන රුපියල් කෝටි ගණනක් රජයට වංචා කර ඇතැයිද කී උප පොලිස් පරීක්ෂක අනුර ගමගේ මහතා රජයට වංචා කිරීම හා අයුතු ලාභ ලැබීම සම්බන්ධයෙන් විමර්ශනය කරන බවද කීය.

සිද්ධිය සම්බන්ධයෙන් මෙරට පොහොර සමාගම් පහක (5) සහ තැරැව්කාර ආයතන අටක (8) පුද්ගලයින් සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරගෙන ඇතැයිද නුදුරු දිනකදීම ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්නේ යැයිද කී අනුර ගමගේ මහතා අදාළ පොහොර සමාගම් සහ තැරැව්කාර ආයතන වල පුද්ගලයින්ගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තා කැඳවීමට අවසර ඉල්ලා සිටියේය.

ජාතික පොහොර ලේකම් කාර්යාලය 2018 වසරේ දියත් කළ පොහොර සහනාධාර වැඩපිළිවෙළේදී මෙරටට පොහොර ආනයනය කළ සමාගම් 18 න් සමාගම් 05 ක් මෙසේ වංචා සහගතව කටයුතු කර ඇති බව විමර්ශන වලින් අනාවරණය වී ඇතැයිද කී අනුර ගමගේ මහතා අදාළ පොහොර තොග ඒකල හා පෑලිගොඩ ප්‍රදේශවල තොග ගබඩා වලින් නාත්තන්ඩිය ප්‍රදේශයේ පොල්කටු අඟුරු මගින් කාබන් නිෂ්පාදනය කර අපනයනය කරන කර්මාන්ත ශාලාවකට විකුණා ඇති බව අනාවරණය වුයේ යැයිද කීය.

පොහොර සම්බන්ධයෙන් කිසිදු සම්බන්ධයක් නොමැති කොළඹ ප්‍රදේශයේ තේ අලෙවිසල්, කිරි අලවිසල් හා යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා කරන මධ්‍යස්ථාන වල ලිපිනයන් යොදා මුදල් ලබාගැනීම සඳහා රජයට ඉන්වොයිස් පත්‍ර යොමු කර මෙම වංචාව කර ඇතැයි කී අනුර ගමගේ මහතා මෙම සිද්ධියට සම්බන්ධ යැයි සැකකරන පුද්ගලයින්ගේ බැංකු ගිණුම් වාර්තා කැඳවීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.

කරුණු සළකා බැලීමෙන් අනතුරුව පැමිණිල්ලේ ඉල්ලීම් වලට අවසර දුන් මහෙස්ත්‍රාත්වරයා සිද්ධියටසම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළේය ෴


රජයේ කැබ් රියක් හෝමාගම රෝහලේ අත හැර දමා තිබියදී සොයා ගනියි

(11.10.2024 – ada.lk)

රාජ්‍ය ලාංඡනය සහිත කැබ් රථයක් ඉකුත් සිකුරාදා (04) සිට හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරය අසල අත හැර දමා ගොස් තිබියදී සොයා ගත් බව එම රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

රාජ්‍ය ලාංඡනය සහිතව රෝහලට ඇතුළු වීමේදී එම රථය රාජකාරී අවශ්‍යතාවයක් සදහා ඇතුළු වන බව හඟවමින් ඉතා සූක්ෂමව රෝහල් පරිශ්‍රයට ඇතුළු වී රෝහල පිටුපස පිහිටි මෘතශරීරාගාරය අසල මෙසේ දමා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටි.

එම රථය දින කිහිපයක් තිස්සේ මෘත ශරීරාගාරය අසල නවතා තිබෙනු දැක ඒ පිළිබඳව විපරම් කිරීමේදී එහි හිමිකරුකු නොමැති බවට තොරතුරු අනාවරණය වීමත් සමග එම රථය බාහිර පුද්ගලයකු විසින් රෝහල් පරිශ්‍රයට ගෙනනැවිත් මෙසේ දමා ගොස් ඇතැයි පැවසේ.

පසුව රෝහල් කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක අංශය මැදිහත් වී මේ බව පාලනාධිකාරිය දැනුවත් කිරීමෙන් අනතුරුව එම නිලධාරීන් පැමිණ අදාළ රථයේ ඡායාරූප සහිතව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඉහළ බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

මේ වන විට එම රථය රැගෙන යාමට නොහැකි වන පරිදි මාර්ගය අවහිර වන සේ රෝහල් සේවකයින් ඒ අවට ප්‍රදේශයට ගල් දමා පාර අවහිර කර ඇතැයි පැවසේ.

නව රජය පත්වීමත් සමග රජයට අයත් මෙම වාහනය අවභාවිතා කළ අයකු මෙසේ රොහල් පරිශ්‍රයට රථය ගෙනැවිත් අතහැර දමා ගියාද නැතහොත් කිසියම් අපරාධයක් සිදුකොට රාජ්‍ය ලාංඡනයක් සවිකොට බලධාරීන් නොමග යැවීමට මෙසේ නවතා දමා ගියාද යන්න පිළිබඳව සැක මතුව ඇතැයි රෝහල් කාර්ය මණඩලය පවසයි ෴


‘ගුරුසෙත’ට විද්ද ගුරුවරියක මාට්ටු

(10.10.2024 – lankadeepa.lk)

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘ගුරු සෙත ණය යෝජනා ක්‍රමයෙන්’ අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන ‘කොළඹ බාලිකාවක හිටපු ගුරුවරියක’ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය කියයි.

මෙම වංචාව සම්බන්ධයෙන් විශ්‍රාමික විදුහල්පතිනියක් (සැකකාරියගේ මව), මහනුවර ප්‍රදේශයේ රාජ්‍ය බැංකු ශාඛාවක කළමනාකාරවරියක ඇතුළු 11 දෙනකු මීට පෙර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

‘ප්‍රධාන සැකකාරිය වන හිටපු ගුරුවරිය’ගේ පුංචි අම්මා වන කුලියාපිටිය ප්‍රදේශයේ කාන්තාවක්, එම ප්‍රදේශයේ රාජ්‍ය බැංකුව වෙත ගොස් ඇය රුපියල් ලක්ෂ 20 ක ‘ගුරුසෙත ණයක්’ ලබාගෙන ඇති බවට සඳහන් කරමින් මහනුවර ශාඛාවකින් ලිපියක් ලැබුන බවත් එවැනි ණය මුදලක් තමන් ලබා නොගත් බවත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකරන ලෙස 2019 වසරේ නොවැම්බර් මාසයේදී එම ශාඛාවේ කළමනාකරුට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම මහා පරිමාණ මුදල් වංචාවට සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී යැයි පොලිසිය කියයි.

ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණනයක් පැවැත්වූ මහජන බැංකුවේ මහනුවර ප්‍රාදේශීය කාර්යාලය ඒ ආකාරයෙන් මහනුවර ප්‍රදේශයේ විවිධ පුද්ගලයන් 26 දකුගේ හැඳුනුම්පත් උපයෝගී කරගෙන ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර දෙල්තොට, ගම්පොළ, මහනුවර සහ මහනුවර කේ .සි. සි. ශාඛාවෙන් අවස්ථා 26 කදි රුපියල් 42,055,000/= ක මුදලක් ලබාගෙන ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව ප්‍රාදේශීය කළමනාකරු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිල්ලකට අනුව ප්‍රධාන සැකකාරියේ ගේ මව වන විශ්‍රාමික විදුහල්පතිනිය, බැංකු කළමනාකාරවරිය ඇතුළු සැකකරුවන් 11 දෙනා මෙකී කාලය තුලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් බැංකු කළමනාකාරිය සහ විදුහල්පතිනිය හැරෙන්නට ඒ අතර කාන්තාවන් අට දෙනකුද (8) වන බව පොලිසිය කියයි ෴


උමතු වෙදා – 1

+
උමතු වෙදා – 2

+


“මාලිමාවට ඡන්දෙ දුන්නේ පිස්සු හැදිලද ඕයි”.. මෙය අති සංවේදී කතාවක් (27.09.2024)

+


ජාතික කඳවුර දිලිත්ව use කරනවද ? | Udaya Gammanpila | NETH FM (09.10.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Coconut oil. There is no reason to import coconut oil except to enable those corrupt ministers to pocket commissions from importers and suppliers. Sri Lanka, a country awash with coconut estates, was one time (in the 1950s and 60s) fully self sufficient. I can remember as a child that we had small scale rural mills, in the form of granite “sekku” in almost every village in coconut growing areas. There was a massive industrial coconut oil mill at Peliyagoda, and various other places along the bus route to Chilaw area and from Dankotuwa to Kurunegala bus route. Successive governments from Jayawardena regime had destroyed these national capabilities and resources because of their greed to pocket commissions, today we do not see any of these assets. It is time the new government of Anura Kumara pay attention to this national need, revive the home coconut oil (and its by-products) industry, and then ban all cocnut oil and palm oil imports.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *