“පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරනවා ” – ජනාධිපති

“පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරනවා ” – ජනාධිපති


“පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරනවා ” – ජනාධිපති

(06.10.2024 – 15:43 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බවත් එම වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවට සහතික වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (06) පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමඟ මිගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ මෙරට මෑත කාලයේ විශාලතම ඛේදවාචකය සිදු වූයේ 2019 අප්‍රේල් 21 වනදා බවත් එම ඛේදවාචකය කාලයේ වැලි තලාවට යටපත් වුවත් එය මකා දැමීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවයි.

පසුගිය ජනාධිපතිවරණ‍යේදී ජනතාව සිය දේශපාලන තීන්දුව ගැනීමට බලපෑ සාධක අතුරෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ සාධාරණය හා යුක්තිය ඉටු වීමේ අපේක්ෂාවද ඇතුළත් බව තමා විශ්වාස කරන බව ජනාධිපතිවරයා කියා සිටියා.

මේ රටේ පුරවැසියන්ගේ අරමුණ, අපේක්ෂාව, බලාපොරොත්තුව හා තම අරමුණ, අපේක්ෂාව, බලාපොරොත්තුව එකක් බව පැවසූ ජනාධිපතිවරයා පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව මෙරට ජනතාව අපේක්ෂා කරන යුක්තිය හා සාධාරණය ඉටු කිරීම තම අපේක්ෂාව බවත්, ඒ පිළිබඳ කටයුතු මේවන විටත් ආරම්භ කර ඇති බවත් ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධ පරීක්ෂණය සිදු කළ යුතු වන්නේ පූර්ව නිගමනයකට එළඹ, එම නිගමනය සාර්ථක කර ගැනීම සඳහා සාක්ෂි එකතු කිරීමෙන් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා විවෘත මනසකින් හා විවෘතභාවයකින් යුතුව මෙම සිදුවීම පිළිබඳව නිරවුල් පරීක්ෂණයක් සිදු කරන ලෙස මහජන ආරක්ෂක ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බවද සඳහන් කර සිටියා.

දේශපාලන වෙනසක් වෙනුවෙන් මෙවැනි ප්‍රහාරයක් සිදු වීද යන්න පිළිබඳව සමාජයේ මතයක් පවතින බවත්, දේශපාලන අරමුණක් වෙනුවෙන් අහිංසක ජීවිත සිය ගණනක් අහිමි කළ හැකි නම් එය විශාල ඛේදවාචකයක් බව ඔහු කියා සිටියා.

මෙරට දේශපාලනය පවතින්නේ එවන් අන්තයක නම් පළමුවෙන්ම එම තත්ත්වය මුළිනුපුටා දැමිය යුතු බව ජනාධීපතිවරයා අවධාරණය කර සිටියා.

එවකට පැවති රාජ්‍ය යාන්ත්‍රණය ද මෙම ප්‍රහාරයට සම්බන්ධ වූවාදැයි යන සැකයද සමාජයේ පවතින බවත් එවන් තත්ත්වයක් පවතින්නේ නම් අපේ රට සෑම විටම අනාරක්ෂිත මෙන්ම අතිශය භයානක තත්ත්වයක් තිබෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව දෙවනුව මෙහිදී සිදු වූයේ කුමක්ද යන්න හෙළිදරවු කර ගැනීම වඩා වැදගත් බවද ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

තෙවනුව ජීවිත 274කට ආසන්න පිරිසකගේ දිවි අහිමි කළ හා තවත් විශාල පිරිසකට තුවාළ සිදු කළ මෙම ඛේදවාචකයේ වින්දිතයන්ට තම ආදරණීයයන් කෙරෙහි තමන් තුළ පවතින ආදරය හා භක්තිය වෙනුවෙන් සාධාරණය ඉටු කළ යුතුව ඇති බව ජනාධිපතිවරයා පවසා සිටියා.

එසේම මෙවැනි ප්‍රහාරයක් හමුවේ සිදු විය හැකි විශාල සමාජ ව්‍යසනය වළක්වා ගැනීමට කටයුතු කිරීම වෙනුවෙන් පූජකතුමන්ලාගෙන් ඉටු වූ කාර්යභාරයට නැවත නැවතත් කෘතඥතාව පළ කරන බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා.

සමාජය තුළ පැවති බැඳීම්, ලෙංගතුබව, විශ්වසනීයත්වය පළුඳු වී අනෙක් ජන කණ්ඩායම් කෙරෙහි ක්‍රෝධයෙන් හා සැකයෙන් බැලීමට සිදු වූවා නම් එය සමාජයේ යහපැවැත්මට විශාල තර්ජනයක් බවත්, සමාජය තුළ ඇති වූ එම තත්ත්වය හේතුවෙන්ද මෙම පාස්කු ප්‍රහාරය පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් සිදු කළ යුතු බව ඔහු කියා සිටියා.

ගෙවී ගිය වසර 05 මුළුල්ලේ සෑම අප්‍රේල් 21 වනදාකම මහා මාර්ගයට හෝ මංසන්ධිවලට පැමිණි ජනතාව මුදා හැරියේ වසරක් පුරා ඔවුන්ගේ හදවත්වල පැවති යුක්තිය පිළිබඳ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේය.

+++++++++++

06-10-2024

+


මීමැස්සෝ මාධ්‍යවේදි ‘කල්ප ගයාන්’ව බලෙන් ඇදගෙන ගොස් කූඩුවට දමයි – BMICH OIC ලයිෂන් චන්ඩියෙක් ද?

+


05-10-2024

+


උඹ මේවා කිව්වොත් උඹත් ඉවරයි | තෙලිජ්ජවිලදී වැරදුණු වෙඩි උණ්ඩයට බිලිවූ මින්දික ගැන රහස් එළියට (06.10.2024)

+


බදු නොගෙවූ පුද්ගලයින් සෙවීමේ නව වැඩපිළිවෙළක්

(06.10.2024 – 15:56 +0530 – sinhala.adaderana.lk)

2023/2024 තක්සේරු වර්ෂයට අදාළව මෙතෙක් බදු ගෙවීම් සිදුකර නොමැති පුද්ගලයින්ගේ පරිශ්‍ර වෙත ගොස් බදු අයකර ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය සඳහන් කළේ හෙට (07) දිනයේ සිට මෙම වැඩපිළිවෙල ආරම්භ කරන බවය.

මෙම වසරේ සැප්තැම්බර් මස 30 වන දින වනවිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 1417 ක මුදලක් බදු වශයෙන් අය කරගෙන තිබේ.

එය 2024 වර්ෂය සඳහා වූ ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 2024 ක මුදලෙන් සියයට 70 ඉක්මවූ අගයක්ය.

කෙසේ නමුත් තවදුරටත් ස්වතක්සේරු ගෙවීම් යටතේ ගෙවිය යුතු බදු ගෙවන්නන් සිටින බවට හඳුනාගෙන ඇති බැවින් ඔවුන්ගේ පරිශ්‍ර වෙත ගොස් ඒවා අය කරගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව නොගෙවූ ස්වතක්සේරු බදු අය කරගැනීමේදී නීතිමය ක්‍රමවේදය සපුරා ක්ෂණික අය කරගැනීමේ ක්‍රියාමාර්ග ගැනීමට එම දෙපාර්තමේන්තුව ඉදිරියේදී කටයුතු කරනු ඇත ෴


අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා කළ විදෙස් ජාතිකයින් 40 ක් අත්අඩංගුවට

(06.10.2024 – 19:04 +0530 – hirunews.lk/sinhala)

අන්තර්ජාලය මගින් මූල්‍ය වංචා සිදුකළ විදේශීය ජාතිකයින් 40 දෙනෙකු හංවැල්ල ප්‍රදේශයේ ස්ථාන දෙකකදී (2) අද (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චීන ජාතිකයින් 30 දෙනෙකු, ඉන්දීය ජාතිකයින් 04 දෙනෙකු සහ තායි ජාතිකයින් 06 දෙනෙකු මේ අතර සිටින බවයි සඳහන් වන්නේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *