‘පාර රාජ්‍යය භීෂණය’ ක්‍රියාත්මකයි.. පිටුපස බුද්ධි අංශත්.. ජනපති අනුරත් ජීවිත අනතුරක..
‘පාර රාජ්‍යය භීෂණය’ ක්‍රියාත්මකයි.. පිටුපස බුද්ධි අංශත්.. ජනපති අනුරත් ජීවිත අනතුරක..
(27.09.2024 – 12:00 +0530 – lankacnews.com)
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ‘පාර රාජ්‍යයක්’ පිළිබඳ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වන ‘සුනන්ද දේශප්‍රිය’ කරුණු හෙළිකර තිබෙනවා.
එම රාජ්‍යය තුළ ක්‍රියාත්මක ‘දේශපාලන සන්නද්ධ කණ්ඩායම්’ බුද්ධි අංශවල සහය පවා ලබා ගනිමින් තම දේශපාලන කඳවුරු වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවට පැහැදිලි සාක්ෂි ඇති බවද ඔහු සඳහන් කර තිබෙන්නේ ඔහු විසින් රචිත ‘පාස්කු ඉරිදා ප්‍රහාරය, පාර රාජ්‍යයේ සෙවනැලි සහ නොවිසදුනු අභිරහස්’ නම් කෘතිය පිළිබඳ අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක් වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවා මෙම ‘පාර රාජ්‍යය’ සමඟ සම්බන්ධතා පැවැත්වූ බවයි.
එමෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන ‘නිලන්ත ජයවර්ධන’ එහි සාමාජිකයෙකු ලෙස තමා විශ්වාස කරන බවද සුනන්ද දේශප්‍රිය මෙම සංවාදයේදී සඳහන් කර තිබීම විශේෂත්වක්.
එම කණ්ඩායම අදට ද සක්‍රීයව කටයුතු කරන බැවින් ජනාධිපති අනුර කුමාර ඇතුළු පිරිස බරපතල ජීවිත අවදානමකට ලක්වන අයුරු ද ඔහු මෙහිදී පැහැදිලි කර තිබෙන්නේ තවත් වැදගත් කරුණු රැසක් හෙළිකරමින්.
සුනන්ද දේශප්‍රිය මහතා මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඇති වූ ජීවිත තර්ජන හේතුවෙන් මෙරටින් පිටව ගිය මාධ්‍යවේදීන් අතුරින් කෙනෙක්.
++++++++++
නිලන්ත ජයවර්ධනට අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ගොනු කරයි
(27.09.2024 – 10:45 +0530 – sinhala.adaderana.lk)
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ගොනු කර තිබේ.
නීතිපතිවරයා විසින් අද (27) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් නියම කළ රුපියල් මිලියන 75 ක වන්දිය සම්පූර්ණයෙන්ම ගෙවීමට අපොහොසත් වීම මත මෙලෙස චෝදනා ගොනු කර ඇති බවය.
ඒ අනුව නිලන්ත ජයවර්ධනට ඔක්තෝබර් මස 07 වනදා පෙරවරු 09:30 ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙස අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් (7) පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.
+
සියළුම හිටපු මන්ත්‍රීවරුන්ගේ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි
(27.09.2024 – 15:42 +0530 – hirunews.lk/sinhala)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කර තිබෙනවා.
කෙසේ වෙතත් හිටපු කතානායක හිටපු නියෝජ්‍ය කතානායකවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ පොලිස් ආරක්ෂාව දිගටම ලබාදීමටයි තීරණය කර ඇත්තේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දුන් සියලු පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග අහෝසි වුණා.
මන්ත්‍රී දීමනාව, කාර්ය මණ්ඩල දීමනාව ඉන්ධන දීමනාව මුද්දර දීමනාව ඇතුළු සියලු පහසුකම්ද මේ අනුව අහෝසි වනු ඇති.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයේ පමණක් මැතිවරණය පැවැත්වෙන දිනය තෙක් රැඳී සිටීමට අවසර ලබාදී ඇති බවද වාර්තා වෙනවා ෴
නිල නිවාස සහ බංගලා වහා භාරදෙන ලෙස හිටපු අමාත්‍යවරුන්ට දැනුම්දීමක්
(27.09.2024 – 13:18 +0530 – hirunews.lk/sinhala)
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත භාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ලිඛිතව දැනුම් දී තිබෙනවා.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පහළොවකට (15) ආසන්න පිරිසක් රජයේ නිල නිවාස සහ බංගලා භාර දීම සඳහා දැනටමත් විමසීම් කර ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළා.
හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ ආයතන කිහිපයකට රජය ලබා දී තිබූ කොළඹ රජයේ බංගලා සංඛ්‍යාව 50 ක්.
මේ අතර මාදිවෙල මන්ත්‍රී නිල නිවාස මහ මැතිවරණය පවත්වන දිනය තෙක් භාවිත කිරීමට හිටපු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් අවසර දී ඇති බව වාර්තාවනවා.
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනයේ හෝ ඊට පසුදින එම නිවාස යළි භාරදිය යුතු වනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙතෙක් ලබාදී තිබූ සියලු ආකාරයේ දීමනා, මුද්දර ගාස්තු ඇතුලු පහසුකම්ද පාර්ලමේන්තුව විසුරුවා හැරීමත් සමඟ අහෝසි වුණා ෴
වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත්කෙරේ
(27.09.2024 – 12:10 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකා පොලිසියේ වැඩබලන පොලිස්පති ධුරය සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කර තිබෙනවා.
මින් පෙර පොලිස්පති දුරයේ කටයුතු කළ දේශබන්දු තෙන්නකෝට හට අධිකරණය මගින් එම ධුරයේ රාජකාරි සිදුකිරීම අත්හිටවූ අතර, එම හේතුවෙන් පොලිස්පතිවරයෙකුගේ පුරප්පාඩුවක් පැවතියා.
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වසර 36 කට වැඩි සේවා කාලයක් හිමි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, පොලිස් කොස්තාපල් තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වනවා.
ඔහු මින් පෙර අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත්, උතුරු හා මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මෙන්ම පොලිස් සැපයුම් අංශයේ අධ්‍යක්ෂ යන තනතුරුවල සේවය කරනු ලැබූ අයෙක්.
එමෙන්ම ඔහු අවසන් වරට උතුරු මැද නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.
තවද, ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙකු ලෙස සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතිඥවරයෙකු වශයෙන්ද දිවුරුම් දී තිබෙනවා.
මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලනවේදී උපාධියද ලබා ඇති ඔහු, නැගෙනහිර ටිමෝරයේ සහ හයිටි රාජ්‍යයේ සාමසාධක මෙහෙයුම් සඳහාද සහකාර පොලිස් අධිකාරිවරයෙකු හා පොලිස් අධිකාරිවරයෙකු ලෙස එක්ව තිබෙනවා ෴

ජපාන ව්‍යාපෘති ගැන ලැබුණු සුබ ආරංචිය
(27.09.2024 – 11:33 +0530 – sinhala.adaderana.lk)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ ප්‍රමුඛ කාර්යයක් වන දූෂණ සහ අක්‍රමිකතා පිටුදැකීමේ වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි මහතා පැවසීය.
එමෙන්ම ශ්‍රී ලංකාව සමග තවදුරටත් සමීපව කටයුතු කිරීමට සූදානම් බවද හෙතෙම පවසයි.
ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වූ අවස්ථාවේදී ජපාන තානාපතිවරයා මේ බව පැවසීය.
ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11 ක වැඩකටයුතු කඩිනමින් ආරම්භ කරන බව ජපාන තානාපතිවරයා මෙහිදී පවසා ඇත.
ඒ අනුව මහනුවර නගරයේ ජල කළමණාකරණ ව්‍යාපෘතිය, බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර, භෞමික රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය, ජාතික සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාල සංවර්ධන ව්‍යාපෘතිය, අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ 2 වන අදියර, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය, කළු ගඟ ජල සම්පාදන ව්‍යාපෘතිය සහ සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යන ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට නියමිතව ඇත.
එසේම ජපාන ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට වැඩ අවසන් අදියරේ පවතින හබරණ – වේයන්ගොඩ සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතිය සහ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර කඩිනමින් නිම කිරීම මෙන්ම වැඩ අවසන්ව ඇති කැළණි ගඟ නව පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතියට අදාළ ගෙවීම් සිදු කිරීම ද මීට ඇතුළත් බව ජපාන තානාපතිවරයා වැඩදුරටත් පැවසීය ෴
නාගානන්ද නම් ගම් සියල්ල එක්කම හෙළිකරන අලුත්ම කතාව ඔබ ඇසිය යුතුමයි (27.09.2024)
+
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2024 – 27.09.2024 සිට 06.10.2024 දක්වා – BMICH හිදී
+
භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව අපහාස නඩුවක්
(27.09.2024 – 18:56 +0530 – sinhala.adaderana.lk)
‘භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා’ට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නඩුවක් ගොනු කිරීමට අපේක්ෂා කරන බව ‘පරිසර යුක්ති කේන්ද්‍රය’ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
මාදම්පේ ප්‍රදේශයේ සිදුවන නීති විරෝධී වැලි ජාවාරමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කරන බව ඔවුන් අධිකරණයට දැනුම් දී ඇත.
මාදම්පේ ප්‍රදේශයේ අක්කර දෙසීයක (200) පමණ භූමි භාගයක සිදුවන ‘නීති විරෝධි සිලිකා ජාවාරම’ තුළින් ඇතිවන පාරිසරික විනාශයන් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණි.
එම පෙත්සම ඉකුත් ජූලි මස 15 වැනිදා කැඳවූ අවස්ථාවේදී අදාළ කැණීම් සිදුවන ප්‍රදේශයේ දැනට පවතින තත්ත්වය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණි.
කෙසේ වෙතත් භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එම නියෝගය උල්ලංඝනය කරමින් වැලි කැණීමේ බලපත්‍ර හතරක් අලුතින් නිකුත් කර ඇති අතර ඒ තුළින් ඔහු අධිකරණ නියෝගය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කර තිබේ.
අදාළ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇත්නම් ඊළඟ නඩු දිනයට පෙර ඊට අදාළ ලේඛන ගොනු කිරීමට පියවර ගන්නා ලෙස එහිදි ත්‍රිපුද්ගල (3) විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයාට නියෝග කර තිබේ ෴
රට පනින්න හදන සුරාබදු ලොක්කෙක් ?
(27.09.2024 – 21:32 +0530 – hirunews.lk/sinhala)
සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු විදෙස්ගත වීමට සූදානම් වන බවට ජාතික පුවත්පත් කිහිපයක්ම වාර්තාකර තිබෙනවා.
දේශපාලනික අවශ්‍යතා මත සහ නීතියට පටහැනිව මත්පැන් බපලත්‍ර ලබාදීම සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වනවා.
නව රජයේ දූෂණ විරෝධී වැඩපිළිවෙල තුළ ඔහු සම්බන්ධ දූෂණ රැසක් පිළිබඳව අවධානය යොමුවීම මීට හේතුව බවයි පැවසෙන්නේ.
සිය අභිමතය පරිදි මත්පැන බලපත්‍ර නිකුත් කිරීමට මෙම නිලධාරියා අල්ලස් ලබාගෙන ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.
ජනාධිපතිවරණ ආරම්භයට පෙර සිටම මොහු මේ කටයුත්තේ යෙදී ඇති බවද වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතයින් අවස්ථා කිහිපයකදී අදහස් පලකර තිබෙනවා.
+
බංග්ලාදේශ භික්ෂූන්ට පහර දෙන අන්තවාදීන්ට එරෙහිව UN කාර්යාලයට (28.09.2024)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴