2024 පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

2024 පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්


2024 පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

(25.09.2024 – sinhala.news.lk)

2024 පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් මැතිවරණ කොට්ඨාස සඳහා තෝරා පත්කර ගැනීමට නියමිත මන්ත්‍රීවරු සංඛ්‍යාව, නාම යෝජනා පත්‍රයක් මගින් යෝජනා කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව පිළිබඳව සඳහන් කරමින් විශේෂ නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත.

එම නිවේදනය පහතින් දැක්වේ :


රන් ආලේප කර ව්‍යාජ ලෙස සකස් කරන ලද ස්වර්ණාභරණ උකස් කළ කාන්තාවක් අත්අඩංගුවට

(25.09.2024 – 18:54 +0530 – hirunews.lk/sinhala)

රන් ආලේප කර ව්‍යාජ ලෙස සකස් කරන ලද ස්වර්ණාභරණ උකසට තබා මුදල් ලබාගත් කාන්තාවක් හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (25) දින ඉදිරිපත් කල අවස්ථාවේදී ලබන මස 09 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර තිබෙනවා.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ වටවල පොලිස් වසමට අයත් වැලිඔය වත්තේ පදිංචි 48 හැවිරිදි කන්තාවක්.

කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත වි සිටින සැකකාර කාන්තාව රන් ආලේපිතව ව්‍යාජ ලෙස සකස් කරන ලද කුඩා මුදු, පංචායුධ, කරාබු ආදිය හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රධාන නගරවල පිහිටි උකස් මධ්‍යස්ථාන, රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වෙත රැගෙන ගොස් උකස් කර මුදල් ලබා ගැනිමේ ජාවාරමක් කාලයක් තිස්සේ සිදුකරගෙන ගොස් තිබෙනවා.

මෙලෙස උකස් ගන්නා රන් ආභරණ පරික්ෂා කරන යන්ත්‍රවලට පවා හසු නොවන ආකාරයට මෙම ව්‍යාජ ස්වර්ණාභරණ සකස් කර ඇති බවත්, එම කාන්තාව එසේ සකස් කරන ලද ව්‍යාජ මුදු කිහිපයක් අද (25) දින හැටන් නගරයේ පෞද්ගලික උකස් මධ්‍යස්ථානයක උකස් කිරිමට පැමිණි අවස්ථාවේදී ඒ පිලිබඳව සැක සිතු එම උකස් මධ්‍යස්ථානයේ හිමිකරු හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයට කල දැනුම්දීමක් මත හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි ඇය සන්තකයේ රන් ආලේප කර ව්‍යාජ ලෙස සකස් කරන ලද මුදු කිහිපයක් තිබි සොයාගෙන තිබෙනවා.

කාලයක් තිස්සේ එම සැකකාර කාන්තාව මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවත්, ඒ පිලිබඳව හැටන් පොලිසියට පැමිණිලි කිහිපයක්ද ලැබි ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴


කොටුව මහේස්ත්‍රාත්වරියගෙන් CIDයට නියෝගයක්

(25.09.2024 – 14:09 +0530 – hirunews.lk/sinhala)

ප්‍රධානපෙළේ රාජ්‍ය බැංකුවක සේවකයෙකු රුපියල් දෙකෝටි හැත්තෑහතර දහසක (2,00,74,000) මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියට අදාළව විධිමත් විමර්ශනයක් සිදු කර වැඩිදුර වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින සැකකරු නඩුව කැදවූ අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී සිටි බව සදහන්.

සැකකරුගේ රන් භාණ්ඩ සහ ඉඩම් අධිකරණ භාරයේ පවතින බවයි ‘හිරු අධිකරණ වාර්තාකරු’ සදහන් කළේ ෴


සිසුවිය රූම් එක්ක ගිය විදුහල්පතිට විරුද්ධව දෙමාපියන් පාරට බසී

(25.09.2024 – 15:49 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ සිසුවිය හෝටල් කාමරයට රැගෙන ගිය දිප්පිටිය නගරයේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකුට නිතීය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා එම පාසලේ දෙමාපියන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා.

මෙම සිදුවිම හෙළිදරව් විමෙන් පසුව සැකකාර විදුහල්පතිවරයා අත්අංඩගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ පසුගිය 19 වැනිදායි.

එහිදි විදුහල්පතිවරයා වැඩිදුර පරීක්ෂණ සිදු නොකර නිදහස් කර ඇති බවටයි දෙමාපියන් චෝදනා කරන්නේ.

තිදෙරු පියෙකු වන මෙම විදුහල්පතිවරයාට වයස අවුරුදු 42 ක්.

එමෙන්ම මෙම සැකකාර විදුහල්පතිවරයා විසින් සිසුවියට ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු කියා දෙන බව පවසමින් මෙලෙස සිසුවිය රවටා හෝටලයකට රැගෙන ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් දරුවන්ගේ දෙමාපියන් සඳහන් කරන්නේ අදාළ විදුහල්පතිවරයා මේ වන විටත් පාසලේ සේවයට පැමිණෙන අතර ඔහු වෙනුවෙන් පාසලේ තවත් ගුරුවරු පිරිසක් සහයෝගය දක්වන බවයි.

ඔහු පාසලේ තවදුරටත් තබා ගැනීම හරහා දරුවන් අනාරක්ෂිත බැවින් ඔහුට විරුද්ධව නිතීය ක්‍රීයාත්මක කර අධ්‍යාපන බලධාරීන්ගේ අවදානය ඒ වෙත යොමු කර සාධාරණ විසදුමක් ලබා දෙන ලෙස දෙමාපියන් ඉල්ලා සිටිනවා ෴


දිරිය දරුවෙක් ඔබෙන් සවියක් ඉල්ලයි

(25.09.2024 – 17:02 +0530 – sinhala.adaderana.lk)

නිරෝගීව උපත ලබන දරුවෙකු අනපේක්ෂිත ලෙස රෝද පුටුවකට සීමා වුණු කනගාටුදායක පුවතක් වැලිඹය ඇහැටුගස්වැව ප්‍රදේශයෙන් වාර්තා විය.

15 හැවිරිදි සිතුම් ආලෝක මෙලෙස රෝද පුටුවකට කොටුවී මේ වන විට වසර 8 කි.

ආලෝක, වයස අවුරුදු 7 දී මාංශපේෂි දියවීමේ රෝගී තත්ත්වයකට ගොදුරුවීමත් සමග ඔහුට ඇවිදීමට නොහැකි විය.

ඉගෙනුමට ඇති උපන් හපන්කම් නිසාම සෑම දිනකම කිලෝමීටර්යක් පමණ දුරක් රෝද පුටුව තල්ලු කරගෙන ආලෝක පාසලට රැගෙනයාමේ වගකීම මව ඉටුකරන්නේ වෙහෙස නොබලමිනි.

කෙදිනක හෝ සිය පුතු දෙපයින් නැගී සිටිනු ඇතැයි දිවා රෑ දෙකෙහිම සිතන ආලෝකගේ මව, ඒ වනවිට ඔහුට හොඳ අධ්‍යාපනයක් ලබාදීමේ සිහින දකිමින් සිටී.

අනතුරක් හේතුවෙන් ඇවිදීමට නොහැකිවී සිටින ආලෝකගේ පියාට පවුලේ ආර්ථිකයට සවියක් වීමට ද නොහැකිය.

මෙවන් විශාල ගැටලු මැද දරුවන් දෙදෙනා (2) සහ සැමියා ජීවත්කරවීම ආලෝකගේ මවට අද අභියෝගයකි.

දෙපයින් නැගී සිටීමට නොහැකිවුවත් සිතුවිලිවලින් සවිමත් ආලෝක පුතු ඔබෙන් ඉල්ලීමක් කරමින් කියා සිටින්නේ තමන්ට පාසල් යාමට පහසුකර ගැනීම සඳහා ‘විදුලි රෝද පුටුවක්’ පරිත්‍යාග කිරීමට හැකි කෙනෙක් සිටි නම් එය තමන්ට මහත් ශක්තියක් වනු ඇති බවය.

සිතුම් ආලෝක :

“රෝද පුටුව තල්ලු කරගෙන මාව ඉස්කෝලේ ගෙනියද්දී අම්මට ගොඩක් මහන්සියි. ඒ මහන්සිය නැති වෙන්න මට විදුලි රෝද පුටුවක් දෙන්න.”

පරිත්‍යාගශිලි කෙනෙකු වේ නම් 076 674 5349 දුරකථන අංකය හරහා අලෝකගේ මව හා සම්බන්ධ විය හැකිය.

+


25.09.2024 දින සිදුකල නව ආණ්ඩුවේ පත්වීම් මෙන්න

+


පාස්කු ප්‍රහාරය කරපු අයට වැඩ වරදින ලකුණු – හිටපු CID ප්‍රධානී ශානි අබේසේකරගෙන් ආන්දෝලනයක් (25.09.2024)

+


අනුරගේ ආණ්ඩුවත් කඩාගෙන වැටෙයිද කියලා ගම්මන්පිලට බියක් | සාක්ෂිත් එක්කම කිව්ව කතාව (26.09.2024)

+

+


ඉල්ලීම් නොදුන්නොත් ගුරු විරෝධතා.. පත් කල ලේකම්ලා දුෂිතයන්.. – ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් පෝසෆ් ස්ටාලින්

(26.09.2024 – 10:00 +0530 – lankacnews.com)

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට ඡන්දය ලබා දුන් ගුරුවරුනගේ ඉල්ලීම් වලට ඇහුම්කන් නොදුනහොත් ඊට එරෙහිව පාරට බැසීමට සිදුවන බව ‘ලංකා ගුරු සංගමය’ සඳහන් කරයි.

එහි ප්‍රධාන ලේකම් ‘පෝසෆ් ස්ටාලින්’ මහතා සඳහන් කරන්නේ වත්මන් ආණ්ඩුවේ අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමේදී අදක්ෂයන්ට තැනදී ඇති බවයි.

නව ආණ්ඩුවේ ලේකම්වරු ලෙස පත් කර ඇති බොහෝ දෙනකු තම සංගමය කිසිසේත්ම අනුමත නොකරන බවද ඔහු කියා සිටියි.

“අලුත් ආණ්ඩුව මේ වෙනකොට අමාත්‍යාංශ පාලනය කරන්න ලේකම්වරු පත් කරලා තියෙනවා. මේ ලේකම්වරු පත් කිරීම ගැන ඇත්තටම අපි සෑහීමකට පත් වෙන්නේ නැහැ. රාජ්‍ය පරිපාලනයේ ප්‍රධාන ලේකම්වරයාට විරුද්ධව චෝදනා තියනවා. ඔහු බස්නාහිර පළාතේ ප්‍රධාන ලේකම්වරයා විදිහට ඉන්නකොට ඔහුට තිබුණු චෝදනා සම්බන්ධයෙන් විගණන වාර්තා පවා තියෙනවා. එහෙම චෝදනා තියෙන කෙනක් අමාත්‍යාංශ ලේකම්වරයෙක් විදිහට පත්වෙලා. ඔතන ඉන්න සමහර ලේකම්වරුන්ගේ අදක්ෂතාවන් අපි හොඳට දැකලා තියෙනවා. එහෙම අදක්ෂ අයම තමයි ආයෙත් පත් කරලා තියෙන්නේ. මේක අපිට බරපතළ ප්‍රශ්නයක්. ආණ්ඩුව පැත්තෙන් ඒ පත්කිරීම්වලට හේතු තියෙන්න පුළුවන්. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ආණ්ඩුව මේ අය සම්බන්ධයෙන් තීරණයක් ගනියි කියලා.

ලංකා ගුරු සංගමය කවදාවත් පක්ෂයකට වෙන් වූ වෘත්තීය සමිතියක් නෙවෙයි. අපි ගුරු විදුහල්පති සන්ධානය විදිහට තමයි ලංකා ගුරුසේවා සංගමය සහ අනිත් සංගම් එක්ක එකට එකතුවෙලා මේ ගුරු අරගල කළේ. මේ වෙනකොට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරුවරුන්ගේ උසස්වීම් සම්බන්ධයෙන් බරපතළ ගැටලු තියෙනවා. ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයක් විදිහටත් විශාල ප්‍රශ්න ගැටලු රාශියක් තියෙනවා. මේ ප්‍රශ්න විසඳනවට අමතරව ප්‍රධානම ගැටලුව තියෙන්නේ ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවයේ ඉතිරි තුනෙන් දෙක ලබා දීම. බලයට පත් වුණු රජයේ වගකීම තමයි ඒ ඉල්ලීම ඉටු කිරීම. වත්මන් ආණ්ඩුව පත්වෙලා දවස් කීපයක් වෙන්න පුළුවන්. ඒත් තව මහ මැතිවරණයකුත් නොවැම්බර් මාසේ තියෙනවානේ. එතකොට එයාල කියයි ඡන්දෙ තියලා රට ස්ථාවර වුණාට පස්සේ පොරොන්දු ඉටු කරන්නම් කියලා. එහෙම කියලා කට වහගෙන ඉන්න අපිට නම් බැහැ.

අනුර කුමාර රජයටත් වගකීමක් තියෙනවා අපේ ගැටලු විසඳන්න. රට ස්ථාවර වෙනවත් එක්කම ඊට සමාන්තරව අපේ ගැටලුත් විසඳන්න ඕනේ. එහෙම නැතුව අරක වෙනකම් මේක වෙනකන් කියලා අපිට ඉන්න බැහැ. අපි බලමු එයාලා කොහොමද එයාලගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ කියලා. අපි ඒ දිහා බලාගෙන ඉන්නවා. අපේ ප්‍රශ්නවලට විසඳුම් නොදුන්නොත් අපි ආයෙත් පාරට බහිනවා” ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *