නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද (24)

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද (24)


නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද (24)

(24.09.2024 – 11:28 +0530 – sinhala.adaderana.lk)

නව කැබිනට් මණ්ඩලය අද (24) දිනයේ දී දිවුරුම් දීමට නියමිත බව ‘ජාතික ජන බලවේගයේ’ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ඔවුන් ජනපතිවරයා සමග සාකච්ඡා කරන බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ‘ආචාර්ය හරිනි අමරසූරිය’ මහත්මිය අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

එමෙන්ම නව රජයේ අමාත්‍ය මණ්ඩලයද අද (24) දිවුරුම් දීමට අතර නව අමාත්‍ය මණ්ඩලය යටතට අමාත්‍යාංශ 15 ක් ගැසට් කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව නව අමාත්‍යාංශ සඳහා අමාත්‍යාංශ ලේකම්වරු 15 දෙනෙකුද පත්කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස තේරීපත් වීමත් සමඟ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ මීළඟට වැඩිම ඡන්ද ලබාගත් ‘ලක්ෂ්මන් නිපුණආරච්චි’ මහතාගේ නම ගැසට්කර තිබේ.

ඒ අනුව ඒ මහතාට මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමකින් තොරව අමාත්‍යවරයකු ලෙස කටයුතු කිරීමට බාධාවක් නොමැති බව පාර්ලිමේන්තු මහලේකම් ‘කුෂානි රෝහණධීර’ මහත්මිය සඳහන් කළාය ෴

+++++++++

අනුරගේ ඇමති මණ්ඩලේ මෙන්න | නාමල් කරුණාරත්න සියල්ලම හෙළිකරයි | සුබ පණිවුඩය ලැබෙන වෙලාවත් නාමල් කියයි (24.09.2024)

+


ලාංකිකයින් දිනකට රු බිලියන 6.5 කින් ණයකරුවන් වන හැටි

(24.09.2024 – 09:31 +0530 – sinhala.adaderana.lk)

පසුගිය මාස 26 ක කාලයේ දී පාලකයින් දේශීය වශයෙන් ලබාගත් ණය ප්‍රමාණය සැලකිමේ දී මෙරට ජනතාව සෑම දිනකම රුපියල් බිලියන 6.5 ක පමණ මුදලකින් ණයකරුවන් කර ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ණය සම්බන්ධයෙන් රට පත්ව ඇත්තේ දැඩි අර්බුදයක බවය.

මේ හේතුවෙන් නව ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාවක් කඩිනමින් සිදුකළ යුතු බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා සඳහන් කළේය.

“සෑම මාසයක් තුළම මේ රටේ ජනතාව රුපියල් බිලියන 196 ක වගේ ප්‍රමාණයකින් ණයකරුවන් බවට පත්කරනවා. සෑම දිනකම ගත්තහම රුපියල් බිලියන 6.5 ක වගේ අපි ණය වෙනවා. මේ වගේ ණය සම්බන්ධව දැඩි අර්බුදකාරී තත්ත්වයක තමයි ලංකාව මේ වෙද්දි පත්වෙලා තියෙන්නේ. ඒත් එක්කම රටේ උද්ධමනය 2021 ට සාපේක්ෂව භාණ්ඩ හා සේවා මිල ගණන් 106% කින් පමණ වැඩිවෙලා. අපේ ආහාර කාණ්ඩයේ භාණ්ඩ හා සේවාවන් හි මිල ගණන් 138% කින් පමණ වැඩිවෙලා. ඒ අනුව ඉතාම ඉහළ මිල තලයක තමා අපි ජීවත් වෙන්නේ. මේ පසුබිම තුළ පවතින ආර්ථික තත්ත්වය ගැන අපිට කිසි‍සේත් සෑහීමකට පත්වෙන්න පුළුවන් කමක් නෑ. බලයට පත්වූ ජනාධිපතිවරයාට සිද්ධ වෙනවා මේ කියන තත්ත්වයන් නිවැරදිව තේරුම් ගෙන යම් ආකාරයකට ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක සමහර විට ඉතාම කෙටි කාලයක් තුළ යම් යම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න ට ඕනේ. ඒ තුළින් ජනතාවට ආර්ථික වශයෙන් නැඟී සිටින්න අවශ්‍ය පසුතලය නිර්මාණය කරන්නට පුළුවන්කම තියෙන්නට ඕනේ.”


දෙනෝ දාහක් බලා සිටියදී මහ දවාලේ කිරිබත්ගොඩ සිදුවුණු මෝටර් රථ පැහැර ගැනීම (24.09.2024)

+


අගමැතිනිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය දිවුරුම් දෙයි

(24.09.2024 – 14:51 +0530 – hirunews.lk/sinhala)

නව ආණ්ඩුවේ අගමැතිනිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ මීට සුලු මොහොතකට පෙර දිවුරුම් දුන්නා.

ඇය ශ්‍රී ලංකා ඉතිහාසයේ අග්‍රමාත්‍ය ධුරයට පත් තුන්වන (3) කාන්තාව ලෙසයි ඉතිහාසයට එක්වුණේ.

මීට පෙර ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ අග්‍රාමාත්‍යවරියන් වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි.

1970 මාර්තු 06 වැනි දින උපත ලැබූ ඇය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවන පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ ජාතික ජන බලවේග ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙසයි.

ඇය එඩින්බරෝ විශ්ව විද්‍යාලයෙන් සමාජ මානව විද්‍යාව පිළිබඳ ව ආචාර්ය උපාධිය සම්පූර්ණ කර තිබෙනවා.

යෞවනයන්, දේශපාලනය, විසම්මුතිය, ක්‍රියාකාරීත්වය, ස්ත්‍රී පුරුෂ භාව, සංවර්ධනය, රාජ්‍ය සමාජ සම්බන්ධතා, ළමා ආරක්ෂාව, ගෝලීය කරණය සහ සංවර්ධනය ආදී විශය පථ ගණනාවක් ඇය අධ්‍යයනය කර තිබෙනවා.

තරුණ විරැකියාව, ලිංගභේද පිළිබඳ අසමානතාවය, ළමා ආරක්ෂණය සහ ශ්‍රී ලංකා අධ්‍යාපන ක්‍රමයේ අකාර්යක්ෂමතාව වැනි දැවෙන ගැටළු පිළිබඳව කරන ලද පර්යේෂණ සඳහා හරිනි ප්‍රසිද්ධත්වයක් උසුලන ඇය ‘නෙස්ට්’ නම් ශ්‍රී ලාංකික දේශීය රාජ්‍ය නොවන සංවිධානයක අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකාවක් ලෙසද කටයුතු කරනු ලැබුවා.

ඇය යෞවනයන්, දේශපාලනය, විසම්මුතිය, ක්‍රියාකාරීත්වය, ස්ත්‍රී පුරුෂ භාවය, සංවර්ධනය, රාජ්‍ය සමාජ සම්බන්ධතා, ළමා ආරක්ෂාව, ගෝලීයකරණය සහ සංවර්ධනය පිළිබඳ පොත් ප්‍රකාශයට පත් කළ අතර පර්යේෂණද සිදු කරනු ලැබුවා ෴

+

+

අනුර ෂුවර්.. | මට දරුවෝ නැති නිසා කාන්තාවක් හැටියට මම ෆේල් කියලා මට කියලා තියෙනවා | Hari tv (18.06.2024)

+


අනුර කුමාර පිස්සු කෙලින්න හදන්න එපා ! (24.09.2024)

+


ටීච, මට ප්‍රින්සිපල් ගැන රහසක් කියන්න ඕනේ | තණමල්විල සිසුවිය ගැන කියූ චමුදිතගේ වීඩියෝව අයින් කළේ ඇයි (24.09.2024)

+


ජනපති අනුර දිසානායක යටතට පත්වූ අමාත්‍යාංශ

(24.09.2024 – 17:39 +0530 – hirunews.lk/sinhala)

නව කැබිනට් මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

ඒ අනුව ජනාධිපතිතුමා යටතේ පවතින අමාත්‍යාංශ පහතින් දැක්වේ :

  • ආරක්ෂක අමාත්‍යාංශය
  • මුදල් ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති සම්පාදන සැලසුම් සහ සංචාරක අමාත්‍යංශය
  • බලශක්ති අමාත්‍යාංශය
  • කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග ධීවර හා ජල සම්පත් අමාත්‍යාංශය

++++++

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය යටතට පත්වන අමාත්‍යාංශ

(24.09.2024 – 17:37 +0530 – hirunews.lk/sinhala)

නව කැබිනට් මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නා.

එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය යටතට පත්වන අමාත්‍යාංශ පහතින් දැක්වේ :

  • අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය
  • අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය,
  • කාන්තා ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය
  • වෙළඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
  • සෞඛ්‍ය අමාත්‍යාංශය

+++++++

විජිත හේරත් කැබිනට් අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි – ඔහු යටතට පත්වන අමාත්‍යාංශ

(24.09.2024 – 17:35 +0530 – hirunews.lk/sinhala)

නව කැබිනට් මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නා.

අමාත්‍ය විජිත හේරත් යටතට පත්වන අමාත්‍යාංශ පහතින් දැක්වේ :

  • බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්‍ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යංශය,
  • ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය,
  • මහජන ආරක්ෂක අමාත්‍යාංශය,
  • විදේශ කටයුතු අමාත්‍යාංශය
  • පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
  • ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම්

+++++++++

නව අමාත්‍යංශ ලේකම්වරුන් පත්කෙරේ

(24.09.2024 – 18:09 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් සහ අමාත්‍යංශ ලේකම්වරුන් 15 දෙනෙකුට අද (24) පත්වීම් ලිපි භාරදී තිබෙනවා.

ඒ, ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක විසින්.

එම තනතුරු පහතින් දැක්වේ :

  • අග්‍රාමාත්‍ය ලේකම් – ජී.පී. සපුතන්ත්‍රී
  • අමාත්‍ය මණ්ඩලයේ ලේකම් – ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු
  • ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ ලේකම් – කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර
  • මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාද, සැලසුම් සහ සංචාරක අමාත්‍යංශ ලේකම් – කේ.එම්.එම්. සිරිවර්ධන
  • විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් – අරුණි විජේවර්ධන
  • අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යංශ ලේකම් – ජේ.එම්.ටී. ජයසුන්දර
  • කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් – කේ. මහේසන්
  • වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපාකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශ ලේකම් – එම්.එම්. නයිමුදීන්
  • ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශ ලේකම් – ඒ.එම්.පී.එම්.බී. අතපත්තු
  • සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් – පාලිත ගුණරත්න මහීපාල
  • අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශ ලේකම් – ඩබ්ලිව්.පී.පී. යසරත්න
  • පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශ ලේකම් – බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති
  • කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශ ලේකම් – එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ
  • ආරක්ෂක අමාත්‍යංශ ලේකම් – එච්.එස්.එස්. තුයියකොන්තා
  • මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් – ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න
  • බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ අරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් – රංජිත් ආරියරත්න
  • බලශක්ති අමාත්‍යංශයේ ලේකම් – මහාචාර්ය කේ.ටී.එම්. උදයංග හේමපාල

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *