2024 ජනාධිපතිවරණ ඡන්ද වීමසීම අවසන්

2024 ජනාධිපතිවරණ ඡන්ද වීමසීම අවසන්


2024 ජනාධිපතිවරණ ඡන්ද වීමසීම අවසන්

(21.09.2024 – 16:00 +0530 – hirunews.lk/sinhala)

2024 ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7 ට ආරම්භ වී පස්වරු 4 ට ඡන්ද විමසීම නිල වශයෙන් අවසන් වුණා.

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ලියාපදිංචි ඡන්ද දායකයින් 17,140,354 ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබෙන අතර ඔවුන් වෙනුවෙන් දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 ක් ස්ථාපිත කර තිබුණා.

ජනාධිපති අපේක්ෂකයින් 38 දෙනෙකු ඉදිරිපත් විය.

මෙවර ජනාධිපතිවරණය තුළ කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැති බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කර සිටියා.

අද (21) පස්වරු 4 ට අවසන් වු ඡන්ද වීමසීම ඡන්ද ගණන් කරන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට මේ වන විට සියළු කටයුතු සුදානම් ෴

++++++++++

ඡන්ද ප්‍රතිඵල මධ්‍යම රාත්‍රී 12 ට පෙර

(21.09.2024 – 14:29 +0530 – sinhala.adaderana.lk)

අද (21) ආරම්භ වූ ජනාධිපතිවරණයේ ප්‍රදේශ මට්ටමින් ඡන්ද ප්‍රතිඵල මධ්‍යම රාත්‍රී 12 ට පෙර නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා පවසා සිටියේ, දිවයිනේ සියලුම ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ඡන්දය ගණන්කිරීමේ කටයුතු පස්වරු 8 ත් 9 ත් අතර කාලයේදී ආරම්භ කිරීමට හැකිවනු ඇති බවය.

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේ, දිවයිනේ සෑම ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානයකම ගණන්කිරීමේ කටයුතු ආරම්භ වන්නේ එම ප්‍රදේශයට අයත් සෑම ඡන්ද මධ්‍යස්ථානයකම ඡන්ද පෙට්ටි ලැබුණු පසුව බවය.

එමෙන්ම මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව 712,318 (හත්ලක්ෂ දොලොස්දාස් තුන්සිය දහ අටක්) බවද මෙහිදී පෙන්වා දුන් සමන් ශ්‍රී රත්නායක මහතා, ඉන් 6,200 ක් හැරෙන්න අනෙක් සියලු දෙනා නිකුත්කළ තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කර තිබූ බව පැවසීය.

දිවයිනේ පිහිටි ගණන්කිරීමේ මධ්‍යස්ථාන 429 ක තැපැල් ඡන්ද ගණනය කිරීම සිදුවෙන බවත්, එම කටයුතු ප.ව. 4 ට ආරම්භ කරන බවද මෙහිදී පැවසීය ෴

++++++++

(21.09.2024 – 16:35 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණයට අදාල නිල ඡන්දා පෙට්ටි මේ වනවිට එම ඡන්ද මධ්‍යස්ථානවල සිට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යමින් තිබෙනවා.

මෙවර දිවයින පුරා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1,274 කදී ඡන්ද ගණනය සිදුකෙරෙන බව මැතිවරණ කොමිසම පවසනවා ෴

+++++++++

+

+

+

+


සඳුදා (23) විශේෂ නිවාඩු දිනයක්

(21.09.2024 – 19:07 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන සඳුදා (23) දින රජයේ විශේෂ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් පාලන අමාත්‍යංශය ඒ බව නිවේදනය කර තිබෙනවා.

එම අමාත්‍යංශය වෙනුවෙන් අදාළ නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත්තේ එම අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න විසින් ෴


අද (21) රාත්‍රී 10 සිට ඇඳිරිනීතිය පැනවෙයි

(21.09.2024 – 21:36 +0530 – sinhala.adaderana.lk)

අද (21) රාත්‍රී 10 සිට හෙට (22) අලුයම 6 වන තෙක් ඇඳිරිනීතිය පනවා තිබේ.

ජනාධිපතිවරයා විසින් එම තීරණය ගෙන ඇත ෴

+

ඇඳිරි නීතිය අද (22) දහවල් 12 දක්වා දීර්ඝ කෙරේ

(22.09.2024 – 06:27 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (21) රාත්‍රී 10:00 ට මුළු දිවයිනටම පැනවූ ඇඳිරි නීතිය අද (22) දහවල් 12:00 දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඊයේ (21) රාත්‍රියේ පැනවූ ඇඳිරි නීතිය අද (22) පෙරවරු 06:00 ට අවසන් වීමට තිබූ අතර, එය අද (22) දහවල් 12:00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සඳහන් කළේ ෴


“කිසිම අපේක්ෂකයෙකුට පරම බහුතරයක් නෑ” – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති

(22.09.2024 – 13:28 +0530 – hirunews.lk/sinhala)

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ගණනයේ දී පලමු (1) වටයෙන් කිසිදු අපේක්ෂකයෙකුට සියයට 50 ක පරම බහුතරයක් ලබා ගැනීමට නොහැකි වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්. රත්නායක නිල වශයෙන් නිවේදනය කරයි.

ඒ අනුව අදාළ ඡන්ද වීමසීමේ දෙවන (2) වර ඡන්දය ගණනය කිරීම ආරම්භ කරන බවයි ඔහු කියා සිටියේ.

මෙහිදී අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස යන අය හැර අනෙක් අය ජනාධිපතිවරණ තරඟයෙන් ඉවත් කර ඇති බව ඔහු පවසා සිටියා.

ඒ අනුව අදාළ දෙවන (2) මනාපය ගණන් කිරීම ආරම්භ කිරීම සඳහා සියළුම තේරීම් භාර නිලධාරින් වෙත දැනුම් දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්. රත්නායක වැඩිදුරටත් කියා සිටියා.

++++++++++

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පැට්ට්‍රික් රත්නායක සමග විශේෂ සජීවී සාකච්ඡාවක් (22.09.2024)

+


වැඩි ඡන්ද ලක්‍ෂ 13 යි.. දෙවැනි (2) මනාපය කුමක් වුවත් ජනපති අනුරයි.. – ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

(22.09.2024 – 14:34 +0530 – lankacnews.com)

දැනට මුල් වටයේ ඡන්ද ගණන් කිරීම් අනුව අනුර දිසානායක මහතා ඉහළින්ම ජයග්‍රහණය කර ඇතැයි ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

මුල් වටයේ ගණන් කිරීම් අනුව ලක්‍ෂ දහතුනක (13) වැඩි ඡන්ද ප්‍රමාණයක් අනුර දිසානායක මහතා ලබාගෙන ඇති බවද හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් කිසිදු අපේක්ෂකයෙකු සියයට පනහක (50%) ප්‍රමාණය ලබාගෙන නොමැති නිසා දෙවන (2) තුන්වන (3) මනාප ගණන් කිරීමද මැතිවරණ පනතට අනුව කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව දෙවන (2) තුන්වන (3) මනා ගණන් කිරීමද අවසන් වන තුරු අවසන් ප්‍රතිඵලය නිකුත් නොකිරීමට මැතිවරණ කොමිසමක් බැඳී සිටින බවද හෙතෙම කියා සිටියේය.

දෙවෙනි (2) මනාපයේ ප්‍රතිඵලය කුමක් වුවද අනුර දිසානායක මහතාගේ ජයග්‍රහණයට එය කිසිදු බාධාවක් නොවන බවද පැවසූ ඔහු කිසිඳු අක්‍රමිකතාවයක් සිදු නොවන බවත් මැතිවරණ නීතිය අනුව කටයුතු කරමින් සිටින බවත් හෙතෙම තවදුරටත් කියා සිටි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *