ශිෂ්‍යත්ව විභාගය ලියන සිසුන්ට විශේෂ නිවේදනයක්

ශිෂ්‍යත්ව විභාගය ලියන සිසුන්ට විශේෂ නිවේදනයක්


ශිෂ්‍යත්ව විභාගය ලියන සිසුන්ට විශේෂ නිවේදනයක්

(14.09.2024 – 08:01 +0530 – hirunews.lk/sinhala)

2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (15 දා) පෙරවරු 09:30 සිට දහවල් 12:15 දක්වා පැවැත්වෙනවා.

මෙවර පහ ශ්‍රේණිය විභාගය සඳහා අයැදුම්කරුවන් තුන් ලක්ෂ විස්තුන් දහස් අටසිය හැත්තෑ නවදෙනකු (3,23,879) පෙනී සිටීමට නියමිත අතර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2849 කදී විභාගය පැවැත්වීමට නියමිතයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කරන්නේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන හෙට (15) දිනයේ විභාග මධ්‍යස්ථාන අවට ශබ්ද විකාශන යන්ත්‍ර යොදා මැතිවරණ ප්‍රචාරක කටයුතු නොපවත්වන ලෙසයි.

එමෙන්ම විභාගය සඳහා පෑන් භාවිත කරන්නේ නම් ඒ සඳහා කළු හෝ නිල් පෑනක් පමණක් භාවිත කරන ලෙසත් වෙනත් වර්ණ පාවිච්චි නොකරන ලෙසත් ඔහු දැනුම් දී තිබෙනවා.

එහිදී අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල් සඳහන් කළේ දරුවන් පැන්සල භාවිත කරන්නේ නම් ඒ සඳහා කිසිඳු බාධාවක් නොමැති අතර පැන්සලෙන් ලියන දරුවන්ට පැන්සල් කීපයක් රැගෙන එන ලෙසයි.

එමෙන්ම විභාග මධ්‍යස්ථානයට මකන කෑල්ලක්, අඩි කෝදුවක් සහ වතුර බෝතලයක් රැගෙන යාමට අවසර හිමිවෙනවා.

ස්මාර්ට් වර්ගයේ අත්ඔරලෝසු සහ ෆයිල් කවර විභාග මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට අවසර නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා ෴


NPP පිටිපස්සෙ ඉන්නේ ක්‍රිස්තියානි පල්ලියද? (14.09.2024)

+

අනාගමික රාජ්‍යයකට පාර කපන සමාජවාදය (14.09.2024)

+

13.09.2024

+


ආන්ටි මේ මගේ ගර්ල් ෆෙර්න්ඩ් | රටක් කැළඹූ තණමල්විල සිසුවියගේ සිද්ධියට කූඩුකළ කාන්තාව කවුද? මොනවද කළේ? (14.09.2024)

+


හදිසියේ ප්‍රෙග්නන්ට් වෙච්ච උන්ට දරාගන්න බෑ | බුද්ධිකව හිත ඉල්ලන තරු වලින් අයින් කරලා? | රටම නොදන්න ඇත්ත (14.09.2024)

+


‘හොරිවිල වෙද මැදුර’ හදන්න උතුරුමැද පළාත් කාර්යාලයෙන් රුපියල් ලක්ෂ 51 ක් දීලා

(14.09.2024 – lankadeepa.lk)

රජයේ නියාමනයට යටත් නොවන කිසිදු සහන ගාස්තු ක්‍රමයක් නොමැතිව ක්‍රියාත්මක වන ‘හොරිවිල වෙද ගෙදර’ වාට්ටු සංකිර්ණයක් ඉදිකිරිම සදහා උතුරු මැද පළාත් සභාව මගින් රුපියල් 5,193,756 මුදලක් වැය කොට ඇතැයි ‘ජාතික විගණන කාර්යාලය’ මගින් මෙම වසරේ (2024) නිකුත් කළ විගණක වාර්තාවකින් හෙළිදරව් කොට තිබේ.

‘මුදල් කොමිෂන් සභාවේ’ ප්‍රතිපත්තිමය එකඟතාවයට පටහැනිව ‘ප්‍රමුඛ සංවර්ධන අවශ්‍යතා සහිත විශේෂ සංවර්ධන ව්‍යාපාතිය’ යටතේ මෙම ඉදිකිරිම් සිදුකොට තිබෙන බවද එම වාර්තාවේ සදහන්ය.

‘හොරිවිල වෙද මැදුරේ’ හිමිකරුවන් විසින් පළාත් ආණ්ඩුකාරවරයා ගෙන් සිදුකළ ඉල්ලිමකට මෙම ඉදිකිරිම් පසුගිය 2023 වසරේ සිදුකොට ඇති බව මේ සම්බන්ධයෙන් සිදුකළ විමසුමේදි පළාත් සභාවේ උසස් නිලධාරියෙක් පැවසිය.

මේ සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් ගෙන් දුරකථනයෙන් සිදුකළ විමසුමේදි ආණ්ඩුකාරයා කියා සිටියේ මේ මොහොතේ ඒ සම්බන්ධයෙන් කිසිවක් මතක නැති බවයි ෴


මිනුවන්ගොඩ රූපලාවන්‍යාගාරයේ සේවිකාවක් රිමාන්ඩ්

(13.09.2024 – lankadeepa.lk)

මිනුවන්ගොඩ නගරයේ පිහිටි රූපලාවණ්‍යාගාරයකදී කාන්තාවකගේ හිස කෙස් සකස් කිරීම සඳහා ගල්වන ලද ආලේපනයක් හේතුවෙන් එම කාන්තාවගේ හිස කෙස් ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හා පොලිසිය මගහැර සිටි රූපලාවණ්‍යාගාරයේ සේවිකායක ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ලලනී එම්. බුලත්සිංහල මහත්මිය නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් එක් සේවිකාවක පොලිසිය බාර වීමෙන් පසු අද දින අධිකරණයට ඉදිරිපත් කළ පසු එසේ රිමාන්ඩ් බාරයට පත්කරනු ලැබුවාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මිනුවන්ගොඩ පදිංචි සඳුනි හංසිකා පියුමාලි (22) නමැති එම රූපලාවන්‍ය ආයතනයේ සේවය කළ සේවිකාවක්ය.

එම රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය සහ සේවිකාවක තවමත් සැඟව සිටින බැවින් ඔවුන් හට විදේශගතවීම තහනම් කරන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔවුන් දෙදෙනාගේ දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් එහිදී ඉල්ලා සිටියේය .

ඒ අනුව එම කරුණු සැලකිල්ලට ගත් වැඩ බලන මහේස්ත්‍රාත්වරිය රූපලාවන්‍යාගාරයේ හිමිකාරියට සහ අනෙක් සේවිකාවට විදේශ ගතවීම තහනම් කරමින් නියෝග නිකුත් කළ අතර ඊට අමතරව ඔවුන්ගේ දෙදෙනාගේ දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමට හා ඡායාරූප ජන මාධ්‍ය ඔස්සේ පළ කරන ලෙසට පොලිසියට නියෝග කෙරිණ .

මෙම අවස්ථාවේදී අගතියට පත් පැමිණිලිකාර කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වන රංජිත් දිසානායක සහ අෂාන් ලක්මාල් මහත්වරුන් මෙම රූපලාවණ්‍යාගාරය තුළ දී පැමිණිලිකාර කාන්තාවගේ හිස කෙස් සැකසීම සඳහා ගල්වන ලද ආලේපන සහ අනෙකුත් ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර වාර්තාවක් කැඳවන ලෙස නියෝගයක් ලබා දෙන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියේය ෴


දැන්වීම් බලා ෆෝන් හොරකමේ ගිය අයෙක් රිමාන්ඩ්

(13.09.2024 – lankadeepa.lk)

රුපියල් ලක්ෂ ගණන් වටිනා ජංගම දුරකථන විකිණීමට අන්තර්ජාලය දැන්වීම් කළ කරන පුද්ගලයින් රවටා එම භාණ්ඩ මංකොල්ලකන ජාවාරම්කරුවෙකු ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (13) නියෝග කළේය .

වසර අටක් (8) තිස්සේ මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති සැකකරු ට එරෙහිව නඩු හතක් (7) සහ වරෙන්තු හතරක් (4) පවතින බවත්, පැමිණිලිකාර පුද්ගලයෙකුගෙන් පොලිසිය තුළදීම පහර කෑමට ලක්ව ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවටත්, පිටකොටුව පොලිසිය බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

පොලිසිය තුළදී සැකකරුට පහර දුන් පැමිණිලිකාර පුද්ගලයාද අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු ඇප මත මුදා හරින ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සැකකරු 2015 වසරේ සිට මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවත්, පොලිසියට කට්ටි පමණින් සිටි පුද්ගලයෙකු බවත් පිටකොටුව පොලිසියේ උප පොලිස් පරීක්ෂක ජයසංක මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

උප පොලිස් පරීක්ෂකවරයා කරුණු දක්වමින්,

අන්තර්ජාලයේ, මුහුණු පොත සහ යු ටියුබ් හරහා දුරකථන සහ කැමරා උපාංග විකිණීමට දැන්වීම් පළ කරන පුද්ගලයින්ට කතාකර එම භාණ්ඩ මිලදී ගැනීමට භාණ්ඩය රැගෙන කොළඹට පැමිණෙන ලෙස දන්වා ඇති සැකකරු, ටයිකෝට් ඇඳි ව්‍යාපාරිකයෙකු ලෙස පෙනී සිටිමින් එම භාණ්ඩය අතට ගත් පසු පිටකොටුව වෙළඳසැල් හරහා අතුරුදහන් වන පුද්ගලයෙකු බවත්, සැකකරුට එරෙහිව 2015 වසරේ සිට පැමිණිලි ලැබී ඇති හෙයින් ඔහු පිළිබඳ තොරතුරක් වෙතොත් දැනුම් දෙන ලෙසට පිටකොටුවේ සියලු වෙළඳ සැල් හිමියන්ට දැනුම් දී තිබූ බවත් කරුණු ඉදිරිපත් කළේය.

අවිස්සාවේල්ල කොස්ගම ප්‍රදේශයේ තරුණයෙකු මෙසේ ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක් විකිණීමට සැකකරු හා කතා කිරීමෙන් පසුව කොළඹ පැමිණ ජාවාරම්කාර මෙම සැකකරුට හසුවී ඇති බවත්, සැකකරු පිළිබඳව පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේ සැකකරුව රැගෙන වෙළඳසැල් හිමියකු පොලිසියට පැමිණි බවද, එම අවස්ථාවේ කෝපාවිෂ්ට වූ පැමිණිලිකරු පැමිණිලි සටහන් කිරීම පසෙක තබා සැකකරු හඳුනාගෙන පහර දෙන්නට වූ බවත් පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පිටකොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සිලොගම මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අලාකෝන් මහතා ගෙ මෙහෙයවීමෙන් විමර්ශන සිදු කරන බව ද සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටත්, පැමිණිලිකාර සැකකරුට ඇප ලබා දෙන ලෙසටත් නියෝග කළේය.

විමර්ශන ප්‍රගතිය ලබන විසි හත්වැනි දින (27) අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය ෴


මෝටර් රථ අමතර කොටස් ගෙන්වීමේ තහනම ඉවතට

(13.09.2024 – divaina.lk)

දැනට තාවකාලිකව අත්හිටුවා ඇති මෝටර් රථ අමතර කොටස් ගෙන්වීමේ තහනම ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. ඒ අනුව ඔක්තෝබර් මස 01 වැනිදා සිට එම තහනම ඉවත් වන බව ද පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය දිගු කිරීමේ පහසුකම් මත සහ මුදල් අමාත්‍යංශයේ එකඟතාවය යටතේ මෙම තීරණය ගෙන ඇතැයිද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි ෴


අනුර – සජිත් – රනිල් මේ තුනම නටන්නේ එකම නැටුම (14.09.2024)

+


‘සෝයා මීට්’ ගැන ඔබ මෙතෙක් නොඇසූ අමිහිරි කතාව මෙන්න! (15.09.2024)

+


හොරුන්ගෙන් කප්පම් ගන්න ‘නියම හොරු’ සහ අරුම පුදුම ‘මාධ්‍ය නිදහස’ | විමල් නිදසුන් සහිතවම පෙන්වයි ! (13.09.2024)

+

ගෙවල් ඇතුලේ ඇත්ත මතය 21 දා එළියට ඇවිත් ‘තරුව’ පායද්දි කෘතිම ජනමතයක් පෙන්වපු අයට ‘තරු පේන්න ගන්නවා’! (15.09.2024)

+

අද දෙරණ 360 | සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර | 16.09.2024

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *