රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇප මත මුදා හරියි

රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇප මත මුදා හරියි


රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇප මත මුදා හරියි

(11.09.2024 – 17:12 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙනැවිත් රජයේ රෝහල්වලට බෙදාහැරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇප මත මුදා හැරීමට මලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කර තිබෙනවා.

දැනට රක්ෂිත බන්ධනාගාරගත ව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර කිරිමට නොහැකි නම් අධිකරණ නිරික්ෂනය යටතේ කොළඹ ජාතික රෝහලට හෝ මානසික රෝහල යවා ඔහුගේ රෝගී තත්ත්වයටන්ට අදාලව මානසික ප්‍රතිකාර සහ හෘද රෝගි ප්‍රතිකාර ලබා දිමට කටයුතු කර ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මලිගාකන්ද අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලිම ප්‍රතික්ෂේප කරමින් හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගේ රෝගී තත්ත්වය සැලසැලකිල්ලට ගෙන ඇප ලබා දෙන බවයි මහේස්ත්‍රාත් වරිය සඳහන් කළේ.

ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර එන්නත් ආනයනය කර රජයේ රෝහල්වලට බේදා හැරිම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුවේ දැනට රිමාන්ඩ් භාරයේ පසුවන පලමුවැනි සැකකරු වන බාල ඖෂධ සැපයු සමාගමේ හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු නැමැත්තාට සහ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට තවදුරටත් ඇප ලබා දීම සම්බන්ධයෙන් විරෝධතාව දක්වන බවත් 7 වන සහ 12 වන සැකකරුවන් වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රත්නකුමාර හේරත්ට සහ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර යන අයට ඇප ලබා දීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බවත් නීතිපතිවරයා මලිගාකන්ද අධිකරණයට දන්වා තිබෙනවා.

7 වන සහ 12 වන සැකකරුවන් සම්බන්ධයෙන් වෛද්‍ය මණ්ඩල වාර්තා ඊයේ (10) අධිකරණයට ඉදිරිපත් කරමින් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඒ බව දන්වා තිබෙනවා.

ඉහත සැකකරුවන් දෙදෙනා සිය දිවිනසා ගැනීමේ උග්‍ර තත්ත්වයකට හා දරුණු මානසික රෝගි තත්ත්වයකට මුහුණු දී ඇති අතර දැඩි හෘද රෝගි තත්ත්වයකට මුහුණ පා ඇති බව සඳහන් කරමින් වෛද්‍ය මණ්ඩලය විසින් අනුමත කළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය නඩු විභායේදී අංගොඩ මානසික රෝග විද්‍යාතනය වෙත යවනු ලැබු සුදත් ජානක නැමැත්තා ඊයේ (10) නඩුව කැඳවු අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් නොකෙරුනු අතර සෙසු සැකකරුවන් තිදෙනා (3) බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළා.

එමෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නිතිඥ අනුජ ප්‍රේමරත්න සඳහන් කළේ සිය සේවාදායකයා සියදිවි නසා ගැනීමේ ප්‍රවනතාවයක් හා පසුකම්පන තත්ත්වයක් ඇති බවත් එවැනි සියදිවි නසා ගැනීමට තැත් කරන රෝගියෙකු බලා ගැනීමට බන්ධනාගාර රෝහලේ පහසුකම් නැති බවයි.

එමෙන්ම පුර්ණ අබාධිත තත්ත්වයට පත් විය හැකි බවත් එම තත්ත්වය රජයේ රෝහලක සුව කිරිමට නොහැකි බවත් එසේ පුර්ණ ආබාධිත තත්ත්වයට පත් වුවහොත් ඇප ලබා දුන්නත් වැඩක් නොවන බවද ජනාධිපති නිතිඥවරයා පෙන්වා දී තිබෙනවා.

එබැවින් සුදුසු ඕනැම කොන්දේසියක් මත ඇප ලබාදෙන ලෙසයි ඉල්ලා ඇත්තේ.

ඊට විරුද්ධත්වය පෑ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නේ 2019 වසරේ දී ලබා ගත් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර ඇති බවත් එවා වසර පහක් (5) පැරණි එවා බවත්ය.

එමෙන්ම 8 වන සැකකරු එසේ ඉදිරිපත් කර ඇත්තේ ඉදිරි වසර දහයකදි (10) ඇති විය හැකි රෝග වාර්තාවක් බවත් වර්තමාන තත්ත්වය තුලදි එම රෝග වලින් නොපෙලෙන බවයි.

තවද වර්තමාන රෝගි තත්ත්වය වෛද්‍ය මණ්ඩලය වෙත පෙන්වා දිමට සැකකරු අසමත් වී ඇති බවයි.

මේ තත්ත්වය මත අධිකරණයට ඇප ලබා දීමට බලයක් නැති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දී තිබෙනවා.

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර කිරිමට නොහැකි නම් අධිකරණ නිරික්ෂනය යටතේ කොළඹ ජාතික රෝහලට හෝ මානසික රෝහල යවා එම මානසික ප්‍රතිකාර සහ හෘද රෝගි ප්‍රතිකාර ලබා දිමට කටයුතු කර ලෙස ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලු මලිගාකන්ද මහේස්ත්‍රාත් වරිය නඩුවේ 7 වන සැකකරු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ රත්නකුමාර හේරත් සහ 12 වන සැකකරු වන ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර යන අය රුපියල් ලක්ෂ එකක (1) මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පනහක (50) ශරිර ඇප මත මුදා හැරිමට නියෝග කර තිබෙනවා.

එමෙන්ම පලමුවැනි (1) සැකකරු සම්බන්ධයෙන් දින 14 න් 14 ට රෝග වාර්තා ඉදිරිපත් කරන ලෙස අංගොඩ මානසික රෝහලට නියෝග කළ අතර නඩු විභාගයට මුහුණදිම සඳහා සුදුසු තත්ත්වයට සුව වු පසු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.

අවුරුදු 71 ජ්‍යෙෂ්ඨ පුරවැසියකු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සැලකිය යුතු රෝගවලින් පිඩා විදින බව අධිකරණයට නිරික්ෂනය වන බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් සඳහන් කළේ දැනට මාස 07 කට අධික කාලයක් බන්ධනාගාර ගතව සිටිම බැහැර කළ නොහැකි බවයි.

එමෙන්ම අට වන (8) සැකකරුගේ රෝගි තත්ත්වය ක්‍රමානුකූලව උත්සන්න වන බවද නිරික්ෂනය වන බව මහේස්ත්‍රාත් වරිය සඳහන් කළා.

එබැවින් දැඩි මානසික ආතතියකට ලක්ව ඇති බවත් දරුණු මානසික රෝගි තත්ත්වයකට මුහුන පා ඇති බැවින් එය සුවිශේෂී කරුණක් ලෙස පිලිගන්නා අතර ඔහු ඇප මත මුදා හැරිමටයි නියෝග කර ඇත්තේ.

ඒ අනුව රුපියල් ලක්ෂ එකක (1) මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 ක මුදල් ඇප මත මුදා හැර තිබෙනවා.

බාල ඖෂධ ගෙන්වූ බව කියන අයු­සු­ලේට් බයො­ටෙක් ෆර්මා සමා­ගමේ හිමි­කරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැප­යුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍ර­ම­නා­යක, වෛද්‍ය සැප­යුම් අංශයේ සහ­කාර අධ්‍යක්ෂ ශාන්තිනී සොල­මන්, ගණ­කා­ධි­කාරී (සැප­යුම්) නෙරාන් ධනං­ජය, සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍ර­ගුප්ත, වෛද්‍ය සැප­යුම් ඒක­කයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් වෛද්‍ය හේරත් මුදි­ය­න්සේ­ලාගේ ධර්ම­සිරි රත්න­කු­මාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙ­ළිය රඹු­ක්වැල්ල, සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ හිටපු අති­රේක ලේකම් සමන් රත්නා­යක, වෛද්‍ය සැප­යුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර‍ඹේ­ගෙ­දර තුසිත සුද­ර්ශන‍්, ඖෂධ නියා­මන අධි­කා­රියේ හිටපු ප්‍රධාන විධා­යක නිල­ධාරී විජිත් රණ­සිංහ ගුණ­සේ­කර යන සැක­ක­රු­වන් මෙම නඩුවේ සැක­ක­රුවන් වනවා.

මෙහි සිව්වැනි (4) සැක­කාර හිරාන් ධන­ජංය, පස්වැනි (5) සැක­කාර සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ තොග පාලක සුජිත් කුමාර සහ වෛද්‍ය සැප­යුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර‍ඹේ­ගෙ­දර තුසිත සුද­ර්ශන, ජානක චන්ද්‍රගුප්ත, සමන් රත්නායක, කපිල වික්‍රමනායක , දේවශාන්තිනි සොලමන්ස් යන හත්දෙනා (7) පම­ණක් මේ වන විට ඇප මත සිටින අතර, වෛද්‍ය ජය­නාත් බුත්පි­ටිය යන අය මෙම නඩුවේ 09 වැනි සැක­කරු ලෙස නම් කර තිබෙනවා.

එම සැක­කරු මේ වන විට විදෙ­ස්ගත සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට ජාත්‍යන්තර පොලිසිය වෙත ‘රතු නිවේදන’ යවා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සැකකරුවන් 12 දෙනා ගෙන් දස දෙනෙකු (10) ඇපමත මුදා හැර තිබේ.

එක් (1) සැකකරුවකු විදෙස්ගතව සිටින බැවින් තවමත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පලමුවන (1) සැකකරු සුදත් ජානක ප්‍රනාන්දු නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරිමේ නියෝගයට යටත්ව තවමත් බන්ධනාගාරගතව සිටිනවා.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමයක් යටතේ මෙරටට ගෙන්වු ඖෂධ නිසා ජිවිත අවදානම් තත්ත්වයට පත්වු කිරිම සහ රජය කෝටි ගණනක පාඩුවක් කිරිම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලා ‘අල්ලස දුෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර සහ ‘සිවිල් සංවිධාන එකමුතුව’ කළ පැමිණිල්ලලකට අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනය කර මෙම නඩුව පවරනු ලැබුවා.

+


රටේ අන්තිම පණ නල ටිකත් නැති කරන්න කැසකවන තුන් බෑ ජටිලයන්ගේ කුමන්ත්‍රණය සුමන්තිරන්ගෙන් එළියට පනියි ! (12.09.2024)

+

“කොල්ලා තියපු බූට් එකට උත්තරේ රස්තියාදුකාරයෙක්ව සෙට් කරගන්න එකද?” විමල් තේරෙන සිංහලෙන්ම අසයි ! (12.09.2024)

+


‘දේශප්‍රේමී සමුළුව’ට පොලු මුගුරුවලින් පහර දෙති.. පහර දුන්නේ ‘මාලිමාවෙන්’ ලු..

(12.09.2024 – 22:22 +0530 – lankacnews.com)

කොළඹ මහජන පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවැති සම්මන්ත්‍රණයකට පොලු මුගුරු රැගත් පිරිසක් පැමිණ ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණේ ‘දේශප්‍රේමී ජාතික පෙරමුණ’ විසිනි.

ප්‍රහාරය එල්ල කරන ලද්දේ ‘ජාතික ජන බලවේගයේ’ පිරිසක් විසින් බවට ‘දේශප්‍රේමී ජාතික පෙරමුණ’ චෝදනා කරයි.

අදාළ සම්මන්ත්‍රණය පැවැතෙමින් තිබියදී පිරිස පැමිණි ඊට එරෙහිව අදහස් පළ කිරීමත් සමඟ උණුසුම්කාරී තත්ත්වය හටගත්තේය.

අනතුරුව පොලු මුගුරවලින් පහරදීමක්ද එහිදී සිදුව තිබේ.

+


ඡන්දෙ දාන්න වලංගු හැඳුනුම්පතක් රැගෙන යන්න…

(13.09.2024 – 02:09 +0530 – lankacnews.com)

ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද පොළට යාමේදී වලංගු හැඳුනුම්පත් රැගෙන යාම අත්‍යාවශ්‍ය බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

ඒ අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත්කර ඇති ජාතික හැඳුනුම්පත, වලංගු විදේශීය ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය රැගෙන යාමට හැකිය.

ඊට අමතරව රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැදුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන පූජ්‍ය පූජක හැදුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ද මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට වලංගු බව කොමසාරිස් ජෙනරාල්වරයා පැවසීය.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත, ආබාධිත තැනැත්තන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත ද ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු බව පැවසීය.

අපැහැදිලි හැඳුනුම්පත්, අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය ආයතන, නිකුත් කර ඇති හැඳුනුම්පත්, ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට ඉල්ලුම් කිරීමේදී ලබා දෙන කුවිතාන්සිය ඇතුළු කිසිදු ලියකියවිල්ලක් පිළි නොගන්නා බව පැවසීය.

මේ ඡන්ද පොළට යාමේදී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා රැගෙන යාම ඉතා වැදගත් වෙයි.

එය ඡන්ද පොල නිලධාරීන්ට පහසුවක් බව කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසීය ෴

++++++++

+++++++++++

+


ජීවිත අවදානමේ දමා ඡන්දෙට කලින් විවෘත කරන්න යන දුම්රිය මග

(12.09.2024 – 22:08 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර සිට මහව දක්වා දුම්රිය මාර්ග නවිකරණ ව්‍යාපෘතිය නිසි පරිදි අවසන් නොකර විවෘත කිරීමේ සැලසුමක් ඇති බවට ‘ලෝකොමොටිව් ඔපරේටිං ඉන්ජිනේරු සංගමය’ මැතිවරණ කොමිසමට ලිපියක් යොමුකරමින් දැනුම් දී තිබෙනවා.

එම දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය යථාවත් කර නොමැති බැවින් දුම්රිය මාර්ගයේ දැඩි අනාරක්ෂිත තත්ත්වයක් පවතින බවයි එම සංගමය පෙන්වා දෙන්නේ .

අනුරාධපුර සිට මහව දක්වා දිවෙන මෙම දුම්රිය මාර්ග කොටස පැයට කිලෝ මීටර් 100 ක වේගයකින් දුම්රිය ධාවනය කළ හැකි වන පරිදි නවීකරණය කිරීම ආරම්භ වන්නේ 2019 වසරේදී ඇරැඹි උතුරු දුම්රිය මාර්ග නවීකරණ ව්‍යාපෘතිය යටතේයි.

ඉන්දියානු ඉර්කෝන් (IRCON) සමාගම හා ප්‍රවාහන අමාත්‍යංශය මෙම ව්‍යාපෘතිය සඳහා ගිවිසුම්ගත වූ අතර ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත වියදම අමෙරිකානු ඩොලර් මිලියන 91.27 ක්.

අදියර හතරක් (4) යටතේ ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතියේ අනුරාධපුර සිට මහව දක්වා වූ කිලෝ මීටර් 65 ක කොටස පසුගිය ජුනි 07 දා අවසන් කිරීමට නියමිත තිබුණත් මේ වනතෙක් එහි වැඩ අවසන් කිරීමට බලධාරීන් අපොහොසත් වී තිබෙනවා.

උතුරු දුම්රිය මාර්ගය මේ වන විට මාස 08 කට අසන්න කාලයක් වසා දමා ඇත්තේ ද ඒ හේතුවෙන්.

එවැනි පසුබිමක් තුළ එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් එය ලහි ලහියේ විවෘත කිරීමේ උත්සාහයක් පවතින බව දුම්රිය වෘත්තිය සමිති පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් අදාළ නවීකරණ කටයුතු මෙතෙක් සම්පූර්ණ වී නොමැති බවයි ඔවුන් පවසන්නේ.

‘ලෝකොමොටිව් ඔපරේටිං ඉන්ජිනේරු සංගමය’ මැතිවරණ කොමිසම වෙත ලිඛිතව දන්වා ඇත්තේ මැතිවරණය ඉලක්ක කරගනිමින්, දැඩි අනාරක්ෂිත තත්ත්වයක් යටතේ මෙම ව්‍යාපෘතිය විවෘත කිරීම වහා අත්හිටුවන ලෙසයි.

මේ අතර අනුරාධපුර – මහව දුම්රිය මාර්ග නවීකරණ ව්‍යෘපෘතියට සමගාමීව ඉදිකිරීම් ආරම්භ කළ මෙරට පළමු ‘වනජීවි උමං මාර්ගයේ’ වැඩ කටයුතුද තවමත් අවසන් කර නැහැ.

මේ සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති’ අවස්ථා රැසකදීම තොරතුරු වාර්තා කළා.

දුම්රිය වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ එම වනජීවී උමං මාර්ගය ඉදි කිරීමේ සැලසුම්වලද අඩු ලුහුඬුකම් පවතින බවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *