රාජ්‍ය සේවයට දිලිත් කරන්න යන වෙනස

රාජ්‍ය සේවයට දිලිත් කරන්න යන වෙනස


රාජ්‍ය සේවයට දිලිත් කරන්න යන වෙනස

(26.08.2024 – 21:10 +0530 – sinhala.adaderana.lk)

සර්වජන බලය රජයක් යටතේ ව්‍යවසායකත්ව මනසකින් යුත් රාජ්‍ය සේවකයෙකු බිහිකිරීම හරහා මෙරට රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

අනුරාධපුරයේ පැවති ව්‍යවසායක හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

මෙහිදී අදහස් දැක්වූ ව්‍යවසායක දිලිත් ජයවීර මහතා :

“රාජ්‍ය සේවය නඩත්තු කිරීම සඳහා ව්‍යවසායකයින් විසින් නිර්මාණය කළ ධනයෙන් විශාල කොටසක් වැයවෙනවයි කියන එක යථාර්තයක්. අවාසනාවකට වගේ මේ විග්‍රහයේ වරදක් තියෙනවා. ඔවුන් අකාර්යක්ෂම යැයි සහ බරක් යැයි අපට හැඟෙන අවස්ථාවන් තිබෙන්නේ බොහොම විරල අවස්ථාවන්. ත්‍රිවිධ හමුදාව අපට දැනෙන්නේ නැහැ අකාර්යක්ෂමයි කියලා. වෛද්‍ය ක්ෂේත්‍රය ගත්තොත් ඔවුන්ගේ වැටුපට සාපේක්ෂව ඔවුන් ලබාදෙන සේවය මොන පැත්තෙන් ගත්තත් විශාල සේවයක්. ගුරු වෘත්තිය සහ විදුහල්පති සේවයත් එහෙමයි. හොඳට වැඩකරන රාජ්‍ය සේවකයාටත් දෙන්න ඕන ප්‍රසාද දීමනා. මූලික වැටුපට අමතරව. අද රාජ්‍ය සේවකයාගේ වැටුප් වර්ධක, උසස්වීම් ලබාදෙන්නේ සේවා කාලය හා විභාග මතම පමණයි. හොඳට වැඩ කළාට කාටත් උසස්වීම් ලබාදෙන්නේ නැහැ රාජ්‍ය සේවයේ පෞද්ගලික අංශයේ වගේ. ඒ නිසා අපේ යෝජිත වැඩපිළිවෙල තුළ ව්‍යවසායකත්ව මනසකින් යුත් රාජ්‍ය නිලධාරියෙකු බිහිකිරීමට බලාපොරාත්තු වෙනවා.”

+


ක්ලබ් වසන්තගේ සිද්ධිය නොසිතූ අතකට | වසන්තගේ බිරිඳ මැණික්ටත් වැඩ වරදී?? | සයනයිඩ් කරල් පවා ළඟ තිබිලා (26.08.2024)

+


ගිලන් රථ රියදුරාගේ අකටයුත්තෙන් බේරෙන්න වෛද්‍යවරිය ගිලන් රථයෙන් පනී

(27.08.2024 – 07:47 +0530 – hirunews.lk/sinhala)

ගිලන් රථ රියදුරෙක් විසින් ඊයේ (26) රාත්‍රියේදී වවුනියාව මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරියක් බලහත්කාරයෙන් පැහැර ගෙන යාමට උත්සහ කළ අවස්ථාවේදී ඇය ගිලන් රථයෙන් බිමට පැනීම නිසා තුවාල ලබා තිබෙනවා.

මෙම වෛද්‍යවරිය වවුනියාවේ පම්පමඩුව ප්‍රදේශයේ නේවාසිකව සිටින වෛද්‍යවරියක්.

ඇය සේවය සදහා වවුනියාව මහ රෝහලට පැමිණීමට සූදානම් වූ අවස්ථාවේදී වවුනියාව මහ රෝහලේ සිට පම්පමඩුව ආයුර්වේද රෝහලට රාත්‍රී ආහාරය රැගෙන ගිය ගිලන් රථය ආපසු වවුනියාව මහ රෝහලට පැමිණෙමින් තිබූ නිසා ඇය එම ගිලන් රථයට ගොඩ වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ගිලන් රථයේ රියදුරා හා තවත් අයෙකු එහි සිට ඇති අතර, රියදුරා වවුනියාව – මන්නාරම මාර්ගයේ ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන ලබා ගැනීමට ගිලන් රථය නවත්වා ආපසු එය වවුනියාව මහ රෝහලට ධාවනය කිරීම වෙනුවට අතුරු මාර්ගයකින් වෙනත් දිශාවකට ධාවනය කරන්නට පටන් ගෙන තිබෙනවා.

ඊට හේතුව විමසුවත් රියදුරා කිසිවක් ප්‍රකාශ නොකිරීම නිසා බියට පත් වෛද්‍යවරිය ගිලන් රථයෙන් බිමට පැන තමාව බලහත්කාරයෙන් පැහැර ගෙන යාමට උත්සහ කරන බව මහමග සිටි පිරිසට ප්‍රකාශ කර ඇති බව සඳහන්.

එම පිරිස වෙනත් වාහනයකින් ගිලන් රථය හඹා ගොස් එය නතර කරවා රියදුරුට හා සහායකයාට පහර දී ඔවුන්ව නෙලුකුලම පොලීසිය වෙත බාර දී තිබෙනවා.

පසුව වවුනියාව මහ රෝහලේ වෛද්‍යවරු පිරිසක් එම ස්ථානයට ගොස් ඇති අතර, පොලිසිය සමග සාකච්ඡා කිරීමෙන් පසුව ගිලන් රථ රියදුරා හා සහායකයා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.

වෛද්‍යවරිය පැහැර ගැනීමට උත්සහ කළ රියදුරා සිටි ගිලන් රථයද වවුනියාව මහ රෝහලට අයත් ගිලන් රථයක් බැවින් රියදුරුට හා රිය සහායකයාට එරෙහිව වෙනම පරීක්ෂණයක් වවුනියාව මහ රෝහලේ පාලන අධිකාරිය විසින් ආරම්භ කර ඇති බව සඳහන්.

එම පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ වවුනියාවේ සිට පම්පමඩුව ආයුර්වේද රෝහලට දුර කි.මී 16 ක් වූවත් එක් ගමන් වාරයක් සදහා මෙම රියදුරා කි.මී. 20 ක දුරක් සටහන් කර ඉතිරිවන ඉන්ධන අලෙවිකරන බවයි.

දිනකට ගමන් වාර 6 ක් මෙම ගිලන් රථය වවුනියාව මහ රෝහල හා පම්පමඩුව ආයුර්වේද රෝහල අතර ධාවනය කිරීම සිදුවන බැවින් ගිලන් රථ රියදුරා මෙම ඉන්ධන වංචාව කාලයක සිට කරගෙන ගොස් ඇති බවද හෙළි වී තිබෙනවා.

වවුනියාව මහ රෝහලෙන් ගිය වෛද්‍යවරු පිරිස බියට පත්ව සිටි වෛද්‍යවරිය වවුනියාව මහ රෝහල වෙත රැගෙනවිත් තිබෙනවා ෴


පාස්පෝට් ගන්න ඉන්න අයට විශේෂ නිවේදනයක්

(26.08.2024 – 20:30 +0530 – hirunews.lk/sinhala)

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව මේවනවිට ඇති හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම හේතුවෙන් විදේශ ගමන්ත බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමට සිදුව ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව දැනුම් දී ඇත්තේ.

මේ අතර, ඉලෙක්ට්‍රොනික විදෙස් ගමන් බලපත්‍ර තොගයක් ඇණවුම් කර ඇති බවත් එම තොගය ඔක්තෝම්බර් මස අගදී ලැබීමට නියමිත බවද එම නිවේදනයේ සඳහන් වෙනවා.

අන්‍යාවශ්‍යම හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කරන මෙන් මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද අමාත්‍යාංශ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

අදාල නිවේදනය පහතින් දැක්වෙනවා :


අනුර කුමාරට ජනාධිපතිවරණය අහිමි වෙයි..? අල්ලස් කොමිසමට බරපතල පැමිණිල්ලක් ! (27.08.2024)

++++++++++


උතුරේ දී ‘දහතුන’ ත් – දකුණේ දී ‘නමය’ ත් මාරුවෙන් මාරුවට මතුරන ‘තුනේ’ අයියලාගේ කතා වස්තුව ! (27.08.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *