එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් ඇතුළු පිරිසක් අත්අඩංගුවට
(14.08.2024 – 17:38 +0530 – hirunews.lk/sinhala)
‘එක්සත් ලංකා පොදුජන පක්ෂයේ’ ජනාධිපති අපේක්ෂක ‘ජනක රත්නායක’ගෙන් රුපියල් මිලියන 30 ක අල්ලස් ලබාගැනීමට උත්සහ කළ එම පක්ෂයේම ලේකම්වරයා ඇතුළු 08 දෙනෙකු අල්ලස් හා දූෂන විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ජනක රත්නායකගෙන් අදාල අල්ලස් මුදල ලබාගැනීමට අදාල සැකකරුවන් බොරැල්ලේ පිහිටි ‘වැලිකඩ ප්ලාසා’ වෙළඳ සංකීර්ණයට පැමිණි අවස්ථාවේදීයි.
සැකකරුවන් ජනක රත්නායක මහතාගෙන් මෙම අල්ලස මුදල ඉල්ලා තිබෙන්නේ එක්සත් ලංකා පොදුජන පක්ෂයේන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඇප තැම්පත් කිරීමට අවස්ථාව ලබාදෙන බව පවසමින්.
කෙසේවෙතත් ජනක රත්නායක අද (14) පෙරවරුවේ දී එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඇපමුදල් තැන්පත් කරනු ලැබුවා.
+
ලංකාව ආසියාවේ ප්‍රබල රාජ්‍යක් කරන නායකයා ගැන සුජිත් නිශාන්ත යෝගීතුමගේ ප්‍රබල අනාවැකිය (14.08.2024)
++++++++++++
+++++++++
සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි
(14.08.2024 – 09:49 +0530 – sinhala.adaderana.lk)
සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබේ.
ඒ බොරැල්ලේ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේ දීය.
එම අවස්ථාවට සර්වජන බලය එකමුතුවේ පක්ෂ නායකයින් වන වාසුදේව නානායක්කාර, ඩිව් ගුණසේකර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මව්බිම ජනතා පක්ෂයේ නායකයා ද වන සර්වජන බලයේ ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ (13) සිදුකෙරුණි.
ඒ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ තරුව ලකුණ යටතේය.
++++++++++
Live | Presidential 2024 | Dilith Jayaweera | 5th August 2024 | Siyatha TV
+
මාලඹේ විෂ වායුව ඇති වීමට හේතුව හෙළිවෙයි
(14.08.2024 – 16:15 +0530 – hirunews.lk/sinhala)
මාලඹේ කහන්තොට පාර ප්‍රදේශයේ නිවසකදී විෂ වායු ආඝ්‍රාහණය වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (13) මිය ගොස් තිබෙනවා.
පොලිසිය විසින් සිදු කරන ලද පරීක්ෂණයේදී අදාළ රසායනික ද්‍රව්‍ය භාවිතා කර නිවස තුළ ‘අයිස් මත්ද්‍රව්‍ය’ නිෂ්පාදනය කිරීමට කටයුතු කළ බවට සැක පහළ කළ හැකි කරුණු රැසක් අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සඳහා අද (14) පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය සමගින් පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායමක් එම ස්ථානයට ගොස් නිවස තුළට ඇතුළු වී මූලික පරීක්ෂණයක් සිදු කර තිබෙනවා.
එමෙන්ම විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයට අයත් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ නිලධාරීන් පිරිසක් ද මේ සඳහා සහභාගී වී ඇති බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත් පොලිසිය සඳහන් කළේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ රසායනික ද්‍රව්‍ය තිබූ නිවසේ කාමරයට ඇතුළු වී සිදු කළ පරීක්ෂාවෙන් අනතුරුව මෙම රසායනික ද්‍රව්‍ය ‘අයිස් මත්ද්‍රව්‍ය’ නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍යයක් බවට හඳුනා ගෙන ඇති බවයි ෴
sinhala.adaderana.lk :
අදාළ නිවසේ හිමිකරුගේ දෙහිවල නැදිමාල ප්‍රදේශයේ නිවසක් ද පරීක්ෂා කළ පොලීසිය එහි තිබී අදාළ රසායනික ද්‍රව්‍ය තොගයක් සොයා ගත් අතර පසුව පොලීසිය අදාළ නිවෙස් දෙකම මුද්‍රා තැබීමට පියවර ගත්තේය.
මියගිය පුද්ගලයන් මෙම රසායනික ද්‍රව්‍ය රැගෙන අවේ කුමණ ස්ථානයක සිට දැයි යන්න පිළිබඳව ද විමර්ශන ක්‍රියාත්මකය.
මේ අතර මියගිය පුද්ගලයන් දෙදෙනාගෙන් අයෙක් මෑතක සිට විශාල වශයෙන් මුදල් උපයා ඇතැයි ද තොරතුරු වාර්තාවී තිබේ ෴
තණමල්විල සිසුවියගේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් 04 දෙනාට ඇප
(14.08.2024 – 14:42 +0530 – hirunews.lk/sinhala)
තණමල්විල ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ඇය ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පතිවරයා සහ විනය භාර ගුරුවරියන් දෙදෙනා (2) ඇප මත මුදා හැර තිබෙනවා.
ඔවුන් අද (14) වැල්ලවාය මහේස්ත්‍රාත් චතුර ඊ. දිසානායක හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ නියෝග කෙරුණේ රුපියල් ලක්ෂ දෙක (2) බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත සැකකරුවන් මුදා හැරීමටයි.
සිද්ධියට අධාර අනුබල දීමේ චෝදනාව මත ඊයේ (13) පස්වරුවේ මෙම සැකකරුවන් තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා ෴
+++++++
+++++++
+
+
+
මී මැසි ප්‍රහාරයෙන් අයෙක් මරුට
(14.08.2024 – 14:18 +0530 – hirunews.lk/sinhala)
මී වදයක් කැඩීමට ගිය ගොවියෙකු මී මැස්සන්ගේ ප්‍රහාරයකට ලක්ව මියගොස් තිබෙන බව පරසන්ගස්වැව පොලිසිය පවසනවා.
සිය නිවෙසේ තිබූ මී මැසි පෙට්ටියේ මී වදයක් කැඩීමට ගිය අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බවයි පැවසෙන්නේ.
මෙසේ මිය ගිය පුද්ගලයා 65 හැවිරිදි අයෙකු බවද පොලිසිය පැවසුවා.
එම පුද්ගලයා පරසන්ගස්වැව, පළුකුඹුර ලිපිනයේ පදිංචි තිදරු පියෙක්.
ඔහු සිය හේනට ගොස් නැවත පැමිණ සිටි අතරතුර මී මැසි පෙට්ටිය පරීක්ෂා කර මී වදයට අත දැමූ මොහොතේ මී මැස්සන් ඇවිස්සී දෂ්ට කර තිබෙනවා.
එහිදී අසාධ්‍ය වූ ඔහු ප්‍රතිකාර සඳහා පරසන්ගස්වැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන අතර තුරයි මියගොස් ඇත්තේ ෴
වස මිශ්‍ර රුපියල් කෝටි හතරක (4) ආහාර ද්‍රව්‍ය කිලෝ 7000 ක් වවුනියාවේදී විනාශ කරයි
(14.08.2024 – 13:54 +0530 – hirunews.lk/sinhala)
ඉන්දියාවේ සිට ජාඇල ප්‍රදේශයට රැගෙන එන ලද රුපියල් කෝටි හතරක් (4) වටිනා වස මිශ්‍ර සහල් ඇතළු කුළුබඩු කිලෝ 7000 ක් පමණ ප්‍රමාණයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අද (14) වවුනියාවේදී විනාශ කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෙම කුළුබඩුවලට කහ, කොත්තමල්ලි, රටකජු, සහල් හා තවත් ද්‍රව්‍ය ඇතුළත් වී ඇති අතර, ගුල්ලන් ගැසීම වළක්වා ගැනීමට කෘමි නාශක විශේෂයක් මිශ්‍ර කර ඇති බව සඳහන්.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් අත්අඩංගුවට ගත් කුළුබඩුවල සාම්පල් තොගයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමෙන් පසුව අනාවරණය වී ඇත්තේ, මරණයට පත්විය හැකි අන්දමේ විෂ කෘමිනාශක මේ කුළුබඩු සමග මිශ්‍ර වී ඇති බවයි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම කුළුබඩු ජාවාරමේ සුල මුල හෙළි වී තිබෙනවා.
ජාඇල ප්‍රදේශයේ ඇඹරුම් හලකදී මෙම ද්‍රව්‍ය කුඩු කරන අතර, එම කුළුබඩු කුඩු තොග වශයෙන් වවුනියාව වෙත රැගෙනවිත් වවුනියාවේදී පැකැට්වල අසුරා යුරෝපා රටවලට අපනයනය කිරීම මෙම ව්‍යාපාරයේ ස්වභාවය බවයි සැකකරුවන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පවසා ඇත්තේ.
වවුනියාව මේ සදහා තෝරාගෙන ඇත්තේ දෙමළ වැසියන්ගෙන් විශාල ප්‍රමාණයක් යුරෝපා රටවල වෙසෙන බැවින් ඔවුන්ට යැවීම පිණිස ඒ ජනතාව වැඩි වශයෙන් කුළුබඩු මිලට ගැනීම නිසා යි.
වවුනියාවේදී එම ද්‍රව්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගෙන වවුනියව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරුවන්ට එරෙහිව නඩු පවරා ඇති අතර, කුළුබඩු තොගය ජනශුන්‍ය ප්‍රදේශයකදී විනාශ කර දමන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අධිකරණ නියෝගයක් ලැබී තිබෙනවා.
ඒ අනුවයි එම ද්‍රව්‍ය වවුනියාවේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් විනාශ කර ඇත්තේ ෴
දෙවන (2) පාසල් වාරය ගැන විශේෂ දැනුම්දීමක්
(14.08.2024 – 13:34 +0530 – hirunews.lk/sinhala)
2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන (2) පාසල් වාරය අවසන් කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා දෙවන පාසල් වාරය 2024.08.16 වන සිකුරාදා දින අවසන් වන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
එමෙන්ම තෙවන (3) පාසල් වාරයේ පළමු අදියර 2024.08.26 වන සඳුදා දින ආරම්භ වන බව සඳහන් ෴
පාසල් දරුවන් අතර දුම්කොළ සහ හුණුවලින් සෑදූ විශේෂ මිශ්‍රණයක් ව්‍යාප්තවන බවට මව්පියන්ගෙන් දැඩි චෝදනා
(14.08.2024 – 13:06 +0530 – hirunews.lk/sinhala)
මාතලේ පාසල් දරුවන් අතර දුම්කොළ සහ හුණු වලින් සැකසූ විශේෂ මිශ්‍රණයක් ව්‍යාප්ත වෙමින් පවතින බව මව්පියන් පවසනවා.
මෙයට ඇබ්බැහි වූ පාසල් දරුවන් රැසකගේ දත් අවර්ණ වෙමින් පවතින බවයි ඔවුන් කියන්නේ.
මාතලේ, දඹුල්ල, මඩවල, උල්පත හා නාඋල ඇතුළු ප්‍රධාන පෙලේ පාසල් රැසක දරුවන් මෙම ක්‍රියාවට ඇබ්බැහි වී ඇති බවට තොරතුරු අනාවරණ වී ඇතැයි ඔවුන් පවසනවා.
ඇතැම් ව්‍යාපාරික ස්ථානවල දුම්කොළ හා හුණු වලින් සැකසූ කුඩා පැකට් පාසල් දරුවන්ට අලෙවි කරන බවත්, ඇතැම් තැරැව්කරුවන් මගින් පාසල්වලටම ගොස් ලබාදීමේ පිරිසක් ද මේ අතර සිටින බවත්, මව්පියන් අවධාරණය කරනවා.
ඇතැම් පාසල්වලට විවිධ අවශ්‍යතා පෙන්වමින් පැමිණෙන මෙම තැරැව්කරුවන් පාසල් අසල රැඳී සිටිමින් මෙම ක්‍රියාවලිය පහසුවෙන් සිදුකරන බවයි ඔවුන් පවසන්නේ.
පාසල්වල පවත්නා විශේෂ උත්සව ඉලක්ක කර ගනිමින් අයිස්ක්‍රීම්, පලතුරු ඇතුළු විවිධ ද්‍රව්‍ය අලවිකරන පිරිස් සමග එක්වී මෙම මිශ්‍රණ අලෙවි කිරීමට කටයුතු කරමින් සිටින බව ද මව්පියන් පවසනවා.
මෙම තත්ත්වය පාලනය කිරීම සදහා අදාළ බලධාරින්ගේ අවධානය යොමුවිය යුතු බවයි මව්පියන්ගේ අදහස වී ඇත්තේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴