කේ.ඩී. ලාල්කාන්තට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – උදය ගම්මන්පිල

කේ.ඩී. ලාල්කාන්තට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – උදය ගම්මන්පිල


කේ.ඩී. ලාල්කාන්තට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – උදය ගම්මන්පිල

(07.08.2024 – 22:13 +0530 – hirunews.lk/sinhala)

අරගලය අසාර්ථක වීමට හේතු දක්වමින් ජාතික ජන බලවේගයේ විධායක සභිත කේ.ඩී. ලාල් කාන්ත ඊයේ සිදු කළ ප්‍රකාශයට දැඩි විරෝධය එල්ල වී තිබෙනවා.

එවැනි ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් කේ.ඩී. ලාල්කාන්තට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද (07) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ.

දේශීය ආදායම් වෘත්තිකයිගේ 16වැනි වාර්ෂික සමුළුවට එක්වමින් ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල් කාන්ත අරගලය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළා

එම ප්‍රකාශයට සම්බන්ධයෙන් අද(07) පාර්ලිමේන්තුවේදීත් දැඩි විරෝධයක් එල්ල වුණා.

+++++++

+


16 හැවිරිදි සිසුවියක් එම පාසැලේම සිසුන් විසිදෙදෙනෙකු (22) විසින් අපයෝජනය වෙලා

(09.08.2024 – 21:45 +0530 – hirunews.lk/sinhala)

තණමල්විල ප්‍රදේශයේ පාසැලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් වසරක් (1) පුරා එම පාසැලේම සිසුන් 22 දෙනෙකු කණ්ඩායම් වශයෙන් බරපතළ ලෙස අපයෝජනය කර ඇති බවට එම සිසුවිය විසින් තණමල්විල පොලිස් ස්ථානයට ප්‍රකාශයක් ලබා දෙනු ලැබ තිබෙනවා.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ සිසුන් 22 ක් හා ඊට අනුබල දුන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට තණමල්විල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙහිදී කරුණු අනාවරණය වී ඇත්තේ එම සිසුවිය වසරක් පුරා අවස්ථා 07 කදී මෙලෙස අපයෝජනයට ලක්ව ඇති බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සැඟවූ බවට එම පාසැලේ විදුහල්පති ඇතුළු සියලු දෙනාට විරුද්ධව නීතිමය සියවර ගෙන තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *