රුපියල් දෙකෝටියක කොල්ලයට එස්.ටී.එෆ්. දෙකක් (2) කොටු වෙයි

රුපියල් දෙකෝටියක කොල්ලයට එස්.ටී.එෆ්. දෙකක් (2) කොටු වෙයි


රුපියල් දෙකෝටියක කොල්ලයට එස්.ටී.එෆ්. දෙකක් (2) කොටු වෙයි

(03.08.2024 – 11:14 +0530 – hirunews.lk/sinhala)

රුපියල් දෙකෝටියක (2,00,00,000) මුදල් කොල්ලයක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනකු (2) සමග හය දෙනකු (6) අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මෙම කොල්ලය සීදුව, ලියනගේමුල්ල ප්‍රදේශයේ හෝටලයකදී සිදුව තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

අදාල මුදල් මැණික් ව්‍යාපාරිකයන් දෙදෙනකුට (2) අයත් බවද පොලිසිය පවසනවා.

මේ කොල්ලය සම්බන්ධයෙන් ‘වාකරේ විශේෂ කාර්ය බළකා කඳවුරේ’ සහ ‘ගෝනහේන විශේෂ කාර්ය බළකා කඳවුරේ’ පොලිස් සැරයන්වරයකු හා පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට අමතරව මහනුවර, කෑගල්ල හා දියතලාව ප්‍රදේශවල පදිංචි සැකකාර පුද්ගලයින් හතර දෙනකු (4) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් සමග රුපියල් ලක්ෂ පනහකට (50,00,000) අධික මුදලක්, විශේෂ කාර්ය බළකායේ නිල ඇඳුම් කට්ටල දෙකක් (2), බූට් දෙකක් (2), අත්විලංගුවක්, වෑන් රථ දෙකක් (2) සහ තවත් උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

‘පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ’ සහ ‘සිදුව පොලිස් ස්ථානයේ’ නිලධාරීන් එක්ව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


අනීතික වැඩක් කළ පොලිස් සාජන්ට වැඩ වරදියි

(03.08.2024 – 12:51 +0530 – sinhala.adaderana.lk)

වත්තල, මාබෝල ප්‍රදේශයේ බහාලුම් අංගනයකට යාම සඳහා පැමිණි ලොරි රථයක් රියදුරු නොමැතිව මාර්ගයේ නවතා තැබීම හේතුවෙන් රථවාහන රාජකාරියේ නිරත පොලිස් සාජන්වරයෙකු ‘එහි ඉදිරිපස රෝදයේ හුළං යවන’ රූපරාමු පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.

එම පොලිස් නිලධාරියා එහිදී පවසන්නේ මාර්ගයේ ගමනාගමනයට බාධාවීම හේතුවෙන් එලෙස හුළං යැවූ බවය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඒ මොහොතේ එම ස්ථානයේ සිටි පිරිසකගෙන් ද විරෝධයක් එල්ල වී තිබුණි.

කෙසේ වෙතත් අදාළ ස්ථානයට පැමිණෙන ලොරි රථයේ රියදුරු පවසා ඇත්තේ, ලියකියවිලි භාරදීම සඳහා තමන් බහාලුම් අංගනයට ගිය බවය.

ඒ අතරතුරදී මෙම පොලිස් නිලධාරියා ලොරි රථයේ රියදුරුට දඩ කොළයක් ලබාදී එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණි.

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පවසන්නේ අදාළ පොලිස් සාජන්වරයා සිදුකරන ලද එම ක්‍රියාව සම්පූර්ණයෙන්ම අනීතික ක්‍රියාවක් බවත් මෙවැනි වරදක් සඳහා දඩ මුදලක් පමණක් පැනවිය හැකි බවත්ය.

මෙවැනි නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම අපකීර්තියට පත්වන බැවින් ඔහුට විරුද්ධව දැඩි විනය පියවර ගැනීමට නියමිත බවත් පොලීසිය පැවසීය.

ඒ අනුව අදාළ නිලධාරියාව විනය පරීක්ෂණයක් සඳහා අද (03) දිනයේදී පොලිස් රථ වාහන කොට්ඨාසයට කැඳවා ඇතැයිද වාර්තා වෙයි.

++++++++++

+

ලොරියේ හුලං ඇරපු පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

(03.08.2024 – 20:51 +0530 – sinhala.adaderana.lk)

වත්තල පොලීසියට අනුයුක්ත රථවාහන රාජකාරී සිදුකරන පොලිස් සැරයන්වරයකු මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක ඉදිරිපස රෝදයේ හුළං යවන රූපරාමු පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

පොලීසිය පැවසුවේ අදාළ පොලිස් සාජන්වරයා සිදුකරන එම ක්‍රියාව සම්පූර්ණයෙන්ම අනීතික ක්‍රියාවක් බැවින් අද (03) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි එම නිලධාරියාගේ වැඩ තහනම් කළ බවය.

මේ අතර චෝදනා පත්‍රයක් ඔහුට ලබාදී අදාළ සිදුවීම පිළිබඳව විමර්ශනයක් සිදුකරන බවද පොලීසිය වැඩිදුරටත් පැවසීය.

එම පොලිස් නිලධාරියා එහිදී පවසන්නේ මාර්ගයේ ගමනාගමනයට බාධාවීම හේතුවෙන් එලෙස හුළං යැවූ බවය ෴


පාර්ලිමේන්තුව අසල බිහිසුණු රිය අනතුරක්

(03.08.2024 – 11:55 +0530 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තුව අසල මාර්ගයේදී අද (03) උදෑසන සිදුවූ රිය අනතුරකින් තරුණයන් සිව් දෙනෙකු (4) තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් පාලනය කර ගත නොහැකිව මෙලෙස අනතුරට ලක්වී ඇති බවය.

තුවාල ලැබූවන් වහාම රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇතැයිද ඉන් දෙදෙනෙකුගේ (2) තත්ත්වය බරපතළ බවත් සඳහන් ය.

++++++++

පාර්ලිමේන්තුව අසල සිදු වූ රිය අනතුරින් බරපතල තුවාල ලබා රෝහල් ගත කර සිටි දෙදෙනෙක් (2) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා ෴

++++++++

+

https://www.facebook.com/photo/?fbid=500571542335227&set=pcb.500571645668550

+

04-08-2024

+


පිළියන්දල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් අඹු-සැමි යුවළකට බරපතළයි

(03.08.2024 – 11:14 +0530 – sinhala.adaderana.lk)

පිළියන්දල ප්‍රදේශයේදී ඊයේ (02) ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථ දෙකක් (2) එකිනෙක ගැටීමෙන් වයෝවෘද්ධ අඹුසැමි යුවළක් බරපතළ තුවාල ලබා ඇතැයි පිළියන්දල පොලීසිය පවසයි.

මෙම අනතුරින් පාසල් දැරියක් ද සුළු තුවාල ලබා ඇතැයි සඳහන් ය.

අනතුරින් බරපතළ තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 68 හා 74 වියේ පසුවන අඹු-සැමි යුවළකි.

අඹුසැමි යුවළ නිවසේ සිට ත්‍රීරෝද රථයෙන් කළුබෝවිල ශීක්ෂණ රෝහලේ සායනයකට සහභාගී වීම සඳහා යමින් සිටියදී අතරමගදී පාසල වෙත යාමට බස්රථයක් බලාපොරොත්තුවෙන් සිටි දැරියක් ද එහි නංවාගෙන තිබුණි.

එලෙස ත්‍රීරෝද රථය පිළියන්දල දෙසට පැමිණෙමින් සිටියදී රාත්‍රී සේවා මුරය නිමකර නිවස බලා යමින් සිටි කර්මාන්තශාලා කළමනාකරුවෙකු පැදවූ මෝටර් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනයවී ත්‍රීරෝද රථයේ සහ මෝටර් රථයක ගැටි තිබේ.

අනතුරත් සමගම තුවාල ලැබූවන් පිළියන්දල දිසා රෝහල වෙත යොමු කිරීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයේ සිටි වයෝවෘද්ධ අඹු සැමි යුවළ වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත යොමු කෙරුණි ෴


විදුලි කණුවක හප්පා යතුරුපැදිකරු ඝාතනය කළ රියදුරු අල්ලයි

(03.08.2024 – 09:09 +0530 – sinhala.adaderana.lk)

බලංගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විදුලි කණුවක ගැටීමට සලස්වා ඝාතනය කිරීමේ චෝදනාව එල්ල වු රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ සැකකරු අදාළ ලොරි රථයද සමඟ බලංගොඩ පොලිස් ස්ථානයට පැමිණ භාරවූ බවයි.

පසුගියදා බලංගොඩ බස් නැවතුම්පොළ අසලදී යතුරුපැදියක් අනතුරට ලක්කර පළා යාමට උත්සාහ දැරූ ලොරි රථයක් නවතා ගැනීමට අදාළ යතුරුපැදිකරු තැත් කර තිබුණි.

යතුරුපැදිකරු ලොරිරථයේ එල්ලී එය නවතා ගැනීමට උත්සාහ දැරුවද ලොරි රථය නොනවත්නා ධාවනය කර ඇති අතර පසුව බලංගොඩ කහටපිටිය ප්‍රදේශයේදී ලොරි රථයේ රියදුරු විසින් රථය (රථයේ එල්ලී සිටි යතුරුපැදිකරු) විදුලි කණුවක ගැටීමට සලස්වා පළා ගොස් තිබුණි.

එහිදී යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පැවසුවේය ෴

+++++++++

+


කොළඹ මහනගර සභාවට රුපියල් මිලියන 90 ක් ගෙවීම පැහැරහැරි සමාගමට එරෙහිව නීතිමය පියවර

(03.08.2024 – 06:51 +0530 – sinhala.adaderana.lk)

කොළඹ නගරයේ රථ වාහන ගාල් කිරීම සඳහා ස්වයංක්‍රීය පද්ධතියක් හරහා මුදල් එකතු කළ සමාගම මඟින් රුපියල් මිලියන 90 ක මුදලක් කොළඹ මහනගර සභාවට ගෙවා නොමැති බව වාර්තා වෙයි.

එහි රථවාහන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මංජුල කුලරත්න මහතා පැවසුවේ මේ හේතුවෙන් එම කොන්ත්‍රරාත්තුව අත්හිටුවා මේ සම්බන්ධව නීතිමය පියවර ගෙන ඇති බවය.

එමෙන්ම මෙම ව්‍යාපෘතියේ පවතින අඩුපාඩු හේතුවෙන් ඉදිරි වසර ඇතුළත නව විද්‍යුත් ක්‍රමවේදයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය ෴


මැයි 09 අරගලෙන් හම්බුණ සල්ලි.. | ඇමති රමේෂ් පතිරණට එරෙහිව අල්ලස් හා දුෂණ විමර්ශනය ඒකකයට පැමිණිල්ලක් (02.08.2024)

+


eVISA වැඩේට අතුරු තහනම් නියෝගයක් – මේක ජනතාවගේ දිනුමක් – නඩුව දැමූ හකීම් සුමන්තිරන් පාඨලී කියයි (02.08.2024)

+


සෞන්දර්ය විෂය බරක් වෙන්නේ කොහොමද? චක්‍රලේඛ වහාම හකුලන්න – කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ

(03.08.2024 – 13:34 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමුඛ විෂය ධාරාවෙන් සෞන්දර්ය විෂය ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කිරීමට සැලසුම් කරන බවත් එය වහාම නතර කරන ලෙස විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පවසනවා.

ඔහු කියා සිටින්නේ රජය විසින් ගෙන එන නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව හරහා සෞන්දර්ය විෂය ධාරාව , ප්‍රමුඛ විෂය ධාරාවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනය වගකිව යුතු බවයි.

ඔහු මේ බව පැවසුවේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගම් ඒකාබද්ධ කමිටුව විසින් කැඳ වු මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ නව ප්‍රතිපත්ති රාමුව හරහා සෞන්දර්ය විෂය ධාරාව බරපතල අර්බුදයකට මුහුණ දෙන බවය.

එසේම සෞන්දර්ය විෂයන් ළමයින්ගේ මනසට බරක් ඇති කරනවා යැයි පවසන්න තරම් මේ ප්‍රතිපත්ති හදන අයට ඇති මානසික මට්ටම කුමක් දැයි කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ ප්‍රශ්ණ කර සිටියා.

අධ්‍යාපන කොමිසමෙන් ගෙන ආ ප්‍රතිපත්ති පැත්තකට දාලා ජනාධිපති ලේකම් කාර්යාලය හරහා පත් කරපු කණ්ඩායමක් මඟින් ප්‍රතිසංස්කරණ රාමුවේ මුළික ආකෘතිය සකස් කර තිබෙන්නේ යැයි ඔහු විසින් අනාවරණ කර සිටියා.

එමෙන්ම මෙම නව මොඩියුල් හරහා 6 ශ්‍රේණියේ දරුවන්ට අමතර පන්ති යන්න නැතිව, එවැනි විෂයන් සමත්වන්න බැරි තත්ත්වයකට පත් වන බව ද ඔහු කියා සිටියා.

මේකට අවශ්‍ය චක්‍රෙල්ඛය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් හරහා නිකුත් වෙන්න නියමිත අතර එය නිකුත් වෙන එක වහාම නතර කරන්නැයි විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ වැඩිදුරටත් කියා සිටියා.

+


සමාජ ජාලවල අපේක්‍ෂක ප‍්‍රවර්ධනය කලොත් වසර තුනක් (3) හිරේ.. ලක්‍ෂයක් දඩ..- ගැසට්ටුව එයි..

(03.08.2024 – 14:10 +0530 – lankacnews.com)

රාජකාරි වේලාව තුළ (?) රජයේ නිලධාරින්ට පෞද්ගලික සමාජ ජාල ගිණුමක් හෝ වෙනත් ගිණුමක් භාවිතා කරමින් යම් දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනයට හෝ අගතියට හේතු වන යම් ප්‍රචාරණයක් හෝ ප්‍රකාශයක් සිදු කිරීම බරපතළ වරදක් බවත් එවන් පුද්ගලයන් වසර 3 ක සිරදඬුවමකට යටත් කිරීමට හෝරුපියල් ලක්ෂයකට නොවැඩි දඩයක් නියම් කිරීමට හෝ මේ දඬුවම් දෙකටම යටත් කිරීමට හෝ හැකි වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක විසින් විශේෂ චක්‍ර ලේඛයක් මඟින් දක්වා තිබේ.

එමෙන්ම දේශපාලන අයිතිවාසිකම් අහිමි රජයේ නිලධාරියෙකුට වුවද මෙම නිර්ණායකය බලාත්මක වනු ඇත.

ඒ අනුව තම පෞද්ගලික සමාජජාල ගිණුමක් හෝ වෙනත් ගිණුමක් භාවිතා කරමින් යම් දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනයට හෝ අගතියට හේතු වන යම් ප්‍රචාරණයක් හෝ ප්‍රකාශයක් සිදු කිරීමද එම වරද යටතටම ගැනෙන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ එම චක්ලේඛයේ දක්වා ඇත.

රාජ්‍ය සේවකයන්ට අමතරව මෙම චක්‍රලේඛය සියලු රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථා පිත මණ්ඩල සේවක සේවිකාවන්ට ද අදාළ වනු ඇත. මෙම චක්‍ර ලේඛය නිකුත් කර ඇත්තේ සැප්තැම්බර් 21 වැනිදා පැවැත්ත්වෙන ජනාධිපතිවරණය ඉලක්ක ගතව වන අතර එමඟින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන් විසින් පක්ෂ හෝ පුද්ගලයන්ප්‍රවර්ධනය කිරීම හෝ අගතියට පත් කිරීමට කටයුතු කිරීම වළක්වාලීමට කටයුතු කර ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ ඉතා වැදගත් යන සිරස්තලයෙන් යුක්තව යොමු කර ඇති චක්‍රලේඛ අංක 5 යටතේ අංක 8 IV හා අංක 17 යටතේ මෙම කරුණු උකහා දක්වා ඇති අතර එය සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සියලු රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපති හා සාමාන්‍යාධිකාරිවරුන් ඇතුළු සියලු රාජ්‍ය ප්‍රධානීන් වෙත යොමු කර ඇති මේ චක්‍ර ලේඛයෙන් සවිස්තරාත්මකව දක්වා ඇත්තේ පෙර මැතිවරණයන්හි දී ලැබුණු පැමිණිලි සම්බන්ධව විධිමත් විමර්ශනයකින් පසුව නව ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

තාරක වික‍්‍රමසේකර

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *