ටී 56 ගිනි අවි දෙකක් (2), මැගසින් දෙකක්‍ (2), පතොරම් 60 ක්, දුරදක්නයක් සහ කඩුවක් සමඟ මවුලවියෙක් අත්අඩංගුවට

ටී 56 ගිනි අවි දෙකක් (2), මැගසින් දෙකක්‍ (2), පතොරම් 60 ක්, දුරදක්නයක් සහ කඩුවක් සමඟ මවුලවියෙක් අත්අඩංගුවට


ටී 56 ගිනි අවි දෙකක් (2), මැගසින් දෙකක්‍ (2), පතොරම් 60 ක්, දුරදක්නයක් සහ කඩුවක් සමඟ මවුලවියෙක් අත්අඩංගුවට

(31.07.2024 – 13:43 +0530 – hirunews.lk/sinhala)

යුධ හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරක් මත ‘අරලගංවිල පොලිස් විශේෂ කාර්ය බලකායේ’ නිලධාරීන් විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී ටී 56 ගිනි අවි දෙකක් (2), මැගසින් දෙකක්‍ (2), පතොරම් 60 ක්, දුරදක්නයක් සහ කඩුවක් සමඟ ඔට්ටමාවඩි ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි මවුලවියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර පරීක්ෂණ සඳහා මවුලවියා ත්‍රස්ත විමර්ශන ඒකකයට භාර දෙනු ලැබ තිබෙනවා ෴

++++++++++

+

+


අසාධාරණය වෙනුවෙන් පෙනී සිටි ‘හිරු CIA’ වෙත විශේෂ ප්‍රණාම සම්මානයක්

(31.07.2024 – 23:04 +0530 – hirunews.lk/sinhala)

අදට (31) යෙදී ඇති ‘ලෝක වනජීවී හා ස්වාභාවික සම්පත් ආරක්ෂණ වෘත්තිකයින්ගේ දිනය’ වෙනුවෙන් ‘සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය’ සංවිධාන කළ ප්‍රණාම උළෙලකදී ‘හිරු CIA’ විශේෂ ප්‍රණාම සම්මානයකින් ඇගයීමට ලක් වුණා.

ඒ පරිසරය, වන සතුන් සහ පුරාවිද්‍යාත්මක උරුමයන් රැක ගැනීම සඳහා මෙන්ම පරිසරය සහ රටේ උරුමයන්ට සිදුවන බලපෑම්ද රට හමුවේ හෙළිදරව් කරමින් ‘හිරු CIA’ විසින් ඉටු කරන සමාජ මෙහෙවර අගයමින්.

ලෝක වනජීවී හා ස්වභාවික සම්පත් ආරක්ෂණ වෘත්තිකයන්ගේ ජාත්‍යන්තර දිනය අද (31) කොළඹ, ‘ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ’ දී පැවැත්වුණා.

පරිසර සංරක්ෂණවේදීන් හා පරිසර ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ට ද මෙහිදී සම්මාන පිරිනැමුණු අතර, රාජකාරී කටයුතුවලදී ජීවිත අහිමි වූ පරිසර නිලධාරීන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමේ ආගමික වැඩසටහනක්ද මෙහිදී පැවැත්වුණා.

+


‘ක්ලබ් වසන්ත’ මරන කොන්ත්‍රාත්තුව ගනිපු උන් මෙන්න ! කේ. සුජීවාගේ LTTE නෑයා පිල්ලෙයාන් ද? (31.07.2024)

+


සැමියාගේ මරු පහරින් තරුණ බිරිය මරුට ?

(31.07.2024 – 22:48 +0530 – hirunews.lk/sinhala)

ප‌ඬුවස්නුවර කිරිමැටියාව ප්‍රදේශයේ 18 හැවිරිදි විවාහක කාන්තාවකට පහර දී ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවයක නිරත වුණා.

කිරිමැටියාව උණලීය මාර්ගය හරස්කරමින් පැවැත්වූ මෙම විරෝධතාව පැය දෙකකට (2) ආසන්න කාලයක් පැවැත්වුණා.

ප‌ඬුවස්නුවර කිරිමැටියාව කෙලිනාවය ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි ‘සෙනුරි ඉමාශා’ මීට මාස කිහිපයකට පෙර මඩුගොල්ල ප්‍රදේශයේ තරුණයෙකු සමග විවාහ වී තිබෙනවා.

පසුව දෙදෙනාගේ පවුල් දෙක අතර ආරවුල් ද ඇති වී තිබූ අතර අදාළ තරුණයාගේ පියා විසින් සෙනුරිගේ මවට පහර දී ඇත්තේ එම ආරවුල හේතුවෙන්.

එම පහරදීම සම්බන්ධයෙන් ඉමාශාගේ පවුලේ පාර්ශ්වයෙන් කටුපොත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර අදාළ පැමිණිල්ල ඉල්ලා අස් කරගන්නැයි බලකරමින් ඉමාශාගේ සැමියා විසින්ද ඇයට පහර දී තිබෙනවා.

එම පහරදීම හේතුවෙන් ඉමාශා මියගොස් ඇති බවටයි ඇගේ ඥාතීන් චෝදනා කරන්නේ.

ඒ අනුව මියගිය තරුණියගේ ඥාතීන් සහ ගම්වාසීන් පිරිසක් ඇගේ දේහයද කිරිමැටියාව උණලීය මාර්ගයට රැගෙන විත් විරෝධතාවක නිරත වුණා.

පිරිස පාලනය කිරීම සදහා පොලිස් නිලධාරීන් ද යොදවා තිබුණා.

+++++++++

+


වෛද්‍ය ෂාෆිගේ නිවෙසකින් හමු වූ අබිරහස් මළසිරුර

(31.07.2024 – 21:51 +0530 – hirunews.lk/sinhala)

‘වෛද්‍ය මොහොමඩ් ෂාෆි’ ට අයත් බව කියන කලාවැව, බලලුවැව ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ තිබි සැකකටයුතු ලෙස මිය ගිය පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා.

ලද තොරතුරක් මත අද (31) ගල්කිරියාගම පොලිසිය විසින් මළ සිරුර සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.

අදාල නිවසේ කාමරයක ඇඳක් මතයි මළ සිරුර තිබී ඇත්තේ.

මෙලෙස සැකකටයුතු ලෙස මිය ගොස් ඇත්තේ අනුරාධපුර, දේවානම්පියතිස්සපුර, 4 වන පටුමග ප්‍රදේශයේ ස්ථීර පදිංචි ‘මොහොමඩ් අස්කර් මොහොමඩ් නිදාම්’ නමැති 58 හැවිරිදි එක්දරු පියෙක්.

මිය ගිය පුද්ගලයා මීට මාස කිහිපයකට ඉහතදී බලලුවැව ප්‍රදේශයේ රැකියාවක් සඳහා පැමිණ තිබෙනවා.

පසුව එම පුද්ගලයා මෙම නිවසේ තාවකාලිකව නැවතී සිට ඇති බවයි සිදුකළ මූලික පොලිස් විමර්ශණවලදී හෙළිව තිබෙන්නේ.

මිය ගිය පුද්ගලයාගේ සිරුර තිබූ ඇඳ ආසන්නයේ කුඩා මේසයක් මත තිබී ඖෂධ වර්ග කිහිපයක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

මෙම මරණය සියදිවි නසා ගැනීමක්ද, ඝාතනයක් ද, නැතහොත් ස්වභාවික මරණයක් ද යන්න තවමත් අනාවරණය කරගෙන නොමැති බවද පොලිසිය පවසනවා.

මරණය සම්බන්ධයෙන් එම නිවස භාරව සිටින බව කියන පුද්ගලයකු ඇතුළු කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට පොලිසිය පියවර ගත්තා.

අදාල නිවස මාස හයකට (6) පමණ පෙර මිල්දී ගත් එකක් බවත් එහි කඩ කාමර කිහිපයක් ඉදිකිරීමට සූදානම් බවද පැවසෙනවා.

සැක කටයුතු මරණය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිස් අපරාධ අංශ නිලධාරීන් සමග අනුරාධපුර පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විමර්ශන ආරම්භ කළා.

අද (31) පස්වරුවේ එම ස්ථානයට පැමිණී කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත් කුමාර තෙන්නකෝන් විසින් මරණය සම්බන්ධයෙන් වූ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වුවා.

මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට සිරුර දඹුල්ල රෝහලේ අධීකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කිරීමට මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළා.

ඒ අනුවයි අදාල සිරුර දඹුල්ල රෝහල වෙත රැගෙන යාමට පොලිසිය කටයුතු කළේ ෴


තැපැල් ඡන්ද ලියාපදිංචියට මැතිවරණ කොමිසමේ වෙබ් අඩවිය සූදානම්

(31.07.2024 – 15:47 +0530 – hirunews.lk/sinhala)

2024 ජනාධිපතිවරණයට අදාලව තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට ලියාපදිංචිය සඳහා අයදුම්පත්‍ර https://www.elections.gov.lk/ වෙබ් අඩවියට මේ වනවිට ඇතුලත් කර තිබෙනවා.

ඒ අනුව තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවීම අගෝස්තු 05 වනදායින් අවසන් වන බවයි මැතිවරණ කොමිසම නිවේදනය කරනු ලැබුවේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *