අමාත්‍යාංශ ලේකම්ගේ අනිසි බලපෑම් නිසා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සිය තනතුරෙන් ඉල්ලා අස්වෙයි

අමාත්‍යාංශ ලේකම්ගේ අනිසි බලපෑම් නිසා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සිය තනතුරෙන් ඉල්ලා අස්වෙයි


අමාත්‍යාංශ ලේකම්ගේ අනිසි බලපෑම් නිසා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සිය තනතුරෙන් ඉල්ලා අස්වෙයි

(27.07.2024 – 20:19 +0530 – hirunews.lk/sinhala)

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සී.පී. අතුළුවගේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

ස්වකීය ඉල්ලා අස්වීමේ ලිපිය මගින් ජනාධිපති ලේකම් එස්.බී. ඒකනායකට මේ බව දැනුම්දී ඇති අතර, එම ලිපියේ සඳහන් වී ඇත්තේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම්වරයාගේ අත්තනෝමතික මැදිහත්වීම හා අනිසි බලපෑම් හේතුවෙන් සහ වර්තමානයේදී ආයතනයේ ඉහළ කළමණාකාරීත්වය වෙත සෘජු බලපෑම් එල්ල කර මාර්ග සංවර්ධන අධිකාරියේ පරිපාලන සහ මෙහෙයුම් කටයුතුවලට සිදුකරනු ලබන අතපෙවීම් හේතුවෙන් තමා මෙම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

එමෙන්ම, මේ සම්බන්ධයෙන් මීට පෙරද ජනාධිපති ලේකම්වරයාව දැනුවත් කර ඇති බවත්, එහිදී ඔහුගේ මැදිහත් වීම මත එම කරුණු නිවැරදි කරගැනීමට අවස්ථාව ලැබුණු බවත් එම ලිපියේ සඳහන්.

තව දුරටත් කරුණු දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස හෝ අධ්‍යක්ෂ මණ්ඩලයට අනුමත කළ නොහැකි විවිධ යෝජනා සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ මතය මහාමාර්ග අමාත්‍යංශය වෙත යොමු කළ අවස්ථාවන්හී දී, ඔහු සමග රාජකාරි කටයුතු කිරීම අපහසු බව පවසමින් මෙලෙස එම අමාත්‍යංශ ලේකම්වරයා විසින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ තමා අතර ගැටුම් ඇතිකිරීමට උත්සාහ කරමින් සිටින බවටද තමන්ට දැනගැනීමට හැකිවූ බවයි.

එසේ හෙයින්, තවදුරටත් මෙවැනි අත්තනෝමතික ක්‍රියා සිදු කරනු ලබන නිලධාරියෙකු යටතේ සේවය කිරීමට තමා අකමැති බවත්, ඒ අනුව තමා සේවයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ඔහු විසින් ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමුකරමින් දැනුම් දී තිබෙනවා.

ජනාධිපති ලේකම්වරයාට යොමුකල ලිපිය :


‘ගංජා පොලිස්’ගේ වැඩ තහනම් කරයි

(27.07.2024 – 19:06 +0530 – sinhala.adaderana.lk)

= ගංජා දැමූ බව කියූ සිද්ධියේ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කරයි =

පොලිස් රථවාහන පරීක්ෂාවක් අතරතුර මෝටර් රථයක් තුළට මත්ද්‍රව්‍ය පාර්සලයක් දමා තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝවේ සිටින පොලිස් කොස්තාපලයාගේ වැඩ තහනම් කර ති‌බේ.

කොළඹ දකුණ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීගේ නියෝගයකට අනුව අදාළ පොලිස් කොස්තාපලයාගේ වැඩ තහනමට ලක් කර ඇති බව සඳහන්ය.

මෙම පොලිස් කොස්තාපලයා කොල්ලුපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අතර මොහු ඇතුළු තවත් නිලධාරීන් කණ්ඩායමක් ආනන්ද කුමාරස්වාමී සහ කර්නල් ටී.බී. ජයා මාවත අතර ප්‍රදේශයේ රාජකාරී කටයුතුවල නිරතවී සිටියදී එම සිද්ධිය ඇතිවී තිබුණි.

අදාළ පොලිස් කොස්තාපලයා පරීක්ෂා කරනු ලබන මෝටර් රථය තුළ ගංජා මත්ද්‍රව්‍ය තබා එම මෝටර් රථයේ පැමිණි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට උත්සාහ දරා ඇති බව සඳහන්ය.

එම සිද්ධිය මෝටර් රථයේ පැමිණි පිරිස් වීඩියෝ කර සමාජ මාධ්‍යට මුදාහැර ඇති අතර ඒ පිළිබඳව පොලිස් කොස්තාපලයාට බරපතළ සමාජ චෝදනාවක් එල්ල වී තිබුණි.

ඒ අනුව රාජකාරී වේලාව තුළ නිල ඇදුමින් බුලත් විටක් සපමින් සිටීම, රියදුරු හෝ රථයේ ගමන් ගත් වෙනත් පුද්ගලයෙක් සහ සහායක නිලධාරියෙකුවත් නොමැතිවර රථය පරීක්ෂා කිරීම යන චෝදනා කිහිපයක් යටතේ එම පොලිස් කොස්තාපලයාගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වෙයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


කොළඹ ත්‍රිරෝද රථ රියදුරා ඝාතනයේ සුලමුල හෙළිවෙයි

(27.07.2024 – 16:05 +0530 – sinhala.adaderana.lk)

කොළඹ වෝඩ් පෙදෙසේ දී ත්‍රිරෝද රථ රියදුරෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙක් (2) කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, ‘ත්‍රිරෝද රථ රියදුරුගේ ජංගම දුරකථනය කොල්ලකෑම’ සඳහා මෙම ඝාතනය සිදුකළ බවය.

කොළඹ, වෝඩ් පෙදෙසේ පිහිටි ජාතික දන්ත රෝහල අසල නවතා තිබූ ත්‍රිරෝද රථයක තිබී නාඳුනන පුද්ගල මළසිරුරක් පසුගිය 23 වනදා පොලීසිය විසින් සොයා ගත්තේය.

එහිදී සිදුකළ විමර්ශනවලදී අනාවරණ වුණේ තියුණු ආයුධයකින් පහරදී අදාළ ඝාතනය සිදුකර ඇති බවය.

අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් අදාළ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර තිබුණි.

සීසීටීවී දර්ශන ඔස්සේ දීර්ඝ විමර්ශනයක් සිදුකළ විමර්ශන නිලධාරීන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ත්‍රිරෝද රථයකින් ගමන්කරමින් සිටියදීය.

45 හා 38 යන වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනා (2) ගෝනවිල හා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

ඉන් එක් සැකකරුවකු සතුව තිබී ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 30 කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්ලදී අනාවරණ වී ඇත්තේ, ‘අයිස් මත්ද්‍රව්‍ය’ පානය කිරීමට මුදල් සොයාගැනීම සඳහා පුරුද්දක් ලෙස තමන් කොල්ලකෑම් සිදුකරන බවය.

සැකකරුවන්ගේ පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් දෙදෙනාට (2) අමතරව තවත් අයෙක් (1) සමගින් සපුගස්කන්ද ප්‍රදේශයෙන් කොල්ලකන ලද ත්‍රිරෝද රථයකින් පසුගිය 23 වනදා අළුයම වෝඩ් පෙදෙස දෙසට පැමිණ ඇති බවය.

ඒ, එන අතරතුරදී ත්‍රිරෝද රථයක රියදුරෙක් දුරකථන ඇමතුමක සිටින අයුරු දැක ඇති සැකකරුවන් ඔහුගේ ජංගම දුරකථනය උදුරාගැනීමට සැලසුම් කර ඇති බවය.

එහිදී ඇතිවූ පොරබැදීම අතරතුරදී එක් අයෙක් තියුණු ආයුධයකින් අදාළ රියදුරුගේ පපු ප්‍රදේශයට ඇන ඇති බව පොලීසිය සඳහන් කළේය.

එම අවස්ථාවේදී මාර්ගයට ඇදවැටුණු අදාළ රියදුරු පසුව සැකකරුවන් දෙදෙනා (2) එක්වී ඔහුගේ ත්‍රිරෝද රථයේ පසුපසට දමා ජංගම දුරකථනයට රැගෙන පළාගොස් ඇත.

එලෙස කොල්ලකන ලද ජංගම දුරකථනය රුපියල් 4,000 ක මුදලකට උකස් තබා එම මුදලින් ‘අයිස් මත්ද්‍රව්‍ය’ මිලදීගත් බවට සැකකරුවන් පැවසූ බවද පොලීසිය සඳහන් කළේය.

සැකකරුවන් දෙදෙනා (2) අධික ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් වන අතර ඝාතනය සිදුකිරීමට භාවිත කරන ලද තියුණු ආයුධය සහ ඔවුන් පැමිණි ත්‍රිරෝද රථය පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ඝාතනයට අදාළව තවත් සැකකරුවක් (1) අත්අඩංගුවට ගැනීමට නියමිතය.

+++++++++

+


LTTE පුහුණුව ලබපු ‘සුජීවා’ සල්ලි ටික හූරගෙන ‘නයන වාසුල’ වත් මරා දැම්මද? (26.07.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *