තවත් පිරමීඩ ජාවාරමකට පුද්ගලයන් 5500 ක් හසු වෙයි – රුපියල් කෝටි 350 ක මුදල් වංචාවක්

තවත් පිරමීඩ ජාවාරමකට පුද්ගලයන් 5500 ක් හසු වෙයි – රුපියල් කෝටි 350 ක මුදල් වංචාවක්


තවත් පිරමීඩ ජාවාරමකට පුද්ගලයන් 5500 ක් හසු වෙයි – රුපියල් කෝටි 350 ක මුදල් වංචාවක්

(23.07.2024 – 20:07 +0530 – sinhala.adaderana.lk)

පිරමීඩ ජාවාරමක් හරහා රුපියල් කෝටි 350 ක මුදලක් වංචා කළ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් එම මුදල වංචා කර ඇත්තේ R3Fයන යෙදුම භාවිත කරමිනි.

Ride To Three Freedom Sri Lanka නොහොත් R3F යන යෙදුම මගින් ඩිජිටල් මුදල් භාවිතය හරහා සිදුකරන පිරමීඩ ජාවාරමකින් සිදුකරන මුල්‍ය වංචාවක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි රැසක් ලැබී තිබුණි.

R3F යෙදුම හරහා විශාල වශයෙන් මුදල් උපයාගත හැකි බවට ජාවාරම්කරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාර සිදුකර තිබූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ ජවාරමට පුද්ගලයන් 5,500 ක් පමණ හසුවී ඇති බවය.

මේ හරහා ගිණුම් 31,000 ක් පමණ සකස් කර ඇති අතර පාරිභෝගිකයන්ට ජාවාරම්කරුවන් පවසා ඇත්තේ, ආයෝජනය කරන මුදල මෙන් සිව්ගුණයක් (4) මාස 10 කදී උපයාගත හැකි අතර දෛනිකව 1% ක ලාභාංශයක් ලබාගත හැකි බවටය.

මෙම ජාවාරම මගින් තමන් රුපියල් කෝටි 350 ක පමණ මුදලක් වංචා කළ බව ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරුවන් අනාවරණ කර තිබුණි.

ඉන් රුපියල් කෝටි 50 ක පමණ මුදලක් මුල් කාලයේදී ලාභ ලෙස පාරිභෝගිකයන්ට ලබාදුන් බවත්, තවත් මුදල් ප්‍රමාණයක් මෙවැනිම පිරමීඩ ක්‍රමවේදයන්ට ආයෝජනය කළ බවත් සැකකරුවන් පවසා තිබේ.

+


‘ක්ලබ් වසන්ත’ ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙක් (2) අත්අඩංගුවට

(24.07.2024 – 07:09 +0530 – sinhala.adaderana.lk)

‘ක්ලබ් වසන්ත’ ඇතුළු දෙදෙනෙකුට (2) මරු කැඳවූ වෙඩිතැබීමට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙක් (2) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ බස්නාහිර පළාත් දකුණ අපාරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.

පසුගිය ජූලි 08 වනදා අතුරුගිරිය පොලිස් වසමේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී ටී 56 ගිනිඅවිවලින් වෙඩිතබා පුද්ගලයින් දෙදෙනෙකු (2) ඝාතනය කර තිබූ අතර එම වෙඩිතැබීමෙන් තවත් සිව්දෙනෙකු (4) බරපතළ තුවාල ලැබීය.

එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේ දී ඊයේ (23) සවස අතුරුගිරිය හා බත්තරමුල්ල ප්‍රදේශවලදී එම අපරාධයට අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන අතුරුගිරිය පොලීසිය වෙත ඉදිරිපත් කර තිබේ.

එක් (1) සැකකරුවෙක් වෙඩික්කරුවන් හා ඔවුන් පැමිණි කාර් රථයේ රියදුරු, කොරතොට ප්‍රදේශයේ සිට වැලිහිඳ ප්‍රදේශය දක්වා වෑන් රථයකින් රැගෙන ගොස් බස් රථයකට නංවා එම වෑන් රථය බුලත්සිංහල ප්‍රදේශයට රැගෙන ගොස් සඟවන ලද ‘වෑන් රථ රියදුරු’ වන අතර, අනෙක් සැකකරු ඉන් අනතුරුව වෙඩික්කරුවන් සහ කාර් රථයේ රියදුරු වැලිහිඳ ප්‍රදේශයේ සිට දක්ෂිණ අධිවේගය හරහා දික්වැල්ල ප්‍රදේශය දක්වා බස් රථයකින් රැගෙන ගොස් එම බස් රථය සෙල්ල කතරගම ප්‍රදේශයේ සඟවා තබන ලද සැකකාර ‘බස් රථ රියදුරු’ වේ.

එම සැකකරු අදාළ කාලය තුළ විදේශ රටක සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සමග වට්ස්ඇප් මගින් සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

එම ජංගම දුරකථනය පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 26 හැවිරිදි සහ 36 හැවිරිදි වැලිපැන්න සහ අහුංගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය සහ අතුරුගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴

++++++

(23.07.2024 – 22:28 +0530 – hirunews.lk/sinhala)

අතුරුගිරිය ප්‍රදේශයේ දී පසුගිය 08 වැනිදා සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ‘ක්ලබ් වසන්ත’ගේ බිරිඳ, ඊයේ (22) යළිත් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතිබව වාර්තා වෙනවා.

ඒ, ඇයගේ තත්ත්වය යළිත් තරමක් දුරට අයහපත් තත්ත්වයට පත්වීම හේතුවෙන් බවටයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටා තිබූ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ දී ‘ක්ලබ් වසන්ත’ ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් සිදු වූ අතර එම වෙඩි ප්‍රහාරයෙන් ‘ක්ලබ් වසන්ත’ නැමැත්තා මියගියා ෴


වතු කම්කරුවන්ගේ අවම වැටුප රු. 1700 බව සඳහන් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කෙරේ

(24.07.2024 – 06:55 +0530 – hirunews.lk/sinhala)

වතු කම්කරුවෙකුගේ (තේ සහ රබර්) දෛනික අවම වැටුප රු. 1700 බව සඳහන් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබෙනවා.

වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීම ස්ථිර කරමින් ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කරනු ලැබුවා.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහල නැංවීමේ නිවේදනය මැයි දිනයදා ප්‍රකාශයට පත් කළ අතර 2385/14 යන අංකයෙන් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවා ෴


බැංකුවල රන් භාණ්ඩ උකසට තැබූ අයට සහන

(23.07.2024 – 15:56 +0530 – sinhala.adaderana.lk)

මහජනතාවට පොලී සහනාධාරයක් මහා භාණ්ඩාගාරය විසින් සලසාදීම සඳහා යෝග්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

තනි පුද්ගල පදනම මත 2024 ජුනි මස 30 හෝ ඊට පෙර බලපත්‍ර ලාබී බැංකු මගින් ලබාගත් රුපියල් 100,000 නොඉක්මවන උකස් අත්තිකාරම් සඳහා වාර්ෂිකව 10% ක උපරිමයකට යටත්ව මෙම පොලී සහනාධාරය ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කිරීමට නියමිතය ෴


විදෙස් සංචාරකයින්ට මෙරට රෝහල් 04 ක සුවපහසු ගෙවන වාට්ටු ස්ථාපිත කෙරේ

(24.07.2024 – 09:16 +0530 – hirunews.lk/sinhala)

විදෙස් සංචාරකයින්ට මෙරටදී සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් රෝහල් 04 ක සුවපහසු ගෙවන වාට්ටු පහසුකම් ඇති කිරීම ‌වෙනුවෙන් රුපියල් මිලියන 80 ක මුල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ සඳහා සංචාරක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව මෙරට සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කරමින් විදෙස් සංචාරකයින්ගේ සෞඛ්‍යමය ආරක්ෂාව සැළසීම අරමුණු කරගෙන සෞඛ්‍ය පහසුකම් අවම ප්‍රදේශවල සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට අදාලව අබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පසුගිය 22 වනදා කොළඹදී සිදු විය.

මෙම ගීවිසුම් ගතවීම අනුව දඹුල්ල, බණ්ඩාර‌‌වෙල, පොතුවිල් සහ තිස්සමහාරාම රෝහල් සංවර්ධනය කිරීමට නියමිත අතර, ඉහත සදහන් එක් රෝහලක සුවපහසු ගෙවන වාට්ටු පහසුකම් ඇති කිරීම ‌වෙනුවෙන් රුපියල් මිලියන 20 බැගින් රුපියල් මිලියන 80 ක මුල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම ‌වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට අමතරව බුද්ධ ශාසන අමාත්‍යාංශය, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය ද මෙහිදී අවබෝධතා ගිවිසුම් අත්සන් කෙරිණ ෴


විදේශ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි තුනක් (3) වංචා කළ තුන්දෙනෙකු (3) අත්අඩංගුවට

(24.07.2024 – 09:21 +0530 – hirunews.lk/sinhala)

කාන්තාවන් විදේශ රටවලට යවන බව පවසා කාන්තාවන් 12 දෙනෙකුගෙන් රුපියල් කෝටි තුනහමාරකට (3½) අධික මුදලක් වංචා කළ කාන්තවන් දෙදෙනෙකු (2) හා පිරිමි පුද්ගලයෙකු (1) යාපනය පොලීසිය විසින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුදල් ගෙවා මාස හතරකට (4) වඩා වැඩි කාලයක් ගත වී ඇතත් ඔවුන්ට විදේශ රැකියා නොලැබුණු හෙයින් කාන්තාවක් හතර දෙනෙකු (4) යාපනය පොලීසියට කල පැමිණිල්ලක් මතයි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් තුන්දෙනා (3) ගෙන් කාන්තාවන් දෙදෙනා (2) යාපනයේ පදිංචිකාරියන් වන අතර, පිරිමි පුද්ගලයා (1) දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුවන් යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට යාපනය පොලීසිය පියවර ගෙන තිබෙනවා ෴


කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්

(24.07.2024 – 11:13 +0530 – hirunews.lk/sinhala)

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක් හටගෙන ඇති බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

හයමහල් (6) ගොඩනැගිල්ලේ බිම් මහලේ විදුලි පද්ධතිය සම්බන්ධ ස්ථානයෙන් ගින්න හටගෙන ඇති බව පැවසේ .

කළුතර මහ නගර සභාවේ ගිනිනිවන රථ දෙකක් (2) යොදා ගින්න පාලනය කරමින් සිටින අතර ගින්න පාලනය කිරීමට එක්ව සිටි ගිනි භටයෙකු ද තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා ෴

++++++++

+

+


‘බැලට් පේපරෙන්’ තීරණය වෙන මැතිවරණ වියදම

(24.07.2024 – 13:04 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි ජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 800 ක් පමණ වැයවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති බව රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේ පවසනවා.

මැතිවරණ දෙකක් (2) පැවැත්වීමට ප්‍රමාණවත් කඩදාසි මුද්‍රණාලය සතුව පවතින බවයි ඇය සඳහන් කළේ.

මැතිවරණ කොමිසම හෙට (25) දිනයේ රැස්වී ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මේ සති අන්තයට පෙර ජනාධිපතිවරණ දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇති.

මේ අතර ජනාධිපතිවරණයේදී අගල් 26 ක ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය කිරීමට සිදු වුවහොත් මෙවර ජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 600 ත් 800 ත් අතර මුදලක් වැය වනු ඇති බව රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේ පවසනවා.

අප කළ විමසීමකදී ඇය සඳහන් කළේ කඩදාසි පිරිවැය සිව් (4) ගුණයකින් වැඩිවීම, විදුලි බිල වැඩිවීම හා සේවක ගාස්තු ඇතුළු සියල්ල සමඟ මෙම පිරිවැය ගණන් බලා ඇති බවයි.

එසේම මැතිවරණ 2 ක් පැවැත්වීමට තරම් කඩදාසි මුද්‍රණාලය සතුව පවතින බැවින් මැතිවරණ 2 කට අදාළව මුද්‍රණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය වුවහොත් එයටද සූදානම් බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වා ඇතුළු පිරිසක් ද අද (24) මැතිවරණ කොමිෂමට පැමිණියා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *