රු. 1,500 දඩය රු. මිලියනයකට ඉහළ දැමූ ගැසට්ටුවක්

රු. 1,500 දඩය රු. මිලියනයකට ඉහළ දැමූ ගැසට්ටුවක්


රු. 1,500 දඩය රු. මිලියනයකට ඉහළ දැමූ ගැසට්ටුවක්

(22.07.2024 – mawbima.lk)

විවිධ අපරාධ සඳහා අධිකරණයකට පැනවිය හැකි උපරිම දඩ මුදල් ප්‍රමාණය ඉහළ දමමින් අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

ඒ සඳහා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කළ පනත් කෙටුම්පත පසුගියදා ගැසට් කළා.

රුපියල් 1,500 ක්ව පැවති ඇතැම් දඩ මුදල් නව පනත් කෙටුම්පතින් රුපියල් මිලියනයක් (10,00,000) දක්වා ඉහළ නංවා තිබීම ද විශේෂත්වයක්.

බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙනවා.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ වගන්ති කිහිපයක් මෙමගින් සංශෝධනය කර ඇති අතර මහේස්ත්‍රාත් අධිකරණයකට පැනවිය හැකි උපරිම දඩ මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට ඉන් යෝජිතයි.

ඒ අනුව කලහ කිරීමේ චෝදනාව සඳහා රුපියල් 100 ක්ව පැවැති දඩ මුදල රුපියල් 10,000 ක් දක්වා ඉහළ දැමීමට යෝජනා කර තිබෙනවා.

ඡන්ද විමසීමක් සම්බන්ධ අල්ලස් දීමක් සඳහා රුපියල් 500 ක්ව පැවැති දඩ මුදල රුපියල් මිලියනයක් (10,00,000) දක්වාත්, ඡන්ද විමසීමක් සම්බන්ධව සංග්‍රහ කිරීමෙන් අල්ලස් දීමකදී අය කළ රුපියල් 200 ක දඩ මුදල රුපියල් 750,000 ක් දක්වා ඉහළ දැමීමට මෙම කෙටුම්පතින් යෝජිතයි.

ඡන්ද විමසීමකදී අයුතු බලපෑම් කිරීම සම්බන්ධයෙන් රුපියල් 500 ක්ව පැවැති දඩ මුදල රුපියල් ලක්ෂයක් (100,000) දක්වා ඉහළ දැමීමට යෝජනා කර තිබෙනවා.

එමෙන්ම ඡන්ද විමසීමකදී අන් අයෙකුගේ නාමයෙන් පෙනී සිටීමේ වරදට අය කෙරුණු රුපියල් 300 ක දඩ මුදල ද රුපියල් ලක්ෂයක් (100,000) දක්වා ඉහළ දැමීමට යෝජිතයි.

රජයේ සේවකයෙකු විසින් සිතාසි හෝ වෙනත් නියෝග භාර දෙනු ලැබීම වැළැක්වීම සඳහා පැනගොස් සැඟව සිටීමේ වරදට රුපියල් 50 ක දඩයක් මෙතෙක් පැවති අතර එය රුපියල් 50,000 ක් දක්වා ඉහළ දැමීමට යෝජනා කර තිබෙනවා.

විකිණීමට අදහස් කරන ආහාර හෝ පාන අහිතකර පරිද්දෙන් බාල කිරීමේදී රුපියල් 100 ක්ව පැවැති දඩ මුදල රුපියල් ලක්ෂයක් (100,000) දක්වාත්, ආහාර පාන අහිතකර බව දැන දැනම ඒවා ආහාර පාන වශයෙන් විකිණූ විට අයකළ රුපියල් 100 ක දඩ මුදල වෙනුවට, මාස 6 ක කාලයකට බන්ධනාගාරගත කිරීමක් හෝ රුපියල් 100,000 දක්වා දඩ මුදලක් නියම කිරීම හෝ එම දඬුවම් දෙකම (2) හෝ නියම කිරීමට නව පනත් කෙටුම්පතින් යෝජිතයි.

අලෙවිය පිණිස ඇති ඖෂධ සංයෝගයක ගුණය අඩුවන පරිදි, එහි ක්‍රියාකාරීත්වය අඩුවන පරිදි හෝ එය අහිතකරවන පරිදි බාල කිරීමේදී, මාස 6 ක කාලයකට බන්ධනාගාරගත කිරීමක් හෝ රුපියල් 100,000 දක්වා දඩ මුදලක් නියම කිරීම හෝ එම දඬුවම් දෙකම (2) හෝ නියම කිරීමට මෙමගින් යෝජනා කර තිබෙනවා.

එසේම බාල කරනු ලැබූ බව දන්නා යම් ඖෂධයක් විකිණීම සඳහා තැබීම හෝ බෙහෙත් ශාලාවකින් නිකුත් කිරීමේදී හා යම් ඖෂධයක් වෙනස් ඖෂධ සංයෝගයක් වශයෙන් දැනගෙනම විකිණීම හෝ බෙහෙත් ශාලාවකින් නිකුත් කිරීමේදී මාස 6 ක කාලයකට බන්ධනාගාරගත කිරීමක් හෝ රුපියල් 100,000 දක්වා දඩ මුදලක් නියම කිරීම හෝ එම දඬුවම් දෙකම (2) හෝ නියම කිරීමට මෙමගින් යෝජනා කර ඇති අතර, එම වැරදි සම්බන්ධයෙන් දැනට පවතින්නේ රුපියල් 100 ක දඩයක්.

පොදු උල්පතක හෝ ජලාශයක ජලය අපවිත්‍ර කිරීමේ වරදට මෙතෙක් පැවැති මාස 3 ක බන්ධනාගාරගත කිරීමේ කාලය මාස 6 ක් දක්වා දීර්ඝ කිරීමට යෝජනා කර ඇති අතර ඒ සඳහා පැවැති රුපියල් 50 ක දඩ මුදල ද රුපියල් ලක්ෂයක් (100,000) දක්වා ඉහළ දැමීමට යෝජනා කර තිබෙනවා.

මනුෂ්‍ය ජීවිතයට අන්තරායකර වන පරිදි අපරික්ෂාකාරී ලෙස හෝ නොසැළකිලිමත් ලෙස මහා මාර්ගයක රිය පැදවීම හෝ සතෙකු පිට යෑමේ වරදට අදාළ දඩුවම් හා දඩ මුදල් ද නව කෙටුම්පතින් වෙනස් කර ඇති අතර, ඒ අනුව මාස 6 ක බන්ධනාගාරගත කිරීම හෝ රුපියල් 100 ක දඩය හෝ එම දඩුවම් දෙකම (2) වෙනුවට රුපියල් 75,000 කට නොඅඩු දඩ මුදලක් හා මාස 6 ක් නොඉක්මවන කාලයකට බරපතළ වැඩ සහිතව බන්ධනාගාරගත කිරීමක් හෝ එම දඩුවම් දෙකම (2) ලබා දීමට මෙමගින් යෝජිතයි.

එසේම ඔහුගේ රියදුරු බලපත්‍රය අවලංගු කිරීමට ද නව පනත හරහා අධිකරණ අමාත්‍යවරයා යෝජනා කර තිබෙනවා.

මනුෂ්‍ය ජීවිතයට අන්තරායදායක වන පරිදි යම් විෂ ද්‍රව්‍යයන් පිළිබඳ කටයුතු කිරීමේදී රුපියල් 100 ක්ව පැවැති දඩ මුදල රුපියල් 50,000 ක් දක්වා ඉහළ යනු ඇති.

තමා සන්තකයේ සිටින යම් සතෙකුගෙන් මනුෂ්‍ය ජීවිතයට වන අන්තරායක් හෝ බරපතළ තුවාලයක් වැළැක්වෙන පරිදි එම සත්ත්වයා රැක බලා ගැනීම පැහැර හැරීමේදී මෙතෙක් රුපියල් 100 ක්ව පැවැති දඩ මුදල වෙනුවට මාස 6 ක කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමක් හෝ රුපියල් 20,000 ක් දක්වා විය හැකි දඩ මුදලක් හෝ එම දඬුවම් දෙකම (2) හිමිවිය හැකියි.

මහජන කරදරයක් සිදු කිරීමට අදාළව රුපියල් 50 ක්ව පැවැති දඩ මුදල රුපියල් 20,000 ක් දක්වා ඉහළ දැමීමට නව කෙටුම්පතින් යෝජනා කර තිබෙනවා.

මනුෂ්‍ය ජීවිතයට අන්තරායදායක වන අන්දමේ ක්‍රියාවක් සැහැසි ලෙස හෝ නොසැළකිලිමත් ලෙස කිරීමෙන් බරපතළ තුවාල සිදු කිරීමේ වරදට රුපියල් දහසක්ව (1000) පැවැති දඩ මුදල රුපියල් 150,000 දක්වා ඉහළ දැමීමට ද නව කෙටුම්පතින් යෝජිතයි.

යම් තැනැත්තෙකු අයුතු ලෙස සිර කර තැබීමේ වරදට රුපියල් ලක්ෂ 5 ක දඩයක් යෝජනා කර ඇති අතර මීට පෙර එම වරදට පැවතියේ රුපියල් 1,000 ක දඩයක්.

යම් තැනැත්තෙකු අයුතු ලෙස සිර කර තැබීමට තැත් කිරීමේදී අඩන්තේට්ටම් කිරීම හෝ සාපරාධ බලහත්කාරකම් පෑමේදී රුපියල් 1,000 ක්ව පැවැති දඩ මුදල රුපියල් ලක්ෂ 5 ක් දක්වා ඉහළ දැමීමට නව කෙටුම්පතින් යෝජනා කර තිබෙනවා.

ගෙයකට අයුතු ලෙස ඇතුළු වීමේ වරදට රුපියල් 1,000 ක්ව පැවැති දඩ මුදල රුපියල් 150,000 දක්වා ඉහළ නැංවීමටද මෙමගින් යෝජිතයි.

ප්‍රසිද්ධ හොරෙකු නිකරුණේ ගැවසීමේදී මෙතෙක් පැවතියේ රුපියල් 50 ක දඩ මුදලක් වන අතර එම දඩ මුදල වෙනුවට මාස 3 ක බන්ධනාගාරගත කිරීමක් හෝ රුපියල් 20,000 ක දඩ මුදලක් හෝ එම දඩුවම් දෙකම (2) හෝ ලබා දීමට නව කෙටුම්පතින් අධිකරණ අමාත්‍යවරයා යෝජනා කර තිබෙනවා ෴


වැඩබලන අධ්‍යක්ෂවරයා ඉවත් නොකළහොත් හෙට (23) සිට සෞඛ්‍ය වර්ජනයක්

(22.07.2024 – 17:45 +0530 – hirunews.lk/sinhala)

‘ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා’ ඉවත් නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය’ පවසනවා.

එම වෘත්තීය ක්‍රියාමාර්ගය හෙට (23) සිට දියත් කරන බවයි එම සංගමය සඳහන් කර ඇත්තේ ෴


අනුර පච කෙලින්ම එපා හලෝ… මුන් ඔක්කම ඉන්න ඕනේ ඇතුලේ – හිරේ ඉදලා ආපු ඥානසාර හිමියෝ.. (22.07.2024)

+


රට ව්‍යාකූල කිරීමේ තවත් තුරුම්පුවක් ලෙස ආණ්ඩුව ගෙනැවිත් ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමට කටයුතු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (2024.07.22) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

+

+


ක්ලබ් වසන්තට ගේම දුන්න සිද්ධියේ අලුත් කතාවක් එළියට |ටැටු දුලාන්ට පොලිසියෙන් බලපෑමක් |නීතිඥයා හෙළිකරපු දේ (22.07.2024)

+


කොටීන් වල දැමූ රත්‍රං සෙවූ ලුතිනන්වරයා අත්අඩංගුවට

(23.07.2024 – 08:16 +0530 – hirunews.lk/sinhala)

අති සංවේදී ස්කෑන් යන්ත්‍ර මගින් එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යුධ සමයේ වලදමා ඇති බවට සැකකරන අවි ආයුධ සහ රත්‍රං සෙවීම් කරමින් සිටි යුධ හමුදා ලුතිනන්වරයකු සහ තවත් සැකකරුවන් තිදෙනෙකු (3) වි‍ශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, විශේෂ කාර්ය බලකාය විසින් පසුගියදා (21) මන්නාරම පොලිස් වසමේ තාල්පාඩු පාර, තාරාපුරම් ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකදීයි.

එහි දී එම අවි ආයුධ සහ රත්ත්‍රං සහිත ස්ථානය පරීක්ෂා කිරීම සඳහා බලපත්‍රයක් හෝ වෙනත් අවසරයක් ලබා ගැනීමකින් තොරව පොළොව ගැඹුර නිරීක්ෂණය කරන අධි සංවේදී උපකරයක් ආධාරයෙන් පරික්ෂා කරමින් සිටි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරදු 49 ක්වන යුධ හමුදා ලුතිනන්වරයා සහ කඩුවෙල, වව්නියාව, අනුරාධපුර ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 29 ත් 62 ත් අතර පුද්ගලයන් තිදෙනෙකු (3) මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම පොළොව අභ්‍යන්තරය නිරීක්ෂණ කරන අධි සංවේදි උපකරණය සහ ලැප්ටොප් පරිඝණක් ද මේ සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා ෴


Telewekiya – 10.07.2024

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *