සෙමට දුන් එන්නතක් නිසා සිසුන් සිසුන් 11 දෙනෙකුට අසාධ්‍යයි

සෙමට දුන් එන්නතක් නිසා සිසුන් සිසුන් 11 දෙනෙකුට අසාධ්‍යයි


සෙමට දුන් එන්නතක් නිසා සිසුන් සිසුන් 11 දෙනෙකුට අසාධ්‍යයි

(15.07.2024 – 07:01 +0530 – hirunews.lk/sinhala)

මිහින්තලය ප්‍රදේශයේ පාසලක සිසුන් සඳහා මිහින්තලය ප්‍රාදේශීය රෝහලෙන් ලබා දුන් එන්නතකින් අනතුරුව අසාධ්‍ය තත්ත්වයට පත් වූ සිසුන් 11 දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ප්‍රථිකාර සඳහා ඇතුලත් කර තිබෙනවා.

මෙලෙස එන්නත ලබා ගැනීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයට පත්ව ඇත්තේ මිහින්තලය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 06 ත් 13 ත් අතර වයස් සීමාවන්වල පසුවන සිසුන් පිරිසක්.

මෙම සිසුන් පිරිස ඊයේ (14) දින සෙම් රෝගය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනිම සඳහා මිහින්තලය රෝහලට ගිය අවස්ථාවේදී ලබාදුන් එන්නතක් විෂ විමෙන් ඔවුන් ආසාධ්‍ය ත්ත්වයට පත් වී තිබෙනවා.

අනතුරුව එම සිසුන් පිරිස වැඩිදුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් උතුරු මැද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කොට තිබෙනවා.

++++++++++

+


රුපියල් කෝටි හයක (6) නීති විරෝධී වාහන මහනුවරින් කොටුවෙයි

(14.07.2024 – 23:08 +0530 – hirunews.lk/sinhala)

නීත්‍යානුකූල අයිතිය තහවුරු කළ නොහැකි රුපියල් කෝටි හයකට (6,00,00,000)අධික වටිනා සැකකටයුතු වාහන කිහිපයක් මහනුවර අවටින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩිෆෙන්ඩර් රථයක්, ප්‍රාඩෝ රථයක් සහ අශ්වබල 1,000 යතුරුපැදියක් මෙසේ මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

මධ්‍යම පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකට ලැබුණ පෞද්ගලික තොරතුරකට අනුව වැටලීම සිදුකර තිබෙනවා.

අස්ගිරිය ප්‍රදේශයෙන් ඩිෆෙන්ඩර් රථයද අකුරණ ප්‍රදේශයන් ප්‍රාඩෝ රථය සහ අධිබල යතුරුපැදිය අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

ව්‍යාජ අංක තහඩු සවිකොට තිබූ සැකකටයුතු වාහන සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන සිදුකරනවා ෴


දැරියන් අපයෝජනය කළ නැටුම් වල්ගුරා අත්අඩංගුවට

(14.07.2024 – 21:08 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්)

බාලවයස්කාර දැරියන්ට ලිංගික අතවර කළ බව කියන උපකාරක පන්ති වල්ගුරෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රණාල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි නර්ථන පන්ති වල්ගුරෙක්.

සැකකරු විසින් සිය නර්ථන පන්තියට පැමිණි දැරියන්ව අපයෝජනයට ලක්කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ ෴


දකුණු කොරියානු සංචාරිකාව මිරිස්ස මුහුදු දියේ ගිලී මරුට

(14.07.2024 – 18:39 +0530 – hirunews.lk/sinhala)

සංචාරයකට පැමිණි විදේශික තරුණ කාන්තාවක් දියේ ගිලී මියගොස් තිබෙනවා.

මිරිස්ස මුහුදු වෙරළේ දිය නාමින් සිටියදී ඇය දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වැලිගම පොලිසිය පැවසුවේ.

ඊයේ (13) පස්වරුවේ අදාළ අනතුර සිදුව ඇති බවද පොලිසිය පවසනවා.

දකුණු කොරියාවේ සිට මෙරට සංචාරයට පැමිණි ඇය 37 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වුණේ.

ඇය දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටියදී වෙරළ ආරක්ෂක බළකායේ ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ඇය ගොඩට රැගෙනවිත් තිබුණා.

අනතුරුව මාතර රෝහලට ඇතුළත් කොට තිබුණද ඒ වන විටත් ඇය මියගොස් තිබූ බවයි රෝහල් ආරංචි මාර්ග වාර්තා කළේ.

වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා ෴


මීගමුව මහේස්ත්‍රාත්වරයාගේ අත්සන ව්‍යාජව යොදා රුපියල් ලක්ෂ 35 ක් වංචා කරලා

(14.07.2024 – 14:39 +0530 – hirunews.lk/sinhala)

මීගමුව මහේස්ත්‍රාත්වරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා නඩු වාර්තාවක් සකස් කර රුපියල් ලක්ෂ 35 ක මුදලක් ලබාගත් හිටපු අධිකරණ සේවකයෙකු ‘මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ’ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘නීතිපති දෙපාර්තමේන්තුවේ සහ කොළඹ අලුත් කඩේ මහ අධිකරණයේ තෝල්ක මුදියන්සේ’ ලෙස හදුන්වා දෙමින් සැකකරු මෙම මුදල ලබාගෙන ඇත්තේ ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන්’ පැවරූ නඩුවකට අදාලව වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට පනවා තිබූ ගුවන් ගමන් තහනමක් ඉවත් කර ගැනීම සඳහායි.

පසුව සිය ගුවන් තහනම ඉවත් නොවීම සම්බන්ධයෙන් අදාල පුද්ගලයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාවරයා මුනගැසී විමසා තිබෙනවා.

එහිදී ගුවන් ගමන් තහනම ඉවත් කර ගැනීම සඳහා ඔහුට ලබා දී ඇති නඩු වාර්තාව මහේස්ත්‍රාත්වරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කර ඇති බව අනාවරණය වී ඇති බව සඳහන්.

ඒ අනුව හැඳල වත්තල ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක බිරිද සමග සැගව සිටියදී සැකකාර ‘හිටපු අධිකරණ සේවකයා’ අත්අඩංගුවට ගෙන තිබුණා.

මොහු ‘වැළිසර අධිකරණයේ කාර්යාල කාර්ය සහායකවරයෙකු’ ලෙස සේවය කරමින් සිටියදී මෙවැනිම වංචා සිදුකර රැකියාව අහිමි වී සිර ගතව සිටි පුද්ගලයෙකු බව සඳහන් ෴


පිලිකා රෝග නිට්ඨාවට සුව කරන දේශීය වෙදැදුරාණෝ (14.07.2024)

+


බස් රථයක් තුළදී තරුණියකගේ කොණ්ඩය කැපූ මවුලවියා අත්අඩංගුවට

(14.07.2024 – 15:14 +0530 – sinhala.adaderana.lk)

මගී බස් රථයක් තුළදී තරුණියකගේ කොණ්ඩයෙන් අඩියක පමණ කොටසක් කපා වෙන් කොට දැමූ මවුලවියෙකු බව සඳහන් පුද්ගලයෙකු මහනුවර පොලීසිය මගින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර-වත්තේගම මාර්ගයේ ගමන් ගත් බස් රථයක ගමන් ගනිමින් සිටියදී තම අසුනට පසූපස අසුනේ වාඩිවී සිටි සැකකරු සිය වරලසේ අඩියක් පමණ කොටසක් කතුරකින් කපා දැමූ බව මඩවල පදිංචි 26 හැවිරිදි තරුණියක් මහනුවර පොලීසියට පවසා තිබුණි.

කටුගස්තොට-වට්ටාරන්තැන්න මංසන්ධිය ආසන්නයේ දී තම කොණ්ඩය සැකකරු විසින් කපන අයුරු දැක ඇති තරුණිය කෑ ගසා බස් රථයේ සෙසු මගීන් ගේ සහාය ඉල්ලා තිබුණාය.

එම අවස්ථාවේ කොන්දොස්තරවරයා සහ මගීන් කිහිපදෙනෙකු පැමිණ සැකකරු අල්ලාගෙන තිබේ.

පසුව සැකකරුව එම බස් රථයෙන්ම ගෙනැවිත් මහනුවර පොලීසියට භාරදී තිබුණි ෴

+++++++++

+


පැහැරගෙන ගොස් පුද්ගලයෙකු ඝාතනය කරයි

(15.07.2024 – 10:19 +0530 – hirunews.lk/sinhala)

පැහැරගෙන ගොස් පුද්ගලයෙකු ඝාතනය කර ඔහුට අයත් කැබ් රථය තුළ පුලුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු (1) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙරේදා (13) අලුයම ඝාතනයට ලක්වූ ත්‍රිකුණාමලය – ඇලස්වත්ත ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි මෙම පුද්ගලයා එම ප්‍රදේශයේ වෙළඳසැළක් පවත්වාගෙන ගොස් ඇති අතර, එම ස්ථානයට පැමිණි පිරිසක් පහරදී ඔහුව කැබ් රථයේ නංවාගෙන ගොස් තිබුණා.

අනතුරුව ඔහුව ඝාතනය කර පුලුස්සා කැබ් රථය තුළ දමා තිබියදී හමුව ඇත්තේ මොරවැව කැලෑ ප්‍රදේශයක තිබියදියි.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තුන්දෙනෙකු (3) හඳුනාගෙන ඇති අතර, ඒ අතරින් අත්අඩංගුවට ගත් පුද්ගලයා 24 හැවිරිදි කුච්චවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴


ශාන්තිකර්මය කළ වල් පූසා­රියා දැරියව ගැබිනියක් කරලා

(15.07.2024 – 09:40 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්)

බදුල්ල, ලුණු­ගල ප්‍රදේ­ශයේ පත්තිනි දේවා­ල­යක වල් පූසා­රියෙකු හොප්ටන් ප්‍රදේ­ශයේ 14 හැවි­රිදි බාල­ව­ය­ස්කාර දැරියක දූෂණයට ලක්කර සති පහක (5) ගැබි­නි­යක් කළ බවට සැක­පිට ලුණු­ගල පොලි­සිය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නමු­ණු­කුල සී.වී. දෙවන කොටසේ පදිංචි, ලුණු­ගල හොප්ටන් ප්‍රදේ­ශයේ පත්තිනි දේවා­ල­යක පූසා­රියෙකු ලෙස කට­යුතු කරන 30 හැවි­රිදි අවි­වා­හක පුද්ගලයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙහිදී දැරිය දින කිහිපයක සිට නොරි­ස්සුම් ගති­ය­කින් තරහා යමින් විවිධ දේ දොඩ­ව­මින් කෑග­ස­මින් හැසි­රී­මට පටන් ගෙන ඇති අතර, ඒ සම්බ­න්ධ­යෙන් දැරි­යගේ මිත්ත­ණිය මෙම වල් පූසා­රියා හමුවී ඒ බව පවසා තිබෙනවා.

එම අවස්ථාවේදී මෙම දැරි­යට ‘කළු­කු­මාර දිෂ්ටිය’ වැසී ඇති බවත්, ශාන්ති­ක­ර්ම­යක් මාර්ග­යෙන් යන්ත­ර­යක් දමා එම ‘කළු­කු­මාර දිෂ්ටිය’ ඉවත් කළ යුතු බවත් ඇයට පවසා තිබෙනවා.

ඒ අනුව වල් පූසාරිවරයා එම දේවා­ලයේ ආව­තේව කට­යුතු සිදුකරන පුද්ග­ල­යෙකු සමග දැරි­යගේ නිවෙසට පැමිණ ‘කළු­කු­මාර දිෂ්ටිය’ පළවා හැරීමට අදාළ ශාන්ති­ක­ර්මය අරඹා තිබෙනවා.

එසේ වල් පූසා­රි­ව­රයා දැරි­යට නිවසේ සාලයේ සිට ‘කළු­කු­මාර දිෂ්ටිය’ පලවා හැරී­මට ශාන්ති­ක­ර්මය සිදුකරන අතරතුරේ අලු­යම වල් පූසා­රි­ව­රයා දැරි­යට යන්ත­ර­යක් දැමී­මට ඇති බව පවසා නිවැ­සි­යන්ට නිව­සෙන් පිට­තට යන ලෙස පවසා නිවසේ දොර වසා දැරියව දූෂ­ණය කර ඇති බවයි පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

අන­තු­රුව ශාන්ති­ක­ර්මය නිමවී වල් පූසා­රිවරයා ගොස් ඇති අතර, ටික දින­කින් උද­රා­බාධ අමා­රු­වක් හේතු­වෙන් මිත්ත­ණිය විසින් දැරිය බදුල්ල ශික්ෂණ රෝහ­ලට ඇතු­ළත් කර තිබෙනවා.

බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය­ව­රුන් දැරිය පරීක්ෂා කර බලා ඇය ස්ත්‍රි දූෂ­ණ­ය­කට ලක්වී සති පහක (5) ගැබි­නි­යක බවට අනා­ව­ර­ණය කිරී­මෙන් අන­තු­රුව පොලිසිය දැරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අදාල වල් පූසාරිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


දින 74 කට පසු ‘සරසවි අනධ්‍යයන වර්ජනය’ අවසන් කිරීමේ තීරණයක්

(15.07.2024 – 07:48 +0530 – hirunews.lk/sinhala)

දින හැත්තෑ-හතරක (74) කාලයක් පැවැති විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන් කිරීමට ‘අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව’ ඒකමතිකව තීරණය කර තිබෙනවා.

ඒකාබද්ධ කමිටුවට අයත් සියලුම වෘත්තීය සමිතිවල නායකයින් කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලට රැස් වී මෙම තීරණය ගෙන ඇති අතර, සේවයට පැමිණීම සඳහා වන කොන්දේසි ඇතුළත් ගිවිසුමකට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඒකාබද්ධ කමිටුව අද අත්සන් කිරීමට නියමිතයි.

එම ගිවිසුමට අත්සන් කිරීමෙන් අනතුරුව ඔවුන් හෙට (16) සිට සේවයට වාර්තා කරනු ඇති.

යෝජිත ගිවිසුම සකස් කිරීම සඳහා සය දෙනකු (6) ගෙන් යුත් කමිටුවක් ඒකාබද්ධ කමිටුව විසින් පත් කරනු ලැබුවා ෴


තණමල්විල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ චිකාගෝ පන්නයේ කෙරුවාව | සාදය තිබ්බ ගේ කඩාගෙන කැබ් එකෙන් ඇතුළට ඇවිත් (15.07.2024)

+


දුර­ක­ත­න­ය­කින් ‘සිංහ­බාහු’ වීඩියෝ කර සමාජ ජාලා දැමූ­ අයකු රිමාන්ඩ්

(15.07.2024 – gossiplankanews.com)

ආචාර්ය සෝම­රත්න දිසා­නා­යක විසින් අධ්‍ය­ක්ෂ­ණය කරනු ලැබූ ‘සිංහ­බාහු’ සින­මා­ප­ටය සිනමා ශාලා­ව­කදී අන­ව­ස­ර­යෙන් පටි­ගත කොට facebook හා සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා­හළ පුද්ග­ල­යකු ලබන 17 දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස මහ­නු­වර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය නියෝග කර තිබේ.

‘බුද්ධි­මය දේපොළ පනත’ යටතේ ශ්‍රී ලංකා පොලිස් නිල­ධා­රීන් විසින් අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු වෙනු­වෙන් නීතිඥ මඬුල්ල කළ ඇප ඉල්ලීම ප්‍රති­ක්ෂේප කර­මින් සැක­කරු බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස අධි­ක­ර­ණය නියෝග කර තිබේ. සැක­කරු විසින් මුදා­හළ එම සිනමා පටයේ දර්ශ­නය මේ වන විට මිලි­ය­න­ය­කට අධික ප්‍රමා­ණ­යක් නරඹා ඇති බව වාර්තා වන බව සැක­කරු ඉදි­රි­පත් කර­මින් පොලී­සිය අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය. අති විශාල පිරි­වැ­යක් දරා නිෂ්පා­ද­නය කර ඇති සිංහ­බාහු වැනි සිනමා පට කිසිදු අව­ස­ර­ය­කින් තොරව මෙලෙස පටි­ගත කිරී­මෙන් මේ වන විටත් ශ්‍රී ලාංකේය සිනමා ශාලා තුළ අති සාර්ථ­කව තිර­ගත වන සිනමා පට­ය­කට කර ඇති ආර්ථි­ක­මය හානිය පිළි­බ­ඳව අග­ති­යට පත් පාර්ශ්වය වෙනු­වෙන් අධි­ක­ර­ණය හමුවේ නීති­ඥ­යින් කළ කරුණු දැක්වීම සලකා අධි­ක­ර­ණය සැක­කරු රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කළේය ෴


විදේශ රැකියා අපේක්ෂිතයන්ට කාර්යාංශයෙන් යළි දැනුම්දීමක්

(15.07.2024 – 11:19 +0530 – hirunews.lk/sinhala)

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනය ලියාපදිංචි වී ඇත්දැයි සොයාබලන ලෙස ‘විදේශ සේවා නියුක්ති කාර්යාංශය’ යළි දැනුම් දෙනවා.

එම ආයතනවලට ‘විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ’ ලියාපදිංචි වී තිබුණත් ‘ඊට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි’ යන්න සොයා බලන ලෙසයි ඔවුන් කියා සිටියේ.

ඊට අදාළ තොරතුරු 1989 ක්‍ෂණික දුරකතන අංකය මගින් හෝ එම කාර්යාංශයේ වෙබ් අඩවියට ( https://www.slbfe.lk/ ) පිවිසීමෙන්ද ලබාගත හැකියි ෴


අගෝස්තු 30 ට පෙර වන්දි ගෙවන්න හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නියෝග

(15.07.2024 – 12:19 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට ගෙවිය යුතු හිඟ වන්දි මුදල 2024 අගෝස්තු 30 වැනිදාට පෙර ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නියෝග කර තිබෙනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන්දි ගෙවීමට නියම වී සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන මහත්වරු තමන්ට ගෙවීමට නියමිත වන්දි මුදල් අගෝස්තු මස 30 වනදාට පෙර ගෙවා අවසන් කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

එදිනට පෙර අදාළ මුදල් ගෙවා අවසන් නොකරන්නේ නම් එම පුද්ගලයින්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ ලබන සැප්තැම්බර් මස 20 වනදාට පෙර චෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් සත් (7) පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ල විසින් නීතිපතිවරයාට නියෝග කර තිබෙනවා ෴


ජනපතිවරණය කල් දමන්නැයි ඉල්ලූ පෙත්සම රුපියල් ලක්ෂ 05 ක නඩු ගාස්තුවට යටත්ව විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි

(15.07.2024 – 14:42 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත්ව සම්මත කර නොමැති නිසා එය ජනමත විචාරණයකින් අනුමත වන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම රුපියල් ලක්ෂ 05ක නඩු ගාස්තුවට යටත්ව විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

එම නඩු ගාස්තු ජුලි මස 31 වනදාට පෙර ගෙවිය යුතු බවත් නියෝග කෙරුණා.

ඊට අමතරව අදාල පෙත්සම ඉදිරිපත් කළ නීතිඥ අරුණ ලක්සිරිට අග විනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *