වෙඩි කෑ වසන්ත සහ ටැටූ ව්‍යාපාරිකයා අතර සම්බන්ධය වසන්තගේ පවුලේ ඥාතියෙක් හෙළි කරයි

වෙඩි කෑ වසන්ත සහ ටැටූ ව්‍යාපාරිකයා අතර සම්බන්ධය වසන්තගේ පවුලේ ඥාතියෙක් හෙළි කරයි


වෙඩි කෑ වසන්ත සහ ටැටූ ව්‍යාපාරිකයා අතර සම්බන්ධය වසන්තගේ පවුලේ ඥාතියෙක් හෙළි කරයි

(09.07.2024 – 13:14 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (08) අතුරුගිරිය මංසන්ධියේ ටැටූ ව්‍යාපාරික ස්ථානයක් තුළ සිදු වූ වෙඩි තැබීමෙන් ‘සුරේන්ද්‍ර වසන්ත පෙරේරා’ හෙවත් ‘ක්ලබ් වසන්ත’ සහ තවත් අයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු ඇතුළු 06 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ සිද්ධියට අදාළව පැවැත්වෙන විමර්ශනවලට සම්බන්ධවයි.

මේ අතර අදාළ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු යැයි කියන ‘දුලාන් සංජු සිල්වා’ නැමැත්තා සහ මිය ගිය ‘සුරේන්ද්‍ර වසන්ත පෙරේරා’ අතර සමීප සබඳතාවක් නොතිබූ බවත් ‘හිරු ප්‍රවෘත්ති අංශය’ වෙත අදහස් දක්වමින් වසන්තගේ සමීප ඥාතියෙක් සඳහන් කළා.

තව ද ඔවුන් දෙදෙනා එකිනෙකා හඳුනාගෙන ඇත්තේ සමාජ මාධ්‍ය හරහා බවත්, ඒ ඔස්සේ කරන ලද ආරාධනයකට අනුව ක්ලබ් වසන්ත ඊට සහභාගි වී ඇති බවයි අප වෙත අදහස් දැක්වූ ඔහුගේ පවුලේ ඥාතියා සඳහන් කළේ ෴

අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිදුවීමට අදාළව ක්ලබ් වසන්තගේ බිරිඳගේ බෑගයේ තිබී හමුවූ ගිනිඅවිය පිළිබඳව මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

එහිදී අනාවරණය වී ඇත්තේ එම ගිනිඅවිය නීත්‍යානුකූල නොවන ගිනිඅවියක් බවයි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ බව සඳහන්කර සිටියේ මිරිහාන පොලිසි ස්ථානයේ ඉදි කෙරුණු ළමා හා කාන්තා කාර්යාංශයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

මේ අතර අතුරුගිරිය මංසන්ධියේ ටැටූ ව්‍යාපාරික ස්ථානයක් තුළ සිදු වූ වෙඩි තැබීමෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත සහ තවත් අයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි හිමිකරු ඇතුළු 7 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලිසිය සදහන් කළේ, අත්අඩංගුවට ගත් පිරිස අතර වෙඩික්කරුවන්ට ප්‍රවාහන පහසුකම් ලබාදුන් පුද්ගලයින්ද වන බවයි.

කෙසේවෙතත් වෙඩි තැබීම පිළිබදව විමර්ශනය කිරීම සදහා විශේෂ පොලිස් කණ්ඩායම් 10 ක් ද පත් කර තිබෙනවා ෴


සුදා සුජීවා බලන්න ජාතික රෝහලට – දරුවෝ දෙන්නා බේරුනේ 99 න් – සිද්දියේ සියල්ල සුදාට කියයි (09.07.2024)

+


‘ක්ලබ් වසන්ත’ගේ හිතාගන්න බැරි පැටිකිරිය හිටපු පොලිස් ලොක්කා හෙළිකරයි! (09.07.2024)

+


වසන්ත ඝාතනයේ හතර වටෙන් එකතු වෙලා ගහපු ගේමේ හෙළිනොවූ සුලමුල – නෙත් එෆ්.එම්. බැලුම්ගල – 2024-07-09

+


“රු. ලක්ෂ 10 ක් අරගෙන වසන්තට ගේම දුන්නා” ටැටූ ෂොප් එකේ හිමිකරු සියල්ල වමාරයි (09.07.2024)

+


අතුරුගිරියේදී මියගිය නයන (උපාලි හිමි) කේ. සුජීවාගේ තෙවැනි (3) සැමියා

(09.07.2024 – gossiplankanews.com)

ඊයේ (09) අතුරුගිරියේ සිදුවූ පාතාල වෙඩි තැබීම හේතුවෙන් මේ වනවිට දෙන්නෙකු (2) මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇත. තුවාල ලද අය අතරින් එක් අයකු වන්නේ ජනප්‍රිය ගායිකා ‘කේ සුජීවා’ය. ඇගේ පාදයේ සැත්කමක් කර තිබෙන අතර ඇය සුවය ලබමින් පසුවන බව රෝහල් ආරංචි හෙලි කර තිබේ.

මෙම සිදුවීමෙන් ‘ක්ලබ් වසන්ත’ සමග මියගිය අනෙක් පුද්ගලයා ගැන මුල් පුවත් වාර්තාවල සඳහන් වූයේ ඒ ‘ක්ලබ් වසන්ත’ගේ ‘බොඩිගාර්ඩ්’ බවය. නමුත් දැන් ලැබෙන අලුත් වාර්තා වලින් කියැවෙන්නේ එසේ මියගියේ ගායිකා ‘කේ. සුජීවා’ගේ වත්මන් සැමියා ‘නයන වාසුල විජේසුරිය’ බවයි.

52 හැවිරිදි ගායිකාව 2021 දී තෙවැනි (3) වරට 37 හැවිරිදි ‘නයන වාසල’ සමග විවාහ වූ බව කියැවේ.

ඔහු ‘කේ. සුජීවා’ සමග විවාහවීමට පෙර ප්‍රසිද්ධ ධර්ම කථික හිමිනමක් ලෙස කටයුතු කළ අතර වසර 20 කට ආසන්න කාලයක් සුන්දර ලෙස පැවිදි ජීවිතයක් ගතකල, ලංකාව පුරා, රූපවාහිනී, ගුවන්විදුලි මාධ්‍ය තුලින් පවා ඉතාම දක්ෂ ලෙස මිහිරි හඬින් බුදු බණ දෙසූ, වහරක දම්සක් විහාරයේ වැඩ සිටි, ‘ගම්පහ මහානාම හිමි’ නම් වූ භික්ෂූන් වහන්සේය.

කේ. සුජීවා සමග ආදර සම්බන්ධයක් ඇතිකරගත් ඔහු පැවිදි දිවිය හැර ඇය සමග විවාහවූ බව කියැවේ.

කෙසේ වෙතත් සිය පළමු (1) සැමියා ‘සුනෙත් කැලුම්’ හා දෙවන (2) සැමියා ‘අජිත් මුතුකුමාරණ’ ගෙන් පසු ඇය‍ හෝ ඇගේ දියණියන් තෙවැනි (3) සැමියා ගැන ඡායාරූපයක් හෝ පළකිරීමෙන් වැළකුණ අතර ඒ නිසා ඔවුනගේ විවාහය ගැන දැන සිටියේ අතලොස්සකි.

ඝාතනය සිදුවූ උත්සවයට ‘නයන වාසල’ සම්බන්ධවී අකාලයේ මරණයට පත්වීමෙන් ඔහුගේ පැවිදි කල සමීප ඇසුරක් පැවති හිමිනමක ෆේස් බුක් ඔස්සේ සටහනක් තබමින් කියා ඇත්තේ ‘උපාලි හිමි’ නිරපරාදේ ජීවිතය නැතිකරගැනීමේ කණගාටුවය.

එම සටහන නිසලවිල සදහම් විහාරය ෆේස් බුක් පිටුවේ මෙසේ දැක්වේ :

“උඹයි, මමයි මහණ වුණේ එක දවසේ.. උපසම්පදා වුණේ එක දවසේ.. උඹයි මායි එක වයසේ.. උඹ සිල් රකින්න බෑ කියද්දී, උඹව බලෙන් වාහනේ දාගෙන ගිහින් උපසම්පදාවේ වාඩි කෙරෙව්වේ මම.. ඒත් උඹ බණට මට වඩා දක්ෂයි.. උඹ කවියක් කියද්දී ඒ හඩට වශී නොවුනේ කවුද? උඹේ රූපෙට වශී නොවුන කෙනෙක් ඒ දවස් වල ධර්ම ශාලාවේ හිටියේ නෑ.. උඹ දවසින් දවස ජනප්‍රිය වෙද්දී බණ පොතක් කියවන්න කම්මැලි උඹට බණට යන ගමන් සූත්‍ර කියලා දුන්නේ මම.. උඹ උපන්නෙම සිවුරට.. උඹ ගැලපුනේම සිවුරට.. ඒත් අන්තිම කාලේ උඹ දවසින් දවස වෙනස් වෙද්දී, මං උඹගේ වැරදි හදාගනින් කියද්දී උඹ මාත් එක්ක තරහා වුනා.. ජීවිතේට මෙච්චර විනාසයක් කර ගනී කියලා මම හීනෙන් වත් හිතුවේ නෑ.. රටක් ලෝකයක් බණ පදෙන් සනසවපු, රටක ලෝකයක සාධු කාර මැද්දේ චිතකයක දැල්වෙන්න හිටපු උඹට බල්ලෙක් වගේ වෙඩි කාලා මැරෙන්න වුණේ මේ කාලකණ්ණි ගෑණී නිසයි.. සුජීවා නුඹට මේ ශාපෙන් ගැලවෙන්න බැරි වෙයි කවදාවත්.. මට උඹට ‘නයන වාසුල’ කියලා පුරුදු නෑ.. මට උඹ එදත් මහානාම.. අදත් මහානාම.. මගේ සහෝදරයා මහානාම, උඹට නිවන් සුව ලැබේවා..!

මම උඹට හැමදාම ආදරේ කරපු ඤාණතුසිත..”

‘සුරේන්ද්‍ර වසන්ත පෙරේරා’ නොහොත් ‘ක්ලබ් වසන්ත’ගේ දේහය බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික මල් ශාලාවකට රැගෙන ගිය අතර ‘නයන වාසුල විජේසූරිය’ නැමැත්තාගේ දේහය ‘කේ. සුජීවා’ගේ දියණියන් බාරයට ගෙන නිවසට රැගෙන ගියේය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ගායන ශිල්පිනී ‘කේ. සුජීවා’ මේ වනවිට කොළඹ ජාතික රෝහලේ සාමාන්‍ය වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර ලබයි ෴


සිවුරු ඇරලා සිංදු ලියලා ‘ක්ලබ් වසන්ත’ එක්ක වෙඩි කාපු මහානාම – නෙත් එෆ්.එම්. බැලුම්ගල – 2024-07-09

+


ගම්පහ මහානාම හාමුදුරුවන් ගැන කිසිවෙකු නොදත් කතාව (09.07.2024)

+


කේ. සුජීවා වසගයට ගත් ගම්පහ මහානාම හිමිනම සිවුරු හැර ක්ලබ් වසන්ත සමග බල්ලෙක් මෙන් දිවිහැර යයි ! (09.07.2024)

+


මරුවා මග එන බව නොදත් ‘ක්ලබ් වසන්ත’ – ටැටූ මධ්‍යස්ථානය විවෘත කළ අයුරු (09.07.2024)

+


ඝාතනයට සැකපිට ටැටූ හිමිකරුගේ ‘ගමේ සෙට් එක’ (6 ක්) අත්අඩංගුවට

(09.07.2024 – gossiplankanews.com)

‘ක්ලබ් වසන්ත’ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ටැටූ සාප්පුවේ හිමිකරු ඊයේ (08) දිනයේ අත්අඩංගුවට පත්වූ අතර පොලිසිය පවසන්නේ තවත් 06 දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් බවය. වෙඩිතැබීමට වාහන සැපයූ පුද්ගලයන් සහ ඝාතනයට ආධාර අනුබල දුන් පුද්ගලයන් ලෙස නම්කර ඇති මේ අය දකුණු පළාතේ බලපිටිය, බෙලිඅත්ත ආශ්‍රිත අය බව පැවසිණි. ටැටූ සාප්පු හිමිකරු ‘දුලාන් සංජුල’ නමැත්තාද බලපිටියේ අයෙකි. වාර්තාවන ආකාරයට මෙම ටැටූ සාප්පුව නිර්මාණය කර ඇත්තේද ඝාතනය සිදුකරන්නටය.

‘දුලාන් සංජුල’ මෙම ඝාතනය සිදුවන අවස්ථාවේ කිසිවක් නොදන්නා ආකාරයට හැසිරුණ අතර ‘අයියේ මේ මොකද වුනේ’ යයි බොරුවට හඬමින් වැලපෙමින් සිටියදී පොලිසියේ සැකයට භාජනය වීමෙන් අත්අඩංගුවට පත්විය. සීසීටීවී දර්ශන අනුව ‘දුලාන් සංජුල’ගේ සහෝදරයා යයි කියන අයද බැල්කනියේ සිට ඔත්තු බැලූ බව හඳුනාගන්නට ලැබේ. (නිල් ටී-ෂර්ට් කාරයා ?)

මෙම සාප්පුව ඉතා සාමාන්‍ය එකකි. ටැටූ හිමිකරු සිය උත්සව දිනයේ විශේෂත්වයටක් පෙන්වූයේද නැත. ඇඳ සිටියේ රතුපැහැති කමිසයක් හා කොට කලිසමකි.

දැන් පොලිසිය සිදුකරන ප්‍රශ්න කිරීම් අනුව ඔහු ඝාතන සැලසුමට සම්බන්ධිත බව පැහැදිලිය. ඔහු ටැටූ ශිල්පය හදාරා ඇතිමුත් සාප්පුවක් අරින්ට හැකියාවක් නැතිව තිබියදී පාතාල සාමාජිකයෙකු රුපියල් ලක්ෂ 16 ක් ලබාදී මෙම සාප්පුව පිහිටුවා ව්‍යාපාර අරඹන්නට උදව් කර ඇති අතර එසේ කර ඇත්තේ මේ සඳහා ‘ක්ලබ් වසන්ත’ ගෙන්වා ඝාතනය කිරීමේ පූර්ව සැලසුමකට අනුව බව පොලිසිය පවසයි.

මෙම ඝාතනය මාස 03 ක කාලයක සිට සැලසුම් සකස් කර ඇති බවත් ටැටූ සාප්පු හිමිකාර ‘දුලාන් සංජුල’ සමාජ මාධය ඔස්සේ ‘ක්ලබ් වසන්ත’ සමග වරින්වර අදහස් හුවමාරු කරගනිමින් මිත්‍රත්වයක් ගෙඩනගාගෙන ඇති බවත් පැවසිණි. කෙසේ වෙතත් ඔහු ඊයේ (08) ලබාදුන් පාපොච්චාරණය අනුව තමාට මුදල් දුන් අය කී පරිදි සාප්පුවක් අරින්නට වෙහෙසුණ බව හා එය විවෘත කරන්නට ‘ක්ලබ් වසන්ත’ට ඇරයුම් කළා විනා ඔහු ඝාතනය කිරීමේ සැලසුමක් තමා දැන සිටියේ නැති බවයි.

නමුත් පොලිසිය දැන් සැකකරන්නේ මෙම ඝාතනයට අදාළව ආධාර අනුබල සැපයූ රැසක්ම මෙම ‘දුලාන් සංජුල’ගේ ගමේ අයවීම නිසා ඔහු මෙම ඝාතනය සැලසුම් කරන්නට විශාල දායකත්වයක් සැපයූ අයකු බවයි.

මෙම සාප්පුව විවෘත කරන්නට අවශ්‍ය කලමණා සඳහා පළමු වාරිකය ලෙස රුපියල් ලක්ෂ 10 ක මුදලක් සිය බැංකු ගිණුමට ලැබුණ බවත් ටැටූ සාප්පු හිමිකරු පවසා ඇත.

එම මුදල් මෙම පුද්ගලයාට සිය ආයතනය වෙනුවෙන් ලැබුණා ද නැතහොත් මෙම ඝාතන කොන්ත්‍රාත්තුව සඳහා අත්තිකාරමක් ලෙස ලැබුණා ද යන්න පිළිබදව වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඝාතකනයෙන් පසු මෝටර් රථයේ පැමිණි පිරිස වෙනත් වෑන් රථයකින් කොරතොට සිට පළාගොස් තිබූ අතර එම වෑන් රථයද ඊයේ (08) රාත්‍රියේදීම බුලත්සිංහල, දෙල්මැල්ල ප්‍රදේශයේ පාළු ඉඩමක හැර දමාගොස් තිබියදී හමුවිය.

එහි අංක තහඩු ද අපරාධකරුවන් ගලාවාගෙන ගොස් ඇති අතර පොලිස් නිල සුනඛයෙකු යොදාගනිමින් එහි විමර්ශන දියත් කෙරුණි.

එහිදී අනාවරණය වී ඇත්තේ, වෑන් රථයේ සිටි පිරිස රත්නපුර අයගම ප්‍රදේශය දෙසට පළාගොස් තිබූ බවය.

එමෙන්ම වෑන් රථයේ තිබී අත්ල සටහන් 6 ක් සහ ඇඟිලි සලකුණු 2 ක් පොලීසිය සොයාගෙන තිබේ.

වෑන් රථයේ ඉදිරි වම්පැත්තේ රෝදය අසල බඳෙහි තිබී බෙලිඅත්ත ප්‍රදේශයේ නම සඳහන් මුද්‍රා සටහනක් පොලීසිය සොයාගෙන ඇති අතර ඒ අනුව සැකකරන්නේ වෑන් රථයව බෙලිඅත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් වූවක් බවය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු (5) ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන අතර මේ වනවිට තවත් 6 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇත. එම 6 දෙනාගෙන් තිදෙනෙකුම (3) බෙලිඅත්තේ පදිංචිකරුවන්ය.

විමර්ශනවලදී මේවන විට අනාවරණය වී ඇත්තේ, ‘සුරේන්ද්‍ර වසන්ත පෙරේරා’ නොහොත් ‘ක්ලබ් වසන්ත’ ඝාතනය කිරිමේ මෙහෙයුම ඩුබායීහී සැඟව සිටින ‘ලොකු පැටී’ හා ‘ගොනාකෝවිලේ ශාන්ත’ නැමැති අපරාධකරුවන් දෙදෙනා (2) සෘජුවම එක්වී සැලසුම් කර ඇති බවය. ටැටූ හිමිකරුට මුදල් ලබාදී ඇත්තේ ඔවුන්ය.

‘කංජිපානි ඉම්රාන්’ නැමති අපරාධකරුගේ සෘජු සබඳතාවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඔහු පිළිබඳව සැක පළකරන්නේ වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ තිබී සොයාගත් පතොරම් කොපුවල සටහන් කර තිබූ ‘KPI’ යන කෙටි යෙදුම හේතුවෙනි ෴


‘ක්ලබ් වසන්ත’ මරපු වැඩේ ‘ටැටූ කොල්ල’ගේ පිටින් යන්න ‘කෙහෙතු’ ගහපු ගේම (09.07.2024)

+


+


09-07-2024

+


09-07-2024

+


10-07-2024

+


10-07-2024

+


වසන්ත වෙඩි කෑ ටැටූ හලේ හිමිකරුගේ පාපොච්චාරණයෙන් කොටසක් (10.07.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *