ඔන්ලයින් මූල්‍ය වංචා ජාතික ආරක්ෂාවට බලපෑමක් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ඔන්ලයින් මූල්‍ය වංචා ජාතික ආරක්ෂාවට බලපෑමක් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක


ඔන්ලයින් මූල්‍ය වංචා ජාතික ආරක්ෂාවට බලපෑමක් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

(28.06.2024 – lankadeepa.lk)

ඉන්දියානු නේපාල පාකිස්ථාන ඇතුළු විවිධ ජාතීන් මෙරට රැඳී සිටිමින් නීති විරෝධීව අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකිරීම මෙරට ජාතික ආරක්ෂාවට මෙන්ම ජාතික ආර්ථිකයටත් බලපෑමක් සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසීය.

ඔහු ඒ බව පැවසුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

අන්තර්ජාලය ඔස්සේ සිදු කරනු ලබන මූල්‍ය වංචා පරිගණක අපරාධ ගණයට වැටෙන අතර එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවද නිහාල් තල්දුව මහතා පැවසීය.

මෙරට විවිධ ප්‍රදේශවල සුඛෝපභෝගී නිවාස වල රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ සූදු ක්‍රීඩා සිදුකරමින් මූල්‍ය වංචා කළ ඉන්දියානු ජාතිකයන් 137 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එම ඉන්දියානු ජාතිකයන් සංචාරක වීසා මගින් මෙරට රැඳී සිටි ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඉන්දියාවේ තහනම් කරන ලද සූදු වෙබ් පිටුවක් මෙරට සිට ක්‍රියාත්මක කර ඒ ඔස්සේ ඉන්දියානු ජාතිකයන් සම්බන්ධ කර ගනිමින් කෝටි ගණනින් සූදු ක්‍රීඩා කර ඇති බව අනාවරණය වී ඇත.

මෙම ඉන්දියානු ජාතිකයන් මාස කීපයක සිට මෙම ජාවාරම් සිදුකරගෙන ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මේ වන විට අන්තර්ජාලය මගින් මූල්‍ය වංචා සිදුකරන ජාවාරම්කරුවන් ජාලයක් සිටින බවට අනාවරණය වී ඇති අතර එම ජාවාරම්කරුවන් හෙළිදරව් කර ගැනීමට විමර්ශන සිදුකරන බවද නිහාල් තල්දුව මහතා පැවසීය.

යම් පුද්ගලයෙක් සතු නිවසක් කුලියට දුන්නද එම නිවස කුලියට ගත් පිරිස කුමන කාර්යයක නියැලෙන්නේ ද යන්න පිළිබඳව සොයා බැලීමට අයිතිකරුට වගකීමක් ඇති බව පැවසූ තල්දුව මහතා එම කුලියට ගත් නිවස කිසියම් අපරාධයක් සඳහා භාවිතා කර ඇති බවට අනාවරණය වුවහොත් රාජසන්තක කිරීමට පවා හැකියාව ඇති බව පැවසුවේය.

අත්අඩංගුවට ගත් ඉන්දියානු ජාතිකයන් නීතිපතිවරයාගේ උපදෙස් පරිදි නඩු පැවරීමට පියවර ගන්නා බවද නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා කීය ෴

++++++++++

+++++++++

මූල්‍ය වංචා කළ චීන්නු මීගමුවෙන් අල්ලයි

(29.06.2024 – 07:19 +0530 – sinhala.adaderana.lk)

චීන ජාතිකයින් 30 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ මීගමුව ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවය.

අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගත් බව ඔහු පවසයි.

මේ අතර අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කිරීමේ චෝදනාව යටතේ ඊයේ (28) දිනය වන විට ඉන්දීය ජාතිකයින් 137 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් භාරයේ තිබී ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන රැසක් ද පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස්පති නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය ෴


ධීවරයන් 6 දෙනාගෙන් 3 දෙනෙක් මරුට

(29.06.2024 – 16:29 +0530 – sinhala.adaderana.lk)

මත්පැන් බව සිතා විෂ සහිත ද්‍රාවණයක් පානය කිරීම හේතුවෙන් තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් 6 දෙනා අතරින් මේ වනවිට 3 දෙනෙකු මියගොස් තිබේ.

තංගල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය “ඩෙවෝන්” නම් බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 06 දෙනෙකු මෙම සිද්ධියට මුහුණ පා ඇති බව සඳහන් ය.

ඊයේ (28) රාත්‍රියේ ඔවුන්ට මුහුදේ පාවෙමින් තිබු බෝතල් කිහිපයක් හමුවී ඇති අතර මත්පැන් බව සිතා ඔවුන් ඒවා පානය කර තිබේ.

ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා,

“වෛද්‍ය කණ්ඩායම් පණිවුඩ හුවමාරු යන්ත්‍රය භාවිත කරමින් ප්‍රථමාධාර ලබාදෙනවා. අපිට ගොඩබිම සිට යාත්‍රාවක් යැවීමට ප්‍රමාණවත් කාලයක් නැහැ. ඔවුන් ඉතා ගැඹුරු මුහුදේ ඉන්නේ. ඒ අසල ගමන් කරන වෙනත් නෞකාවකට ඔවුන් ගොඩ කිරීමට උත්සාහ ගනිමින් සිටිනවා. දැනට තොරතුරු වාර්තා වෙන්නේ මෙම ධීවරයන්ට හමුවූ බෝතල්වලින් කොටසක් ඒ අවට තිබූ අනෙක් යාත්‍රාවලට බෙදාදී තිබෙන බව. තවත් කුමණ යාත්‍රාවක හෝ මේ බෝතල් තිබෙන්න පුළුවන්. අපි ඒ ගැනත් දැන් දැනුවත් කරමින් යනවා.”

+


දඹුල්ලේ ගිහින් ඉල්මහ විරුවන් සමරා “13 ට එකඟවී” තලගොයි මරා සොහොන් කොත් වල පැහැරූ නිවට රතු කමිසකාරයෝ (29.06.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *