මෙන්න ණය මල්ල ! ආරංචිය සුබද ?

මෙන්න ණය මල්ල ! ආරංචිය සුබද ?


මෙන්න ණය මල්ල ! ආරංචිය සුබද ?

(26.06.2024 – 03:11 +0530 – lankacnews.com)

‘කාන්තා සවිබල ගැන්වීමේ පනත’, ‘ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව කෙටුම්පත’ හා ‘ජනාධිපතිවරයා ගෙන යන ව්‍යාජ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතිය’ පිළිබඳව ‘සර්වජන බලය දේශපාලන එකමුතුවේ මතය’ ඉදිරිපත් කිරීම හා ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව ‘සර්වජන බලය’ මුලස්ථානයේදී පැවැත්විණ.

මේ සඳහා සර්වජන බලය එකමුතුවේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග, මව්බිම ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක හේමකුමාර නානායක්කාර, පිවිතුරු හෙල උරුමයේ හිටපු පළාත් සභා මන්ත්‍රී යසපාල කෝරලගේ යන මහත්වරුන් සහභාගී වූහ. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග අදහස් දක්වමින් ‘ආරංචිය සුබයි’ ලෙස සදහන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා හෙට දින සිදු කිරීමට නියමිත කතාව හුදෙක් ‘තවත් එක් රැවටීමක්’ බව ප්‍රකාශ කළේය.

“අපිට තියෙන දත්ත අනුව නම් කිසිම සුබක් නැහැ. හැබැයි බොරුවට සුබයි කියනවා නම් පාරේ පෝසටර් ගහන්නේ නැතුව ලංකාවේ කරන නිෂ්පාදන මත පටවපු වැට් බදු ඉවත් කරන්න. අද වන විට ශ්‍රී ලංකාව ගෙවීම් පැහැර හැර ඇති විදේශීය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන පහයි දශම අටක් (5.8). අප සතු ඇති සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන පහයි දශම හතරක් (5.4). එතකොට ගෙවීම් පැහැර හැර ඇති ණය ප්‍රමාණයට වඩා අඩුයි අපේ සමස්ත සංචිත. ඒ පහයි දශම හතරෙත් (5.4) තියෙනවා චීනය විසින් ලබා දුන් විශේෂ බිලියන එකයි දශම පහක (1.5) තැන්පතුවක්. ඒක අපේ රජයට අවශ්‍ය විදියට වියදම් කරන්න බැහැ. චීන රජයේ අනුමැතිය ඇතිව තමයි එය වියදම් කරන්න ඕන. එහෙම ගත්තොත් අපිට නිදහසේ වියදම් කරන්න පුළුවන් විදේශ වත්කම් දැනට තියෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන හතරයි (4). ඉතින් අහන්න තියෙන්නේ ‘සුබයි ද’ කියලා තමයි. මේ ජනාධිපතිවරයා පසුගිය සතියේ වෙන්කර ගත්තා රුපියල් මිලියන 8000 කට වඩා තමන්ගේ දේශපාලන වැඩවලට. දැන් මේක හරිද? ඒ වගේම පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂයේ පක්ෂ දෙක (2) ‘සමගි ජන බලවේගය’ සහ ‘ජාතික ජන බලවේගය’ පාර්ලිමේන්තුව තුලත් තමන්ගේ යුතුකම් පාවා දෙමින් ඉන්නවා. ඔවුන් පාර්ලිමේන්තුවට එවූ ජනවරම ඔවුන් පාවා දෙමින් ඉන්නවා. ඒ නිසා තමයි අර රනිල් ‘ආරංචිය සුබයි’ කියලා පෝස්ටර් අලවන්නේ – ඒ නිසා වෙන්න ඇති. ඒ වගේම ‘රාජ්‍ය මුල්‍ය කළමනාකරණ පනත’ සහ ‘ආර්ථික පරිවර්තන පනත’ සම්මත වුවහොත් පාර්ලිමේන්තුවේ සිටින මුදල් ඇමති සහ ආයෝජන ප්‍රවර්ධන ඇමති දෙන්නම පඹයෝ. ජනපති අතට සියලු මුදල් බලතල පැමිණියහොත් පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමේ අවශ්‍යතාවයකින් තොරව ජනාධිපතිට කටයුතු කරන්න තරම් අසීමිත බලයක් හිමිවෙනවා. අපි දන්නේ නැහැ එතුමා ‘සුබයි’ කියන්නේ එතුමාගේ වසර 40 ක දේශපාලන කාලය පුරා කියපු සියලු කාරනා එතුමා විසින්ම අවසන් කිරීමද කියලා. එම නිසා නියත වශයෙන්ම රට තවමත් බංකොලොත් බව පැවසිය හැකියි.” යැයිද මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවේදී ‘මව්බිම ජනතා පක්ෂයේ’ ජ්‍යෙෂ්ඨ නායක හේමකුමාර නානායක්කාර මහතා අදහස් දක්වමින් ‘ඉඩම් බැංකුවක්’ නිර්මාණය කිරීමකින් තොරව මෙරට ගොවියා හෝ ඉඩම් රැක ගැනීමේ හැකියාවක් නොමැති බව පෙන්වා දුන් අතර රනිල්, සජිත් හෝ අනුර යන කිසිවෙකුට එවැනි බැංකුවක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ‘සර්වජන බලය ආණ්ඩුවක්’ යටතේ ‘ඉඩම් බැංකුවක්’ ගොඩ නගන බවත් පැවසිය.

“ජනපතිවරයා කඩිමුඩියේ ඉඩම් ඔප්පු ලබා දෙන්නේ යටි අරමුණක් ඇතුවයි. රටේ ඉඩම් බහුජාතික සමාගම් වලට පවරා දීමට මේ කටයුත්ත හේතු විය හැකියි. ගොවියා නගා සිටු වීමකින් තොරව මැතිවරණ ඉලක්ක කර ගෙන සිදු කරන මෙවැනි ක්‍රියා තුළින් බහුජාතික සමාගම් වලට ගොවියාගේ ඉඩම් මංකොල්ල කා හැකි අතර ඉඩම් අහිමි වන ගොවියා ක්‍රමයෙන් කුලී කම්කරුවෙක් වශයෙන් නගරයට පිවිසෙනවා ජිවත් වීමේ බලාපොරොත්තුවෙන්. මෙන්න මේ කාරනාව එක්ක විශාල සමාජ බලපෑමක් සහ දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය බිමට සමතලා වෙනවා. නාගරික පැල්පත්, පාසල්, රෝහල් තදබදයක් සමඟ සමාජ විෂමතාවයේ ගැටළු රාශියක් නිර්මාණය වෙනවා. මේ ගැටලුව නිරාකරණය කල හැකි එකම ක්‍රමය ‘ඉඩම් බැංකුවක්’ හරහා ගොවියාගේ මුදල් අවශ්‍යතා ඉටු කරමින් පවරා දුන් රජයේ ඉඩම් පිටස්තර බහුජාතික සමාගම් වලට නතු නොකර නැවත රජය සන්තකයේ ආරක්ෂිතව තබා ගත හැකි වනවා” යයි පැවසීය.

මෙහිදී ‘පිවිතුරු හෙළ උරුමය’ නියෝජනය කරමින් යසපාල කෝරලගේ මහතා සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ විසින් ගෙන යන බංකොලොත්භාවයෙන් මිදීම පිළිබඳ අසත්‍ය ප්‍රචාරණයෙන් ජනතාව මුදා ගැනීමට ‘සර්වජන බලය’ කැපවන බවයි. “ශ්‍රී ලංකාව බංකොලොත් යැයි සඳහන් කල ශ්‍රේණි ගතකිරීම කර ඇති කුමන රටක් විසින් වර්තමාන ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදී ඇති බවට සහතිකයක් නිකුත් කරලා තිබෙනවා ද ? එහෙම නම් රනිල් වික්‍රමසිංහ මහත්තයෝ, අපට ඒ සහතිකය පෙන්වන්න.” යැයි ඔහු අභියෝග කළේය ෴


මේ පොඩි කාලෙට රු. කෝටි 400 ක්, අවයව වෙනස් කරන්නත් කෝටියකට වඩා වියදම් කරලා – සංජය මහවත්ත (25.06.2024)

+


ලංකාවේ ඊශ්‍රායෙල් හමාස් සටන තමයි මේක | 13 ගැන මෙහෙට එකක් කියන ලොක්කෝ එහෙට තව එකක් කියන්නේ ඇයි..? (25.06.2024)

+


පාස්පෝර්ට් ගැන විශේෂ දැනුම්දීමක්

(26.06.2024 – 07:02 +0530 – hirunews.lk/sinhala)

ජූලි 01 වැනිදා සිට කල් ඉකුත්වන විදෙස් ගමන් බලපත්‍රවල කාලය වසරකින් දීර්ඝ කර තිබෙනවා.

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ, ඊ-පාස්පෝර්ට් ලබාදිමේ අරමුණින් එම තීරණය ගත් බවයි.

කිසියම් විදෙස් ගමන් බලපත්‍රයක් වලංගු වසර 10 ක කාල සීමාව ඉක්මවීමෙන් පසුව ඊට තවත් වසරක කාලයක් ලබා දෙන්නේ ඊ-පාස්පෝර්ට් නිකුත් කරන තුරු පමණක් බව පාලක ජනරාල්වරයා සඳහන් කරයි.

නොවැම්බර් මාසයේ සිට ඊ-පාස්පෝර්ට් නිකුත් කිරීම අරඹනු ලබන අතර සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍ර හිමියන් කඩිනමින් ඊ-පාස්පොර්ට් ලබා ගන්නා ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි ෴


පුද්ගලික සමාගමක සේවිකාවක් සිපවැළඳ ගැනීම සිරදඬුවමකින් කෙළවර වෙයි

(25.06.2024 – 22:01 +0530 – sinhala.adaderana.lk)

පුද්ගලික සමාගමක සේවය කළ ලිපිකාරිනියක් සිපවැළඳ ගැනීමේ චෝදනාවෙන් ත්‍රිකුණාමලය මහාධිකරණය විසින් නිදහස් කරනු ලැබූ එම සමාගමේ මානව සම්පත් කළමනාකාරවරයාට අභියාචනාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 07 ක සිරදඬුවම් නියම කර තිබේ.

ඊට අමතරව විත්තිකරු විසින් අගතියට පත් තැනැත්තියට රුපියල් 750,000 ක වන්දියක් ගෙවිය යුතු බවත් සම්පත් අබේකෝන් සහ පී කුමාරන් රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නිකුත් කළ නියෝගයේ සඳහන් ය.

එම වන්දි මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතරව වසරක (1) සිරදඬුවම් නියම කරන බවත් තීන්දුවේ දැක්වෙන බව ‘අද දෙරණ’ අධිකරණ වාර්තාකරු පැවසීය.

මෙම නඩුවේ විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණය දුන් තීන්දුවට එරෙහිව අගතියට පත් තැනැත්තිය විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදි.

මෙම චෝදනාව සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව ත්‍රිකුණාමලය මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබූ අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2015 වසරේ සැප්තැම්බර් මස 16 වනදා විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කර තිබුණි.

විත්තිකරුට එරෙහිව එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොතිබීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කරන බවත් මහාධිකරණ තීන්දුවේ සඳහන් විය ෴


බටහිර මුහුදේදී හෙරොයින් 200kg ක් සමඟ සැකකරුවන් 6 ක් අත්අඩංගුවට

(26.06.2024 – 08:39 +0530 – hirunews.lk/sinhala)

බටහිර මුහුදේදී හෙරොයින් කි.ග්‍රෑ. 200 ක් සහ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම බහුදින යාත්‍රාවේ හිමිකරු මාලදිවයිනට පලා යාමට තැත් කිරීමේදී කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බවයි ආරංචි මාර්ග සඳහන් කළේ ෴


රනිල් මොකක්ද මේ කියන්න යන්නේ | රනිල් මිනිස්සුන්ව අන්දන්න යන්නේ | රනිල් කරන්න යන දේ ගම්මන්පිල කියයි (26.06.2024)

+

+

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *