උද්දික ප්‍රේමරත්නගේ රථයට වෙඩි තැබූ සිද්ධියේ පිස්තෝලය හඳුනාගැනීමට පරීක්ෂණ

උද්දික ප්‍රේමරත්නගේ රථයට වෙඩි තැබූ සිද්ධියේ පිස්තෝලය හඳුනාගැනීමට පරීක්ෂණ


උද්දික ප්‍රේමරත්නගේ රථයට වෙඩි තැබූ සිද්ධියේ පිස්තෝලය හඳුනාගැනීමට පරීක්ෂණ

(16.06.2024 – 18:34 +0530 – sinhala.adaderana.lk)

සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස කටයුතු කළ ‘සංජීව මහානාම’ භාවිත කළ පිස්තෝලය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ‘උද්දික ප්‍රේමරත්න’ගේ මෝටර් රථයට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

එම වෙඩිතැබීමට අදාළ පිස්තෝලය යොදාගත් බවට සැක කෙරෙයි.

අදාළ නඩුව මෝසමක් මාර්ගයෙන් ඊයේ (15) කැඳවූ අවස්ථාවේදී අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය නියෝග කර ඇත්තේ වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී සොයා ගැණුනු හිස් පිස්තෝල උණ්ඩ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම පරිහරණය කළ පිස්තෝලයෙන් නිකුත් වූ උණ්ඩ ද යන්න පිළිබඳ රස පරික්ෂණ විමර්ශනයේදී පුළුල්ව සොයා බලන ලෙසය.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කඩිනම් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇති ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විමර්ශනවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.

මෙහිදී අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේ මෙම වෙඩිතැබීමේ සිද්ධියට යොදා ගෙන ඇත්තේ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාමට පොලිස් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබූ රාජකාරි පිස්තෝලයෙන් බවට සිදු කළ විමර්ශනයේදී අනාවරණ වී ඇති බවය.

එමෙන්ම වෙඩිතැබීම උද්දික ප්‍රේමරත්න සහ සහකාර පොලිස් අධිකාරිවරයා යන දෙදෙනා (2) සැලසුම් සහගතව සංවිධානාත්මකව සිදු කර ගත් එකක් බවට ද කරුණු අනාවරණ වෙමින් පවතින බව ඔවුන් අධිකරණය හමුවේ දැනුම් දී තිබේ.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇමතූ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා ඔවුන්ගෙන් විමසා සිටියේ මෙම වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් නොකරන්නේ මන් ද යන්නය.

වෙඩිතැබීම සිදු වන අවස්ථාවේ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරිවරයා පරිහරණය කළ පිස්තෝලය සම්බන්ධයෙන් රස පරික්ෂක වාර්තාව ලද විගස සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව ඊට ප‍්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කර තිබේ.

++++++++

+


දකුණු මුහුදේදී කොටුවූ ‘හෙරොයින්’ තොගය ගැන අලුත් කතාවක්

(15.06.2024 – 20:18 +0530 – sinhala.adaderana.lk)

දකුණු මුහුදු තීරයේදී මත්ද්‍රව්‍ය පාර්සල් 130 ක් සමග නාවික හමුදා භාරයට ගත් බෝට්ටුවේ හිමිකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

එම ‘හෙරොයින්’ තොගයේ වටිනාකම රුපියල් කෝටි 130 කට අධිකය.

දකුණු මුහුදු තීරයට නාවික සැතපුම් 400 ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී සැක කටයුතු බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් පරීක්ෂා කර තිබුණි.

එහිදී අදාළ ධීවර යාත්‍රාවේ තිබී සැකකටයුතු කිසිවක් ආරක්ෂක අංශ වෙත සොයාගැනීමට හැකිවී නොමැත.

නමුත් ධීවර යාත්‍රාවේ සැක සහිත ලෙස ෆයිබර් භාවිතයෙන් සකසා තිබූ ස්ථාන කිහිපයක් පිළිබඳව විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

නාවික හමුදාව පැවසුවේ අදාළ ධිවර යාත්‍රව ඊයේ (14) රාත්‍රියේ ගාලු වරායට ගෙනැවිත් ස්කෑන් පරීක්ෂාවක් සිදුකළ බවය.

එහිදී ‘ඉඳුනිල් 6’ නම් එම යාත්‍රාවේ ඉදිරිපස කොටසේ ෆයිබර් දමා සීල් කළ කොටසක තිබූ සැක කටයුතු පාර්සල් තොගයක් නිරීක්ෂණය වී තිබේ.

අනතුරුව අත්අඩංගුවට ගත් ධීවරයන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පවසා ඇත්තේ, ජාත්‍යන්තර මුහුදු සීමාවේදී පැමිණි විශාල නෞකාවකින් තමන්ට අදාළ පර්සල් තොගය ලබාදුන් බවය.

ඔවුන් සමග සිටි අයෙක් ෆයිබර් බෝට්ටු සකසන්නෙකු වන අතර පසුව ඔහු විසින් එම පාර්සල් තොගය ධීවර යාත්‍රාවේ ඉදිරිපස කොටසට දමා ෆයිබර් ආශ්‍රයෙන් සීල් තැබූ බව ද සැකකරුවන් පවසා තිබේ.

සැකකරුවන් පසුගිය මස 15 වනදා දෙවුන්දරින් මුහුදු ගොස් ඇති අතර බෝට්ටු ස්කිපර්වරයා විසින් එම ගමන සැලසුම් කර ඇති අතර ඔහුව මෙහෙයවා ඇත්තේ ‘අයියා’ නම් හඳුන්වන පුද්ගලයෙකි.

ඔහු දුරකථන මාර්ගයෙන් සම්බන්ධවී අදාළ ධිවර යාත්‍රාව හා සැටලයිට් දුරකථනයක් ලබාදී ඇති බව සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පවසා ඇත.

සැකකරුවන් ගන්දර සහ දෙවුන්දර ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන්ට මූලික ගෙවීම ලෙස රුපියල් 20,000 ත් 40,000 ත් අතර මුදලක් ලබාදී ඇති බව වාර්තාවෙයි.

+


සිරසට ගැහුවේ මං – දිලිත් ජයවීර – | ( මචං අපි දෙරණට ගහනවා ) 1
https://www.youtube.com/watch?v=_19f_jClG0A

සිරසට ගැහුවේ මං – දිලිත් ජයවීර – | ( මචං අපි දෙරණට ගහනවා ) 2
https://www.youtube.com/watch?v=k9-h4wjRQgk

සිරසට ගැහුවේ මං – දිලිත් ජයවීර – | ( මචං අපි දෙරණට ගහනවා ) 3
https://www.youtube.com/watch?v=aq7sE18O-Lk

සිරසට ගැහුවේ මං – දිලිත් ජයවීර – | ( මචං අපි දෙරණට ගහනවා ) 4
https://www.youtube.com/watch?v=GptINCIBRvM

සිරසට ගැහුවේ මං – දිලිත් ජයවීර – | ( මචං අපි දෙරණට ගහනවා ) 1+2+3+4
https://www.youtube.com/watch?v=t_qFW-Gex_Y

+


පොලිස් වෙසින් ආ ‘සහෝදර මංකොල්ලකරුවෝ’

(16.06.2024 – 20:12 +0530 – hirunews.lk/sinhala)

පොලිස් නිලධාරීන් බව පවසා තරුණයෙකුගෙන් රුපියල් ලක්ෂ 2 ක් පමණ වටිනා ජංගම දුරකථනයක් සහ මුදල් මංකොල්ලකෑ සැකකරුවෙක් මත්ද්‍රව්‍ය ද සමග පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ තමන් පොලිස් නිලධාරියෙකු බව අඟවමින් අදාළ තරුණයා පරීක්ෂා කරන මුවාවෙන් සැකකරු ජංගම දුරකථනය සහ මුදල් කොල්ලකා ඇති බවයි.

මරදාන කැටවලමුල්ල මංසන්ධිය ප්‍රදේශයේදී ඊයේ (15) අලු‍යම 02:30 ට පමණ මෙම මංකොල්ලය සිදුව තිබුණා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) එම මාර්ගයේ ගමන්කරමින් සිටි තරුණයෙකු අසළ යතුරුපැදිය නවතා තමන් පොලිස් නිලධාරීන් බව පවසා ඔහුගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

පසුව එම තරුණයාව පරීක්ෂා කර ඇති ඔවුන්, ඔහු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ දෙකකට (2) ආසන්න වටිනාකමකින් යුත් ජංගම දුරකථනය සහ රුපියල් 15,000 ක් සහිත මුදල් පසුම්බිය ද රැගෙන යතුරුපැදියෙන්ම පළාගොස් තිබුණා.

එහිදි ඔවුන් තරුණයාට පවසා ඇත්තේ ජංගම දුරකථනය සහ මුදල් යළි අවශ්‍ය නම් රුපියල් 35,000 ක මුදලක් ද රැගෙන මරදාන පොලිස් ස්ථානය වෙත පැමිණෙන ලෙසටයි.

ඒ අනුව මරදාන පොලිස් ස්ථානයට ගිය තරුණයා සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුවත් කර තිබුණා.

කැටවලමුල්ල ප්‍රදේශයේ ක්ෂණික මාර්ග බාධක යොදා ගනිමින් පරීක්ෂණ ආරම්භ කළ මරදාන පොලිස් නිලධාරීන් කළු පැහැති යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු පරීක්ෂාවට ලක් කර තිබුණේ එවැනි පසුබිමකයි.

එහිදි ඔහු සන්තකයේ තිබි හෙරොයින් ග්‍රෑම් 13 කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් අතර, වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදි අනාවරණ වී ඇත්තේ පොලිස් නිලධාරීන් යැයි පවසා ජංගම දුරකථනය සහ මුදල් පසුම්බිය සොරා ගෙන ඇත්තේ ඔහු බවටයි.

ඔහුත් සමඟ යතුරුපැදියෙන් පැමිණි අනෙක් තරුණයා ඔහුගේ සහෝදරයා බවටත් පොලිසිය අනාවරණ කරගත්තා.

+


ලංකාවේ ඉදන් ‘නිල් චිත්‍රපටි’ හදලා චීනෙට විකුණලා ඩොලර් ගෙනා ජෝඩු දෙක (2) හිටපු පිළියන්දල ගෙදර පොලිසිය විසින් වැටලෙයි (16.06.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *