මහා පරිමාණ රුමේනියා රැකියා ජාවාරමක තොරතුරු එළියට – රුපියල් ලක්ෂ 130 ක වංචාවක්

මහා පරිමාණ රුමේනියා රැකියා ජාවාරමක තොරතුරු එළියට – රුපියල් ලක්ෂ 130 ක වංචාවක්


මහා පරිමාණ රුමේනියා රැකියා ජාවාරමක තොරතුරු එළියට – රුපියල් ලක්ෂ 130 ක වංචාවක්

(14.06.2024 – 21:51 +0530 – sinhala.adaderana.lk)

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙකු ‘ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ’ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාතර, ගොඩගම පිහිටි අදාළ ආයතනයේ හිමිකරු විසින් රුමේනියාවේ රැකියා ලබාදීම සඳහා මුදල් අයකර, එම රැකියා අවස්ථා ලබා නොදුන් බවට කාර්යාංශයට පැමිණිලි 53 ක් ලැබී ඇත.

පසුව එම පැමිණිලි අනුව අදාළ සැකකරු වංචාකර ඇති මුදලේ වටිනාකම රුපියල් ලක්ෂ 130 ට අධිකය.

අදාළ රැකියා නියෝජිතායතනය මීට පෙර කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතනයක් වන අතර, එම ආයතනයේ රැකියා බලපත්‍රයේ වලංගු කාලය පෙබරවාරි 29 දිනෙන් අවසන් වී ඇති අතර, යළි එම ආයතනයේ රැකියා බලපත්‍රය අලුත් කර ගැනීමකින් තොරව නීතිවිරෝධි අයුරින් පවත්වාගෙන ගොස් තිබේ.

මෙම ආයතනයට රුමේනියා රැකියා ලබාදීම සඳහා වලංගු රැකියා ඇණවුමක් තිබුණද, පැමිණිලිකරුවන් රැකියා සඳහා යොමුකිරීමට ඔවුන් කටයුතු කර නොමැත.

පැමිණිලි විභාග කිරිම සඳහා අදාළ රැකියා නියෝජිතායතනයේ හිමිකරු ඊයේ (13) දින කාර්යාංශය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව කාර්යාංශ පනතේ අඩංගු බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද දින මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2 ක් මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ අතර, විදේශ ගමන් තහනමක්ද පනවා ඇත.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ https://www.slbfe.lk/ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටී ෴


කිලෝ ග්‍රෑම් 150 කට අධික ‘හෙරොයින් මත්ද්‍රව්‍ය’ සමග ධීවරයෝ 6 ක් අත්අඩංගුවට

(14.06.2024 – 21:49 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මුහුදේදී නෞකාවකින් ලබා දුන් රුපියල් කෝටි 200 කට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන එමින් සිටි ධීවරයන් හය දෙනකු (6) නාවික හමුදාව සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බුද්ධි අංශ නිලධාරීන් ලබාදුන් තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ වෙරළ සිට මුහුදු සැතපුම් 400 ක් පමණ දුරකදී වැටලීම සිදුකළ බව නාවික හමුදාව පැවසුවා.

ගාල්ල වරායට රැගෙන ආ බහුදින ධීවර යාත්‍රාව ස්කෑන් පරීක්ෂාවකට ලක්කොට තිබුණා.

එහිදී බඳ කොටසේ බහා ඇති පාර්සල් රැසක් හඳුනාගෙන තිබෙනවා.

එහි කිලෝ ග්‍රෑම් 150 කට අධික ‘හෙරොයින් මත්ද්‍රව්‍ය’ තිබෙන බවටයි වාර්තා වන්නේ.

මෙම යාත්‍රාව මේ වනවිට ගාල්ල වරායේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ රඳවා ඇති බවයි නාවික හමුදාව පවසන්නේ ෴


මීගමුව මුහුදේ දිය නෑමට ගිය සිසුන් දෙදෙනෙකු (2) මරුට

(14.06.2024 – 18:44 +0530 – hirunews.lk/sinhala)

මුහුදු තීරයේ දිය නෑමට ගිය පිරිමි ළමයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මීගමුව මුහුදු තීරයේ අද (14) දින දිය නෑමට ගිය දරුවන් දෙදෙනෙකුයි (2) මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

ඔවුන් වයස අවුරුදු 14 ක සහ අවුරුදු 17 ක දරුවන් දෙදෙනෙකු (2) බවයි පොලිසිය සඳහන් කළේ ෴


‘සර්වජන බලයේ’ මංගල ජන රැලිය 18 දා නුගේගොඩ දී

(14.06.2024 – lankaleader.com)

එළඹෙන 18 වනදා අඟහරුවාදා නුගේගොඩදී ‘සර්ව ජන බලයේ’ මංගල ජන රැලිය පැවැත්වීමට නියමිත බව සර්වජන බලය විසින් කැඳවූ මාධ්‍ය හමුවේදී පැවසීය.

ඒ අනුව 69 ලක්ෂයෙන් කෙනෙක් නම් 18 වැනිදාට නුගේගොඩට පැමිණෙන ලෙස මෙරට ජාතිකවාදී දේශප්‍රේමී ජනතාව වෙත ගෞරවයෙන් ආරාධනා කරන බව මාධ්‍ය හමුවට එක් වූ සර්වජන බල‍යේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය. ලක්ෂ 69 පිහිටෙන් පාර්ලිමේන්තුවට පැමිණි ඇතැම් අය හුදු බලය ලබා ගැනීමට විවිධ තැන්වලට පැන්නද, එකී ජනතාවගෙන් බහුතරයක් තවමත් නිහඬව, වෙන්නේ කුමක්දැයි බලා සිටින බවද හෙතම පැවසීය. අවස්ථාවාදීන් කොහේ පැන්නද ජාතික කඳවුර සහ ජාතික බලවේග නොනැසී පවතින බවද හෙතෙම අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවටත් රටේ ආරක්ෂක හමුදාවන්ටත් එල්ලවූ යුද අපරාධ චෝදනාවලට එරෙහිව නැගී සිටිමින් රටේ ස්වෛරීත්වය ආරක්ෂා කර ගැනීමට පෙළ ගැසුණු 69 ලක්ෂයක් ජනතාවගේ අභිලාශය මුදුන් පමුණුවාලීම සඳහා අඛණ්ඩව පෙනී සිටින බවත් ඒ සඳහා මේ වන විට රටේ පවතින එකම දේශපාලන බලවේගය සර්වජන බලය දේශපාලන එකමුතුව බවත් ඔහු කියා සිටියේය.

2015 දී ජනතාව ලබා දුන් ජන වරම එම ජනවරමින් පාර්ලිමේන්තුවට පැමිණි මහජන නියෝජිතයින් විසින් රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ඉදිරියේ ජාතික අභිලාශ පාවාදෙමින් සිටින බව මාධ්‍ය හමුවට එක වූ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් පැවසුවේ 13 සංශෝදනයක් ගැන පවසමින්, දෙමල ජනතාව රවටමින්, නැති ප්‍රශ්නයකට පිළිතුරු ලබා දීමට අවස්තාවාදී දේශපාලකයන් කටයුතු කරමින් සිටින බවයි.

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර සහ උප සභාපතිනි අනුරාධා යහම්පත්, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ප්‍රජාතාන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් වාසුදේව නානායක්කාර, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරසිංහ , ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වෛද්‍ය ජී විරසීංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, යුතුකම ජාතික සංවිධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග සහ ස්වාධීන මන්ත්‍රී සංසදයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මෙම දේශපාලන එකමුතුවේ විධායක කමිටු සාමාජිකයින් ලෙස කටයුතු කරයි ෴


මම 13 ට එදත් විරුද්ධයි… අදත් විරුද්ධයි – අරුන් සිද්ධාර්ථන් කියයි

(14.06.2024 – lankaleader.com)

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කරන බවට කිලිනොච්චියේදි කරනු ලැබු ප්‍රකාශයට එරෙහිව ඊයේ (13) කොළඹ විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිට දී ජාතික සංවිධාන විසින් දැක්වූ විරෝධය බොහෝ සෙයින් අගය කරන බව යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ථන් මහතා පවසයි.

තමන් උතුරට පොලිස්, ඉඩම් බලතල ලබා දෙන 13 වැනි සංශෝධනයට එදත් අදත් දැඩි සේ විරුද්ධ බවත්, 13 යනු මෙරට ගැටුම් නිර්මාණය කිරීමට හැදූ කුමන්ත්‍රණයක් බවත් ඔහු පවසයි.

+++++++++++

+


කටුනායක විදෙස් මුදල් ජාවාරම ‘අද දෙරණ උකුස්සා’ හෙළිකරයි

(13.06.2024 – 20:13 +0530 – sinhala.adaderana.lk)

අධි ආරක්ෂිත කලාපයක් වන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ නීතිවිරෝධි අයුරින් විදෙස් මුදල් මිලදී ගන්නා හා හුවමාරු කරන ජාවාරමක් පිළිබඳව ‘අද දෙරණ උකුස්සා’ ට තොරතුරු ලැබුණි.

‘උකුස්සා’ගේ අද (13) අනාවරණය ඒ පිළිබඳවය.

විදෙස් මුදල් මිලදීගැනීම, අලෙවි කිරීම හා හුවමාරු කිරීමට අවසර හිමිවන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමත බලපත්‍ර ලාභී බැංකු සහ බලයලත් මුදල් හුවමාරු කිරීමේ ආයතන සඳහා පමණි.

එවන් පසුබිමක මෙරට තුළ ඇති ප්‍රධානතම ගුවන්තොටුපොළ තුළදී නීතිවිරෝධී අයුරින් විදෙස් මුදල් මිලදී ගන්නා කන්ඩායමක් පිළිබඳව ‘අද දෙරණ උකුස්සා’ට රහසිගත තොරතුරක් ලැබුණි.

දිවයිනට වැඩිපුරම ගුවන්යානා පැමිණෙන අලුයම 2 ත් 4 ත් අතර කාලයේදී ‘උකුස්සා’ ගුවන්තොටුපොළ වෙත ළඟාවුණි.

එහිදී දැකගත හැකිවුණේ අධි ආරක්ෂිත ස්ථානයක් වන ගුවන්තොටුපොළ තුළ පිරිසක් කිසිඳු පැකිලීමකින් තොරව විදෙස් රටවල සිට පැමිණෙන දෙස් විදෙස් පුද්ගලයන්ගෙන් විදෙස් මුදල් මිලදී ගන්නා ආකාරයයි.

මැදපෙරදිග සිට පැමිණෙන ලාංකික කාන්තාවන් මොවුන්ගේ ප්‍රධානතම ඉලක්කය බව එම ස්ථානයේ රැඳී සිටි පුද්ගලයන් කිහිප දෙනකුම ‘උකුස්සා’ට අනාවරණ කළේය.

විදෙස් මුදල් මෙරට බැංකු පද්ධතිය හරහා රට තුළට පැමිණිය යුතු වූවත් මෙවන් පිරිස් හේතුවෙන් එය නිසි ලෙස සිදු නොවේ.

ඉන් සිදුවන්නේ මෙරට බැංකු පද්ධතිය කඩාවැටීම මෙන්ම විදෙස් මුදල් සංචිත ප්‍රමාණයටද බලපෑම් එල්ලවීමය.

එසේ නම් නිද්‍රාශීලීව සිටින ගුවන්තොටුපොළ බලධාරීන් දැන්වත් මේ පිළිබඳව සොයාබලා මෙම පුද්ගලයන්ට වැටබැඳීම කඩිනමින් සිදුකළ යුතු කාර්යයක් නොවන්නේද?

මොවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන තෙක් ‘අද දෙරණ උකුස්සා’ සීරුවෙනි.

+


ඩොලර් බිලියන 6.1 ට මොකද වුණේ? (පිවිතුරු හෙළ උරුමය 2024.06.14 දින මාධ්‍ය හමුවේ දී)

+


අඩු ආදායම් ලාභීන්ට බෙදන්න ගෙනා කුණු සහල් තොගයක් මාට්ටු

(14.06.2024 – 23:39 +0530 – hirunews.lk/sinhala)

මිනිස් භාරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 30,000 ක් වැටලීමට ‘ගලෙන්බිදුණුවැව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු’ සමත්ව තිබෙනවා.

රජයේ සහනාධාර වැඩ පිළිවෙල යටතේ අද (14) අඩු ආදායම් ලාභීන්ට බෙදා දීම සඳහා රැගෙන ගිය සහල් තොගයක් මෙසේ අත් අඩංගුවට ගත්තා.

ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් දෙකක (2) ජනතාවටයි මේවා බෙදා දීමට සූදානම්ව අත්තේ.

සහල් තොගය රැගෙන ආ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබුණා.

ගලෙන්බිදුණුවැව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට සහල් රැගෙන ඒමෙන් පසු බෙදා හැරිමට මත්තෙන් ප්‍රමිතිය සොයා බලන ලෙස ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ගලෙන්බිදුණුවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ට දන්වා තිබුණා.

ඒ අනූව සිදුකළ පරික්ෂාවේදී මෙම සහල් තොගය මිනිස් පරිභෝජනයට නුසුදුසු බව හදුනාගෙන තිබෙනවා ෴


ජනාධිපති පත්කළ කමිටුව පිළිගන්නේ නෑ… – කතෝලික සභාව

(14.06.2024 – 22:26 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර පිළිබඳ ලද පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග විමර්ශනයට අදාළව ජනාධිපතිවරයා පත්කළ කමිටුව නොපිළිගන්නා බව කතෝලික සභාව අවධාරණය කරයි.

කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් අද (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ප්‍රහාරයේ වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට සැබවින්ම අවශ්‍යතාවක් ඇත්නම් එම ප්‍රහාරය පිළිබඳ කරුණු සොයාබලා නඩු පැවරීමට බලය ඇති විශේෂ නිලධාරියෙකු හෝ කාර්යාලයක් ස්ථාපිත කරන ලෙසය.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර පිළිබඳ ලද පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග විමර්ශනයට විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඒ.එන්.ජේ. ද අල්විස් මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරනු ලැබීය.

ඒ සම්බන්ධයෙන් කතෝලික සභාවේ ප්‍රතිචාර දැක්වූයේ අද (14) අගරදගුරු මැදුරේදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

කොළඹ අගරදගුරු පදවිය මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණි පියතුමා :

“ජනපති කොමිසමේ නිර්දේශ ඉටුකරන ලෙස ඉල්ලුවා. නිර්දේශ ක්‍රියාත්මක කරලා නැහැ. ජනපති පත්කළ නව කමිටුව පිළිගන්නේ නැහැ. නිලන්ත ජයවර්ධන, සුරේෂ් සලේ, පොලිපතිවරයා මේ කමිටුව ඉදිරියේ පරීක්ෂණයට ලක්වෙනවා. ඒ අය ධුරවල තියාගෙන සාධාරණ පරීක්ෂණයක් කරන්නේ කොහොමද? මැතිවරණ ඉලක්ක කරගෙන මිනිස්සු රවට්ටන්න හදනවා. අපි යෝජනාවක් කරන්න කැමතියි රාජ්‍ය නිලධාරීන්ට නඩු පැවරිය හැක්කේ නීතිපතිට. නීතිපතිවරයා දේශපාලනීකරණය වෙලා. මාස 3 ක් ඇතුළත පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරලා. විශේෂ නිලධාරියෙකු හා කාර්යාලයක් ස්ථාපිත කරන්න. තවදුරටත් මුදල් නාස්ති කරලා කල්මරලා වැඩක් නැහැ.”

ඔබවහන්සේ සඳහන් කළා පොලිස්පති සහ තවත් කිහිපදෙනෙකු අනිවාර්ය නිවාඩු යවලා මේ පරීක්ෂණය කරන්න ඕනේ කියලා. එහෙම කරන්න පුළුවන් ද?

“ඔවුන් රාජ්‍ය නිලධාරීන්නේ; රාජ්‍ය නිලධාරීන්ට විනය පරීක්ෂණ තියෙනවානම් ඒවාට අවශ්‍ය අණ පනත් තියෙනවා. ශානි අබේසේකරටත් කළානේ.”

දැන් මාලිමාවේ නීතිඥවරු ඇතුළු පිරිසක් ඇවිත් සාකච්ඡා කළානේ කාදිනල්තුමා සමග පාස්කු ප්‍රහාරය ගැන?

“පාස්කු ප්‍රහාරය ගැන ජා.ජ.බලවේගයේ ක්‍රියාමාර්ග ගැන කිව්වා. සමගි ජනබලවේගයත් ලිඛිතව ක්‍රියාමාර්ග ලබාදුන්නා. ඒවා සම්පූර්ණයෙන් පිළිගන්නවාද කියලා අපි කියලා නැහැ.”

+


ගැහැණු, කාර්, හෝටල්, සල්ලි සෙල්ලම් ගොඩයි |උද්දිකගේ සෙල්ලමට උදව් කළ ASP, තාඹුගල එක්ක ගහපු ගේම් සේරම මෙන්න (15.06.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *