“13” සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමෙන් රට බෙදුම්වාදයේ ගොදුරක් බවට පත් වීම හැර අන් කිසිවක් සිදු වන්නේ නැහැ! – ජානිපෙ විපක්ෂ නායකට අවධාරණය කරයි

“13” සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමෙන් රට බෙදුම්වාදයේ ගොදුරක් බවට පත් වීම හැර අන් කිසිවක් සිදු වන්නේ නැහැ! – ජානිපෙ විපක්ෂ නායකට අවධාරණය කරයි


“13” සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමෙන් රට බෙදුම්වාදයේ ගොදුරක් බවට පත් වීම හැර අන් කිසිවක් සිදු වන්නේ නැහැ! – ජානිපෙ විපක්ෂ නායකට අවධාරණය කරයි

(12.06.2024 – facebook.com/nidahasperamuna)

උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාවගේ ඡන්ද ඉලක්ක කරමින් ’13 වැනි සංශෝධනය’ සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට
පොරොන්දුවීම මගින් රට බෙදුම්වාදයේ ගොදුරක් බවට පත් වීම හැර අන් කිසිවක් සිදු නොවන බව ‘ජාතික නිදහස් පෙරමුණ’ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අවධාරණය කරයි.

අද (12) පිටකෝට්ටේ පිහිටි ‘ජාතික නිදහස් පෙරමුණේ’ ප්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවේදී එහි ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා එසේ අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ‘ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායකවරයා’ මෙසේද සඳහන් කළේය.

සජිත්ගේ විවෘත ප්‍රකාශය

“මීට පෙර කිසිදු විපක්ෂ නායකවරයෙකු නොකළ ආකාරයට උතුරු ප්‍රදේශයේ ජනතාව අමතමින් ’13 වැනි සංශෝධනය’ සම්පූර්ණයෙන්ම බලාත්මක කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්ථිරසාර සහ විවෘත ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. එතුමාට පෙර එම ධුරය දැරූ පුද්ගලයින්ට ද ඔහුට මෙන්ම බාහිරින් ඒ සඳහා පීඩනයක් එල්ල වුවත් ඔවුන් විසින් එය විවෘතව ප්‍රකාශ නොකළේ ඊට එරෙහිව ප්‍රබල ජනමතයක් පැවතීම නිසා බව ඉතා පැහැදිලියි. නමුත් මේ වන විට රටේ පවතින ආපදා තත්ත්වය තුළ එම විරෝධය ප්‍රබල ලෙස මතු නොවන බව සජිත් ප්‍රේමදාස මහතා විසින් හිතනවා.

13 සංශෝධනයේ සැබෑ වුවමනාව

කෙසේ වෙතත් එතුමා එවැනි ප්‍රකාශයක් කරනු ලබන්නේ උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාවගේ ඡන්ද ඉලක්ක කර ගනිමින් බව ඉතා පැහැදිලියි. අපට මතකයි එතුමා විසින් මීට පෙර පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේදී එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රිවරයාගේ ඉල්ලීම පරිදි එම සංශෝධනයට ’13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා වන වගන්ති 2 ක්’ ඇතුළු කළ බව. ඒ වගේම අපට මතකයි, එතුමාගේ පියා 1987 දී ‘ඉන්දු ලංකා ගිවිසුම’ට අකමැත්ත ප්‍රකාශ කළත් පසුව ’13 වැනි සංශෝධනය’ට පක්ෂව අත ඔසවනු ලැබූ බව. නමුත් ඔහු කිසිදු අවස්ථාවක 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන බවට ප්‍රකාශ කළේ නැහැ. ජනාධිපතිවරයෙකු ලෙස ඒ සඳහා උත්සාහ කිරීමට ද කටයුතු කළේ නැහැ. අපි විපක්ෂ නායකවරයාට කියනවා, ‘ඔබ විසින් පටු දේශපාලන උවමනාවන් සඳහා ප්‍රකාශ නිකුත් කිරීමට පෙර ’13 වැනි සංශෝධනයේ’ ඉතිහාසය විමසා බලන්න. එහි බරපතලකම සහ එම සංශෝධනයේ සැබෑ වුවමනාව කුමක්දැයි තේරුම් ගන්න.’ කියලා.

භූ දේශපාලන උවමනාව

එම ඉතිහාසය ආරම්භ වන්නේ 1932 දී ඉන්දියාවේ ‘සර්දාර් පනික්කාර් න්‍යාය’ අනුව ශ්‍රී ලංකා රාජ්‍යය දුර්වල කරලා ගිවිසුම් මඟින් අර්ධ යටත් විජිතයක් බවට පත් කර ගත යුතුයි, යන න්‍යායාත්මක ප්‍රවේශය මතයි. ඒ අනුව එදා 1987 දී ඔවුන්ගේ අරමුණ වූයේ බෙදී වෙන් වන ඊළාම් රාජ්‍යය අර්ධ යටත් විජිතයක් ලෙස ඇඳා ගැනීමයි. නමුත් අද වන විට පවතින ආපදා තත්ත්වය උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉන්දියාවේ ආර්ථිකය සමග ඒකාබද්ධ කිරීමට යෝජනා ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී ’13 වැනි සංශෝධනය’ බලාත්මක කිරීමෙන් පසුව 30 වැනි ප්‍රාන්තය ද බිහිවීමේ හැකියාව තිබෙනවා. ’13 වැනි සංශෝධනයේ’ අවසන් ප්‍රතිඵල අවබෝධකර ගත යුත්තේ ඉන්දු – ඇමෙරිකානු දීර්ඝකාලීන භූ දේශපාලන උවමනාවන්ට සාපේක්ෂවයි.

ඉන්දු – ඇමෙරිකානු භූ දේශපාලන උවමනා

ඉන්දු – ඇමෙරිකානු භූ දේශපාලන උවමනාවට අනුව බෙදුම්වාදී ගැටුම් වර්ධනය කිරීම සඳහා බාහිර බලවේග දායක වූ බව සහ එය යොදා ගනිමින් ‘ඉන්දු- ලංකා ගිවිසුම’ අත්සන් කිරීමට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට බලපෑම් කළ බව දැන් රහසක් නොවෙයි. එසේ වුවත් එතුමා විසින් රට බෙදීම වැළැක්වීම සඳහා ඉන්දියානු නිලධාරීන් සමඟ කේවල් කර ’13 වැනි සංශෝධනය’ සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම වැළැක්වීම සඳහා යම් ව්‍යවස්ථාමය බාධක ප්‍රමාණයක් පනවා ඇති බව හිටපු අගවිනිසුරු රාජා වනසුන්දර මහතා විසින් පසුව හෙළිදරව් කරනු ලැබුවා.

ජාතියේ හිසට ඉහළින් එල්ලා ඇති භයානක කඩු තුඩක්!

එසේ කිරීම මගින් අදාළ සංශෝධනය ජනමත විචාරණයකට ඉදිරිපත් කිරීමට සිදු නොවන ආකාරයට සම්මත කරගැනීම ඉන්දියාවේ අපේක්ෂාව වූ බව පිළිගත හැකියි. එදා ‘ඉන්දු – ලංකා ගිවිසුම’ට සහ ’13 වැනි සංශෝධනය’ට එරෙහිව පැවති ප්‍රබල විරෝධය නිසා එම සංශෝධනය ජනමත විචාරණයක් මගින් සම්මත කළ නොහැකි බව පැහැදිලි කරුණක්.

එම විනිසුරුතුමා 13 වැනි සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ පෙත්සම් විභාග කළ විනිසුරු මඩුල්ල ද නියෝජනය කරනු ලැබුවා. එතුමාට අනුව, ’13 වැනි සංශෝධනය යනු ජාතියේ හිසට ඉහළින් එල්ලා ඇති භයානක කඩු තුඩක්’. ඔහුට අනුව එය ගැට ගසා ඇත්තේ ඊට එරෙහිව පවතින ව්‍යවස්ථාමය බාධක නම් වූ ඉතා දුර්වල රැහැන් පටවලින්. ඒ නිසා ඔහු අපේ රටේ මහා සංඝරත්නය ප්‍රමුඛ ජාතික බලවේගවලින් ඉල්ලා සිටියේ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් හෝ පරිපාලන ක්‍රියාමාර්ග මගින් එම රැහැන් පට කපා දැමීමට දිවිහිමියෙන් ඉඩ නොදෙන ලෙසයි. ඒ අනුව ඔහු අවධාරණය කළේ නව ව්‍යවස්ථාවක් මඟින් ‘කඩුව’ ඉවත් කරන තෙක් රැහැන කැපීම හෙවත් බාධක ඉවත් කිරීම මගින් ’13 වැනි සංශෝධනය’ සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම කිසිසේත්ම නොකළ යුතු බරපතළ වරදක් බවයි.

නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම

නමුත් පවතින දේශපාලන තත්වය සහ විදේශීය බලපෑම් නිසා ’13 වැනි සංශෝධනය’ පමණක් විශේෂිතව ඉවත් කිරීම ද යථාර්ථයක් නොවන බවට අපට විවාදයක් නැහැ. එසේ නම් කළ යුත්තේ ’13 වැනි සංශෝධනයක්’ නොමැති නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම සහ ඒ මගින් බෙදුම්වාදයෙන් රට ගලවා ගන්නා අතර විධායක බලය උපරිම ලෙස විමධ්‍යගත කිරීමයි. එසේම සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට සමාන අයිතිවාසිකම් තහවුරු කෙරෙන බව එම නව ව්‍යවස්ථාව මගින් සහතික කිරීමයි. නමුත් විපක්ෂ නායකවරයා විසින් බලය ලබාගැනීමේ පටු උවමනාව සඳහා ලබාදෙන පොරොන්දු නිසා එතුමා බලයට පත්වුවත් එම නිවැරදි ක්‍රියාමාර්ගය තේරීමට කිසිදු ඉඩක් නොලැබෙන බව ඉතා පැහැදිලියි.

ඒ ආකාරයට අනතුරුදායක දේශපාලන පොරොන්දු ලබාදෙමින් සුළුජන ඡන්ද පදනම ශක්තිමත් කර ගැනීම මගින් එතුමා බලයට පත්වුවහොත් අනිවාර්යෙන්ම නව ව්‍යවස්ථාවක් වෙනුවට පවතින ව්‍යවස්ථාවේ ’13 වැනි සංශෝධනය’ සම්පූර්ණයෙන් බලාත්මක කිරීමට සිදුවනු ඇති.

රනිල් -සජිත් : එක වල්ලේ පොල්

රටේ අනාගත ඉරණම තීන්දු කිරීමට අදාළ වැදගත්ම සහ ප්‍රබලම ප්‍රතිපත්තිමය කරුණක් පිළිබඳව එනම් ’13 වැනි සංශෝධනය’ සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට අදාළව විපක්ෂ නායක ලෙස එතුමාගේ මතය සහ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මතය අතර කිසිදු වෙනසක් හෝ ගැටුමක් නොමැති බව ඉතා පැහැදිලියි. එසේ නම් එම දෙපළ අතුරින් කුමන පුද්ගලයෙකු විසින් ජනාධිපති ධුරය අත්පත්කර ගත්තද ඉහත දැක්වූ රටේ ඉරණම වෙනස් නොවන බව ද ඉතා පැහැදිලියි. ඒ අනුව එම දෙපළ පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතව හෝ එසේ නොමැතිව රටේ දේශපාලන බලය ලබාගැනීම යනු රටේ ඉතිහාසය අවසන් කිරීමේ ආරම්භය බව ද අපි ජාතිය හමුවේ අවධාරණය කරනවා.”

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2024-06-12

++++++++++

13 ක්‍රියාත්මක කරනවා | සජිත් පුතානෝ ඔයා ඉල්ලන් කන්නයි යන්නේ | SUDAA STUDIO |10.06.2024

++++++++++

සිවිල් ක්‍රියාකාරීන් විපක්ෂ නායක කාර්යාලය වටලයි – 13.06.2024

+


විදුලි මාරයාට බිලිවූ 17 හැවිරිදි හැඩකාරිය නිශානිගේ වියෝවෙන් ගමක්ම කම්පාවෙයි | අම්මත් ලංකාවේ නෑ (12.06.2024)

+


නඩු තීන්දුවෙන් පසු දීගොඩ කුමාර හෙලිකරන අපූරු සිදුවීම් – 2024-06-13

+


පොලිස් නිල ඇඳුමින් මතු වූ අසීමිත ආදරය

(13.06.2024 – 13:33 +0530 – sinhala.adaderana.lk)

මේසයක් සහ පුටුවක් නොමැතිව පාසල් ගමන අතරමඟ නතර කිරීමට සිදුවූ දරුවෙකුට මිදිගම පොලිසියේ මැදිහත්වීමෙන් යළි පාසල් යාමට අවස්ථාව හිමිවුණි.

පාසැල් යාමට දැඩි කැමත්තෙන් පසුවූ පුංචි මලිඳුගේ ඒ පැතුම ඉටුවූ මොහොත එහි සිටි සියලුදෙනාම සංවේදී කිරීමට සමත් වුණි.

එකළොස් (11) හැවිරිදි ‘චමෙත් මලිඳු ප්‍රියෂාන්’ වැලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිදිගම ප්‍රදේශයේ පදිංචි ජේ.වී. ප්‍රියන්ත සහ කේ.එච්. රසිකා ලක්ෂානිගේ දරුවන් තිදෙනෙකු (3) ගෙන් යුත් පවුලේ දෙවැනි (2) දරුවාය.

දැඩි ආර්ථික අර්බුදයන්ට මුහුණදී සිටින එම පවුල ස්ථිර නිවසක් පවා නොමැතිකමින් පදිංචිව සිටින්නේ ප්‍රදේශයේ විවිධ ස්ථානයක්වලය.

එවන් අපහසුතා මැද සිය පාසල් ගමන අතහැර දමන්නට මලිඳුට සිදුවන්නේ කැමැත්තකින් නොවේ.

කෙසේවෙතත් මාස කිහිපයකට පසුව යළිත් වරක් ප්‍රදේශයේ විදුහලකට මලිඳු ඇතුළත් කිරීමට මව්පියන් උත්සහ දරන්නේ අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව අවබෝධයක් පැවතීම හේතුවෙනි.

එහෙත් විදුහල් බලධාරීන් සඳහන් කර තිබුණේ විදුහලේ මේස සහ පුටුවල අඩුවක් පැවතීම හේතුවෙන් දරුවා පාසලට ඇතුළත් කරගැනීමටනම් මේසයක් සහ පුටුවක් රැගෙන එන ලෙසය.

එහෙත් ඒ සඳහාවත් ආර්ථික ශක්තියක් නොතිබීම හේතුවෙන් යළිත්වරක් මලිඳුගේ පාසල් ගමනට නැවතීමේ තිත තැබීමට සිදුව තිබිණි.

මේ දරුවා පිළිබඳව මිදිගම පොලීසියට දැනගන්නට ලැබෙන්නේ මේ අතරවාරයේය.

ඒ අනුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශෝක අබේවර්ධන මහතා ඇතුළු මිදිගම පොලිසියේ නිලධාරීන් දරුවාගේ අධ්‍යාපන අයිතිය රැකදීමට මැදිහත් වන්නේ ඔහුට ඩෙස් එකක් සහ පුටුවක් සකසා දෙමිනි.

එයින්ද නොනැවතී මලිඳු මිදිගම ප්‍රදේශයේ පාසලකට ඇතුළත් කිරීමටද පොලීසිය මැදිහත් වේ.

ඉන්න තැනක්, කුසට අහරක් පවා නොමැතිව තම අනාගතය වෙනුවෙන් සිහින දකින පුංචි මලිඳුට උදව් කළ හැකි අයෙක් වෙතොත් එය මහඟු පිංකමක් වනු නොඅනුමානය.

වැඩි විස්තර : 071 859 2939 / 041 226 1667

+


රන් මාල කොල්ලය CCTV කැමරාවේ

(13.06.2024 – 11:39 +0530 – sinhala.adaderana.lk)

කැස්බෑව, බණ්ඩාරගම මාර්ගයේ මාකන්දන සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී කාන්තාවකගේ ගෙල බැදි රන්මාලය හා පෙන්ඩන් තුනක් (3) යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු කොල්ලකා පළා යන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණි.

එලෙස කොල්ලකා ඇත්තේ රුපියල් ලක්ෂ 5 කට පමණ අධික වටිනා පවුම් 2 හමාරක් බර රන් මාලයක් සහ රන් පෙන්ඩන් තුනකි (3).

අදාළ කාන්තාව සුපිරි වෙළඳ සැලට ගොස් මාර්ගයට පැමිණ ත්‍රිරෝද රථයක් බලාපොරොත්තුව රැඳී සිටියදී ඇය ආසන්නයේම නතර කර තිබූ ස්කූටර් වර්ගයේ යතුරු පැදියක සිටි පුද්ගලයෙකු එකවරම ඇයගේ ගෙල බැඳි රන්මාලය කඩාගෙන යතුරුපැදියෙන් බටුවන්දර දෙසට පළ යන අයුරු එම CCTV දර්ශනවල සටහන්ව තිබිණි.

පළා ගිය යතුරුපැදියේ ලියාපදිංචි අංකය අනුව සිදුකළ පරීක්ෂාවේදී එම යතුරු පැදිය මොරටුව ප්‍රදේශයේ කාන්තාවකගේ නමට ලියාපදිංචි එකක් බවත් එය ඉකුත් 10 වෙනි දින රාත්‍රියේ එගොඩවීර ප්‍රදේශයේදී සොරාගෙන ගොස් ඇති බවට අනාවරණය වී යැයි පොලීසිය පැවසීය.

කැස්බෑව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

+


රුපි­යල් 45,000 ට නවක නිළියන් සැපයූ ‘කාම රැල්ලේ නිළි තනුජා’ අත්අඩංගුවට

(13.06.2024 – gossiplankanews.com)

ධන­ව­තුන් බීමත්ව විනෝදවන අවස්ථාවලට සුරූපී ගණි­කා­වන් ජංගම කුලී රථ සේවා­ ඔස්සේ සපයන නිළියක පොලිසියට හසුව තිබේ. තරු පන්ති හෝට­ල්වලට, සමාජ ශාලා සහ සුපිරි නිවාස සංකී­ර්ණ­වල පැවැ­ත්වෙන සාද වලට මේ කාලයේ ප්‍රකට නවක නිළියන්ද සැපයුම් කරමින් සිටි ‘තනුජා වීරසූරිය’ නමැති ‘සරාගී චිත්‍ර­පට නිළි­යක’ ‘වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කාය’ කළ මෙහෙ­යු­ම­කදී කාන්තා­වන් පිරිසක් සමග ඊයේ (12) අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

මෙම ගණිකා ජාවා­රම මෙහෙ­යවා ඇති 48 වියැති ‘තනුජා වීරසූරිය’ මීට දශක දෙකකට (2) පමණ පෙර වැඩි­හි­ටි­යන්ට පම­ණක් සීමා වූ කාම රැල්ලේ චිත්‍ර­පට කිහිපයකටද රංග­න­යෙන් දාය­ක­ත්වය දුන් තැනැ­ත්ති­යකි. ‘හාදු වැස්සක් (2004), කාටවත් කියන්න එපා (2004), මට තාම මතකයි (2005)’ ආදී චිත්‍රපට වලට ඇය දායකවී ඇති අතර මෑත කාලීනව ඇය ටෙලි නාට්‍ය කිහි­ප­යක ද වැඩිහිටි විහිළු සහිත යූටියුබ් නාලිකා සඳහා රඟපා ඇති බවත් විම­ර්ශ­න­යේදී හෙළිවී ඇත. වට්ස්ඇප් යෙදු­ම හරහා ඇය ගණිකා ජාවා­රම මෙහෙ­යවා ඇති බව විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය වී තිබේ.

චිත්‍ර­පට හා ටෙලි නාට්‍ය නිළි­යන් රුපි­යල් 45,000 ක් වැනි මුද­ල­කට ඇය විසින් ධන­ව­තුන්ට අලෙවි කරන බව විම­ර්ශ­න­යේදී හෙළි වූ බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කායේ උසස් නිල­ධා­රි­යෙක් පැව­සීය. නිළි­යන්ව මුද­ලට ලබා­දීම සම්බ­න්ධ­යෙන් ඇය ව්‍යාපා­රි­ක­යන් සමඟ කථා­බහ කරන හඬ­පට රැසක් ද ‘වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කායේ’ නිල­ධා­රීන්ට හමුවී තිබේ.

ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඉන්දික වීර­සිංහ මහතා විසින් ප්‍රධාන පොලිස් පරී­ක්ෂක මහේන්ද්‍ර ඇතුළු නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් යොදවා කළ වැට­ලී­ම­කදී මෙම නිළිය ඇතුළු ගණි­කා­වන් පස්දෙනා (5) අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ මොර­ග­හ­හේන කෝර­ල­යිම දෙම­ට­හැත්ත ප්‍රදේ­ශ­යේ­දීය. මෙම ජාවා­රම මෙහෙ­යැවූ නිළිය මල්වානේ පදිං­චි­කා­රි­යක බව ‘වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කාය’ සඳ­හන් කළේය. මෙම නිළිය ඇතුළු අත්අ­ඩං­ගු­වට ගත් තරු­ණි­යන් මොර­ග­හ­හේන පොලිස් ස්ථාන­යට භාර­දුන් බව ද එම බළ­කාය සඳ­හන් කළේය.

මෙම ගණිකා ජාවා­රම ගැන ලද තොර­තුර සිය ඉහළ නිල­ධා­රීන්ව දැනු­වත් කිරී­මට එහි ස්ථානා­ධි­පති ඉන්දික වීර­සිංහ මහතා පිය­වර ගෙන තිබිණි. ඒ අනුව මෙම වැට­ලීම සිදු කර ඇත්තේ ‘වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කායේ’ අධ්‍යක්‍ෂ සම­න්ති­ලක වැලි­විට මහ­තාගේ සැල­සු­ම­කට අනු­වය. එම බළ­කායේ පොලිස් සැර­යන් (428) ජය­ලාල් උපාය දූත­යකු ලෙස යොදවා උපා­ය­ශී­ලීව සුරූපී සරාගී නිළිය ඇතුළු කණ්ඩා­යම මොර­ග­හ­හේන කෝර­ල­යිම දෙම­ට­හැත්ත ප්‍රදේ­ශ­යට ගෙන්වා­ගෙන අත්අ­ඩං­ගු­වට ගැනීම සිදු­කර ඇතැයි පොලිස් තොර­තුරු සඳ­හන් කළේය. මෙම කාන්තාව තරු­ණි­යන්ව ගණි­කා­වන් ලෙස අලෙවි කරනු ලබන්නේ රුපි­යල් 30,000 සිට ඉහළ ගණ­න්ව­ලට බව ද අනා­ව­ර­ණය වී තිබේ.

මෙසේ අත්අ­ඩං­ගු­වට ගන්නා ලද කාන්තා­වන් අවු­රුදු 25 ත් – 45 ත් අතර වයස් ගණ­න්වල පසු­වන බියගම, අම්පාර, බොර­ලැ­ස්ග­මුව, මාතර යන ප්‍රදේ­ශ­වල පදිං­චි­කා­රි­යන්ය.

මෙම කාන්තා­වන් සුපිරි තරු පන්ති සාද­ව­ලදී ව්‍යාපා­රි­ක­යන් සමඟ විදේ­ශීය මත්පැන් පානය කර­මින් සහ මත්ද්‍රව්‍ය භාවිත කර­මින් ව්‍යාපා­රි­ක­යන්ගේ මන­දොල සපු­රා­ලී­මට කට­යුතු කර ඇති බව ද විම­ර්ශ­න­ව­ලින් හෙළිවූ බව පොලි­සිය කියයි. මෙම ජාවා­රම මෙහෙ­යැවූ නිළිය ව්‍යාපා­රි­ක­යන් අතර ප්‍රසි­ද්ධි­යක් ලබා­ගෙන ඇති බැවින් සෙසු නිළි­යන්ව ඇය ව්‍යාපා­රි­ක­යන්ට අලෙවි කර ඇති බව ද විම­ර්ශ­න­යේදී පෙනී ගොස් ඇත. ව්‍යාපා­රි­ක­යන්ට තරු පන්තියේ හෝටල් කාමර වෙන් කර ගන්නා ලෙස පවසා එම හෝටල් කාම­ර­ව­ලට නිළි­යන් රැගෙන ගොස් මෙම ජාවා­රම ඇය විසින් සිදු කර ඇති බව ද විම­ර්ශ­න­යේදී පෙනී ගොස් ඇත ෴

++++++++++++

+


අද අපි මාලිමාවේ නිරුවත හෙළිකරන්නම් – මේක ජාතික ජන බලවේගයත් දන්නේ නැති රහසක් (12.06.2024)

+


69යේ නිල අල්ලන්න, මහින්ද සුළඟ හැමූ නුගේගොඩින්ම පළමු රැලිය පවත්වා වියත් මගේ චන්න ජයසුමනලා වැඩට බහී (13.06.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Thaathaanao prabhaakaranta awasya aayudha dunna sinhalayinwa maranna. Daen puthaano rata bedanna hadanawa indiyaawta passa paththa deela. Mooth Ranila saha Nooorway kaarayo ekka ekathuwelaa karanna hadapu deya daen moo thaniyama karanna hadanawa. Mae deshapaaluwangen apita athi waedak naetha. Rata jaathiya aagama gaena kakkumak nathi kanahilunya. Mun okkoma payin gasaa elawiya yuthuya

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *