සුරාබදු නිලධාරියෙක් එක්ක බැංකු කළමනාකරුවෙක් කුඩු විකුණලා

සුරාබදු නිලධාරියෙක් එක්ක බැංකු කළමනාකරුවෙක් කුඩු විකුණලා


සුරාබදු නිලධාරියෙක් එක්ක බැංකු කළමනාකරුවෙක් කුඩු විකුණලා

(26.05.2024 – 19:29 +0530 – hirunews.lk/sinhala)

කුඩු අලෙවි කළ බව කියන ‘සුරාබදු නිලධාරියෙකු’ සමග ‘පෞද්ගලික් බැංකුවක සහකාර කළමනාකරුවකු’ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘අලවතුගොඩ පොලිසියේ’ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (25) සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

මත් කුඩු විකිණූ අයෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළි කළ තොරතුරු මතයි සැකකරුවන් හඳුනාගෙන ඇත්තේ.

ඒ අනුව සැකකරුගේ තොරතුරු අනූව උපාය දූතයකු යොදා සිදුකළ මෙහෙයුමකින් පසුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී එක් අයෙකු ‘සුරාබදු නිලධාරියෙකු’ බවත් අනෙක් පුද්ගලයා ‘පෞද්ගලික බැංකුවක සහකාර කළමනාකරුවකු’ බවටත් පවසා තිබෙනවා.

මේ අතර සුරාබදු නිලධාරියා ළඟ තිබියදී රු. 10,000 ක් සමග ‘ඩිජිටල් තරාදියක්’ සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.

මොවුන් හා සබඳතා පැවැත්වූ තවත් තිදෙනකු (3) කොටුකර ගැනීමට පොලිසිය සමත්ව වුණා.

‘සුරාබදු නිලධාරියෙකු’ සහ ‘පෞද්ගලික බැංකු සහකාර කළමනාකරුවකු’ බව කියන දෙදෙනා මැයි 29 දක්වා රැඳවුම් නියෝග යටතේ තබා ප්‍රශ්න කරන බව‍යි ‘හිරු නිවුස්’ වෙත ‘අලවතුගොඩ පොලිසිය’ පැවසුවේ ෴


දින 6 ට විදුලි බිදවැටීම් සම්බන්ධයෙන් පැමිණිලි 61,000 ක්

(26.05.2024 – 19:19 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දින 6 ක කාලය තුළ විදුලිය බිදවැටීම් සම්බන්ධයෙන් පැමිණිලි 61,000 ක් වාර්තා වී ඇති බව ‘ලංකා විදුලිබල මණ්ඩලය’ පවසනවා.

එම ලැබුණු පැමිණිලිවලින් 26,700 කට යළිත් විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළ බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.

මේ අතර අයහපත් කාලගුණයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 2,049 කට අයත් පුද්ගලයින් 8000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.

වර්ෂාවත් සමග පවතින සුළං තත්ත්වය හේතුවෙන් ඔවුන්ගේ නිවාසවලට හානි සිදුව ඇති බවයි ‘හිරු වාර්තාකරු’ සඳහන් කළේ.

මේ අතර ලුණුඔය සහ හැමිල්ටන් ඇල පිටාර ගැලීම හේතුවෙන් මාදම්පේ තෝප්පුව ප්‍රධාන මාර්ගය ස්ථාන 2 කින් ජලයෙන් යට වී තිබෙනවා ෴


ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පූජා කළ බුද්ධ ප්‍රතිමාවක් අලෙවි කිරීමට ගිය යකැදුරෙකු අත්අඩංගුවට

(26.05.2024 – 20:16 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ශාසනයට පූජා කරන ලද පස්ලෝහමය බුද්ධ ප්‍රතිමාවක් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක (1,20,00,000) මුදලකට විදේශකයෙකුට අලෙවි කිරීමට සූදානම් කළ යකදුරෙකු ‘වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය’ විසින් අද (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රන්, රිදී, පිත්තල, තඹ සහ සුදු යකඩ යන ලෝහයන්ගෙන් නිර්මාණය කරන ලද අඩි 3 යි අඟල් 1 ක් උසැති කිලෝග්‍රෑම් 48 ක් බර මෙම බුද්ධ ප්‍රතිමාව කුරුවිට – දෙල්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි එම බලකාය සඳහන් කළේ.

මීට වසර කීපයකට පෙර මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් මෙම බුද්ධ ප්‍රතිමාව ලබා ගෙන ඇති බවටයි අනාවරණය වී ඇත්තේ ෴

++++++++

+


ඇලේ එරී ජීවිත 7 ක් අහිමි වෙයි

(26.05.2024 – 20:55 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව ජාතික ජල ගැලුම් උද්‍යානයේ පිහිටි හඳපාන්විල – ඔඩේ ඇල ප්‍රදේශයේ මඩේ එරී වන අලි 7 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවට වාර්තා වනවා.

ඊට අලි පැටවු 5 දෙනෙකු ද අයත් බවයි වනජීවි නිලධාරීන් ප්‍රකාශ කළේ.

ඔඩේ ඇලේ ස්ථාන කිහිපයක මඩේ එරී සිටි මෙම අලි 7 දෙනාගේ සිරුරු වනජීවි නිලධාරීන් විසින් ඊයේ (25) සහ අද (26) යන දෙදින තුළ සොයා ගෙන තිබෙනවා.

පසුගිය දින කිහිපය තුළදී ප්‍රදේශයට පවතින අධික වර්ෂාවත් සමග ජල ගැලුම් උද්‍යානයේ ඔඩේ ඇල හරහා ගමන් කිරීමට යාමේදී වන අලීන් මෙලෙස මඩේ එරී මිය ගොස් ඇති බවටයි වාර්තා වන්නේ ෴

++++++++++

+

+


ඉන්දියාවේදී ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

(26.05.2024 – 18:03 +0530 – sinhala.adaderana.lk)

ව්‍යාජ ලිපි ලේඛන සකස් කිරීමේ ජාවාරමක නිරත වූ ශ්‍රි ලාංකිකයෙකු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

‘උමේෂ් බාලා රවින්ද්‍රන්’ නැමැති 45 හැවිරිදි අදාළ පුද්ගලයා ‘ඉන්දියාවේ මධ්‍යම අපරාධ කාර්යාංශය’ මගින්න් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

2010 වසරේ ඉන්දියාවට ගොස් ඇති මෙම ශ්‍රි ලාංකිකයා රජයේ ලියකියවිලි නීති විරෝධි ලෙස සකස් කිරිමේ ජාවාරම සම්බන්ධයෙන් 2014 වසරේ දීද අත්අඩංගුවට ගෙන තිබූ අතර පසුව ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබුණි.

2016 වසරේ නීතිවිරෝධී ලෙස යළි ඉන්දියාවට සංක්‍රමණය වී ඇති මොහු කර්නාටක ප්‍රාන්තයේ නිවාස සංකීර්ණයක රැඳී සිටිමින් එම ජාවාරම සිදුකර ඇති බව එරට පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරු සතුව තිබි නීති විරෝධී ලෙස සකස් කරන ලද ලිපි ලේඛන, රියදුරු බලපත්‍ර, ජංගම දුරකතන මෙන්ම පිස්තෝල වර්ගයේ ගිනි අවියක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකාර ශ්‍රි ලාංකිකයා අත්අඩංගුවට ගැනීමත් සමග ඔහුගේ බිරිඳ, දරුවන් තිදෙනා ද සමඟ ශ්‍රි ලංකාවට පළායාමට උත්සහ දරා ඇති අතර ගුවන්තොටුපොළේ රැඳී සිටියදී ඔවුන් ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය ෴


කොළඹ බිෂොප් විද්‍යාලය ආසන්නයේ … (25.05.2024)

+


‘විදේශිකයින් සඳහා ඔන්ලයින් වීසා නිකුත්කිරීම’ : සාකච්ඡාව කල්දැමූ බව හර්ෂ කියයි

(26.05.2024 – 16:51 +0530 – sinhala.adaderana.lk)

‘විදේශිකයින් සඳහා ඔන්ලයින් වීසා නිකුත්කිරීම’ සම්බන්ධයෙන් වූ ගැටලුකාරී වාතාවරණය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා වූ සාකච්ඡාව යළිත් කල් දැමීමට සිදුව ඇති බව ‘රජයේ මුදල් පිළිබඳ කාරක සභාව’ පවසයි.

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ අදාළ සාකච්ඡාව ලබන අඟහරුවාදා (28) දිනයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ බවය.

කෙසේවෙතත් එදිනට ‘මහජන ආරක්ෂක අමාත්‍යංශයේ’ සහ ‘ආගමන විගමන දෙපාර්තමේන්තුවේ’ නිලධාරීන්ට සහභාගී විය නොහැකි බවට දැනුම් දී තිබේ.

ඒ අනුව අදාළ සාකච්ඡාව ජුනි මස 04 වන දිනට කල්දමන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

‘විදේශිකයින් සඳහා ඔන්ලයින් වීසා නිකුත්කිරීම’ සම්බන්ධයෙන් පසුගිය දා ඇතිවූ ගැටලුකාරී වාතාවරණය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් කැඳවා තිබුණි.

පළමු අවස්ථාවේ එම සාකච්ඡාව සඳහා අදාළ නිලධාරීන් පැමිණිය ද පසුගිය 14 වන දින පැවති සාකච්ඡාව සඳහා ඔවුන් නොපැමිණී බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සඳහන් කළේය.

ඒ අනුව අනිද්දා (28) දිනයේ දී අදාළ නිලධාරීන්ට යළි සාකච්ඡා සඳහා පැමිණෙන ලෙස දැනුම් දීමක් සිදුකර තිබූ අතර එදිනට ද ඔවුන්ට සාකච්ඡාව සදහා සහභාගී විය නොහැකි බව දැනුම් දී තිබේ.

මෙම මතභේදාත්මක ‘ඔන්ලයින් වීසා නිකුත් කිරිමේ ක්‍රමවේදය’ පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇති අතර එම තොරතුරු මෙම සාකච්ඡාවලින් අනතුරුව නිකුත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

අදාළ වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් ලබාදී ඇති ටෙන්ඩරය පිටුපස ඇති සත්‍ය හෙළිදරව් කිරීමට ‘රජයේ මුදල් පිළිබඳ කාරක සභාව’ කැපවී සිටින බවද මන්ත්‍රීවරයා පවසයි ෴


අමනාපවී ගෙදරින් පළාගිය දරුවා මහණ කර සිටියදී හමුවෙයි… “මාධ්‍යවල නොයන්න අපි මේ ගැන දන්නේ නැහැ” (23.05.2024)

+


ජයරත්නලාගේ අම්බලුවාව ඉඩම් කොල්ලය – අක්කර දාහක් ජයරත්න පවුලේ නමට ලියාගෙන (22.05.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *