දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්


දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

(24.05.2024 – 08:54 +0530 – hirunews.lk/sinhala)

ලබන 01 වනදා සිට සියලුම බැංකු, මූල්‍යායතන සහ රජයේ ආයතන නිතිපතා තොරතුරු ලබාදිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ, 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත යටතේ මෙම වසරේ මාර්තු 21 වනදා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුවයි.

ඒ අනුව එහි පළමුවන (1) උපලේඛනයේ නියම කර ඇති තොරතුරු කොන්දේසිවලට යටත්ව මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන බැංකු සහ බැංකු නොවන මූල්‍යායතන ඇතුලු ඕනෑම මූල්‍යායතනයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබාදිය යුතු වනවා.

ඊට අමතරව රෙජිස්ට්‍රාර් ජනරාල්, සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, කොළඹ කොටස් හුවමාරුවේ සභාපතිවරයාද අදාළ තොරතුරු ලබාදීම අනිවාර්ය කර තිබෙනවා.

එසේම භාණ්ඩ, වැඩ හෝ උපදේශන සහ උපදේශන නොවන සේවා සැපයීම සඳහා කොන්ත්‍රාත් ලබාදීම භාරව සිටින ඕනෑම රාජ්‍ය ආයතනයක නිලධාරීන්ද අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව තොරතුරු ලබාදීම සිදුකළ යුතුයි.

එම නිවේදනය පහතින් :

+

2376/25 – 2024-03-21 – Department of Fiscal Policy – Inland Revenue Act No. 24 of 2017 Notice under Section 123(8)


සුළං ප්‍රවාහයේ වැඩිවීමක්

(24.05.2024 – 11:12 +0530 – sinhala.adaderana.lk)

දිවයින හරහා නිරිතදිග මෝසම් සුළං ප්‍රවාහයේ වැඩිවීම හේතුවෙන් විටින්විට පැයට කිලෝමීටර් 50 ත් 60 ත් අතර තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හෙට (25) දිනයේ උදෑසන 10:30 වන තෙක් වලංගු වන පරිදි අද (24) පෙරවරු 10:30 ට මෙම අනතුරු ඇඟවීම නිකුත් කෙරුණි.

වැඩි විස්තර පහතින් :


මුහුදේ සුළගේ වේගය ඉහළට

(24.05.2024 – 15:12 +0530 – hirunews.lk/sinhala)

කල්පිටියේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එය ඇතැම් විට පැයට කිලෝමීටර් 60 ත් 70 ත් දක්වා ඉහළ යා හැකි බවයි.

එමෙන්ම මන්නාරම සිට කල්පිටිය, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 ත් 3 ත් අතර මට්ටමක ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා ෴


මාරක ළිඳ කඩා වැටී පහක් (5) රෝහලේ

(24.05.2024 – 08:30 +0530 – hirunews.lk/sinhala)

දිවුලපැලැස්ස, රොටලවෙල ක්‍රීඩාංගණයේ පැවති සැණකෙලියක ඉදිකර තිබූ මාරක ළිඳක් හදිසියේ කඩා වැටීමෙන් පස්දෙනකු (5) තුවාල ලබා තිබෙනවා.

එම අනතුරෙන් තුවාල ලැබූ 50 වියැති කාන්තාවක් සහ අවුරුදු 13, 36, 40, 45 වයසේ පසුවෙන පිරිමි පුද්ගලයන් සිව්දෙනකු (4) ගිරාදුරුකෝට් සහ මහියංගණ රෝහලට ඇතුළත් කළ බවයි දිවුලපැලැස්ස පොලිසිය පවසන්නේ.

මෙම තුවාලකරුවන්ගෙන් දෙදෙනකු (2) ගිරාදුරුකෝට්ට රෝහලටත්, සෙසු තිදෙනා (3) මහියංගණ රෝහලෙත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙන බව‍යි පොලිසිය සඳහන් කළේ.

‘වෙසක් උත්සවය නිමිත්තෙන්’ දිවුලපැලැස්ස, රොටලවෙල ප්‍රදේශයේ විහාරස්ථානයක් මගින් ‘මෙම සැණකෙලිය’ සංවිධානය කර තිබෙනවා ෴


මැලේසියාවේ නීතිවිරෝධීව රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 1,732 ක් දිවයිනට

(24.05.2024 – 10:36 +0530 – hirunews.lk/sinhala)

මැලේසියාවේ නීතිවිරෝධී ලෙස රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 1,732 දෙනෙකු යළි මෙරටට එවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීමෙන්.

පසුගිය මාර්තු මස 01 වනදා සිට අප්‍රේල් 31 වනදා දක්වා මැලේසියානු රජයේ සංක්‍රමණික නැවත ගෙන්වාගැනීමේ වැඩසටහන සමඟ සම්බන්ධව මෙය ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තාවන්නේ.

විවිධ දුෂ්කරතා මැද මැලේසියාවේ අතරමංවූ සංක්‍රමණිකයන් 124 දෙනෙකු ද මෙම පිරිසට ඇතුළත් ෴


ගංවතුර ආවොත් හෙලිකොප්ටර් තුනක් (3) සීරුවෙන්

(24.05.2024 – 10:44 +0530 – hirunews.lk/sinhala)

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ හෙලිකොප්ටර් තුනක් (3) සීරුවෙන් තබා තිබෙන බව ගුවන් හමුදාව පවසනවා.

හදිසි ආපදා තත්ත්වයක් සම්බන්ධ තොරතුරක් ලද වහාම මුදා ගැනීමේ කටයුතු සදහා මෙම හෙලිකොප්ටර් යොමුකරන බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතන් දුශාන් විජේසිංහ ‘හිරු නිවුස්’ වෙත පැවසුවේ.

ඒ අනූව කටුනායක, රත්මලාන සහ හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරුවල මෙම හෙලිකොප්ටර් ස්ථාන ගතකොට ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

බෙල් 212 යානා දෙකක් (2) සමග එම්.අයි 17 යානයක් (1) මේ සඳහා සූදානම් කොට තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් සිදුකරන දැනුම්දීමකදී ක්‍රියාත්මක වීම සඳහා ගලවා ගැනීමේ ගුවන් භට පිරිසක්ද සූදානමින් සිටිනවා.

කෂණික ගංවතුර ඇතිවීම සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මීට පෙර අවදානමක් නිවේදනයක් නිකුත් කොට තිබුණා ෴


ලාංකික ISIS සාමාජිකයන් සමග සබඳතා පැවැත්වූ අයෙකු (1) අත්අඩංගුවට

(24.05.2024 – 11:16 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික ISIS සාමාජිකයන් සිව්දෙනා (4) සමග මෙරටදී සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයෙකුව (1) මාලිගාවත්තේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ISIS සාමාජිකයන් සිව්දෙනා (4) පසුගිය 19 වැනිදා රාත්‍රියේ මෙරටින් ‘ඉන්ඩිගෝ ගුවන් සේවය’ට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ හරහා චෙන්නායි වෙත ගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.

‘ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ’ නායකයින්, යුදෙව්වන් සහ කිතුනුවන් මෙම ත්‍රස්තයින් පිරිසගේ ඉලක්ක වී තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ ෴


බලු පැටවුන්ට පවුල් සොයා දුන් දන්සැල

(24.05.2024 – 13:23 +0530 – hirunews.lk/sinhala)

පානදුර ප්‍රදේශ‍යේ මෙවර වෙසක් පෝයදා මහ පාරේ ජීවත් වන බලු පැටවුන්ට පවුලක් සොයා දීමේ අරමුණ ඇතිව දන්සැලක් සංවිධානය කර තිබුණා.

මෙම කාර්ය වෙනුවෙන් පානදුර නගර සභාවේ ද සහාය හිමි වී තිබුණා.

මහ පාරේ අසරණව සිටින බලු පැටවුන් එක්කර ඔවුන් ලියාපදිංචි කිරීමෙන් අනතුරුව, එන්නත් කිරීම සහ ‘ගැහැණු සතුන් වන්ද්‍යාකරණයට ලක් කිරීමෙන්’ පසුවයි ඔවුන් එම ස්ථානයට පැමිණෙන කාරුණික හදවත් ඇති පුද්ගලයින්ට භාරදීම මෙහිදී සිදුකර ඇත්තේ.

+


රුසියානු යුද පෙරමුණට ගිය තවත් අයෙකුගේ ඥාතීන්ගෙන් ඉල්ලීමක්

(24.05.2024 – 14:09 +0530 – hirunews.lk/sinhala)

රුසියානු හමුදාවට එක්වී සිටි තවත් ශ්‍රී ලාංකිකයෙකු අසරණ වුණ පුවතක් පොළොන්නරුව – පුලස්තිගම ප්‍රදේශයෙන් වාර්තා වුණා.

44 හැවිරිදි දෙදරු පියෙකු වන මොහු පාදවලට වෙඩි වැදී අසරණව සිටින බැවින් හැකි ඉක්මණින් ගෙන්වා දෙන ලෙසයි ඥාතීන් ඉල්ලා සිටින්නේ.

මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් සහ සිවිල් පුරවැසියන් රාජ්‍ය මැදිහත්වීමකින් තොරව රුසියාවේ සහ යුක්‍රේනයේ කුලී හමුදා වෙත යැවීමේ ජාවාරම් සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති’ අවස්ථා කිහිපයකදීම අනාවරණ කළා.

එවන් පසුබිමක පොළොන්නරුව – පුලස්තිගම පදිංචි වයස අවුරුදු 49 ක් වූ දෙදරු පියෙකු වන ජී.ඒ. රංජිත් දෙවැනි කමාන්ඩෝ බලකායේ වසර 22 ක් ක්‍රියාන්විත රාජකාරියේ සෙවය කළ අතර එහිදී ඇමැති ආරක්ෂක අංශයේ රාජකාරී කටයුතු කර තිබෙනවා.

විශ්‍රාම ගිය පසු වසර හතක් (7) විවිධ රැකියාවල නිරත වුණ රංජිත් මේ වසරේ මාර්තු මස 27 වන දින රුසියාවේ යුද්ධය සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත් වන්නේ අගහිඟකම් මැදයි.

මැයි මස 21 වැනිදා දක්වාම නිවසට දුරකථනයෙන් කතා කර තිබෙන්නේ රාජකාරි කටයුතු සුපුරුදු පරිදි කරගෙන යන බව දන්වමින්.

කෙසේ වෙතත් 22 වන දින නිවසට දුරකථන ඇමතුමක් ලබා දී ප්‍රකාශ කර තිබෙන්නේ තමාට වෙඩි වැදී පාද දෙකටම හානි සිදුවී ඇති බවයි.

ඔහුගේ මෙම දුරකථන ඇමතුම නිසා බියට පත් වී සිටින බිරිඳ සහ දරුවන් ඉල්ලා සිටින්නේ හැකිතාක් ඉක්මනින් ඔහුව මෙරටට ගෙන්වා දෙන ලෙසයි.

මේ සම්බන්ධයෙන් ඥාතීන් ‘ආරක්ෂක අමාත්‍යංශය’ට සහ ‘පුලස්තිපුර පොලිස් ස්ථානය’ට පැමිණිලි කර තිබෙනවා.

+


කොස්වාඩිය ප්‍රදේශයේදී වාහනයක් මතට ගසක් කඩා වැටී තිදෙනෙකුට (3) තුවාල

(24.05.2024 – 14:25 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – හලාවත ප්‍රධාන මාර්ගයේ කොස්වාඩිය ප්‍රදේශයේදී වාහනයක් මතට ගසක් කඩා වැටී තිබෙනවා.

මෙයින් පුද්ගලයින් තිදෙනෙකු (3) තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ.

අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ මෙම හේතුවෙන් ගමනාගමනයටත් බාධා ඇති වී ඇති බවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *