ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ත්‍රස්ථයින් ගැන තවත් කරුණු රැසක් එළියට

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ත්‍රස්ථයින් ගැන තවත් කරුණු රැසක් එළියට


ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ත්‍රස්ථයින් ගැන තවත් කරුණු රැසක් එළියට

(23.05.2024 – 21:03 +0530 – hirunews.lk/sinhala)

ISIS සංවිධානය සමඟ සම්බන්ධතා පැවැත්වු බව පවසමින් ඉන්දියාවේ අහ්මදාබාද් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා (4) සම්බන්ධයෙන් තවත් කරුණු රැසක් එරට ආරක්ෂක අංශ විසින් අනාවරණ කරගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් මත්ද්‍රව්‍ය සහ රත්‍රං ජාවාරම සඳහා මීට පෙරද අත්අඩංගුවට පත් වූවන් බවයි.

ISIS සංවිධානයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු (4) ඉන්දියාවේ අහ්මදාබාද් ගුවන්තොටුපළේදී පසුගිය 20 වැනිදා ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගත්තා.

එලෙස අත්අඩංගුවට පත්වුණේ සංවිධානාත්මක අපරාධකරුවෙක් වු ‘නියාස් නවුෆර්’ හෙවත් ‘පොට්ට නවුෆර්’ නැමැත්තාගේ පුත්‍රයෙක් වන 27 හැවිරිදි ‘මොහොමඩ් නෆ්රාන් නවුෆර්’ සහ 33 හැවිරිදි ‘මොහොමඩ් නුස්රත්’, 35 හැවිරිදි ‘මොහොමඩ් ෆාරිෂ්’, 43 හැවිරිදි ‘මොහොමඩ් රෂ්ඩීන්’ යන සිව්දෙනා (4) යි.

ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකයේ පොලිස් අධිකාරි සුනිල් ජෝසි පැවසුවේ අත්අඩංගුවට පත්වුවන් සම්බන්ධයෙන් මෙතෙක් කරන ලද විමර්ශනවලින් ඔවුන්ගේ අපරාධ සහ මත්ද්‍රව්‍ය ඉතිහාසය සම්බන්ධ තවත් කරුණු රැසක් අනාවරණ කර ගැනීමට හැකි වු බවයි.

අත්අඩංගුවට පත් වු ‘මොහොමඩ් නුස්රත්’ නැමැත්තා රත්‍රං ජාවාරමක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මීට පෙරද මුම්බායි ගුවන්තොටුපලේදි අත්අඩංගුවට පත්වු අයෙක් බවත්, ‘මොහොමඩ් ෆාරිෂ්’ නැමැත්තාට මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් නඩු පවතින බවටත් අනාවරණ කරගත් බව ඔහු සඳහන් කළා.

එමෙන්ම, ‘මොහොමඩ් රෂ්ඩීන්’ට අවම වශයෙන් මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු තුනක් (3) පවතින බවට අනාවරණ කරගෙන ඇති එරට ආරක්ෂක අංශ, ‘මොහොමඩ් නෆ්රාන් නවුෆර්’ නැමැත්තාටද මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා පවතින බවට අනාවරණ කරගෙන තිබෙනවා.

මේ අතර, ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය වැඩිදුරටත් කරන ලද විමර්ශනවලදි අනාවරණ කරගෙන ඇත්තේ 2022 සහ 2023 වසරවලදි ‘මොහොමඩ් නුස්රාත්’ නැමැත්තා 38 වතාවක් සහ ‘මොහොමඩ් නෆ්රාන් නවුෆර්’ නැමැත්තා 40 වතාවක් ඉන්දියාවට ගොස් ඇති බවයි.

එහෙත් ඔවුන් මේ වසරේ පෙබරවාරි මාසයේ සිට පාකිස්ථානයේ සිටින ISIS ප්‍රධානියා වන ‘අබූ’ නැමැත්තා සමඟ සබඳතා පැවැත්වීමන් අනතුරුව ඉන්දියාවට ගොස් තිබු පළමු (1) අවස්ථාව මෙය වීම විශේෂත්වයක් බවට ද එරට මාධ්‍ය වාර්තා කළා.

මේ අතර, අත්අඩංගුවට පත් සිව් (4) දෙනා සම්බන්ධයෙන් මෙරටදිද විමර්ශන සිදුකෙරෙන අතර, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි විශේෂ කණ්ඩායමක් ද පත්කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් එම විමර්ශන සිදුකරන බවයි.

+

+


5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග දිනය ප්‍රකාශයට පත් කෙරේ

(23.05.2024 – 23:09 +0530 – hirunews.lk/sinhala)

2024, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව 2024, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2014 සැප්තැම්බර් 15 වැනි දින පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව, විභාගය සඳහා අයදුම්පත් 2024 මැයි 27 සිට ජුනි 14 දක්වා මාර්ගගතව භාර ගනු ලැබේ.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර අවධාරණය කළේ අයදුම් පත්‍ර භාරදීමේ කාලය කිසිදු හේතුවක් මත දීර්ඝ නොකරන බවයි ෴


වරාය නගරය චීන කොලණියක් ද? – “හීනෙන් දකින දේ පනතට ඇතුළත් කරලා”

+


ජෙනරාල් දයා රත්නායක මාලිමාවට එකතු නොවුණු හේතුව (23.05.2024)

+


තාඹුගල එක්ක ඩීල් දාපු අයගේ නම් ලැයිස්තුව දුලාන් සේනාධීර ලයිව් ඇවිත් කියයි | නිවේදකයෙකුටත් සැරටම අමතයි (23.05.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *