උතුම් වෙසක් පුන් පොහොය අදයි (23)

උතුම් වෙසක් පුන් පොහොය අදයි (23)


උතුම් වෙසක් පුන් පොහොය අදයි (23)

(23.05.2024 – 06:39 +0530 – hirunews.lk/sinhala)

ගෞතම බුදුරජාණන් වහන්සේගේ (සිදුහත් කුමරුගේ) උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අදට (23) යෙදී තිබෙනවා.

ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය ශ්‍රී ලංකාවාසීන් මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි.

බුදු හිමියෝ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරවන ලද්දේ වෙසක් ‍පොහෝ දිනය දා යි.

එම ගමනේදී සමනළ කඳු මුදුනට වැඩම කළ බුදු හිමියෝ සිරිපා සටහන එහි තැබූ අතර එය සිහිපත් කරමින් කෙරෙන සිරිපා සමය නිමවන්නේද වෙසක් පුර පසළොස්වක ‍පොහෝ දිනක වීම විශේෂත්වයක්.

විජය කුමරුගේ පැමිණීම, දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑය ඉදිකිරීම ආරම්භ කිරීමද වෙසක් පුර පසළොස්වක ‍පෝ දිනක සිදුවූ බව කියැවෙයි.

බුදු හිමියන්ගේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන් පිරිනිවන්පාන්නේ ද වෙසක් ‍පෝ දිනකයි.

ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය ශ්‍රී ලංකාවාසීන් මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව විසින් උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි ෴

+

+

+


වෙසක් කලාපයක් හේතුවෙන් කටුනායක – නිට්ටඹුව ප්‍රධාන මාර්ගයේ වේයන්ගොඩ ප්‍රදේශය අවහිර විය හැක

(23.05.2024 – 07:30 +0530 – hirunews.lk/sinhala)

අද (23) සිට දින 07 ක් වෙසක් කලාපයක් හේතුවෙන් අවහිර විය හැකි ප්‍රධාන මාර්ගයක් පිළිබඳව පොලීසියෙන් රියදුරන්ට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ, කටුනායක – නිට්ටඹුව ප්‍රධාන මාර්ගය වේයන්ගොඩ ප්‍රදේශයෙන්.

වේයන්ගොඩ පොලිස් වසමේ වෙසක් කලාප 04 ක් සහ වෙසක් තොරණ 07 ක් ප්‍රදර්ශනය කෙරේ.

මේ සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින් :


සිරකරුවන් 278 කට ජනපති සමාව

(23.05.2024 – 11:13 +0530 – hirunews.lk/sinhala)

මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් බන්ධනාගාරගත සිරකරුවන් 278 දෙනකුට ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව ලබාදී තිබෙනවා.

මේ අතර කාන්තාවන් 10 දෙනකු සිටිනවා.

ඔවුන් සියලු දෙනා අද (23) පෙරවරුවේ නිදහස ලබා පිටව යාමට නියමිතයි.

මොවුන්ගෙන් වැඩිම පිරිසක් නිදහස ලබා ඇත්තේ මහර බන්ධනාගාරයෙන් වන අතර ප්‍රමාණය 37 ක් බවයි බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක පවසන්නේ ෴


සම්බුදු තෙමඟුල සමරමින් ඓතිහාසික මාතලේ අළුවිහාර පුදබිම අලෝකමත් කළ ‘හිරු ශාක්‍යසිංහ මංගල්‍යය’

(23.05.2024 – 18:31 +0530 – hirunews.lk/sinhala)

තිලෝගුරු අමා මෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල වෙනුවෙන් ‘හිරු ටී.වී., හිරු එෆ්.එම්. ප්‍රමුඛ හිරු මාධ්‍ය ජාලය’ සංවිධාන කරන ‘හිරු ශාක්‍යසිංහ මංගල්‍යය’ අද (23) දිනය පුරා , ඓතිහාසික මාතලේ අලුවිහාර පුද බිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා.

ඓතිහාසික මාතලේ අලුවිහාර චෛත්‍ය රාජයාණන් වහන්සේ සුවඳ දුමින් පුදා නෙළුම් මල් දහස් ගණනින් පූජා කිරීමත්, සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා අධිෂ්ඨාන පූජා පැවැත්වීම හා ආලෝක පූජා පැවැත්වීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ ‘ආසියානු මාධ්‍ය ජාලයේ’ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.

+

+

+

+


බුදු දහම විකෘති කරන භික්‍ෂුන් ගැන CID පරීක්‍ෂණ…

(23.05.2024 – 16:40 +0530 – lankacnews.com)

සම්බුද්ධ දේශ­නාව විකෘති කර­න්නන්ට එරෙ­හිව දැඩි නීති ක්‍රියා­ත්මක කිරී­මට රජය අපේක්ෂා කරන බව බුද්ධශාසන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශයේ ලේකම් සෝම­රත්න විදා­න­ප­තිරණ මහතා පැව­සීය.

වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ අමා­ත්‍යාංශ ලේක­ම්ව­රයා :

“මේ දින­වල ශ්‍රී සද්ධ­ර්මය විකෘති කර­මින් විවිධ පාර්ශ්ව­යන් විසින් කරනු ලබන ප්‍රකාශ සම්බ­න්ධ­යෙන් මහා නායක ස්වාමීන් වහ­න්සේලා විසින් ජනා­ධි­ප­ති­ව­රයා වෙත කරන ලද පැමි­ණි­ල්ල­කට අනුව එම ධර්මය විකෘති කර­න්නන් සම්බ­න්ධ­යෙන් දැඩි නීති ක්‍රියා­ත්මක කිරී­මට රජය අපේක්ෂා කර­නවා. මේ වන විටත් මහා නායක ස්වාමීන් වහ­න්සේ­ලාගේ අනු­ශා­සනා පරිදි දැනට ක්‍රියා­ත්ම­කව පව­තින විහාර දේවා­ල­ගම් පනත වහාම ක්‍රියා­ත්මක වන පරිදි සංශෝ­ධ­නය කිරී­මට අවශ්‍ය මූලික කට­යුතු සිදු­කර ඒ සඳහා නීති කෙටු­ම්පත් සම්පා­දක වෙත දැන­ට­මත් යවා තිබෙ­නවා. ඒ තුළින් අපේක්ෂා කරන්නේ ශ්‍රී සද්ධ­ර්මය විකෘති කරන යම් යම් පාර්ශ්ව­යන් වෙත එම විකෘති කිරී­මට එරෙ­හිව නීතිය මගින් ක්‍රියා­ත්මක කිරීම සඳහා මේ වන විට නීති ප්‍රමා­ණ­වත් නොවන බැවින් ඒ සඳහා වන අවශ්‍ය මූලික නීතිය සකස් කර ගැනී­මයි. ඒ තුළින් නිර්මල ථෙර­වාදී බුදු දහම තවත් සිය­වස් ගණ­නා­වක් ලෝකය තුළ පැව­තීම සඳහා අවශ්‍ය පරි­ස­රය සකස් වෙනවා.

ත්‍රෙයි­නි­කා­යික මහා­නා­යක ස්වාමීන් වහ­න්සේ­ලාගේ අනු­ශා­සනා පරිදී දැනට ධර්මය විකෘති කර­න්නන් පිළි­බ­ඳව නීති­මය පිය­වර ගැනීම සඳහා ත්‍රිපි­ට­කය හා බෞද්ධ සාහිත්‍ය සම්බන්ධ තොර­තුරු ජන­ගත කිරීම සඳහා ක්ෂේත්‍රය සම්බ­න්ධ­යෙන් විද්ව­තු­න්ගෙන් සම­න්විත මණ්ඩ­ල­යක් මේ වන විටත් අමා­ත්‍යාං­ශය පත්කර තිබෙ­නවා. ආචාර්ය අකු­රැ­ටියේ නන්ද ස්වාමීන් වහන්සේ, මහා­චාර්ය මාව­ත­ගම පේමා­නන්ද ස්වාමීන් වහ­න්සේලා ඇතුළු තවත් ස්වාමීන් වහ­න්සේලා එයට ඇතු­ළත්.

ඒ වගේම පුරා­වි­ද්‍යාව හා ඵෙති­හා­සික සාධක සම්බ­න්ධ­යෙන් කරන විකෘ­තින්, ප්‍රකා­ශ­යන් නිවැ­රදි නොවන බවට පෙන්වා දීමට පුරා­වි­ද්‍යා­ඥ­ය­න්ගෙන් හා ඉති­හා­ස­ඥ­යි­න්ගෙන් සම­න්විත කමි­ටු­වක් කට­යුතු කර­මින් තිබෙ­නවා. පුරා විද්‍යා චක්‍ර­වර්තී එල්ලා­වල මේධා­නන්ද ස්වාමීන් වහ­න්සේගේ උප­දේ­ශ­ක­ත්ව­යෙන් කමි­ටු­වක් පත් කර තිබෙ­නවා. මේ සඳහා පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­ර­යාද සම්බ­න්ධයි.

එමෙන් සිවුරු දරා­ගෙන ධර්මය විකෘති කරන ස්වාමීන් වහ­න්සේලා සම්බ­න්ධ­යෙන්ද ක්‍රියා කිරීම සඳහා දැන­ට­මත් අමා­ත්‍යාං­ශය අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පැමි­ණිලි කර ඒ සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග අර­ගෙන තිබෙ­නවා.”

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *