කැළඹුණු කාළගුණය : කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අද (23) දින අනාවැකි

කැළඹුණු කාළගුණය : කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අද (23) දින අනාවැකි


කැළඹුණු කාළගුණය : කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අද (23) දින අනාවැකි

(23.05.2024 – 06:16 +0530 – hirunews.lk/sinhala)

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වයතවදුරටත් බලාපොරොත්තු වෙන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් එහි සඳහන්.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 150 පමණ ඉතාතද වැසි ඇතිවිය හැක. වයඹ පළාතෙත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ සෙසු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එහි සඳහන්.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි ෴


ගමන් කළ යතුරු පැදියක් මතට ගසක් කඩාගෙන වැටීමෙන් තරුණියක් ජීවිතක්ෂයට

(23.05.2024 – 16:06 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම කොළඹ මාර්ගයේ බත්තුලුඔය ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කළ යතුරු පැදියක් මතට ගසක් කඩාගෙන වැටීම හේතුවෙන් එහි ගමන් කල තරුණියක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් තරුණියක් තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙම අනතුරින් මරණයට පත්ව ඇත්තේ ආරච්චිකට්ටුව විල්පොත පදිංචිව සිටි ඩබ්ලිව් දුලාන්ගි (22) නමැති තරුණියක්.

මේ තරුණිය තවත් තරුණියක් සමග හලාවත දෙසට ගමන් කිරීමේදී මේ අනතුරට මුහුණ දී තිබෙනවා.

දින දෙකක් (2) තුළ පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවැනි අනතුරු තුනක් (3) වාර්තා වූ අතර ඉන් කාන්තාවන් තිදෙනෙකු (3) ජිවිතක්ෂයට පත් වුණා ෴

+

+


ක්ෂණික ගංවතුර අවදානමක්

(23.05.2024 – 16:50 +0530 – hirunews.lk/sinhala)

මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්වලට තදවැසි ඇතිවීමේ අවදානමක් පවතින බැවින් ක්ෂණික ගංවතුර ඇතිවීමට ඉඩ ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

අදාල ප්‍රදේශවල පහත් බිම් අවට ජනතාව පූර්ව සූදානමකින් පසු වන්නැයි වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය) එස්.පී.සී සුගීෂ්වර ප්‍රකාශ කළා.

කලු ගගේ අතු ගංගාවක් වන කුඩා ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් බුලත්සිංහල අවට පහත්බිම්වලත්, අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා ගම්පහ සහ ජාඇල ප්‍රදේශවල සුලු ගංවතුර අවධානම තවදුරටත් පවතින බවයි ඔහු පැවසුවේ.

කැලණි, කළු, ගිං, නිල්වලා සහ බෙන්තර යන ගංගාවල සහ මහ ඔය, දැදුරුඔය හා අත්තනගලු ඔයේ ඉහළ ජල මට්ටමක් වාර්තා වනවා.

ඉදිරි දින දෙකේදී (2) තද වර්ෂාව පැවතුණොත් මෙම ගංගා සහ ඇලදොළවල ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් පවසනවා ෴


ලංගම බස් රථයක් ඉදිරියට ගසක් කඩා වැටෙයි

(23.05.2024 – 17:48 +0530 – hirunews.lk/sinhala)

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වු ලංගම බස් රථයක් ඉදිරියට විශාල මාර ගසක අත්තක් කඩා වැටුනු අතර එම බස් රථයේ ගමන් ගත් මගීන්ගේ ජිවිත බේරි ඇති බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති පවසනවා.

මෙම අනතුර සිදු වි ඇත්තේ අද (23) පස්වරු 02:00 ට පමණ හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේදීයි.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අයහපත් කාලගුණ සහ දැඩි සුලං තත්ත්වය හේතුවෙන් හැටන් සිට මහනුවර දක්වා ධාවනය වු ලංගම බස් රථය ඉදිරියට මාර ගසේ අතු කිහිපයක් කඩා වැටි තිබෙනවා.

අනතුරෙන් බස් රථයේ ඉදිරිපස කොටසට සුළු අලාභ හානි සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රධාන මාර්ගයට ගස කඩා වැටිම හේතුවෙන් හැටන් – කොළඹ ඒ-07 ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු පැයක (1) පමණ කාලයක් ඇණ හිට ඇති බවද සඳහන්.

ගිනිගත්හේන පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව ප්‍රධාන මාර්ගයට කඩා වැටි තිබු ගස කපා ඉවත් කිරිමෙන් අනතුරුව එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය පස්වරු 03:00 ට පමණ යළි යථා තත්ත්වයට පත් කළා.

පවතින අධික වර්ෂාව සහ දැඩි සුළං හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙසයි ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ ෴


ඉදිරි පැය 36 හි කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

(23.05.2024 – 18:22 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි පැය 36 හි කාලගුණික තත්ත්වය පිළිබඳව දක්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 150 පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.

එමෙන්ම දිවයිනේ සෙසු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි වාර්තා වන්නේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 50-60 පමණ තද සුළං ඇති විය හැකි බවද සඳහන්.

එමෙන්ම එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මි. 30-40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවයි.


කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය භාවිත කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

(23.05.2024 – 19:01 +0530 – hirunews.lk/sinhala)

‘පහළ කඩුගන්නාව’ ප්‍රදේශයේ ගල් හා ගස් කඩා වැටීමේ අවදානමක් පවතින අතර කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය භාවිත කරන රියදුරන්ට අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී සිටිනවා ෴


ගෙවුණු දින 03 ට ලක්ෂ 03 කට විදුලිය අහිමි වූ හැටි ඇමති කංචන කියයි

(23.05.2024 – 08:50 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දින 03 තුළ විදුලිය බිඳවැටීම් 36,000 කට අධික ප්‍රමාණයක් සිදුව ඇති බවත්, එමගින් පාරිභෝගිකයන් ලක්ෂ 3 කට වැඩි පිරිසකට විදුලිය ඇනහිට ඇති බව ‘ලංකා විදුලිබල මණ්ඩලය’ පවසන බව ‘විදුලි බල සහ බලශක්ති අමාත්‍ය’ කංචන විජේසේකර පවසනවා.

ෆේස්බුක් සටහනක් තබමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,

“පසුගිය දින 03 තුල විදුලිය බිඳ වැටීම් 36,900 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර එමගින් විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 3 කට වැඩි පිරිසකට විදුලිය ඇනහිට ඇති බව ‘ලංකා විදුලිබල මණ්ඩලය’ වාර්තා කර ඇත.

එම බිඳ වැටීම් යථා තත්වයට පත් කිරීම වෙනුවෙන් මේ වන විටත් අමතර සේවා පිරිස් යොදවා ඇති අතර ‘විදුලිබල මණ්ඩලයේ’ පාලන අධිකාරිය සහ සේවා නිලධාරීන් පැය 24 පුරා එම කටයුතු වල නිරත වේ.

විදුලි බිඳ වැටීම් පිළිබඳව දැන්වත් කිරිමට් ඇති 1987 අංකයට සම්බන්ද වීමට නොහැකි පාරිභෝගිකයන්ට SMS සේවය මගින් 1987 ට BD සමග විදුලි පාරිභෝගික අංකය මගින් බිඳ වැටීම් දැනුවත් කිරීමටත් ‘CEB Care’ යෙදුම මගින් හෝ https://cebcare.ceb.lk/ වෙබ් පිටුටව පිවිස දැනුවත් කල හැකිය” ෴


හිටපු CIDලොක්කා, වෛද්‍ය ෂාෆිගේ සිද්ධිය මුල සිට රටටම හෙලිකරයි / පැලෝෆීය නාල සිද්ධියේ ඇත්ත කතාව (21.05.2024)

+

වෛද්‍ය සාෆි සියල්ල හෙළිකරයි /පාදෙනියත් නිහඬව හිටියා එයාගේ දෙවැනි බබත් මම අරන් දුන්නේ (21.05.2024)

+

මනුෂ්‍යත්වයේ නීතියට පටහැනිව කටයුතු නොකරන බවට දිවුරන වෛද්‍යවරුන් සාෆිගේ සිද්ධියේ අවස්ථාවාදයට යට වුනා (21.05.2024)

+

ජඩ වැඩේ කළ අයට ඇඳන් අස්සේ හැංගෙන්නම ෂානි හාවෛද්‍ය සාෆි ඉදිරිපිට මහාචාර්යවරයෙකු කළ A to Z කතාව (21.05.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *