මිත්තණියගේ තරවටු කිරීමකින් පසු දරුවෙකු අතුරුදහන් වෙයි

මිත්තණියගේ තරවටු කිරීමකින් පසු දරුවෙකු අතුරුදහන් වෙයි


මිත්තණියගේ තරවටු කිරීමකින් පසු දරුවෙකු අතුරුදහන් වෙයි

(21.05.2024 – 20:44 +0530 – hirunews.lk/sinhala)

මදුරන්කුලිය, පත්තායම නව ගම්මානයේ පදිංචි 12 හැවිරිදි දරුවකු පසුගිය 18 වැනිදා සිට අතුරුදන්ව තිබෙනවා.

නිවසේ දමිළ චිත්‍රපටයක් නරඹමින් සිටියදී එය නැරඹීම නවතා රූපවාහිනිය වසා දමන ලෙසට දරුවාගේ මිත්තණිය පවසා ඇති අතර ඉන්පසු දරුවා නිවසින් පිටව ගොස් ඇති බවයි නිවැසියන් පැවසුවේ.

පසුගිය 18 වැනිදා පස්වරුවේ දරුවා නිවසින් පිටව යන ආකාරය පුලිච්චිකුලම ප්‍රදේශයේ වෙළෙඳසැලක සවිකර තිබූ CCTV කැමරාවක සටහන්වී තිබුණා.

අප කළ විමසිමකදි මදුරන්කුලිය පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ මෙම දරුවා මිත්තණියගේ තරවටු කිරීම හමුවේ ලිපියක් ලියා තබා නිවසින් පිටව ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් එම දරුවා පිළිබදව මෙතෙක් තොරතුරක් වාර්තා වී නැහැ.

මේවන විට එම දරුවා සෙවිම සඳහා මුන්දලම පුලිච්චිකුලම ප්‍රදේශයේ සොදිසි මෙහෙයුමක්ද ක්‍රියාත්මකයි.

+


මගේ වේගයට වැඩකරන්න පුලුවන් කිසිම සමකාලීනයෙක් වර්තමානයේ නෑ | SUDAA CREATION (21.05.2024)

+


වාදපිටිය : බෞද්ධයාට වර්තමානයේ ඇති අභියෝග : 2024.05.21

+


‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව අනතුරට ලක්වී වසර 3 යි; ඒත් සාධාරණය කෝ?

(21.05.2024 – 17:23 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව අනතුරට ලක්වී අදට (21) වසර තුනක් පිරෙනවා.

මේ හේතුවෙන් ජීවනෝපාය කරගැනීමට නොහැකි හැඳල සහ පමුණුගම ප්‍රදේශවල ධීවරයින් සිය ගැටලුවලට විසඳුම් ඉල්ලනවා.

ඒ වෙනුවෙන් ධීවර සමිති 9 ක සාමාජිකයින් මුහුණදී ඇති ගැටලුවට විසඳුම් ඉල්ලා අද (21) විරෝධතා පා ගමනක නිරත වුණා.

ඔවුන් වත්තල ඇලකන්ද නගරය තෙක් පා ගමනින් පැමිණ උද්ඝෝෂණයක නිරත වූණා.

මෙම නෞකාව ගිනි ගැනීමෙන් මෙරට බටහිර මුහුදු කලාපය දැඩි පරිසරය දූෂණයකට ලක් වුණා.

+


සිංගප්පූරු ගුවන්සේවයේ ගුවන්යානයක් ‘දරුණු වායු කැළඹුමකට’ (severe turbulence) මැදිවීමෙන් එක් (01) මගියෙකු ජීවිතක්ෂයට; තවත් 30 කට තුවාල

(21.05.2024 – facebook.com/accident1stofficial/)

සිංගප්පූරු ගුවන්සේවයේ ගුවන්යානයක් ‘දරුණු වායු කැළඹුමකට’ (severe turbulence) මැදිවීමෙන් සිදුවූ අනතුරකින් එක් (01) මගියෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 30 දෙනෙකු තුවාල ලැබීමේ සිදුවීමක් වාර්තා වනවා.

සිංගප්පූරු ගුවන්සේවයට අයත් බෝයිං B777 ගුවන්යානයක් ලන්ඩනයේ හීත්‍රෝ ගුවන්තොටුපළේ සිට සිංගප්පූරුව දක්වා ගුවන් ගමනක් (SQ321) සිදුකරන අතරතුර මෙම ‘දරුණු වායු කැළඹීමට’ හසුව තිබෙනවා.

අදාළ සිදුවීමෙන් අනතුරුව ගුවන්යානය තායිලන්තයේ, බැංකොක් හි ස්වර්ණභූමි ගුවන්තොටුපොළට හදිසි ගොඩබෑමක් සිදු කෙරුනා. පෙර දැනුම්දීමත් සමග ස්වර්ණභූමි ගුවන්තොටුපළ හදිසි ගොඩබෑම සඳහා සූදානම්ව සිටි අතර තුවාල ලැබූ මගීන් කඩිනමින් රෝහල් කරා රැගෙන යාමට කටයුතු කල බව වැඩිදුරටත් වාර්තා වනවා.

+++++++

One dead and at least 71 injured after severe turbulence hits Singapore Airlines flight
https://edition.cnn.com/2024/05/21/world/singapore-airlines-turbulence-bangkok/index.html

Singapore Airlines CEO apologises for ‘traumatic experience’
https://www.bbc.com/news/live/world-69044396

One Dead and Dozens Injured After ‘Extreme Turbulence’ on Flight
https://www.nytimes.com/2024/05/21/world/asia/singapore-airlines-turbulence-death.html

+


‘ගල්ගුල්ලෙක්’ ගල්කිස්ස වෙරළට

(21.05.2024 – 23:22 +0530 – hirunews.lk/sinhala)

‘ගල්ගුල්ලා’ නොහොත් ‘හීල්ස්’ යන නාමයෙන් හදුන්වන දුර්ලභ ගණයේ මත්ස්‍යයෙකුගේ මළ සිරුරක් හමු වී තිබෙනවා.

ඒ, ගල්කිස්ස, වෙරළපාර කෙළවර මුහුදුබඩ තීරයේහි.

මේ දුර්ලභ ඝනයේ සත්ත්ව විශේෂය ගැඹුරු මුහුදේ ගල්පර අතර වැඩි වශයෙන්ම ජීවත්වන අතර, ගොඩබිමට නොපැමිණෙන බවයි සඳහන් වන්නේ.

මෙම මත්සයින්ගේ ශරීර වර්ණයට වෙනස් තිත්පැල්ලම් සහිත සමක්ද පිහිටා තිබෙනවා.

‘ගල්ගුල්ලා’ නොහොත් ‘හීල්ස්’ යනු මිනිස් ආහාර සඳහා නොගන්නා මාළු විශේෂක් බවයි සඳහන් වන්නේ.


දියණිය සමග කෑම කද්දී වෙඩි කෑ ටෂි – “උඹ චන්ඩියෙක් නෙමෙයි පිස්සෙක් විතරයි අයියෝ..” (21.05.2024)

+


අන්තර්ජාලයේ දැන්වීම් දමා රුපියල් කෝටි ගණන් වංචා කිරීම – කඩවත සූරියගම ‘මසාජ් තෙරපිණිය’ අත්අඩංගුවට

(22.05.2024 – dinamina.lk)

අන්තර්ජාලය ඔස්සේ පළ කරනු ලබන දැන්වීම් මඟින් දිවයින පුරා විවිධ පුද්ගලයන් සම්බන්ධ කර ගනිමින් ‘සෝයා මීට් නිෂ්පාදන ඇසුරුම් කිරීම’ සඳහා මුදල් ලබාදෙන බව පවසමින් රුපියල් කෝටි ගණනක් වංචා කර පොලිසිය සහ අධිකරණය මඟ හරිමින් සිටි කාන්තාවක් ජා–ඇළ පිහිටි සම්බාහන ආයතනයක තෙරපිණියක නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (21) අත්අඩංගුවට ගනු ලැබුවාය.

නුගේගොඩ අධිකරණයේ පමණක් ඇයට එරෙහිව විවෘත වරෙන්තු 29 ක් සහ දින වරෙන්තු 30 ක් ඇති බව පොලිසිය කියයි.

‘සෝයා මීට් තෙරපිණිය’

මෙම සැකකාරිය කඩවත, සූරියගම ප්‍රදේශයේ පදිංචි 41 වියේ පසුවන්නියකි. නාවල ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවෙසක රැඳී සිටිමින් අන්තර්ජාලයේ පළ කරනු ලබන දැන්වීම් මඟින් ‘සෝයා නිෂ්පාදන ඇසුරුම් කිරීම සඳහා මුදල් ලබාදීමට හැකි බවත් එයින් විශාල ආදායමක් ඇසුරුම් කිරීමේ රැකියාවේ යෙදෙන අයට ලබා ගැනීමට හැකි බවත් ඇය පවසා ඇති බව පොලිසිය කියයි. එම දැන්වීමට අනුව දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයන් විමසීම් කරන විට ඒ අයව ඇය නාවල ප්‍රදේශයට කැඳවා ‘මුදල් තැන්පත් මත සෝයා මීට් වර්ග ඇසුරුම් කිරීම සඳහා ලබාදී ඇති බව’ පොලිසිය සඳහන් කළේය. එම සෝයා මීට් වර්ග ඇසුරුම් කර නැවත රැගෙනවිත් ලබාදීමෙන් පසු, ‘ඊට අදාළ ඇසුරුම් කිරීම සඳහා ගෙවනු ලබන මුදල ද තැන්පත් වශයෙන් රඳවාගෙන ඇති බවත්’ පැකට් කර රැගෙනවිත් භාර දුන් ‘සෝයා මීට් පැකට්වල ඇසුරුම් නැවත ඉවත් කර’ වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන පුද්ගලයන්ට සෝයා මීට් ලබාදී ඇති බවත් පොලිසිය කියයි. රැකියාවේ යෙදෙන අයට ‘ගෙවීමට ඇති මුදල් බැංකු ගිණුම් ඔස්සේ ලබාදෙන බව පවසා ගෙවිය යුතු මුදල් ඇසුරුම්කරුවන්ට නොගෙවා’ වංචාසහගත අයුරින් කට්ටි පනිමින් ඇය මෙම වංචාව කර තිබේ. (ඇසුරුම්කරුවන් ‘සෝයා මීට් තෙරපිණිය’ට ලබාදෙන තැන්පත් මුදල් වංචාකිරීම)

බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති හසන්ත මාරපන, නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.පී.එස් ජයමහ, නුගේගොඩ කොට්ඨාස කලාප අංක 01 භාර යන මහත්වරුන්ගේ ඍජු අධීක්ෂණය මත නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.කේ.ජී හේවගේ, මිරිහාන මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර යන මහත්වරුන්ගේ උපදෙස් මත නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ කණ්ඩායම් අංක 01 භාර උප පොලිස් පරීක්ෂක නුවන් වීරතුංග මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් (68011) විජේරත්න, පොලිස් කොස්තාපල් (94555) කුමාර, (96824) හර්ෂ, (93302) දයාරත්න, කාන්තාව පොලිස් කොස්තාපල් (11379) අයේෂා යන නිලධාරීහු පරීක්ෂණ සිදු කරති ෴


මියන්මාරයේ දුක්විඳින අපේ දරුවෝ… අදත් කරන්ට් එක අල්ලලා දරුවට… ටාගට් දුන්නැත්නම් කරන්නේ ඕකයි… (21.05.2024)

+


යෝජිත විදුලි පනත් කෙටුම්පතේ නොදුටු පැත්ත… “මෙහෙම ගියොත් ඉන්දියන් හමුදාවට ලංකාව භාරදෙයි” (21.05.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *