හෙට (22) ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 150 ඉක්මවූ තද වැසි
(21.05.2024 – 15:24 +0530 – hirunews.lk/sinhala)
බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා හෙට (22) දිනයේ මිලිමීටර 150 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එමෙන්ම වයඹ පළාතට සහ ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.
කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 60 ත් 70 දක්වා ඉහළ යා හැකියි. එබැවින් මෙම මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ ෴
නිවසකට ගසක් කඩා වැටී තිදෙනෙකුට (3) තුවාල
(21.05.2024 – 08:43 +0530 – hirunews.lk/sinhala)
අයහපත් කාළගුණික තත්වය හමුවේ, නිවසකට ගසක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
රත්නපුර කොළඳගල, එගොඩඇල්ලවත්ත ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩාවැටීම හේතුවෙන් එම නිවසට සම්පූර්ණයෙන්ම හානි සිදුව ඇති බවටයි වාර්තා වෙන්නේ.
අද (21) උදෑසන සිදුව ඇති මෙම අනතුරින් නිවසේ සිටි තිදෙනෙකු (3) තුවාල ලබා ඇති බවද සඳහන් ෴
කලාවැවේ හදිසි වාන් දොරටු විවෘත කරයි
(21.05.2024 – 09:33 +0530 – hirunews.lk/sinhala)
පවතින වැසි තත්වයත් සමග අද (21) අළුයම වන විට කලාවැව ජල ධාරිතාවය උපරිම මට්ටමට පැමිණිම හේතුවෙන් කලාවැවේ හදිසි වාන් දොරටු විවෘත කිරීමට කලාවැව ජලාශ භාර කාර්යාලය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, අද (21) උදෑසන 06:00 සිට කලාවැව හදිසි වාන් දොරටු දෙක (2) මෙලෙස විවෘත කිරීමට එම ජලාශ භාර කාර්යාලය පියවර ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන්කර සිටියේ.
එකක් අඩි 1 බැගින් වන සේ එම හදිසි වාන් දොරටු දෙකම (2) විවෘතකර තිබෙන අතර විවෘත කර ඇති එම හදිසි වාන් දොරටු දෙක (2) මගින් කලාවැවේ සිට කලා ඔයට මුදා හැරෙන ජල ධාරිතාවය තත්පරයට ඝණ අඩි 1241 ක්.
දඹුළු ඔය ඇතුළු ජල මුලාශ්‍ර මගින් මේ වනවිට තත්පරයට ඝණ අඩි 988 ක ජල ධාරිතාවයක් කලාවැවට එක්වෙමින් පවතින බව ද කලාවැව ජලාශ භාර කාර්යාලය පවසනවා.
කලාවැවේ සමස්ථ ජලධාරිතාවය මේ වනවිට අක්කර අඩි 85,505 වී තිබෙන අතර ඒ අනුව පවතින වැසි තත්වය තව දුරටත් පැවතියහොත් කලාවැව හදිසි වාන් දොරටු තවදුරටත් විවෘත කිරීමට සිදුවන බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිමින් සිදුවිය හැකි ආපදා තත්ත්වයන් අවම කර ගැනීමට කටයුතු කරන ලෙස අනුරාධපුර ආපදා කළමනාකරණ දිස්ත්‍රික් කාර්යාලය කලා ඔය දෙපස පදිංචි කරුවන්ට දැනුම් දීමක් ද කර සිටිනවා ෴
බොරැල්ලේ ගසක් කඩාවැටී විශාල වාහන තදබදයක්
(21.05.2024 – 13:27 +0530 – hirunews.lk/sinhala)
බොරැල්ල කනත්තේ තිබූ විශාල ගසක් කඩා වැටීමෙන් ‘බොරැල්ල දේවි බාලිකා විද්‍යාලය’ අසල මාර්ගය අවහිර වී තිබෙනවා.
මෙම අනතුර අද (21) උදෑසන සිදුව ඇති අතර, එම ස්ථානයෙන් මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇතිව ඇති බව වාර්තා වෙනවා.
‘කොළඹ නගර සභාවෙන්’ එම ගස ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර අනතුරින් වාහන කිහිපයකට හානි සිදුව තිබෙනවා.
+
කොළඹ ලොකුම තොරණත් කඩාවැටෙයි
(21.05.2024 – 13:49 +0530 – hirunews.lk/sinhala)
අයහපත් කාලගුණික තත්ත්වය වෙසක් නිර්මාණවලටත් තදින්ම බලපා ඇති බව වාර්තා වෙනවා.
එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ, ගාලු මුවදොර පිටියේ ඉදිකරමින් තිබූ විශාල තොරණක් කඩා වැටී තිබෙනවා.
ඒ ඊයේ (20) පැවති අධික වර්ෂා තත්ත්වය හේතුවෙන්.
‘සම්බුද්ධාභිවන්දනා කොළොම්තොට වෛශාක්‍ය මංගල්‍යය’ නමින් පැවැත්වෙන වෙසක් කලාපයකට සමගාමීවයි මෙම තොරණ ඉදිවෙමින් තිබුණේ ෴
ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම්දීමක්
(21.05.2024 – 16:12 +0530 – hirunews.lk/sinhala)
ගිණිකොණ දිග අරාබි මුහුද සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුද ආශ්රිත ගැඹුරු මුහුදු ප්‍රදේශ වෙත නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාව වෙත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ප්‍රදේශවල අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමෙන් ඉතා තද සුළං සහ තද වැසි ඇතිවී මුහුදු ප්‍රදේශ ඉතා රළුවිය හැකි බවයි.
එමෙන්ම, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (21) පස්වරුවේත් තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා ෴
පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් හෙට (22) විවෘත කෙරේ
(21.05.2024 – 18:20 +0530 – hirunews.lk/sinhala)
පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (22) විවෘත කරන බව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා පවසනවා.
ඒ, අයහපත් කාලගුණය පහව ගිය බැවිනුයි එම දිස්ත්‍රික්කයේ පාසල් යළි විවෘත කරන බව සඳහන් වන්නේ ෴
‘ඇල්ල – වැල්ලවාය මාර්ගය’ යළිත් වැසේ
(21.05.2024 – 18:35 +0530 – hirunews.lk/sinhala)
‘ඇල්ල – වැල්ලවාය මාර්ගය’ අද (21) රාත්‍රී 8 සිට හෙට (22) පෙරවරු 6 දක්වා වසා තැබීමට යළි තීරණය කර තිබෙනවා ෴
කැළණිවැලි දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීමෙන් දුම්රිය ධාවනයට බාධා
(21.05.2024 – 20:17 +0530 – hirunews.lk/sinhala)
මහරගම සහ කොට්ටාව අතරදී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීමෙන් ‘කැළණිවැලි මාර්ගයේ’ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා ෴
+++++++++++++
+++++++++++
+
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴