ශ්‍රී ලංකාවේ සිට පැමිණි ISIS ත්‍රස්තවාදීන් 4 දෙනෙකු ඉන්දීයාවේ පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනේ

ශ්‍රී ලංකාවේ සිට පැමිණි ISIS ත්‍රස්තවාදීන් 4 දෙනෙකු ඉන්දීයාවේ පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනේ


ශ්‍රී ලංකාවේ සිට පැමිණි ISIS ත්‍රස්තවාදීන් 4 දෙනෙකු ඉන්දීයාවේ පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනේ

(20.05.2024 – 15:26 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ සිට පැමිණි ISIS ත්‍රස්තවාදීන් සිව් දෙනෙකු (4) අද (20) පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් බවයි වාර්තා වන්නේ ෴


හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය ඇතුළු සැකකරුවන් 8 දෙනා යළි රිමාන්ඩ්

(20.05.2024 – 16:36 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමිතියෙන් තොර ‘ඉමියුනොග්ලොබියුලින්’ ආනයනය කළ බව කියන සිද්ධියට සම්බන්ධ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 8 දෙනා ජුනි මස 03 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදුන් මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ‘ඉමියුනෝග්ලෝබීන්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනනය කර රජයේ රෝහල්වලට බෙදා හැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ ෴


සජිත් දුන් දිනයකට අනුර හා කියයි – විවාදයට ජුනි 06 සුදානම්

(20.05.2024 – 17:27 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විවාදය සඳහා සජිත් ප්‍රේමදාස විවාදය සඳහා ලබාදුන් දිනවලින් ජුනි 06 දිනය අනුර කුමාර දිසානායක භාරගත් බව ‘ජාතික ජන බලවේගයේ’ විධායක සභික නලින්ද ජයතිස්ස පවසනවා.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ ‘සමගි ජන බලවේගය’ විවාදය කටයුතු සූදානම් කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සමඟ ස්ථානය වෙලාව විවාදයේ විෂය පථය ඉදිරියේදී සාකච්ඡා කර තීරණය කරන බවයි.

අනුර – සජිත් විවාදය නොපැවැත්වෙන්නේ නම් ඉන් පසුව ආර්ථික කමිටුවේ විවාදය පිළිබඳව සලකා බලන බවත් මෙහිදී ප්‍රකාශ කළා ෴


වසර අවසානයේ ‘එලෝන් මස්ක්’ ශ්‍රී ලංකාවට

(20.05.2024 – 17:47 +0530 – hirunews.lk/sinhala)

මේ 2024 වසර අවසානයේ දී ලොව ප්‍රමුඛපෙළේ ධනපතියෙකු වන ‘එලෝන් මස්ක්’ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්‍යාලයේ ඉහළ පෙළ නිලධාරියෙක් ‘හිරු ප්‍රවෘත්ති’ වෙත පැවසුවා.

මේ දිනවල ඉන්දුනීසියාවේ පැවැත්වෙන සමුලුවක දී ජනාධිපතිවරයා ඔහුව හමු වී කළ ආරාධනයකට අනුවයි ‘එලෝන් මස්ක්’ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ.

එහි දී ඔහු මෙරට දී ක්‍රියාත්මක කිරීමට සූදානම් ‘ස්ටාර්ලින්ක්’ ව්‍යාපෘතියේ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි ෴


ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය : ‘ඔක්ටේන් 100’

(20.05.2024 – 18:15 +0530 – hirunews.lk/sinhala)

‘ඉන්දියන් ඔයිල් සමාගම’ ඉතිහාසයේ පළමු වරට ‘ඔක්ටේන් 100’ සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර තිබෙනවා.

මුම්බායේ සිට පසුගිය මැයි 18 වනදා මෙම ඉන්ධන තොගය මෙරටට නැව්ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ.

XP100 ලෙසින් නම්කර ඇති මෙම පෙට්‍රල් වර්ගය ඉන්දියාව විසින් දේශීය සංවර්ධනය කරන ලද්දකි.

XP100 ශ්‍රී ලංකාවට අපනයනය කිරීමේ මෙම සන්ධිස්ථානය සංකේතවත් කරන්නේ, මෙහෙයුම් පරිමාණයෙන් පමණක් නොව නිෂ්පාදනවල ගුණාත්මක භාවය සහ තිරසාර අනාගතයක් සඳහා දායකත්වය සඳහා ද පිළිගත් ගෝලීය බලශක්ති ක්‍රියාකරුවෙකු ලෙස ක්‍රියාත්මක වීමයි ෴


“මත්පැන් සමාගම් රුපියල් කෝටි 700 ක් පොලු තියලා” – සජිත් ප්‍රේමදාස

(20.05.2024 – 20:19 +0530 – hirunews.lk/sinhala)

බදු පැහැර හැරීමට මත්පැන් සමාගම්වලට ආණ්ඩුව ඉඩ ලබාදී තිබුණත් පොදු ජනතාවට එවැනි සහනයක් ලබාදී නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ පානදුර ප්‍රදේශයේ පැවැති වැඩසටහනකදීයී.

‘සක්වළ’ වැඩසටහනේ 194 වැනි අදියර යටතේ ‘පානදුර අලවියා මුස්ලිම් මහා විද්‍යාලය’ට රුපියල් එකළොස් ලක්ෂ හැත්තෑහත්දහසක (11,77,000) වටිනාකමින් යුත් ‘සුහුරු පන්ති කාමරයක්’ පරිත්‍යාග කිරීම සිදු කෙරුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ෴


හෙට (21) ශෝක දිනයක්

(20.05.2024 – 20:49 +0530 – hirunews.lk/sinhala)

ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය හේතුවෙන් හෙට (21) ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සෑම රජයේ කාර්යාලයකම ජාතික කොඩිය අඩ කුඹු කරන ලෙසයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දී සිටින්නේ ෴

+++++++++

+

+


ලාංකිකයන් ඕමානයේ අතරමං කරන ජාවාරම

(20.05.2024 – 20:54 +0530 – hirunews.lk/sinhala)

සංචාරක වීසා මත ඩුබායි රාජ්‍යයට යවන ලාංකිකයින් අනතුරුව ඕමානයට රැගෙන ගොස් අතරමං කරන ජාවාරමක් පිළිබඳ තොරතුරු අප වෙත වාර්තා වනවා.

මෙම ජාවාරම අදාළ විදෙස් රැකියා ඒජන්සියේ හිමිකරු සහ ඕමානයේ සිටින ලාංකිකයෙකු එක්ව සිදුකරන බවයි ඊට හසු වූ ලාංකිකයින් පවසන්නේ.

මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි මෙම ලාංකිකයින් විදේශ රැකියා ඒජන්සියක් හරහා සංචාරක වීසා මත ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණේ පසුගිය අප්‍රේල් මාසයේදීයී.

20 දෙනෙකු පමණ එලෙස ඩුබායි වෙත ගොස් තිබූ අතර ඔවුන්ගේ වීසා අවසන් වීමෙන් පසු පැය 24 ක් තුළ නව වීසා ලබාදෙන බව පවසා ඔවුන්ව ඕමානයේ අශිබා ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් වෙත රැගෙන ගොස් තිබෙනවා.

බස් රථයක් මගින් ඔවුන්ව එලෙස රැගෙන යන ලෙස උපදෙස් දී ඇත්තේ ඔවුන්ව ඩුබායි වෙත යැවූ මෙරට විදෙස් රැකියා ඒජන්සියේ හිමිකරු විසින්.

එය සම්බන්ධීකරණය සඳහා මැදිහත් වන්නේ ‘රොෂාන් දුමින්ද ලියනගේ’ ලෙස තමන්ව හඳුන්වා දුන් පුද්ගලයෙක්.

නවාතැන් පහසුකම් නොමිලේ ලබාදෙන බව පවසමින් ඔවුන්ව එම ගොඩනැගිල්ලට රැගෙන ගියද නවාතැන් පහසුකම් හා ආහාර පාන ද ඔවුන්ට ලබාගැනීමට සිදුව ඇත්තේ වැඩි වියදමක් දරමින්.

දින ගණනාවක් ඕමානයේ රැඳී සිටියද වීසා අලුත් කර නොදුන් බව එම පිරිස පවසනවා.

ඔවුන් සිය වියදමින් යළි මෙරටට පැමිණීමට සූදානම් වන අවස්ථාවේ එම පිරිසට මුදල් ගෙවන ලෙස බල කරමින් ඔවුන් එහි රැගෙන ආ ‘රොෂාන්’ නමැත්තා බැණ වදින අයුරු ඇතුළත් හඬපටයක් ද අප වෙත ලැබුණා.

මෙලෙස ඩුබායි බලා ගිය පිරිස අප සමඟ පැවසුවේ මෙම ‘රොෂාන්’ නමැත්තා සහ ඔවුන්ව ඩුබායි බලා පිටත් කළ විදෙස් රැකියා ඒජන්සියේ හිමිකරු එක්ව ජාවාරමක් ලෙස මෙය කරගෙන යන බවයි ෴


වෙඩි තැබීමකින් පුද්ගලයෙකු (1) ජීවිතක්ෂයට පත්වෙයි

(20.05.2024 – 21:41 +0530 – hirunews.lk/sinhala)

කටුකුරුන්ද ස්ටේෂන් පාරේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු (1) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යතුරු පැදුයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ ෴


ගංවතුරට සිරවී සිටි එකම පවුලේ 3 ක් බේරා ගනියි

(20.05.2024 – 22:55 +0530 – hirunews.lk/sinhala)

අධික වර්ෂාවත් මුන්දලම පෙරියකඩවල වැව පිටාර ගැලීමෙන් ඇති වූ ජල ගැලීමෙන් පිටතට යා නොහැකිව සිරවී සිටි එකම පවුලේ සාමාජිකයෝ තිදෙනෙක් (3) නාවික හමුදාව විසින් අද (20) බේරාගනු ලැබුවා.

හදිසි ජල ගැලීම් තත්ත්වය හමුවේ නිවසෙන් පිටතට යාමට නොහැකිව සිරවී සිටි එකම පවුලේ මව, පුතා සහ දියණිය නාවික හමුදාවේ විශේෂ කණ්ඩායමක් විසින් මහත් පරිශ්‍රමයක් යොදා බේරාගනු ලැබුවා.

අධික වර්ෂාවත් සමග පෙරියකඩවල වැවේ ජලය පිටාර ගැලීම නිසා ඇළ මාර්ග උතුරාගොස් ජල ගැලීම් තත්ත්වයක් ඇති වී තිබේ. කෙසේ වෙතත් නාවික හමුදාවේ තම්බපණ්ණි නාවික නෞකා ආයතනයේ නිලධාරීහු මෙම මෙහෙයුම සිදුකර එම පිරිස බේරාගත්තා.

මුන්දලම ප්‍රදේශයේ නිවසක සිරවී සිටින එකම පවුලේ පිරිසක් මුදවා ගැනීම සඳහා සහය ලබාදෙන ලෙස වයඹ නාවික විධාන මූලස්ථානය වෙත කළ දැනුම්දීමකට අනුව විශේෂ නාවික හමුදා නිලධාරීන් කණ්ඩායමක් මෙම මෙහෙයුමට සහභාගිවුවා ෴


හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-05-21

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *