අරණායක, සාමසර කන්දේ සිදුවන වන විනාශයක් ‘හිරු CIA’ අනාවරණයෙන් වටලයි

අරණායක, සාමසර කන්දේ සිදුවන වන විනාශයක් ‘හිරු CIA’ අනාවරණයෙන් වටලයි


අරණායක, සාමසර කන්දේ සිදුවන වන විනාශයක් ‘හිරු CIA’ අනාවරණයෙන් වටලයි

(18.05.2024 – 20:04 +0530 – hirunews.lk/sinhala)

වසර 8 කට පෙර සිදු වූ නායයාම හේතුවෙන් අධි අවදානමක් සහිත සංවේදී පරිසර කලාපයක් වශයෙන් නම් කළ අරණායක – සාමසර කන්ද ප්‍රදේශයේ සිදුවන වන සංහාරයක් පිළිබඳව ‘හිරු CIA’ වෙත තොරතුරු වාර්තා වනවා.

යළි ආපදා අවදානමක් මතු කරමින් ප්‍රාදේශීය දේශපාලනඥයෙකුගේ අනුදැනුම මත කණ්ඩායම් කිහිපයක් විසින් මෙම වන විනාශය සිදුකරන්නේ හුදෙක් සිය මඩිය තරකර ගැනීමේ අරමුණින් බවයි වාර්තා වෙන්නේ.

2016 වසරේ මැයි මස 17 වැනිදා එනම් මීට වසර 8 කට පෙර අරණායක සාමසර කන්ද මුළුමහත් ගමක් සුසාන භූමියක් බවට පත්කරමින් නායගියේ තවත් බිහිසුණු ඛේදවාචකයක් මෙරට ඉතිහාසයට එක්කරමින්.

එහිදී 40 දෙනෙකුගේ පමණ මළසිරුරු සොයාගැනීමට හැකි වුවත් තවත් පුද්ගලයන් විශාල පිරිසකගේ දේහයන් පස් යට සදහටම සැඟව ගියා.

මෙම ඛේදවාචකයත් සමග එවක රජය මෙම ආපදාවෙන් උන්හිටි තැන් අහිමි වූ පවුල්වලට වෙනත් ප්‍රදේශයක නිවාස ලබාදී පදිංචි කිරීමට කටයුතු කළා.

අනතුරුව නායගිය ප්‍රදේශයේ පාංශු ඛාදනය යළි ඇතිවීම අවම කිරීම සඳහා රුපියල් ලක්ෂ ගණනක් වැය කර ගුවනින් බීජ ඉසිමින් වන වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළේ මෙම ප්‍රදේශය අධි අවදානම් සංවේදී පරිසර කලාපයක් ලෙස නම් කරමින්.

එවැනි පසුබිමක ‘හිරු සී.අයි.ඒ.’ වෙත තොරතුරු හෙළි කළ ගම්වාසීන් ප්‍රකාශ කළේ රජයේ එම වන වගාව වනසමින් දැවැන්ත දැව ජාවාරමක් මේ වනවිට ක්‍රියාත්මක බවයි.

එම තොරතුරු අනුව ‘හිරු සී.අයි.ඒ.’ මේ පිළිබඳව ‘කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ’ නිලධාරීන් ද දැනුවත් කර අදාළ ප්‍රදේශය වෙත ළඟා වුණා.

අප කණ්ඩායම එහි ළඟා වන විටත් කපා හෙලූ රූස්ස දැව කඳන් රැගෙන යාමට සුදානම් කර තිබෙනවා.

මෙහිදී කළ මූලික විමර්ශනවලදී හෙළිවුයේ කණ්ඩායම් කිහිපයක් සංවිධානාත්මකව මෙම වන විනාශය වසර 02 ක පමණ කාලයක සිට සිදුකරමින් සිටින බවයි.

වැටලීමේදී පුද්ගලයන් සිව්දෙනෙකු (4) අත්අඩංගුවට ගැනුණු අතර, මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී තමන්ට බාධා මතු වූ බව ද එහි පැමිණි වන සංරක්ෂණ නිලධාරියා ප්‍රකාශ කළා.

රාජ්‍ය නිලධාරීන් පවසන පරිදි වන සංහාරකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට බාධා කරන්නේ කවුරුන් ද ?

එම පුද්ගලයන්ගේ අවශ්‍යතාව හුදෙක් මඩිය තරකරගැනීම සඳහා මෙම වන සංහාරය තවදුරටත් සිදුකර, ගමක් සොහොන් බිමක් කළ ‘සාමසර ඛේදවාචකය’ මෙන් තවත් ඛේදවාචකයක් ඇතිකිරීමට ද ?

රජයේ ඉහළ බලධාරීන් මේ පිළිබඳව දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන් ‘හිරු සී.අයි.ඒ.’ ඉදිරියටත් අවධානයෙන්.

+


ඇල්ල – වැල්ලවාය මාර්ගය අදත් වැසේ

(18.05.2024 – 18:17 +0530 – hirunews.lk/sinhala)

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගය අද (18) දිනයේද රාත්‍රී 08:00 සිට හෙට (19) උදෑසන 06:00 දක්වා වසා තැබෙන බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

මේ වනවිට ඇල්ල – කරඳගොල්ල නායයෑමේ ප්‍රවණතාවයක් සක්‍රීය වී ඇති ප්‍රදේශයේ සිට විශාල වශයෙන් රොන්මඩ සහිත ජලය ගලා ඒම නිසා වාහන එම ස්ථානය පසු කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බැවින් මහජනයාගේ ආරක්ෂාව සලකා මෙම පියවර ගත් බවයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ෴


බස් රථ දෙකක් (2) මුහුණට මුහුණ ගැටීමෙන් 22 දෙනෙකු තුවාල

(18.05.2024 – 19:17 +0530 – hirunews.lk/sinhala)

අද (18) පස්වරු 4 ට පමණ පෞද්ගලික බස් රථ දෙකක් (2) මුහුණට මුහුණ ගැටීමෙන් 22 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එම අනතුර සිදුව ඇත්තේ අවිස්සාවේල්ල – කෑගල්ල මාර්ගයේ කෝට්ටේපොල ප්‍රදේශයේදී.

අනතුරින් තුවාල ලැබූ දෙදෙනෙකුගේ (2) තත්ත්වය තරමක් බරපතළ බවටයි වාර්තා වෙන්නේ ෴

++++++++++

++++++++++

+


අලුවිහාර පුණ්‍ය භූමියේ ඉදි කෙරෙන ‘ත්‍රිපිටක සංරක්ෂණ මන්දිරය’ වෙසක් පොහෝ දා සම්බුද්ධ ශාසනයට පූජා කෙරෙයි

(18.05.2024 – 21:12 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ත්‍රිපිටක වස්තූන් චිරාත්කලක් සුරක්ෂාකොට තැබීමේ අදිටනින්, ‘ආසියානු මාධ්‍ය ජාලයේ’ ගරු සභාපති රේනෝ සිල්වා මැතිඳුන් විසින් රුපියල් ලක්ෂ 400 ක් ඉක්ම වූ පිරිවැයක් දරමින් ඉදි කෙරෙන ‘ත්‍රිපිටක සංරක්ෂණ මන්දිරය’ සම්බුද්ධ ශාසනයට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය එළැඹෙන වෙසක් පොහෝ දා (23) පැවැත් වීමට නියමිතයි.

ඓතිහාසික මාතලේ අලුවිහාර පුණ්‍ය භූමියේ ඉදි කෙරෙන මෙම ‘ත්‍රිපිටක සංරක්ෂණ මන්දිරය’ ශාසනයට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවයට සමගාමීව ඓතිහාසික මාතලේ අලුවිහාර චෛත්‍යරාජයාණන් වහන්සේ සුවඳ දුමින් පුදා, නෙළුම් මල් ලක්ෂයකින් පුෂ්පෝපහාර දක්වා, විචිත්‍ර ෂඩ්වර්ණ විදුලි ආලෝකයෙන් නැහැවීමට ද කටයුතු යොදා තිබෙනවා ෴


රුසියානු යුද පුහුණු පාසලේ ඉන්න අපේ අය ගැන හෙළිදරව්වක්

(18.05.2024 – 20:48 +0530 – sinhala.adaderana.lk)

රුසියානු – යුක්‍රේන යුද පෙරමුණුවලට අනීතික ලෙස ගොස් දරුණු ලෙස තුවාල ලබා දිවි බේරාගෙන යළි මෙරටට පළා ආ විශ්‍රාමික සෙබළුන් කිහිපදෙනෙක් තමන් මුහුණදුන් බිහිසුණු හා අමිහිරි අත්දැකීම් ගැන ‘අද දෙරණ’ ට අනාවරණය කළෝය.

ඔවුන් පවසන්නේ, ඉහළ වැටුප් හා විවිධ පහසුකම් ලබාදෙන බව පවසා තමන්ව එරටට යොමු කළත් ඒ කිසිවක් නිසි ආකාරයෙන් නොලැබුණු බවය.

කොමාන්ඩෝ රෙජිමේන්තුවේ වසර 22 ක කාලයක් සේවය කර විශ්‍රාම ගොස් රුසියාවට ගිය පසුව එරට කුලී හමුදාවට සම්බන්ධවී යළි මෙරටට පැමිණි මොනරාගල – දඹගල්ල ප්‍රදේශයේ පදිංචි ලලිත් ශාන්ත ‘අද දෙරණ’ට සිය අත්දැකීම් විස්තර කළේය.

“16 දෙනෙත් විතර ගියා… එක එක තැන්වලට දැම්මා. ඒ තැනින් ඉදිරි ආරක්ෂක පෙළට දැම්මා. මෝටාර් ප්‍රහාරයක් එල්ල වුණා. උරහිසට, දණහිසට හා යටිපතුට වැදුණා. කිලොමීටර් 8 ක් විතර මම කකුල ඇදගෙන ආවේ. එහෙ තියෙන්නේ තාක්ෂණික යුද්ධයක්. ඒක ජයගන්න අපිට අමාරුයි. කෑම හරියට දෙන්නේ නැහැ. පහසුකම් නැහැ. ටෙන්ට් ගහන් හට් ඇතුළේ ඉන්න තියෙන්නේ. අධික සීතලයි. බොහොම දුෂ්කරය ජීවිතයක් ගත කළේ. කිව්වේ පුරවැසිභාවය දෙනවා, දරුවන්ට ඉගෙන ගන්න පහසුකම් දෙනවා, ඒ අය ගොඩක් දේවල් කිව්වා. ඒත් ඒ කිසිම දෙයක් ලැබුණේ නැහැ.”

එමෙන්ම වැලිගම, දෙණිපිටියේ පදිංචි චන්දන බණ්ඩාර ද රුසියානු යුද පෙරමුණේදී තුවාල ලබා දුෂ්කරතා රැසක් මැද යළි මෙරටට පැමිණි අයෙකි.

“යුද්ධයට දාන්නේ නැහැ කියලා අපිව අරගෙන ගියා පුහුණු පාසලකට. 150 ක් 200 ක් විතර අපේ ශ්‍රී ලංකාවේ හමුදා සෙබළුන් ඒ පාසලේ පුහුණුව ලබමින් සිටියා. ඇති තරම් ආයුධ දුන්නා… නමුත් අපිට කෑමයි වතුරයි දුනේනේ නැහැ. කරුවලේ ට්‍රක් එකක දාගෙන අරන් ගිහිල්ලා කෙළින්ම ලයින් එකට දාලා ‘ඇටෑක්’ එකට දැම්මා. මගේ කකුල් දෙකට ඩ්‍රෝන එකක් වැදුනා.”

+


පොලීසිය පිටුපසට රැගෙන ගොස් සැකකරුවෙකුට අමානුෂික ලෙස පහරදෙයි

(18.05.2024 – 20:14 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබේ.

පහරකෑමට ලක්වූයේ වසර 17 ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම් වූ හිටපු පොලිස් සැරයන්වරයෙකි.

වසර 17 ක් පොලීසියේ සේවය කළ හිටපු සැරයන්වරයාගේ ආදායම් මාර්ගය වූයේ ගොඩනැගිලි ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෙකු යටතේ සේවය කිරීමය.

පසුගිය 14 වනදා රාත්‍රියේ වැඩ නිමවීමෙන් පසුව ඔහු තවත් කිහිපදෙනකු සමග රාත්‍රි ආහාර ගැනීම සඳහා කොහුවල ආපනශාලාවක් වෙත ගොස් තිබේ.

හිටපු පොලිස් සැරයන්වරයා එවිට පැළඳ සිට තිබුණේ ශ්‍රී ලංකා පොලීසියේ සේවය කරන කාලසීමාව තුළ ලබාගත් පොලිස් නිල ලාංඡනය සහිත ටී ෂර්ටයකි.

එම අවස්ථාවේ පොලිස් නිල ඇඳුමෙන් සිටි නිලධාරීන් දෙදෙනෙකු (2) සහ සිවිල් ඇඳුමෙන් සැරසී සිටි නිලධාරීන් 6 දෙනෙකු පමණ එම ආපනශාලාව තුළ ආහාර ගනිමින් සිට තිබුණි.

පසුව එම නිලධාරීන්, හිටපු පොලිස් සැරයන්වරයාගෙන් පැළඳ සිටි ටී ෂර්ටය සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබේ.

එහිදී ඔහු පවසා තිබුණේ, තමා වසර 17 ක් පොලිස් සේවයේ නිරතව සිටි පුද්ගලයෙකු බවය.

අනතුරුව එම පොලිස් නිලධාරීන් අදාළ හිටපු පොලිස් සැරයන්වරයා කොහුවල පොලිස් ස්ථානය පිටුපසට ගෙන ගොස් පහරදී පොලිස් සිරමැදිරියට දමා තිබුණි.

පහරකෑමට ලක්වූ හිටපු සැරයන්වරයා රෝහල්ගත කර තිබුණේ, කොන්ත්‍රාත් සමාගමේ පුද්ගලයින් විසිනි.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අද (18) පෙරවරුව් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටවගොස් ඇත.

+


මත්ද්‍රව්‍ය කිලෝ 400 ක් ලැක්ටෝස් වත්ත ට රැගෙන යයි.”ආයෙත් ඒ වැඩේ වෙන්න දෙන්නේ නැහැ” සියල්ල විනාශ කරයි (18.05.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *