රැඳවුම් නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා සුරේෂ් සලේගේ බිරිඳගෙන් ජනපතිට ලිපියක්
රැඳවුම් නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා සුරේෂ් සලේගේ බිරිඳගෙන් ජනපතිට ලිපියක්
(09.06.2026 – 19:28 +0530 – sinhala.adaderana.lk)
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
අදාළ ලිපිය මගින් ඇය ඉල්ලා ඇත්තේ සුරේෂ් සලේ මහතාට එරෙහිව ක්‍රියාත්මක වන රැඳවුම් නියෝගය වහාම අවලංගු කරන ලෙසය.
එමෙන්ම සුරේෂ් සලේ මහතා රඳවා තබා ගැනීමට අදාළ මහේස්ත්‍රාත් අධිකරණ කටයුතු පසුගිය මැයි 20 වැනි දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ බවත් එම නඩු කටයුතු අතරතුර අධිකරණ නියෝග පරිදි සකස් කරන ලද අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාව ලැබුණු බවත් එම අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ නිගමන මගින් තම ස්වාමිපුරුෂයා විසින් රැඳවුම් භාරයේ සිටියදී විඳි ශාරිරිත හා මානසික පීඩාවන් සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රකාශ කළ කරුණු සනාථ වී ඇති බවත් ඇය ලිපිය මගින් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.
ඇය විසින් ජනාධිපතිවරයා වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය පහතින් :
President Letter Regd Retd Maj Gen Suresh Sallay by poornima
+++
සලේගේ බිරිඳ සහ පුත්‍රයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දකිති
(09.06.2026 – hirunews.lk)
විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේට සාධාරණයක් ඉටු කිරීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ මනෝරි සලේ සහ පුතා ඊයේ (08) මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් දෙනම බැහැදැක ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වනවා.
අප වාර්තාකරු සඳහන් කළේ, මනෝරි සලේ සහ ඔහුගේ පුත්‍රයා ඊයේ (08) පැයකට වැඩි කාලයක් මහනාහිමිවරුන් බැහැදැක උන්වහන්සේලා සමග අදහස් හුවමාරුකරගෙන ඇති බවයි.
තම ස්වාමියාට සාධාරණයක් ඉටු කර ගැනීම සදහා මැදිහත් පාර්ශ්වයක් ලෙසට කටයුතු කරන ලෙසට එහිදී මනෝරි සලේ මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් දෙනමගෙන් ඉල්ලීමක් කර ඇති බවට වාර්තා වන බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ ෴
“සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි” – එජාපයෙන් නිවේදනයක්
(09.06.2026 – hirunews.lk)
රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේදී ඔහුට අමානුෂික අන්දමින් සලකා ඇති බව පවසමින් එක්සත් ජාතික පක්ෂය (එජාප) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
දැනට අසනීප තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටින ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය කිසිසේත්ම යහපත් නොවන බව ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා ප්‍රසිද්ධියේ අනාවරණය කර ඇති බවයි එම පක්ෂය පෙන්වා දෙන්නේ.
හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහගේ පාලන සමයන්හිදී රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ලෙස රටට සේවය කළ සලේට එරෙහිව එවකට මෙවැනි චෝදනා එල්ල නොවූ බවත්, වත්මන් ගැටලුව වන්නේ ඔහුට එල්ල වී ඇති චෝදනා නොව, අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට සලකන අමානුෂික ආකාරය බවත් නිවේදනයේ සඳහන්.
= ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජාත්‍යන්තර සම්මුතීන් උල්ලංඝනය කිරීමක් =
රෝහල්ගත කිරීමෙන් පසු ලැබෙන තොරතුරුවලට අනුව සුරේෂ් සලේට අතිශය අමානුෂික ලෙස සලකා වද හිංසා පමුණුවා ඇති බව පෙනී යන බව එජාපය පවසන්නේ.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තියට මුළුමනින්ම පටහැනි වීමක් බවයි එම පක්ෂය පෙන්වා දෙන්නේ.
එමෙන්ම 1966 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) 9(අ)(1) වගන්තිය සහ 1994 අංක 22 දරන වධහිංසා වැළැක්වීමේ සම්මුති පනත මඟින් සිරකරුවෙකුට ලබාදී ඇති ආරක්ෂාව අහිමි කිරීමක් බවත් එම ලිපියේ සඳහන්.
මෙම සිදුවීම දැනටමත් ජාත්‍යන්තරයේ අවධානයට ලක්ව ඇති බැවින්, සුරේෂ් සලේට සලකා ඇති ආකාරය පිළිබඳව වහාම පරීක්ෂා කර බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් යැවිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂය රජයෙන් ඉල්ලා සිටිනවා.
මාලිමා රජය බුද්ධ ශාසනය පාලනය කිරීමේ දැවැන්ත උත්සාහයක යෙදී සිටින මොහොතක මේ ප්‍රවණතාවය බෞද්ධ භික්ෂූන් වහන්සේලාට එරෙහිවද ක්‍රියාත්මක වීමට පුළුවන් බවත් මෙම සියලු තත්ත්ව එක්සත් ජාතික පක්ෂයේ දැඩි අවධානයට ලක්ව ඇති බවත් එම ලිපියෙහි සඳාන්.
එක්සත් ජාතික පක්ෂය දැනුම් දෙන්නේ මේජර් ජනරාල් සුරේෂ් සලේට එරෙහිව ගන්නා හැම ක්‍රියා මාර්ගයක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතියට අනුකූල විය යුතු බවයි ෴
ඩෙංගු මර්දන පළමු (1) දිනයේ පරිශ්‍ර රැසක් කොටු වෙයි
(09.06.2026 – hirunews.lk)
ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහන නිකුත් කළ දත්තවලට අනුව පාසල් සහ ඉදිකිරීම් බිමි වැනි ස්ථානවල ඩෙංගු මදුරුවන් බෝවීමේ ප්‍රවණතාව ඉතා ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ පළමු (1) දිනය වන ඊයේ (08) පරිශ්‍ර 31,196 ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, නිවාස 28,230 ක් සහ පාසල් 56 ක් එහිදී පරීක්ෂාවට ලක් කළ බවයි.
එහිදී ඩෙංගු කීටයින් බෝවන ආකාරයට පරිශ්‍ර පවත්වාගෙන ගිය නිවාස 974 කට අවවාදාත්මක දැනුම් දීම් සිදු කර ඇති අතර නිවාස 657 කට නීතිමය පියවර ගෙන තිබුණා.
රාජ්‍ය ආයතන 189 ක් පරීක්ෂාවට ලක් කළ අතර, ඉන් ආයතන 50 කම ඩෙංගු මදුරු කීටයින් හමු වී තිබුණා.
එමෙන්ම ඩෙංගු මදුරුවන් බෝවිය හැකි අවදානම් ස්ථාන 70 ක් ද හඳුනාගෙන ඇති බව සඳහන්.
පරික්ෂාවට ලක්කළ ආගමික ස්ථාන 96 ක් අතරින් ආගමික ස්ථාන 18 කම ඩෙංගු මදුරු කීටයින් හමු වී තිබුණු අතර ඩෙංගු මදුරුවන් බෝවිය හැකි අවදානම් ස්ථාන 42 ක් හඳුනාගෙන තිබුණා.
ඊයේ (08) දිනය තුළ කර්මාන්ත ශාලා පරිශ්‍ර 77 ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඉන් 17 ක ඩෙංගු මදුරු කීටයින් හමු වී ඇති බව සඳහන් ෴
ඔන්ලයින් බිස්නස් කර රු. ලක්ෂ 4 ක් වංචා කළ තරුණියක් අත්අඩංගුවට
(09.06.2026 – hirunews.lk)
ව්‍යාජ නාමයක් භාවිතා කරමින් අන්තර්ජාලය හරහා සම්බන්ධ වී, ඉහළ ආදායම් සෙවිය හැකි අන්තර්ජාල ව්‍යාපාරයක් පවතින බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් 426,300/- ක මුදලක් වංචා කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකාරියක ඊයේ (08) අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
අන්තර්ජාලය හරහා සිදුවූ මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් උප ඒකකය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන නිලධාරීන් විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබිණා.
එම විමර්ශනවලට අනුව මෙම මූල්‍ය වංචාවට සෘජුවම සම්බන්ධ වූ සැකකාරියක මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාරිය උඩුගම්පල, ගම්පහ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි වියේ පසුවන තරුණියක්.
සිදුකරන ලද දීර්ඝ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, වංචා කරන ලද සමස්ත මුදල වන රුපියල් 426,300/- ක මුදලෙන් රුපියල් 186,500/- ක මුදලක් මෙම සැකකාරියගේ පෞද්ගලික බැංකු ගිණුමට බැර කරගනිමින් ඇය විසින් මෙම මූල්‍ය වංචාව සිදුකර ඇති බවයි.
පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් උප ඒකකයේ නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා ෴
සරණට එක් නඩුවකට වසර හතර (4) බැගින් වසර 16 ක සිරදඬුවම්
(09.06.2026 – 10:03 +0530 – sinhala.adaderana.lk)
දූෂණ චෝදනා එල්ල කර තිබූ නඩු හතරකට (4) වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එක් නඩුවකට වසර හතර (4) බැගින් සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය ඒ අනුව විත්තිකරුට බරපතළ වැඩසහිත වසර 16 ක සිරදඬුවම් නියම කළේය.
ඊට අමතරව එම නඩු සඳහා සරණ ගුණවර්ධන මහතාට රුපියල් ලක්ෂ 18 ක දඩයක්ද අධිකරණය විසින් නියම කර තිබේ.
නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.
2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයට වාහන තුනක් (3) කුලී පදනම මත ලබා ගැනීමේදී ඒවායේ හිමිකරුවන්ට වාසියක් සැලසෙන ආකාරයෙන් කටයුතු කරමින් රජයට පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට විරුද්ධව මෙම නඩුව හතර (4) ගොනුකර තිබුණි.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ, විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් එල්ල කර තිබූ දූෂණ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට පැමිල්ල විසින් ඔප්පු කර තිබෙන බවය.
රාජ්‍ය ආයතනවල සිදුවන දූෂණ රටේ ආර්ථිකය කෙරෙහිද අගතියක් සිදුවන බවත් ආර්ථිකය බංකොලොත් වීමක් කෙරෙහි මෙවැනි ක්‍රියා බලපෑ බවත් නඩු තීන්දුවේ සඳහන් වුණි.
රාජ්‍ය ආයතනවල සිදුවන මෙවැනි දූෂිත ක්‍රියා එම ආයතන කෙරෙහි පවතින ජනතා විශ්වාසය බිඳ වැටීමට හේතු වන බවත් විනිසුරුවරයා පැවසුවේය.
මෙම විත්තිකරුට දඬුවම් නියම කිරීමේදී අපරාධ නඩු විධාන සංග්‍රහයේ 303 වන වගන්තිය යටතේ ලිහිල්ව කටයුතු කරන ලෙස විත්තිය නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.
නමුත් මෙම වරදේ ස්වභාවය පිළිබඳව සලකා බැලීමේදී රාජ්‍ය ආයතනවල සිදුවන දූෂණය අධෛර්යමත් කිරීමට හේතුවන ආකාරයේ දඬුවමක් ලබාදීමට අධිකරණයට සිදුවන බවත් විනිසුරුවරයා ප්‍රකාශ කළේය.
+
කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් රුපියල් ලක්ෂ 80 ට වැඩි මුදලක් සොරාගත් සේවකයා
(09.06.2026 – 10:52 +0530 – sinhala.adaderana.lk)
මීගොඩ, උඩගෙවත්ත ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් රුපියල් ලක්ෂ 80 ට වැඩි මුදලක් සොරාගත් එම ව්‍යාපාරිකයාගේ සේවා ස්ථානයේ සේවය කළ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු සන්තකයේ තිබී, සොරාගත් රු. ලක්ෂ 80 ක මුදලින් රුපියල් ලක්ෂ 50 කට වැඩි මුදලක් ද පොලීසිය විසින් සොයා ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල, හැලමඩ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.
ඉකුත් වෙසක් පොහොය නිවාඩුව වෙනුවෙන් අදාළ ව්‍යාපාරිකයා සිය සේවකයින්ට නිවාඩු ලබා දී ඇති අතර ඔහු සිය පවුලේ සාමාජිකයින් සමග කතරගම වන්දනාවේ ගොස් තිබුණි.
එහිදී මෙම සැකකාර සේවකයා ව්‍යාපාරිකයාගේ නිවස බිඳ රුපියල් ලක්ෂ 80 ක මුදලක් සොරා ගෙන පළාගොස් තිබුණි.
කෙසේවෙතත් අදාළ සේවකයා මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම මීගොඩ සොරකම සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම සැකකරු මුදල් සොරා ගැනීමෙන් පසුව අලව්ව ප්‍රදේශයට පලා ගොස් ඇති අතර එහි නවාතැන්පලක නැවතී සිට ඇති බවටත් තොරතුරු හෙළි වී ඇත.
පසුව ඔහු කුලී පදනම යටතේ වෑන් රථයක් ගෙන්වාගෙන කෑගල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත පැමිණ ඇති බවත් ඊට කුලිය ලෙස රුපියල් 50,000 ක මුදලක් ගෙවා ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි වී ඇත්තේ සොරා ගත් රු. ලක්ෂ 80 ක මුදලින් රු. ලක්ෂ 30 ක පමණ මුදලක් ඔහුට වියදම් වී ඇති බවය.
අදාළ සැකකරු හෝමගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
+
භාණ්ඩාගාරයෙන් නැති වුණු මුදල් ගැන කරුණු දැක්වීමට මහ බැංකුවට සතියක කාලයක්
(09.06.2026 – 06:33 +0530 – sinhala.adaderana.lk)
මහා භාණ්ඩාගාරය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් මහබැංකුව ද වගකිව යුතු බවට මුදල් අමාත්‍යංශ වාර්තාව මගින් පෙන්වා දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් මහබැංකුවේ ස්ථාවරය පිළිබදව දැනුම්දීම සඳහා සතියක කාලයක් ලබාදී ඇති බවය.
මහා භාණ්ඩාගාරය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා රජයේ මුදල් පිළිබද කාරක සභාව ඊයේ (08) පස්වරුවේ රැස් විය.
එම සාකච්ඡාව සඳහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සුරියප්පෙරුම මහතා සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද කැඳවා තිබු බව වාර්තා වේ.
එහිදී අදාළ සිදුවීම සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය විසින් සකස් කර ඇති වාර්තාව පිළිබදව අවධානය යොමුවු බව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ඊයේ (08) රාත්‍රී ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහන සමග එක්වෙමින් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය ෴
Wada Pitiya | නීතිය සහ ජනතා විරෝධතා | 2026.06.09
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴