විමල්, උදය, දිලිත් පාස්කු විමර්ශනවලට බාධා කරන බව CID ය අධිකරණයට කියයි
විමල්, උදය, දිලිත් පාස්කු විමර්ශනවලට බාධා කරන බව CID ය අධිකරණයට කියයි
(09.06.2026 – hirunews.lk)
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට සිදු කෙරෙමින් පවතින විමර්ශන කටයුතුවලට අගතිදායක වන අයුරින් සහ එම කටයුතුවලට බාධා පමුණුවමින් දේශපාලනඥයන් පිරිසක් සැලසුම් සහගතව, වක්‍ර ලෙස මැදිහත් වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (08) දැනුම් දී තිබෙනවා.
හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ මෙන්ම උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ දිලිත් ජයවීර මෙසේ බාධා කරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත්තේ.

රඳවා තබා ගැනීමේ නියෝග මත සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව මෝසමක් මගින් අධිකරණය දැනුවත් කරමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරින් විසින් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන වෙත මෙම කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
උපවාසයක නිරතව සිටින අතරතුර මෙලෙස රෝහල්ගත කළ බවත් කියා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, සුරේෂ් සලේ දැඩි ආරක්ෂාවක් යටතේ ප්‍රතිකාර ලබන බව ද කියා සිටියා.
එහි දී කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ, සැකකාර සුරේෂ් සලේ විමර්ශනවලට අගතිදායක වන ආකාරයෙන් හැසිරෙමින් සිටින බවයි.
එම අගතිදායක ක්‍රියාකාරකම් සඳහා උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ දිලිත් ජයවීර ඇතුළු දේශපාලන ක්ෂේත්රයට සම්බන්ධ පුද්ගලයන් පිරිසක් සහාය දක්වමින් සිටින බවටද විමර්ශන නිලධාරින් අධිකරණය හමුවේ චෝදනා කළා.
පාස්කු ප්‍රහාරයේ මෙතෙක් හෙළිදරවු නොවූ දේශපාලන පසුබිම අනාවරණය වීම වැළැක්වීමේ අරමුණින් මෙම සැලසුම් සහගත ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වන බවට සාධාරණ සැකයක් මතුව ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා තිබෙනවා.
විමර්ශන නිලධාරින් කෙරෙහි මහජනයා තුළ වෛරී හැඟීමක් හා අප්‍රසාදයක් ඇතිකර මෙම විමර්ශනයට එරෙහිව ජනතාව රැස්කර පොලිස් දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා විමර්ශන නිලධාරින්ගේ විශ්වසනීයත්වය කෙරෙහි මහජන විරෝධතාවක් ඇති කරවීමට සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියා.
එම සැලසුම්සහගත ක්‍රියාදාමය උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ දිලිත් ජයවීර ඇතුළු දේශපාලනයට සම්බන්ධ පුද්ගලයන්ගේ මෙහෙයවීම මත සිදුකරනු ලබන බවටත් පැහැදිලිව නිරීක්ෂණය වන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා ෴
සුරේෂ් සලේ තවදුරටත් ආහාර වර්ජනයේ – උපවාසය අතහැරීමට කොන්දේසි
(09.06.2026 – 07:44 +0530 – sinhala.adaderana.lk)
ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටින සුරේෂ් සලේ මහතා තවදුරටත් ආහාර නොගෙන උපවාසයේ සිටින බව වාර්තා වේ.
පවුලේ ඥාතීන්ට සහ නීතීඥවරයාට ඊයේ (08) දිනයේ ඔහු බැලීමට අවස්ථාව ලබාදී ඇති අතර එහිදී තමන් තවදුරටත් ආහාර වර්ජනයේ නිරතව සිටින බවට සුරේෂ් සලේ මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
තමා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ඉවත් කරන ලෙසත් රඳවා තබා ඇති ස්ථානය වෙනස් කරන ලෙසත් ඉල්ලමින් ඔහු මෙලෙස ආහාර වර්ජනයේ නිරතව සිටින බව සඳහන්ය.
මේ අතර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෲර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්වේ.
ඊයේ (08) රාත්‍රිය පුරා දේශපාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම සත්‍යග්‍රහය සඳහා එක්ව සිටි බව ‘අද දෙරණ’ වාර්තාකරු සඳහන් කළේය.
සත්‍යග්‍රහයට එක්ව සිටි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහා කළේ කුමන බාධා එල්ල වුව ද මෙම සත්‍යග්‍රහය නතර නොකරන බවය.
එම සත්‍යග්‍රහය සමග එක්වූ සර්වජන බලයේ උප සභාපතිනි අනුරාධා යහම්පත් මහත්මිය සඳහන් කළේ, සලේ මහතාව නිදහස් කරන තුරු මෙම සත්‍යග්‍රහය සිදුකරන බවත් මෙය රණවිරුවන්ට සිදුකරන විශාල අපහාසයක් වන බවත්ය.
කෙසේවෙතත් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන පිළිබදව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සුරියආරච්චි මහතා සඳහන් කළේ, සලේ මහතා සම්බන්ධයෙන් වූ කාරණය අධිකරණයට යටත්ව තිබෙන දෙයක් වන බැවින් කිසිවෙකු කලබල විය යුතු නැති බවය.
අධිකරණය මඟින් නිසි පරිදි මෙය විසඳනු ඇති බවත් කිසිවෙකු සම්බන්ධයෙන් ආණ්ඩුව වෛරයෙන් කටයුතු නොකරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය ෴
+++
සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CID යට කැඳවීමක්
(09.06.2026 – 07:03 +0530 – sinhala.adaderana.lk)
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම සතිය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිශන් සභාව වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේ, සුලේෂ් සලේ මහතා සම්බන්ධයෙන් ඔහුගේ ඥාතීන් සිදුකළ පැමිණිල්ලකට අනුව කොමිෂන් සභාව මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බවය.
ඒ අනුව පසුගිය දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් සුරේෂ් සලේ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර ඔහු රඳවා සිටි කුටිය ආසන්නයේ සිටින තවත් සැකකරුවන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්ය.
ඊට අමතරව ඊයේ (08) දිනයේ ද සුරේෂ් සලේ මහතා පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් කොළඹ ජාතික රෝහල වෙත ගොස් ඇති බව වාර්තා වේ.
සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පසුගිය සතියේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබුණ ද ඔවුන් එදිනට පැමිණිය නොහැකි බව දන්වමින් වෙනත් දිනයක් ඉල්ලා තිබුණි.
ඒ අනුව අදාළ විමර්ශන සිදුකරන ස්ථාන භාර නිලධාරීවරයා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට මෙම සතිය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව එහි කොමසාරිස් නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේය ෴
+++
සලේව බේරගන්න කරන මහා අරගලයේ දෙවනි (2) දවස අදයි (09) – උදෑසන දර්ශන (09.06.2026)
+
පාර්ලිමේන්තු වට රවුමේ උණුසුම් තත්ත්වයක් – පිරිසක් පාර මැද රණවිරුවන් සමරයි (09.06.2026)
+
හිටි හැටියේ පත්තු වෙච්චි දැවැන්ත ගින්නකින් තලවතුගොඩ හෝටලයක් අළු වෙයි (09.06.2026)
තුවාල ලැබු පුද්ගලයින් මේ වන විට කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
අද (09) පෙරවරුවේ අදාළ අවන්හලේ ගින්නක් හටගෙන තිබු අතර ගින්න මැඩ පැවැත්වීම සඳහා කොට්ටේ මහනගර සභාවට අයත් ගිනි නිවීමේ රථ 03 ක් යොදවා තිබේ.
ගෑස් කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට පොලීසිය සැකපළ කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. (sinhala.adaderana.lk)
* තලවතුගොඩ හන්දිය ආසන්නයේ අවන්හලක ඇති වූ ගින්නෙන් තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයින් තිදෙනාම (3) ජීවිතක්ෂයට පත්ව තිබේ ෴(sinhala.adaderana.lk)
ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයට පැය 14 ක ජල කප්පාදුවක්
(09.06.2026 – hirunews.lk)
වක්වැල්ල ජල පවිත්‍රාගාරය ආශ්‍රිතව සිදුකිරීමට නියමිත අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (10) දින ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයට පැය 14 ක කාලයක් ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.
ඒ අනුව, හෙට (10) පෙරවරු 09:00 සිට එදින රාත්‍රී 11:00 දක්වා මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වීමට නියමිතයි.
ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ පදිංචි පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාවය පිළිබඳව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිය කණගාටුව පළ කර සිටිනවා ෴
+++
ප්‍රදේශ කිහිපයකට හෙට (10) පැය 10 ක ජල කප්පාදුවක්
(09.06.2026 – hirunews.lk)
කෙත්හේන ජල පවිත්‍රාගාරය වෙත සැපයෙන විදුලි බලය අත්හිටුවීම හේතුවෙන් හෙට (10) පෙ.ව. 08:30 සිට එදින ප.ව. 06:30 දක්වා පැය 10 ක කාල සීමාවක් සඳහා ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව කළුතර, වාද්දුව, මතුගම, බේරුවල, අළුත්ගම, පයාගල යන ප්‍රදේශවලට ජල සැපයුම අත් හිටුවනු ඇති.
ජල සැපයුම අත්හිටුවීමෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ මණ්ඩලය කණගාටුව පළකර සිටින අතර අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙසයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙන්නේ ෴
සංවිධානාත්මක අපරාධ කල්ලියක 10 ක් අත්අඩංගුවට
(09.06.2026 – hirunews.lk)
ජීව අත්බෝම්බයක්, අයිස් මත්ද්‍රව්‍ය සහ තියුණු ආයුධ සමග සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයින් ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (09) අළුයම ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ගල්කිස්ස, දෙහිවල හා අඟුලාන ප්‍රදේශ ආවරණය වන පරිදි විශේෂ අපරාධ මෙහෙයුමක් සිදු කර තිබුණා.
එහිදී, දැනට විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ අනුගාමිකයින් 08 දෙනෙකු ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු ජීව අත්බෝම්බයක්, ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 35 ක් සහ කඩු 05 ක් සමග අත්අඩංගුවට ගත්තා.
සැකකරුවන් අවුරුදු 20 ත් 56 ත් අතර වයස්වල පසුවන අඟුලාන, මොරටුව හා රත්මලාන ප්‍රදේශවල පදිංචිකරුවන්.
මෙම සැකකරුවන් දෙහිවල ප්‍රදේශයේ සිදුවූ තියුණු ආයුධවලින් පහරදී බරපතල තුවාල සිදු කිරීමේ අපරාධ ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴
ආසියානු සයිබර් අපරාධකරුවන්ගේ නවතම කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පෙරට – බ්ලූම්බර්ග් අනාවරණය කරයි
(09.06.2026 – hirunews.lk)
කාම්බෝජය, මියන්මාරය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල් සයිබර් අපරාධ සහ මාර්ගගත මූල්‍ය වංචා මැඩලීම සඳහා දියත් කර ඇති දැඩි මර්දනකාරී ක්‍රියාමාර්ග හමුවේ, එහි සිටි ජාත්‍යන්තර ජාවාරම්කරුවන් සිය නවතම මෙහෙයුම් කේන්ද්‍රස්ථානය ලෙස ශ්‍රී ලංකාව තෝරාගනිමින් සිටින බව බ්ලූම්බර්ග් (Bloomberg) පුවත් සේවය පෙන්වා දෙනවා.
විමර්ශන අංශ පවසන පරිදි, ශ්‍රී ලංකාවේ පවතින ලිහිල් සංචාරක වීසා ප්‍රතිපත්තිය (Visa-free travel), පහසුවෙන් ගොඩනැගිලි සහ සුඛෝපභෝගී විලා කුලියට ගැනීමට තිබීම, ඉහළ වේගයකින් යුත් සන්නිවේදන සහ අන්තර්ජාල පහසුකම් මෙන්ම නිල මූල්‍ය පද්ධතියෙන් බැහැරව ක්‍රියාත්මක වන ‘උන්ඩියල්’ වැනි මුදල් හුවමාරු ක්‍රමවේද පැවතීම හේතුවෙන් මෙම සයිබර් අපරාධකරුවන් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය වී තිබෙනවා. මොවුන් සංචාරකයින් ලෙස මෙරටට පැමිණ, කොළඹ නගරය සහ දකුණු හා බටහිර වෙරළ තීරයේ සංචාරක හෝටල් මෙන්ම නිවාස කුලියට ගෙන මෙම සයිබර් වංචා මධ්‍යස්ථාන (Scam centres) පවත්වාගෙන යන බවයි හෙළි වී ඇත්තේ.
මෙම භයානක තත්ත්වය හමුවේ ක්‍රියාත්මක වී ඇති ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් විශේෂ සයිබර් අපරාධ විමර්ශන ඒකකයක් පිහිටුවා ඇති අතර, 2026 වසරේ මේ දක්වා කාලය තුළ පමණක් මෙරටදී මාර්ගගත වංචාවල නිරත වූ චීනය, වියට්නාමය, ඉන්දියාව සහ මැලේසියාව ඇතුළු රටවල් රැසක විදේශීය ජාතිකයින් 1,000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබෙනවා. මෙය 2024 වසරේ සමස්ත අත්අඩංගුවට ගැනීම් (430 ක්) මෙන් දෙගුණයකටත් (2) වඩා වැඩි අගයකි.
මෙම ජාවාරම් හරහා ‘ආදර සබඳතා ව්‍යාජව ගොඩනඟා ආයෝජන ලබාගැනීම’ (Pig-butchering), ක්‍රිප්ටෝ මුදල් සහ ඔට්ටු ඇල්ලීමේ වෙබ් අඩවි හරහා විදේශිකයින් මුළා කිරීම් සිදුකරන අතර, මේ වන විට චීන තානාපති කාර්යාලය ද ශ්‍රී ලංකා රජය සමඟ එක්ව මෙම අන්තර්ජාතික සයිබර් අපරාධ ජාලයන් සුණු විසුණු කිරීම සඳහා ඒකාබද්ධ මෙහෙයුම් ශක්තිමත් කර තිබෙනවා. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්ති නාමයට මෙන්ම ජාතික ආරක්ෂාවට ද දැඩි තර්ජනයක් වෙමින් පවතින බැවින්, සැකකටයුතු ලෙස නිවාස හෝ විලා කුලියට ගන්නා විදේශිකයින් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස පොලිසිය මෙරට දේපළ හිමිකරුවන්ට දැඩි ලෙස අවධාරණය කර සිටිනවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴